The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව E.T.F සාමාජිකයන්ට ලබා ගත හැකි ප්‍රතිලාභ යෝජනා ක්‍රම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


E.T.F සාමාජිකයන්ට ලබා ගත හැකි ප්‍රතිලාභ යෝජනා ක්‍රම

PDF Print Email

3.  සුභසාධන ප්‍රතිලාභ
අරමුදලේ මූල්‍ය  ස්ථාවරත්වය අනුව, සාමාජිකයින් සඳහා සුභසාධන යෝජනා ක්‍රම ඇති කිරීමට මණ්ඩලයට හැකියාව ඇත.  ඒ අනුව, අරමුදලේ ලක්ෂ 24 ක් පමණ වන සක්‍රීය සාමාජිකයින් සඳහා මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන සුභසාධනමය ප්‍රතිලාභ යෝජනා ක්‍රම 10 ක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.  මෙම ප්‍රතිලාභ ප්‍රදානය කිරීම වෙනුවෙන් සාමාජිකයින්ගේ ගිණුම් ශේෂයෙන් කිසිඳු අඩුකිරීමක් නොකරන අතර, මණ්ඩලය විසින් සම්පූර්ණ වියදම් දරනු ලබයි.



3.1.   මරණ  ප්‍රතිලාභ  (Death Benefit)
අරමුදලේ සාමාජිකයෙකු මියගිය හොත්, ඔහුගේ/ඇයගේ  යැපෙන්නන්ට හෝ උරුමක්කරුවන්ට මෙම ප්‍රතිලාභ ලාබදෙනු ඇත.  සාමාජිකයා මියයාමට පෙර මාස 06 ක ලබාගත් වැටුපේ සාමාන්‍ය මෙන් 15 ගුණයක් රු.100,000/= ක උපරිමයකට යටත්ව ප්‍රතිලාභ වශයෙන් ප්‍රදානය කෙරේ.  මියගිය දින සිට  වර්ෂයක් ඇතුලත විධිමත්ව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය අවශ්‍ය සියලු ලියකියවිලි / සහතික සමග ඉදිරිපත් කළ යුතුය.

මියගිය සාමාජිකයාගේ ගිණුමේ ශේෂය ආපසු ලබාගැනීම සඳහා ඔහුගේ උරුමක්කරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලුම්  පත්‍රයෙහි  සඳහන් තොරතුරු මත මෙම ප්‍රතිලාභය ද ගෙවනු ලබන බැවින්, ඒ සඳහා වෙනම ඉල්ලුම් කිරීමට අවශ්‍ය නොවේ.

3.2   නිත්‍ය දුබලතා වන්දි යෝජනා ක්‍රමය
     (Permenant Disability  Compensation Scheme)


නිත්‍ය දුබලතා වන්දි ගෙවීම සිදුකරනු ලබන්නේ අංශභාග රෝගයෙන් හෝ හදිසි අනතුරකික් හෝ අනුමත කාර්මික රෝගයකින් හෝ පිළිකා හෝ දියවැඩියා රෝගයකින් පූර්ණ වශයෙන් නිත්‍ය දුබලතාවයට පත්වුවහොත්  පමණි.  නිත්‍ය දුබලතාවයට පත්වන මාසයට පෙර මාස හයේ ලබාගත් වැටුපේ සාමාන්‍ය මෙන් 24 ගුණයක මුදලක් රු.200,000/= ක උපරිමයකට යටත්ව ප්‍රදානය කෙරේ.  නිත්‍ය දුබලතාවය හේතුවෙන්ම රැකියාවෙන් ඉවත්විය යුතු අතර, නිත්‍ය දුබලතාවය 50% වඩා වැඩි බව මණ්ඩලය විසින් පත්කර ඇති වෛද්‍යවරයා විසින් සනාථ කළයුතුය.  දුබලතාවය හේතුවෙන් රැකියාවෙන් ඉවත්වූ දිනය, රෝහලෙන් පිටවූ දිනය යන සිදුවීම් වලින් අවසානයට සිදුවූ දින සිට මාස 06 ක් ඇතුලත ඉල්ලුම්පත්‍රය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය.

විශේෂ කොන්දේසි

•    සාමාජිකයාගේ අකර්මන්‍යතාවය 50% ට වඩා වැඩි බවත්, අනතුර/අසනීපය හේතුවෙන් රැකියාවක් කළ නොහැකි බවත්, පිළිගත් රජයේ වෛද්‍යවරයෙකු විසින් තහවුරු කළ යුතුය.

•    නිත්‍ය දුබලතාවයට පත්වූ බව සනාථ කරන වෛද්‍ය වාර්තාව ආකෘති VII  මගින් ඉදිරිපත් කළ යුතුය.

•    අනතුර/අසනීපය හේතුවෙන් සේවයෙන් ඉවත්වූ බව සේවායෝජක විසින් සහතික කළ යුතුය.

3.3   හදවත් සැත්කම් සඳහා මූල්‍යාධාර
     (Financial Assistance for Heart Surgery)


පහසුකම් ඇති ඕනෑම දේශීය හෝ විදේශීය රෝහලකදී මෙම සැත්කම සිදුකර ගත හැකිය.  හදවත් සැත්කම සඳහා ගෙවනු ලබන උපරිම මුදල රු.300,000/= ක් වන අතර, මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන අයදුම්පත නිසි ලෙස සම්පූර්ණ කර සැත්කම සිදුකිරීමට පෙර හෝ සැත්කම සිදුකොට දින 60 ක් ඇතුලත මණ්ඩලය වෙත යොමුකළ යුතුය.  මේ සඳහා ජනාධිපති අරමුදල හෝ වෙනත් සංවිධාන මගින් ගෙවන ලද මුදලක් වේ නම්, එම මුදල් අඩුකොට  ඉතිරි මුදල පමණක් ගෙවනු ලැබේ.

  3.4   වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා මූල්‍යාධාර
         (Financial Assistance for Kidney Transplant)


මෙම සැත්කම දේශීය හෝ විදේශීය රෝහලකදී සිදුකර ගත හැකිය.  සැත්කම වෙනුවෙන් ප්‍රදානය කරනු ලබන උපරිම ප්‍රතිලාභ මුදල රු.300,000/= කි.  ප්‍රතිලාභ හිමිවනුයේ වකුගඩුව බද්ධ කරන සාමාජිකයාට පමණි.  රෝහල්ගතවීමට පෙර හෝ රෝහලෙන් පිටවී දින 60 ක් ඇතුලත ඉල්ලුම්පත්‍රය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය.  මෙම යෝජනා ක්‍රමය යටතේ මූල්‍යාධාර ලබා දෙනුයේ  වකුගඩු  බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා පමණි.  වකුගඩු ආශ්‍රිත රෝග සඳහා කරනු ලබන වෙනත් ප්‍රතිකාර හෝ ශල්‍යකර්ම මෙම යෝජනා ක්‍රමය යටතේ ආවරණය නොවේ.

3.5   අක්ෂි කාච බද්ධ කිරීමේ සැත්කම් සඳහා මූල්‍යාධාර
(Reimbursement of cost of Intra-ocular Lense implanted Following cataract Surgery)


අරමුදලේ සක්‍රීය සාමාජිකයෙකු හට ඇසේ සුද ඉවත්කිරීමේ ශල්‍යකර්මය සිදුකිරීමේදී අභ්‍යන්තර අක්ෂි සිවි පැළඳීමට අවශ්‍ය වන්නේ නම්, අදාල අක්ෂි සිවිය මිලදී ගැනීම සඳහා වියදම් කළ මුදල පමණක් රු.15,000/=  ක උපරිමයකට යටත්ව ප්‍රතිපූරණය කරනු ලැබේ.  (එක් ඇසකට රු.15,000/-)  අදාල ශල්‍යකර්මය රජයේ හෝ ඕනෑම පෞද්ගලික රෝහලකදී සිදුකර ගත හැකිය.  රෝහලින් පිටවී දින 60 ක් ඇතුලත ඉල්ලුම් පත්‍රය භාරදිය යුතුය.

3.6   5 වසර ශිෂ්‍යත්වය සමත් දූ දරුවන් 9000 ක් වෙනුවෙන් ශිෂ්‍යත්ව
     ප්‍රදානය (Financial awards for member’s children passing the
     year Five scholarship examination with merit)


5 වසර ශිෂ්‍යත්ව පරීක්ෂණය විශිෂ්ඨ ලෙස සමත්වන අරමුදලේ සක්‍රීය සාමාජික සාමාජිකාවන්ගේ දූ දරුවන් 9000 ක් වෙනුවෙන් වාර්ෂිකව ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුකරනු ලැබේ.   එක් ශිෂ්‍යත්වයක වටිනාකම රු.15,000/= කි.  මෙම ශිෂ්‍යත්ව මුදල  අදාල ශිෂ්‍යා නමින් මහජන බැංකුවේ “සිසු උදාන” ඉතිරි කිරීම් ගිණුමකට බැරකරනු ලබයි.  දිස්ත්‍රික් පදනම යටතේ ශිෂ්‍යත්ව තිළිණ ප්‍රදානය කිරීම සඳහා දූ දරුවන් තෝරගැනීම සිදුකෙරේ.  පරීක්ෂණයේ නිල ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව පුවත්පත් දැන්වීම් මගින් ඉල්ලුම්පත්‍ර කැඳවීම සිදුකෙරේ.

 

3.7   ශ්‍රමසුව රැකවරණ රෝහල්ගත වෛද්‍ය වියදම් ප්‍රතිපූරණය
(“Shramasuwa Rekawarana” Hospitalization Medical Scheme)


මෙම ප්‍රතිලාභ යෝජනාක්‍රමය යටතේ අරමුදලේ සෑම සක්‍රීය සාමාජිකයෙකුටම ශ්‍රී ලංකාව තුල රෝහල්ගතව ප්‍රතිකාර ලබාගැනීම වෙනුවෙන් වැයකළ මුදල වර්ෂයකට රු.25,000/= ක් දක්වා ප්‍රතිපූර්ණය කරගත හැකිය.  එහෙත්, මුලු සේවා කාලය තුලදීම ලබාගත හැකි උපරිම ප්‍රතිලාභ මුදල් රු.50,000/=  කි.  මෙම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ විශේෂත්වය නම්, රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීම වෙනුවෙන් ද, දිනකට රු.500/= බැගින් දින 10 ක් සඳහා ප්‍රතිලාභ ගෙවීමයි.  මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති පෞද්ගලික රෝහල් හා රජයේ සියලුම රෝහල්වල (බටහිර හා ආයුර්වේද) නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීම වෙනුවෙන් මෙම යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ගෙවනු ලබන අතර,  රෝහලෙන් පිටවී දින 60 ක් ඇතුලත අදාල ඉල්ලුම්පත්‍රය, බිල්පත් හා රිසිට්පත් සමග ඉදිරිපත් කළ යුතුය.

රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා අවස්ථාවකදී වෛද්‍ය නිර්දේශය මත මිලදී ගන්නා ඖෂධ, උපකරණ හා පරීක්ෂණ සඳහා ගෙවීම් කරනු ලබන්නේ, රෝහල්ගතවීමට පෙර වැඩ කරන දින 07 ක් තුලදී මිලදී ගැනීම්, රෝහල්ගතවී සිටින කාලය තුලදී මිලදී ගැනීම් හා වෛද්‍ය නිර්දේශ මත රෝහලින් පිටවී දින 03 ක් ඇතුලත මිලදී ගැනීම සඳමා පමණි.

3.8   “වියන”  නිවාස ණය යෝජනාක්‍රමය
       (“Viyana” Housing Loan Scheme)


මෙම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ අරමුදලේ සක්‍රීය සාමාජිකයෙකු හට නව නිවසක් තැනීම, නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීම, නිවාස වැඩිදියුණු කිරීම, නිවාස අලුත්වැඩියා කිරීම ආදී අවශ්‍යතාවයන් සඳහා ණය මුදලක් ලබාගත හැකිය.  ණය නිකුත්  කිරීම සිදුකරනු ලබන්නේ සාමාජික ගිණුම් ශේෂයට අනුපාතිකව වන අතර, ඒ සම්බන්ධයෙන් වන කොන්දේසි හා අයදුම්කරුවන් විසින් සපුරාලිය යුතු අවශ්‍යතාවයන් පහත පරිදි වේ.  

ගිණුම් ශේෂය    නිකුත් කරනු ලබන ණය මුදල    වාර්ෂික පොළී අනුපාතය
රු.25,000.00    රු.100,000/= සිට රු.250,000/= දක්වා    8.5%
රු.50,000.00    රු.251,000/= සිට රු.750,000/= දක්වා       9%
රු.75,000.00      රු.751,001/= සිට රු.2,500,000/= දක්වා      10%
(පොළී ප්‍රතිශත කාලීනව වෙනස් විය හැකිය.)

සාමාජික ගිණුම් ශේෂය ලෙස සලකනු ලබන්නේ ණය ඉල්ලුම් කරනු ලබන වර්ෂයට පෙර වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වූ ගිණුම් ශේෂය වේ.
 
පහත සඳහන් කර ඇති කොන්දේසි  ණය ඉල්ලුම්කරුවන් විසින් සපුරාලිය යුතුය.

1.    ණය ඉල්ලුම් කරනු ලබන අවස්ථාව වන විට සාමාජිකයා අරමුදලේ අවුරුදු 5 ක් සක්‍රීය සාමාජිකයෙකු විය යුතුය.

2.    යම් අයදුම්කරුවෙකු සමග බද්ධ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරනු ලබන විට අදාළ සම අයදුම්කරු ද ණය මුදල ඉල්ලුම් කරනු ලබන දිනට අඩු වශයෙන් අවුරුදු 2 ක සක්‍රීය සාමාජිකත්වයක් තිබිය යුතුය.

3.    ලබාගන්නා ලද ණය මුදල ගෙවා අවසන් වන තුරු ඉල්ලුම්කරු හා සම ඉල්ලුම්කරුගේ පෞද්ගලික ගිණුමේ ඇති අරමුදල් ශේෂය ආපසු ලබාගත නොහැකිය.

4.    නිකුත් කරනු ලබන අවම ණය මුදල රු.100,000/= වන අතර, උපරිම ණය මුදල රු.2,500,000/= කි.

5.    ණය මුදල් නිකුත් කරනු ලබන්නේ ජාතික සංවර්ධන බැංකුව (NDB) මගින් වන අතර, නිවාස ණය මුදල් මුදාහැරීම බැංකුවේ නීතිරීති හා කොන්දේසි අනුව සිදුකෙරේ.

6.    ණය මුදල් ඉල්ලුම්කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය ජාතික සංවර්ධන බැංකුවේ (NDB) ප්‍රධාන කාර්යාලයෙන් හෝ ශාඛා කාර්යාල මගින් ලබාගත හැකි අතර, සම්පූර්ණ  කරන ලද ඉල්ලුම්පත්‍ර  එම බැංකු ශාඛාව වෙත බාරදිය යුතුය.

7.    ණය මුදල ගෙවා නිමකිරීම සඳහා ලබාදෙන ,උපරිම කාලය සේවයෙන් විශ්‍රාම ගනු ලබන දිනයට යටත්ව වර්ෂ 20 ක් වනු ඇත.

3.9    නිත්‍ය දුබලතාවයට පත්වන සාමාජිකයින්ගේ 5 වසර ශිෂ්‍යත්වය සමත්වන දූ
             දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය

5 වසර ශිෂ්‍යත්වය සමත්වන සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සක්‍රීය සාමාජිකයන්ගේ දූ දරුවන්ට දෙනු ලබන ශිෂ්‍යත්ව 9000 ට අමතරව නිත්‍ය දුබලතා හේතුවෙන් සේවය අවසන් කරන සාමාජික සාමාජිකාවන්ගේ දූ දරුවන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වුවහොත්, ඔවුන් හට ද ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබේ.   නිත්‍ය දුබලතාවයට පත්වූ වර්ෂයේ සිට ඉදිරියට වර්ෂ 5 ක් සඳහා සලකා බලනු ලැබේ.

3.10   අ.පො.ස. (උ.පෙළ) සමත්වන දූ දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා මූල්‍යාධාර ලබාදීමේ යෝජනාක්‍රමය

අ.පො.ස. (උ.පෙළ) සමත්වන සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සක්‍රීය සාමාජිකයින්ගේ දූ දරුවන් 5,000 කට ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා රු.12,000/- ක මූල්‍යාධාරයක් පිරිනමනු ලැබේ.  දිස්ත්‍රික් මට්ටමින් ඒ ඒ විෂය ධාරා යටතේ ඉහළම ලකුණු ලබාගත් සිසු සිසුවියන්  5,000 ක් මේ සඳහා තෝරාගනු ලැබේ.

උසස් පෙළ විභාගයේ නිල ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින්  නිකුත් කළ පසු,  පුවත්පත් දැන්වීම් මගින් අයදුම්පත් කැඳවනු ලබයි.  ඒ අනුව, අදාල ඉල්ලුම්පත්‍ර නියමිත කාලය තුලදී ඉදිරිපත් කළ යුතුය.
 
සපුරාලිය යුතු පොදු කොන්දේසි
 
සුභසාධන ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සාමාජික/සාමාජිකාවන් විසින් පහත සඳහන් පොදු කොන්දේසි සපුරා තිබිය යුතුය.

වයස අවු. 70 නොඉක්මවිය යුතුය.  එහෙත්,

I.    සාමාජික සාමාජිකාවන් වයස අවුරුදු 70 ඉක්මවන්නේ නම්, ඔහුට/ඇයට අවම වශයෙන් අවුරුදු 25 ක සක්‍රීය සාමාජිකත්වයක් තිබිය යුතුය.

II.    එම අවුරුදු 25 ක කාලය තුල ඔහු/ඇය විසින් කිසිඳු දායක මුදලක් ආපසු ලබාගෙන තොතිබිය යුතුය.

•    ඉහත අංක 3.1 සිට 3.6  දක්වා සහ 3.9 හා 3.10 සඳහා ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අදාළ සිදුවීම් සිදුවන මාසයට පෙර මාස 11 ක කාලයක් සඳහා දායක මුදල් ගෙවා තිබිය යුතුය.  තවද, ආසන්නතම මාසයේ දායක මුදල ගෙවිය යුතු නියමිත දිනයට පසු එක් මාසයක් ඇතුලත ගෙවා තිබිය යුතුය.

•    අංක  3.7 හා 3.8 සඳහා ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඉහත කොන්දේසි වලට අමතරව සිද්ධිය සිදුවන අවස්ථාව වන විට අවුරුදු 5 ක අඛන්ඩ සක්‍රීය සාමාජිකත්වයක් තිබිය යුතුය.

•    ස්වයං රැකියා සාමාජිකයින් සම්බන්ධයෙන් මෙම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා වසර 3 ක අඛන්ඩ සාමාජිකත්වයක් තිබිය යුතුය.


 

 

 

 

 


ආයතනයේ තොරතුරු

සේවා නියුක්තයින්ගේ භාර අරමුදල් මණ්ඩලය (ඊ. ටී. එෆ්)

පළමු මහල,
කමිකරු මහලේකම්   කාර්යාලය,
තැ.පෙ.807,
නාරාහේන්පිට,
කොළඹ 05. 


එච් එම් සෙනෙවිරත්න මහතා
දුරකථන:+94-11-2581704 +94-11-2503941 +94-11-2503943 +94-11-2503951 +94-11-2588709 +94-11-2589937 +94-11-2503936 +94-11-4519627 +94-11-4519628 +94-11-4519631
ෆැක්ස් අංක:+94-11-2503917
විද්‍යුත් තැපෑල:inquiry@etfb.lk
වෙබ් අඩවිය: www.etfb.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:46:14
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty