The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පුරාවස්තු විනාශය වැලැක්වීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පුරාවස්තු විනාශය වැලැක්වීම.

PDF Print Email
  1. නීති රීති පැනවීම තුළින්ම පමණක් මෙම විනාශය පිටු දැකිය නොහැකි බැවින් අපගේ උරුමය ආරක්ෂා කිරීමේ වැදගත්කම හා නිධන් වස්තු පිළිබඳ ජනතාව අතර පවතින මිත්‍යා මත දුරලීමට දැනුවත් කිරීම් සිදු කිරීම.
  2. දිවයිනේ පුරාවස්තු විනාශයන් හා සොරා ගැනීම් සඳහා සම්බන්ධ වී ඇති සංවිධානාත්මක කණ්ඩායම් හඳුනාගැනීම හා ඔවුන් නීතියේ රැහැනට හසු කර ගැනීම.
  3. පුරාවස්තු විනාශයන් පිළිබඳව මහජනතාවගෙන් ලැබෙන තොරතුරැ හා පැමිණිලි අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වීම
  4. පුරාවස්තු විනාශයන් හා සොරකම් සම්බන්ධව ප්‍රාදේශිය පුරාවිද්‍යා කාර්යාල හා පොලිස් ස්ථාන සම්බන්ධීකරණය කිරීම.
  5. පුරාවස්තු විනාශයන් හා සොරකම් පිළිබඳව නීතියේ රැහැනට හසු වී ඇති පුද්ගලයන් සම්බන්ධව අධිකරණය හා පොලිස් ස්ථාන වෙත ලබාදිය යුතු වාර්තා සැකසීම. 

 මහ ජනතාවගෙන් ලැබෙන පැමිණිළි හා තොරතුරු මත පැය 24 පුරාම ක්‍රියාත්මක මෙම පොලිස් ඒකකය පොලිස් මූලස්ථානයෙහි අපරාධ කොට්ඨාශය යටතේ පුරාවිද්‍යා  දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාත්මක වේ.

2008.03.04 සිට 2008.12.31 දක්වා මෙම විශේෂ පොලිස් ඒකකය වෙත පුරාවස්තු විනාශයන් හා සොරා ගැනීම් පිළිබඳ සිද්ධි 208 ක් වාර්තා වී ඇත. එසේම 2009.01.01 දින සිට 2009.06.15 දක්වා සිද්ධි 110 ක් වාර්තා වී ඇත.

අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථාන මගින්  අධිකරණ මගින් ලැබෙන නියෝග මත, මහජන පැමිණිලි මගින් හෝ ප්‍රධාන කාර්යාලයෙන් ලැබෙන තොරතුරු හා උපදෙස් මත ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාල මගින් ස්ථාන පරීක්ෂා කිරීම් සිදු කොට අදාල වාර්තා ප්‍රධාන කාර්යාලයේ ගවේෂණ හා ලේඛනගත කිරීම් අංශයට යොමු කරනු ලබන අතර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් හෝ ගවේෂණ හා ලේඛනගත කිරීම් අංශය භාර අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත පුරාවස්තු විනාශය වැලැක්වීමේ විශේෂ ඒකකය මගින් අධිකරණය වෙත හෝ පොලිස් ස්ථාන වෙත අදාල වාර්තා සකස් කොට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ/ගවේෂණ අංශය භාර සහකාර අධ්‍යක්ෂකගේ අත්සනින් යුතුව නිකුත් කෙරේ.

පුරාවස්තු විනාශයන්, සොරකමක් සිදුවන විට හෝ ඊට අර අදින විට හෝ පහත ලිපිනයට නැතිනම් දුරකථන අංකයට දැනුම්දිය හැකිය. පුරාවස්තු විනාශය වැලැක්වීමේ විශේෂ පොලිස් ඒකකය පැය 24 පුරාම ක්‍රියාත්මක වේ. 

ලිපිනය-

පුරාවස්තු විනාශය වැලැක්වීමේ විශේෂ ඒකකය,
ගවේෂණ හා ලේඛනගත කිරීමේ අංශය,
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,
ශ්‍රිමත් මාකස් ප්‍රනාන්දු මාවත.
කොළඹ 07.
 

විමසීම්

උදේනි වික්‍රමසිංහ (ගවේෂණ නිලධාරී)
හේමමාලී ප්‍රියදර්ශනී විජේසිංහ (පුරාවිද්‍යා පර්යේෂණ සහකාර)     
දුරකථන           - +94-11 - 2692840/41
ක්ෂණික ඇමතුම් - +94-117 - 222333 
දිගුව                 - 213

පුරාවස්තු විනාශය වැලැක්වීමේ විශේෂ පොලිස් ඒකකය -     +94-11 - 2694727


ආයතනයේ තොරතුරු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.


ඩබ්. ආර්. ජේ. වාසනා ප්‍රේමචන්ද්‍ර මිය,
දුරකථන:+94 11 2 692840 / 41
ෆැක්ස් අංක:+94 11 2 696514
විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk
වෙබ් අඩවිය: www.archaeology.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:11:30
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty