The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෘත්තීය සුදුසුකම් (NVQ) ප්‍රදානය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ඉල්ලූම්පත් ආකෘතිය     සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ප්‍රදානය

PDF Print Email

පහත සදහන් පරිදි  ආකාර 03 කින් ජාතික වෘත්තීය සුදුසුකම් ප්‍රදානය කරනු ලැබේ.

නිපුණතා සම්මත සකස් කර ඇති පහත වෘත්තීන් සදහා ආධුනිකත්ව ක්‍රමය යටතේ ජාතික වෘත්තීය සුදුසුකම් සදහා ආධුනිකත්ව  පුහුණු ‍කිරීම් අධිකාරියේ,දිස්ත්‍රික්ක කාර්යාල වල ලියාපදිංචි වීමෙන් මෙම සුදුසුකම් ලබා ගත හැක.NVQ 2 වන මට්ටමේ සිට 4 වන මට්ටම දක්වා මෙම ක්‍රමය යටෙ‍තේ සුදුසුකම් ලබා ගත හැක.

යන්ත්‍රකරු (සාමාන්‍ය) / Machinist           
රූපලාවන්ය  ශිල්පී / Beautician
බේකරි කෝකි /Baker
පෑස්සුම්කරු / Welder        
මෝටර් වාහන ටින්කර් ශිල්පී / Automobile Tinker
බොයිලේරු ක්‍රියාකරු / Boiler Operator
විදුලි ශිල්පී / Electrician
පයිප්ප වැඩකරු-කර්මාන්ත ශාලා / Industrial Plumber
විදුලි මෝටර් ඔතන්නා / Motor Winder
පයිප්ප වැඩකරු / Plumber
කොණ්ඩා මෝස්තර සැකසුම්කරු / Hair Stylist
කම්බි නැවුම්කරු / Bar Bender
පින්තාරුකරු (‍ගොඩනැගිලි) / Painter (Building)
වඩු කාර්මික (‍ගොඩනැගිලි) / Carpenter (Building)
පෙදරේරු / Mason
ගබඩා භාරකරු / Store Keeper
රබර් නිෂ්පාදන යන්ත්ර/ක්‍රියාකරු / Rubber Processing Machine Operator
ආවුද අච්චු සාදන්නා / Tool & Die Maker
මෝටර් රථ පින්තාරුකරු / Automobile Painter
මෝටර් සයිකල් යාන්ත්‍රික ශිල්පී / Motor Cycle Mechanic
පරිඝනක අකුරු අමුනන්නා / Desk Top Publisher
ගුවන් විදුලි,රූපවාහිනී සහ ඉලෙක්ට්‍රෙනික උපකරණ අලුත්වැඩියා කරන්නා
Radio,TV and allied equipment Repairer
ලිතෝ යන්ත්‍රි ක්‍රියාකරු / Litho Machine Operator
ගෘහ විදුලි උපකරණ අළුත් වැඩියා කරන්නා / Household Electrical Appliance Repairer
ශීතකරණ හා වායු සමීකරණ යාන්ත්‍රික ශිල්පි / Refrigeration & Air – Conditioning Mechanic
මහන් යන්ත්‍ර ක්‍රියාකරු (කර්මාන්ත ශාලා) / Industrial Sawing Machine Operator
වාහන වායු සමීකරණ යාන්ත්‍රික ශිල්පී / Automobile Air – Conditioning Mechanic
ස්වර්ණාභරණ සාදන්න / Jewellery Maker (Goldsmith)
සම් හා පාවහන් සාදන්නා / Leather and Footwear Maker
ප්ලාස්ටික් නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාකරු /Plastic Processing Machine Operator
මෝටර් රථ විදුලි ශිල්පී / Automobile Electrician
පරිගණක ජාල තාක්ෂණ ශිල්පී / Computer Network Technician
පරිගණක මෘද්‍රාංග තාක්ෂණ ශිල්පී / COmputer Hardware Technician
පරිගණක චිත්‍ර ශිල්පී / Computer Graphic Designer
පරිගණක දත්ත සැකසුම්කරු / Computer Application Assistant
ඇළුමිනියම් පිරිසැකසුම්කරු - ඉදිකිරීම් කර්මාන්ත සදහා / Aluminium Fabricator
වඩු කාර්මික (ලී ගෘහ භාණ්ඩ) / Carpenter (Furniture)
වැඩ අධ්‍යයන නිළධාරී / Work Study Officer
තේ කර්මාන්ත ශාලා යාන්ත්‍රික ශිල්පී / Tea FActory Mechanic
ස්වර්ණාභරණ සදහා ගල් අල්ලන්නා / Jewellery Stone Setter
වායු බල යාන්ත්‍රික ශිල්පී / Pneumatic Technician
මෝටර් යාන්ත්‍රික ශිල්පී / Automobile Mechanic
ලෝක පිරිසැකසුම්කරු / Fabricator (Metal)
ජීව වෛද්‍ය උපකරණ තාක්ෂණ ශිල්පී / Bio Medical Technician
එළවළු සහ පළතුරු පිරිසැකසුම්කරු / Fruit & Vegetable Processor
කෝකි / Cook
ඇදුම් මසන්නා  / Tailor
භෝජනාගාර සේවක / Waiter
මුදල් අයකැමි / Cashier
හෙදි / Nurse
ලේකම් / Secretary
තක්සේරු කරු / Assessor
පිළිගැනීමේ නිළධාරී / Receptionist
විකුණුම්කරු / Merchandiser
හෙද සහායක / Nurse Assistant
කාමර සේවක / සේවිකා / Room Attendant
ප්‍රමාණ සමීක්ෂක / Quantity Surveyor
ඉදිකිරීම් සුපරීක්ෂක / Construction Supervisor
උද්‍යාන අලංකරණ තාක්ෂණ ශිල්පී / Landscaping Technican
ත්‍රිරෝද රථ යාන්ත්‍රික ශිල්පී / Three Wheeler Mechanic
බර වාහන ක්‍රියාකරවන්නා / Heavy Vehicle Operator
වෛද්‍ය රසායකනාගාර තාක්ෂණ ශීල්පී / Medical Laboratory Technician
කෘෂි යන්ත්රෝසපකරණ යාන්ත්‍රික ශිල්පී / Agriculture Equipment Mechanic
ඉදිකිරීම් යන්ත්‍රිරෝපකරණ යාන්ත්‍රික ශිල්පී / Construction Equipment Mechanic

තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) යටෙත් ලියාපදිංචි (Accredit)වී ඇති NAITA පුහුණු මධ්‍යස්ථාන වල පුහුණු පාඨමාලා සදහා ඇතුලත් වීමෙන්  NVQ සහතිකය ලබා ගත හැක. වැඩි විස්තර ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරිය වෙතින් ලබා ගත හැක.

වෘත්තීය පුහුණුවක් ලද හෝ නොලද එහෙත් යම් කිසි වෘත්තියක වසර 02 කට වැඩි පළපුරුද්දක් ඇති ශිල්පියෙකුට RPL (පෙදරේරු  දැනුම පදනම්කොට) ක්‍රමය යටතේ  ලියාපදිංචි වී 04 වන මට්ටම දක්වා ජාතික වෘත්තීය සුදුසුකම් ලබා ගත හැක.
 

සුදුසුකම්

ඉහත a සහ b ක්‍රමයන් යටෙත් ජාතික වෘත්තීය සුදුසුකම් ලබා ගැනීම සදහා අවශ්‍ය අධ්‍යානපන සුදුසුකම් වෘත්තීන් අනුව වෙනස් වන බැවින් වැඩි විස්තර ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරි‍යෙන්,දිස්ත්‍රික්ක කාර්යාල වලින් හෝ ජාතික ආයතන වලින් ලබා ගත හැක.
ඉහත c  ක්‍රමය‍ යටතේ ජාතික වෘත්තීය සුදුසුකම් ලබා ගැනීම සදහා අධ්‍යාපන සුදුසුකම් ‍නොසලකනු ලබන අතර කිසියම් වෘත්තියක වසර 02 කට වැඩි පළපුරුද්ද සළකා බලනු ලැ‍බේ.

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරී‍මේ ක්‍රියාවලිය

ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන  ඉහත  a හා b ක්‍රම සදහා ජාතික ආධුනිකත්ව අධිකාරි‍යෙන්,දිස්ත්‍රික්ක කාර්යාල වලින් හෝ ජාතික ආයතන වලින් ලබා ගත හැක.
ඉහත c ක්‍රමය සදහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරියෙන්,දිස්ත්‍රික්ක කාර්යාල වලින් ලබා ගත හැක.

ඉල්ලුම්පත් ලබා ගැනීමට  ගෙවිය යුතු ගාස්තු

ඉහත a සහ b ක්‍රම සදහා ගාස්තු අය නොකෙරේ.
ඉහත c ක්‍රමය යටතේ ඉල්ලුම් පත ‍නොමිළයේ ලබා ගත හැකි අතර ලියාපදිංචි වීම සදහා රු.250.00 ක ගාස්තු ගෙවිය යුතුයි.

ඉදිරිපත් කළ යුතු වේලාව.

සතියේ  ඕනෑම දිනක කාර්යාල වේලාව තුල ඉදිරිපත් කළ හැක.

සේවාව ලබා ගැනීමට  ගෙවිය යුතු ගාස්තු

a සහ b ක්‍රමය සදහා ගාස්තු අය නොකෙරේ.
c ක්‍රමය සදහා විභාග ගාස්තු අය කෙරේ.එම විභාග ගාස්තුව අදාළ වෘත්තීය අනුව ද ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම අනුව ද වෙනස් වන බැවින් ඒම විස්තර ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරියෙන් ලබා ගත හැකිය.

සේවාව ලබා දීමට ගත වන කාලය

සාමාන්‍ය සේවා - ලියාපදිංචි වන අනුපිළි‍වෙළ අනුව පරීක්ෂණ පැවැත්වේ
ප්‍රමුඛ සේවා - විශේෂත්වයක් නැත

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

ඉහත c ක්‍රමය සදහා කිසියම් වෘත්තියක වසර 02 ක පළපුරුද්ද සනාථ කරන රැකියා  සහතිකයේ මුල් පිටපත හෝ සහතික කරන ලද ඡායා පිටපතක් අවශ්යර වේ.ස්වයං රැකියාවක් නම් ග්‍රාම නිලධාරි ගේ සහතිකයක් අවශ්‍ය වේ. (ඊට අමතරව කිසියම් නිපුණතාවයක් (skill)සනාථ කිරිම සදහා CD තැටි, වීඩියෝ තැටි, ඡායාරූප , සහතික ආදිය ඇගයීම් පරීක්ෂණයේ දී ඉදිරිපත් කිරිම යෝග්‍ය වනු ඇත.)

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම දුරකතන
අධ්‍යක්ෂ (පුහුණු) ජේ.සී.කේ.බස්නායක මයා +94-11 – 2876387
සහකාර අධ්‍යක්ෂ (පුහුණු) ඒ.එන්.සමරසේකර මිය +94-11 – 2872091
පුහුණු කිරීමේ  නිලධාරී බෙමල් ගුණරත්න මිය +94-11 - 2863680
පුහුණු කිරීමේ නිලධාරී ඩි. සුබ්රීමනියම් මයා +94-11 - 2863680


තිරේක  හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා වි‍ශේෂ  තොරතුරු.

පහත ගැලීමේ සටහන තුළින් ජාතික වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රියා පිළිවෙළ පැහැදිලි කෙරේ.  

ඉල්ලූම්පත් ආකෘතිය

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත

 


ආයතනයේ තොරතුරු

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය

නො.971,
ශ්‍රී ජයවර්ධන මාවත,
වැලිකඩ,
රාජගිරිය.



දුරකථන:011 288 8782 - 5 / 1951
ෆැක්ස් අංක:+94-11–2863737
විද්‍යුත් තැපෑල:naita_dt1@gmail.com
වෙබ් අඩවිය: www.naita.slt.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-03-20 10:05:18
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty