The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව රැකියා තොරතුරු විදේශ රැකියා විගමනික ශ්‍රමිකයන් සදහා සුභසාධන පහසුකම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විගමනික ශ්‍රමිකයන් සදහා සුභසාධන පහසුකම්

PDF Print Email

සුභසාධන අංශය

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (කාර්යාංශය) ලියාපදිංචිය ලබා රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධක කටයුතු සිදු කිරීමේ අරමුණින් සුභසාධක අංශය ස්ථාපිත කර ඇත.


ක්‍රියාත්මක ස්ථානය:
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
අංක 234 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල.
දුරකථන අංක - 0112880500/ 011-2864117
ඊ මේල් - chmn@slbfe.lk

නියෝජ්‍ය  සාමාන්‍යාධිකාරී  - 011-2882229
කළමනාකරු            - 011-2864117

සුභසාධන අංශයේ සේවාවන්
1.    රක්ෂණ හිමිකම් ලබා දීම.
2.    ශිෂ්ය ත්ව ලබා දීම.
3.    පෙර විගමණික ණය පහසුකම් හා නිවාස ණය පහසුකම් ලබාදීම
4.    රෝහල්ගත (ලංකාවේ) රෝගින් පිළිබඳ සොයා බැලීම හා වෛද්යව උපදෙස් මත අවශ්යh ඖෂධ හා අනෙකුත් දේවල් ලබා දීම
5.    පාසල් උපකරණ ලබාදිම.
6.    පූර්ණ ආබාධිතවූවන් සඳහා සහන නිවාස යෝජනා ක්රොමය යටතේ නිවාස ඉදි කිරීම.
7.    වෛද්ය  කඳවුරු පැවැත්වීම.

1.රක්ෂණ හිමිකම් ලබාදීම.
කාර්යාංශයේ ලියාපදිංචිය ලබා රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයන් සේවයේ නිරතව සිටින විට මුහුණ දෙනු ලබන අසනීප, කරදර, හිරිහැර හා මරණ සඳහා ප්ර තිලාභ ලබාදීම මේ යටතේ සිදු කරනු ලබයි.
ප්‍රතිලාභ ලේඛණය පහත සඳහන් පරිදි වේ.

1.    විදෙස්ගතව සිටියදී සිදුවන ස්වාභාවික හා හදිසි මරණ සඳහා හිමිවන රක්ෂණ ප්ර්තිලාභය.

•    රු.500,000.00 ක් දක්වා

2.    විදෙස්ගතව සිටිය දී ඇති වූ රෝගී තත්වයක් හෝ අසනීප තත්වයක් මත මෙරටට පැමිණි දින සිට මාස 03ක් ඇතුළත  සිදුවන වන මරණ සඳහා.

•    රු. 250,000.00 ක් දක්වා

3.    විදෙස් ගතවී රැකියාවේ නියුතුව සිටියදී (ලියාපදිංචි කාලය තුළ) සිදුවන පූර්ණ ආබාධ තත්වයන් සඳහා රක්ෂණ ප්‍රතිලාභ
3.1    වන්දි ගෙවීම සිදුවූ ආබාධිත තත්වය මත තීරණය වේ.
•    උපරිමය රු.400,000.00 ක් දක්වා
3.2    ආබාධිත තත්වයේ පසුවන විගමණික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා දැරීමට සිදුවන ගුවන් ටිකට් පත් වියදම්.
•    බදු සහිතව සාමාන්‍ය පන්තියේ ගුවන් ටිකට්පතක් සදහා වන වියදම ආවරණය වේ. එසේ වුවද වෛද්ය් නියමයන් මත ඔහු හෝ ඇය ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පතකින් මෙරටට ගෙන්වා ගැනීමට සිදුවන අවස්ථාවකදී ඒ සඳහා දැරීමට සිදුවන වියදමද ආවරණය වේ.
3.3 මෙරටට පැමිණීමෙන් පසුව දැරීමට සිදුවන වෛද්යක වියදම්.
•    පෞද්ගලික රෝහලක රෝහල්ගත කිරීමකදී රු.50,000.00 ක උපරිමයකට යටත්ව ගෙවීම් කටයුතු සිදුකරනු ලබන අතර මෙරටට පැමිණ මාස 03ක් ගතවීමට පෙර බිල්පත් ඉදිරිපත් කළ යුතුයි.
•    රජයේ රෝහලක රෝහල්ගත වීමකදී දිනකට රු. 700.00බැගින්  උපරිම දින 30ක් සදහා වන කාල සීමාවක් දක්වා ගෙවීම් කටයුතු සිදු කරනු ලැබේ.
•    රු. 29,000.00 දක්වා රජයේ රෝහල් වලින් නියම කර ලබා ගන්නා බෙහෙත්,ස්කෑන් හා එක්ස්රේ පරීක්ෂණ සදහා ගෙවීම් කටයුතු සිදු කරනු ලැබේ.

4.    විදෙස්ගතව සිට ලියාපදිංචි කාලය තුළදි අර්ධ ආබාධිත තත්වයෙන් යුතුව මෙරටට පැමිණෙන විටදී.
4.1    ආබාධිත තත්වයේ ස්වාභාවය මත  ගෙවීම් කටයුතු සිදුකරනු ලැබේ.
•    උපරිමය රු.125000.00
4.2    මෙරටට ගෙන්වා ගැනීමේදී දැරීමට සිදුවන  ගුවන් ටිකට්පත් වියදම්.
•    බදු ඇතුළත්ව සාමාන්‍ය පන්නියේ ගුවන් ටිකට්පත් සඳහා දැරිමට සිදුවන සත්‍ය වියදම, එසේ වුවද වෛද්යේ නියමය මත ඔහු හෝ ඇය ව්‍යාපාරික පන්තියේ ටිකට්පතක් සඳහා නිර්දේශ  කරනු ලද්ලේ නම් ඒ සදහා දැරීමට සිදුවන වියදම.
4.3    විගමණික සේවකයින් මෙරටට පැමිණීමෙන් පසු දැරීමට සිදුවන වියදම්.
•    පෞද්ගලික රෝහලක රෝහල්ගත කිරීමකදී රු.50000.00 ට යටත්ව ගෙවීම් කටයුතු සිදු කරනු ලබන අතර මෙරටට පැමිණ මාස 03 ක් ගතවීමට පෙර බිල්පත් ඉදිරිපත් කළ යුතුය.
•    රජයේ රෝහලක රෝහල්ගත වීමකදී දිනකට රු. 700.00 බැගින් උපරිම දින 30 ක් සඳහා වන කාල සීමාවක් දක්වා ගෙවීම් කටයුතු සිදු කරනු ලැබේ.
•    රු.29000/= දක්වා රජයේ රෝහල් වලින් නියම කර  ලබා ගන්නා බෙහෙත්/ස්කෑන් එක්ස් රේ පරීක්ෂණ සදහා ගෙවීම් කටයුතු සිදු කරනු ලබයි

5.    ලියාපදිංචි කාලය තුළදී සිදුවන බරපතල හිරිහැර, බරපතල අසනීප තත්වයන්, බරපතල අනතුරු  මත  මෙරටට ගෙන්වා ගැනීම.
5.1    මෙරටට ගෙන්වා ගැනීමේදී දැරීමට සිදුවන  ගුවන් ටිකට්පත් වියදම්.
•    බදු ඇතුලත්ව සාමාන්යා පන්තියේ ගුවන් ටිකට්පත සදහා දැරීමට සිදුවන සත්‍ය වියදම.එසේ වුවද වෛද්යේ නියමය මත ඔහු හෝ ඇය ව්යාදපාරික පන්තියේ ටිකට්පතක් සඳහා නිර්දේශ කරනු ලද්ලේ නම් ඒ සදහා දැරීමට සිදුවන වියදම.
5.2    විගමණික සේවකයින් මෙරටට පැමිණීමෙන් පසු දැරීමට සිදුවන වියදම්.
•    .පෞද්ගලිකරෝහලක රෝහල්ගත කිරීමකදී රු.50000.00 ට යටත්ව ගෙවීම් කටයුතු සිදු කරනු ලබන අතර මෙරටට පැමිණ මාස 03 ක් ගතවීමට පෙර බිල්පත් ඉදිරිපත් කළ යුතුය.
•    රජයේ රෝහලක රෝහල්ගත වීමකදී දිනකට රු. 700.00 බැගින් උපරිම දින 30 ක් සඳහා වන කාල සීමාවක් දක්වා ගෙවීම් කටයුතු සිදු කරනු ලැබේ.
•    රු.29000/= දක්වා රජයේ රෝහල් වලින් නියම කර ලබා ගන්නා බෙහෙත්/ස්කෑන් එක්ස් රේ පරීක්ෂණ සදහා ගෙවීම් කටයුතු සිදු කරනු ලබයි.

6.    ලියාපදිංචි කාලය තුළදී  හාම්පුතාගෙන් හෝ ඔහුගේ පවුලේ අයකුගෙන් සිදුවන ලිංගික හිරිහැර නිසාවෙන් ගැබ්ගැනීමක් සිදුවූ විටදී (නිවසෙන් පැනයාම මේ සඳහා ඇතුළත් නොවේ.)

6.1 මෙරටට ගෙන්වා ගැනීමේදී දැරීමට සිදුවන  ගුවන් ටිකට්පත් වියදම්.
•    බදු ඇතුලත්ව සාමාන්යෙ පන්තියේ ගුවන් ටිකට්පත සදහා දැරීමට සිදුවන සත්‍ය වියදම.එසේ වුවද වෛද්යව නියමය මත ඔහු හෝ ඇය ව්යානපාරික පන්තියේ ටිකට්පතක් සඳහා නිර්දේශ කරනු ලද්ලේ නම් ඒ සදහා දැරීමට සිදුවන වියදම.
6.2 විගමණික සේවකයින් මෙරටට පැමිණීමෙන් පසු දැරීමට සිදුවන වියදම්.
•    පෞද්ගලික රෝහලක රෝහල්ගත කිරීමකදී රු.50000.00 ට යටත්ව ගෙවීම් කටයුතු සිදු කරනු ලබන අතර මෙරටට පැමිණ මාස 03 ක් ගතවීමට පෙර බිල්පත් ඉදිරිපත් කළ යුතුය.
•    රජයේ රෝහලක රෝහල්ගත වීමකදී දිනකට රු. 700.00 බැගින් උපරිම දින 30 ක් සඳහා වන කාල සීමාවක් දක්වා ගෙවීම් කටයුතු සිදු කරනු ලැබේ
•    රු.29000/= දක්වා රජයේ රෝහල් වලින් නියම කර ලබා ගන්නා බෙහෙත්/ස්කෑන් එක්ස් රේ පරීක්ෂණ සදහා ගෙවීම් කටයුතු සිදු කරනු ලබයි.

7    යැපෙන්නන් සඳහා ප්‍රතිලාභ.
7.1    යැපෙනනන් රෝහල්ගතවීමකදී (නීත්යාලනුකූල සැමියා/බිරිඳ හා වයස අවුරුදු 25 ට අඩු අවිවාහක රැකියාවක් සිදු නොකරන ළමුන් සඳහා)
•    දිනකට රු. 1000 බැගින් උපරිමය දින 14ක් දක්වා.
7.2 හදිසි අනතුරකින් යැපෙන්නකුගේ මරණයකදී  (නීත්යාලනුකූල සැමියා/බිරිඳ හා වයස අවුරුදු 25 ට අඩු අවිවාහක රැකියාවක් සිදු නොකරන ළමුන් සඳහා) (උපරිමය අවස්ථා 02 කදී පමණි)
•    උපරිමය රු. 10,000.00  කට යටත්ව ගෙවීම් කරනු ලැබේ.

ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ

වෛදය ප්‍රතිලාභ සඳහා

අසනීප/අනතුරු/කරදර වදහිංසා / ආබාධිත / පූර්ණාබාධිත තත්වයන් යටතේ වන්දි ඉල්ලුම් කිරීම
 

  •     ලංකාවට පැමිණ මාස 03 ක් අතුලත වන්දි සඳහා ඉල්ලුම් කිරීම අනිවාර්යය වේ.
  •     වන්දි ඉල්ලුම් පත්රලය
  •     විදේශීය වෛද්ය  සහතික දේශීය වෛද්ය  සහතික (ලංකාවට පැමිණි දින සිට දින 07 ක් ඇතුළත ලබාගත්)
  •     සිදු වූ අනතුරක් මත ආබාධිත හෝ පූර්ණ ආබාධිත තත්වයන් සඳහා විශේෂඥ වෛද්යද වාර්ථාව (MER)
  •     දේශීය වෛද්යR බිල්පත්
  •     විදේශ ගත වීමට පෙර ලබාගත් වෛද්යද වාර්ථා(විදේශගත වූ දින සිට මාස 03 ක් ඇතුළත ලංකාවට පැමිණි අය සඳහා පමණි)
  •     කාර්යාංශ ලියාපදිංචි පරිඝනක දත්ත සටහන හෝ රක්ෂණ සහතිකය.
  •     ගමන් බලපත්රයයෙහි පිටපත්
  •     පැමිණි ගුවන් ටිකට්පත / බෝඩින් කාඩ්පත(Boarding Card)
  •     තානාපති කාර්යාලයෙන් හෝ  පොලිසිය මඟින් නිකුත් කරන ලද ලිපි
  •     වන්දි හිමිකරුගේ බැංකු ගිණුම් පිටපත
  •     රක්ෂණ වන්දි ඉල්ලීම් ලිපිය( කළමණාකරු සුභසාධන නමට) මරණයකදී
  •     මියගිය පුද්ගලයාගේ භාරකරු විසින් පවුලේ විස්තර සහිතව රක්ෂණ වන්දි ඉල්ලා ඉදිරිපත් කරන දිව්රුම් ප්රුකාශයේ මුල්  පිටපත් 02ක් (මෙම දිවුරුම් ප්රිකාශය රු.50/- ක මුද්දරයක් මත අත්සන් කළ යුතු අතර දිවුරුම් කොමසාරිස්වරයෙකු හෝ සාමදාන විනිසුරුවරයකු විසින් නිළ මුද්රා්ව තබා සහතික කර  තිබිය යුතුය.)
  •     මිය ගිය පුද්ගලයාගේ ගමන්බලපත්ර ය, උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත, විවාහ වී ඇත්නම් විවාහ සහතිකය, මරණය පිළිබද විදේශීය වෛද්යය වාර්ථා, විදේශීය මරණ සහතිකය, තානාපති කාර්යාල වලින් නිකුත් කරන ලද ලියකියවිලි - එම සියළු ලේඛන වල මුල් පිටපත් හා ඡායා පිටපත් 02 බැගින්
  •     වන්දි ඉල්ලුම්කරු ඇතුළු සියළුම උරුමකරුවන්ගේ උප්පැන්න සහතික වල මුල් පිටපත්, බැංකු ගිණුම් (බද්ද ගිණුම් නොවිය යුතුය) වයස අවුරුදු 18 වැඩි නම් ජාතික හැඳුනුම්පත් හා එම  සියළු ලේඛන වල ඡායා පිටපත් 02 බැගින්
  •     පවුලේ සාමාජිකයන්ගේ විස්තර ඇතුළත් වන පරිදි සකස් කරන ලද ග්රාුම නිළධාරී වාර්තාවක් සහ එහි පිටපතක්. එම වාර්තාව ප්රාකදේශීය ලේකම් විසින් අනු අත්සන් කළ යුතු අතර මිය ගිය අයගේ විවාහක/ අවිවාහක බව ග්රාවම නිළධාරි සහතිකයේ සඳහන් කළ යුතුය.
  •     ශ්රී  ලංකාවේ විදේශ කටයුතු අමාත්යාං ශයේ - කොන්සියුලර් අංශය මඟින් නිකුතු කරන ලද මරණය පිළීබද විස්තර ඇතුලත් ලිපියේ මුල් පිටපත හා ඡායා පිටපතක් ( මෙම ලිපිය ඉල්ලුම් කළ යුතු වන්නේ මධ්ය්ම ලේඛනාගාරයෙන් නිකුත් කරන ලද මරණ සහතිකය ලබාගෙන නැත්නම් පමණි)
  •     දේහය භාර ගැනීමේදී ඊට අදාළව රේගුව මඟින් ලබා දෙනු ලබන ලිපි ලේඛන හා ඒවායේ ඡායා පිටපත් 02 බැගින්

සැ.යු.
අසනීප,අනතුරු හා ආබාධිත තත්වයකදී රක්ෂිතයා ලංකාවට පැමිණි දින සිට මාස 03 ක් තුළ රක්ෂණ වන්දි අයදුම්පත ඇතුළු අනෙකුත් ලිපිලේඛණ රක්ෂිතයා විසින් හෝ ඔහුගේ භාරකරුවකු විසින් කාර්යාංශය වෙත ලබා දිය යුතු අතර මරණ වන්දියකදී මියගිය දින සිට මාස 03 ක් තුල ඊට අදාළ ලේඛණ රක්ෂිතයාගේ, යැපෙන්නන් විසින් කාර්යාංශය වෙත ඉදිරිපත් කළ යුතුය.



2.ශිෂ්‍යත්ව ලබා දීම.
කාර්යාංශ ලියාපදිංචිය ලබා විදේශගත ශ්‍රමිකයන්ගේ අධ්‍යාපනය හදාරන දූ දරුවන්ට දිරි දීමක් වශයෙන් කඩඉම් විභාග වලින් ජයගන්නා දූ දරුවන් වෙනුවෙන් පහත සඳහන් ආකාරයට ශිෂ්‍යත්ව ප්‍රධානය මේ යටතේ සිදු කෙරේ.

  • 5 වසර     ශිෂ්යනත්වය සමත් - රු. 15,000.00
  • අ.පො.ස (සා/පෙළ) සමත්,අ.පො.ස (උසස් පෙළ) සමත් - රු. 20,000.00
  • විශ්වවිද්‍යාල අධ්‍යාපනය  හදාරන සිසුන්     - රු. 30,000.00


අවශ්‍ය  සුදුසුකම්

  •     දරුවා අදාළ විභාගය සඳහා මුහුණ දෙනු ලබන දිනට පෙර වසර 05 ක කාලයක් ඇතුළත කාර්යාංශයේ ලියාපදිංචිව විදේශ රැකියාවක නිරතව සිට ලංකාවට පැමිණි අයෙකු ගේ හෝ ඒ වන විටත් රැකියාවේ නිරත වන්නකුගේ දරුවන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැක.
  •     5 වසර ශිෂ්යත්වය සඳහා දිස්ත්‍රික් කඩඉම් ලකුණු මට්ටම ලබා තිබිය යුතුය.
  •     අ.පො.ස (සා/පෙළ) විභාගය සම්මාන සාමාර්ථ 3 ක් සහිතව ගණිතය ඇතුළු විෂයයන් 06 කින් එකවර සමත්ව උසස්පෙළ හදාරමින් සිටිය යුතුය.
  •     අ.පො.ස(උසස් පෙළ) සඳහා රජයේ විශ්ව විද්‍යාලයක පූර්ණ කාලීන අභ්‍යන්තර උපාධි පාඨමාලාවක් හදාරමින් සිටිය යුතුය.

•    ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ

1.    විදුහල්පති/ලේඛකාධිකාරි සහතික කරන ලද අයදුම්පත්‍රය
2.    ගමන් බලපත්‍රයේ සහතික කරන ලද ඡායා පිටපත
3.    උප්පැන්න සහතිකයේ සහතික කරන ලද ඡායා පිටපත
4.    විදුහල්පති හෝ ලේඛකාධිකාරි විසින් සහතික කරන ලද ප්‍රතිපල ලේඛණයේ පිටපතක්
5.    වයස අවුරුදු 16 ට වැඩි නම් ජාතික හැදුනුම් පතෙහි සහතික කරන ලද ඡායා පිටපත

3.පෙර විගමණික ණය පහසුකම් හා නිවාස ණය පහසුකම් ලබාදීම.

පෙර විගමණික ණය
රැකියාවක් සඳහා විදේශගත වන ශ්‍රමිකයන් හට විදේශගත වීමට පෙර ඒ සඳහා දැරීමට සිදුවන වියදම් වෙනුවෙන් රු.50,000.00 ක ණය පහසුකම් සලසා දෙනු ලැබේ. ‍මෙම ණය මුදල ගුවන්ටිකට් පත් සඳහා වන වියදම්, වීසා ගාස්තු හා ‍වෛද්යස පරික්ෂණ ගාස්තු වැනි වි‍දේශ ගත වීමට ‍‍පෙර දැරීමට සිදුවන වියදම් සඳහා භාවිතා කළ හැක.

මෙම ණය ඉල්ලුම් කිරීමේදී,
1.    ණය ඉල්ලුම් කිරීමට පෙර ණය ලබා ගැනීම සම්බන්ධව ලංකා බැංකුව, මහජන බැංකුව හෝ ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමඟ සාකච්ඡා කළ යුතුය.
2.    බැංකු බල ප්‍රදේශයේ (බැංකු ශාඛාව පිහිටි ප්රගදේශයේ) පදිංචි විය යුතුය.
3.    අදාළ බැංකුවේ ගිණුමක් පවත්වාගෙන යා යුතුය.

ණය මුදල ලබා දීමට බැංකුව එකඟ වන්නේ නම් සුභසාධන අංශය මඟින් ණය නිරිදේශ කිරීමේ ලිපියක් නිකුත් කරනු ලබයි.
එම නිර්දේශ ලිපිය නිකුත් කිරීමේදී පහත සුදුසුකම් සපුරා තිබිය යුතුය.
1.    එතෙරදි ලබන වැටුප රු. 40,000.00 ට අඩු විය යුතුය.
2.    ප්‍රථම වතාවට විදේශ රැකියාවක් සඳහා යන අයකු විය යුතුය.(සාධාරණ හේතු මත සිය කොන්ත්රාපත් කාලය අවසන් නොකළ ඉල්ලුම්කරුවන් පිළිබඳව සලකා බලනු ලැබේ)
3.    ඉල්ලුම්කරුවන් වයස අවු. 55 ට අඩු විය යුතුය.

අවශ්‍යලිපි ලේඛණ

  •     විදේශ ගමන්පත්‍රය
  •     රැකියා ගිවිසුම
  •     වීසා බලපත්‍රය
  •     ග්‍රාමනිළධාරි සහතිකය
  •     පුහුණු සහතිකය
  •     ඒජන්සි ලිපිය
  •     පළමු අනුමැතිය
  •     බැංකු රිසිට්පත්


විගමණික සේවකයින් විසින් ලබා ගන්නා බැංකු ණය වෙනුවෙන් අය කරනු ලබන පොළියෙන් 2/3 ප්‍රමාණයෙන් කාර්යාංශය විසින් ‍ගෙවනු ලැබේ.

නිවාස ණය
නිවසක් තනා ගැනීමේ අභිප්‍රායෙන් විදේශගත වන ශ්‍රමිකයන්ගේ නිවාස සිහිනය සැබෑ කිරීමේ අරමුණින් නිවාස ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ.
මේ සඳහා ඉල්ලුම් කිරීමට ප්‍රථම ලංකා බැංකුව, මහජන බැංකුව හා උකස් හා ආයෝජන බැංකුව සමඟ සාකච්ඡා කළ යුතු අතර ණය මුදල නිකුත් කිරීමේදී දේපොළ ඇපයක් බැංකුව වෙත තැබිය යුතුවේ.

විගමණික සේවක ණය යෝජනා ක්‍රම


01 මුල්‍යආයතනය - මහජන බැංකුව

  •      ණය වර්ගය - පෙර විගමණික ණය
  •      ණය මුදල - 50,000.00
  •      ආපසු ගෙවීමේ කාලය අවුරුදු - 3
  •      ණය ලබාගන්නා විසින් ගෙවිය යුතු පොළී ප්‍රතිශතය -   9%
  •      කාර්යාංශය විසින් ලබා දෙන පොළී ප්‍රතිශතය  -   7%
  •      මුළු පොලි අනුපාතය - 16%

 

  •      ණය වර්ගය - නිවාස ණය
  •      ණය මුදල - 250,000.00
  •      ආපසු ගෙවීමේ කාලය අවුරුදු - 5
  •      ණය ලබාගන්නා විසින් විසින් ගෙවිය යුතු පොළී ප්‍රතිශතය -   9% 
  •      කාර්යාංශය විසින් ලබා දෙන පොළී ප්‍රතිශතය   - 7%
  •      මුළු පොලි අනුපාතය -  16%

 

  •     ණය වර්ගය - ස්වයංරැකියා ණය
  •     ණය මුදල - 250,000.00
  •     ආපසු ගෙවීමේ කාලය අවුරුදු - 5
  •     ණය ලබාගන්නා විසින් විසින් ගෙවිය යුතු පොළී ප්‍රතිශතය -   8% 
  •     කාර්යාංශය විසින් ලබා දෙන පොළී ප්‍රතිශතය            -          8%
  •     මුළු පොලි අනුපාතය                                                          16%


02 මුල්‍ය ආයතනය - ලංකා බැංකුව

  •     ණය වර්ගය - පෙර විගමණික ණය
  •     ණය මුදල - 50,000.00
  •     ආපසු ගෙවීමේ කාලය අවුරුදු -  2
  •     ණය ලබාගන්නා විසින් ගෙවිය යුතු පොළී ප්‍රතිශතය -   12%
  •     කාර්යාංශය විසින් ලබා දෙන පොළී ප්‍රතිශතය  -
  •     මුළු පොලි අනුපාතය  -   12%

 

  •     ණය වර්ගය - නිවාස ණය
  •     ණය මුදල - 300,000.00
  •     ආපසු ගෙවීමේ කාලය අවුරුදු - 5
  •     ණය ලබාගන්නා විසින් විසින් ගෙවිය යුතු පොළී ප්‍රතිශතයය -   5% 
  •     කාර්යාංශය විසින් ලබා දෙන පොළී ප්‍රතිශතය  -  5%
  •     මුළු පොලි අනුපාතය   10%

 

  •     ණය වර්ගය - ස්වයංරැකියා ණය
  •     ණය මුදල - 300,000.00
  •     ආපසු ගෙවීමේ කාලය අවුරුදු - 5
  •     ණය ලබාගන්නා විසින් විසින් ගෙවිය යුතු පොළී ප්‍රතිශතය-   8% 
  •     කාර්යාංශය විසින් ලබා දෙන පොළී ප්‍රතිශතය  - 8%
  •     මුළු පොලි අනුපාතය  16%


03 මුල්‍ය ආයතනය - ජාතික ඉතිරිකිරීමේ බැංකුව

  •     ණය වර්ගය  - පෙර විගමණික ණය
  •     ණය මුදල - 50,000.00
  •     ආපසු ගෙවීමේ කාලය අවුරුදු -  මාස 6
  •     ණය ලබාගන්නා විසින් ගෙවිය යුතු පොළී ප්‍රතිශතය -  12.50%
  •     කාර්යාංශය විසින් ලබා දෙන පොළී ප්‍රතිශතය  -           -
  •     මුළු පොලි අනුපාතය                                              12.50%

 

  •     ණය වර්ගය
  •     නිවාස ණය
  •     ණය මුදල - 300,000.00
  •     ආපසු ගෙවීමේ කාලය අවුරුදු - 5
  •     ණය ලබාගන්නා විසින් විසින් ගෙවිය යුතු පොළී ප්‍රතිශතය -   5.50%
  •     කාර්යාංශය විසින් ලබා දෙන පොළී ප්‍රතිශතය           -          5%
  •     මුළු පොලි අනුපාතය                                                         (10.5%)


04 . මුල්‍ය ආයතනය - රාජ්‍ය  උකස් හා ආයෝජන බැංකුව

  •     ණය වර්ගය
  •     ස්වයංරැකියා ණය
  •     ණය මුදල - 500,000.00
  •     ආපසු ගෙවීමේ කාලය අවුරුදු -  5
  •     ණය ලබාගන්නා විසින් ගෙවිය යුතු පොළී ප්‍රතිශතය -  7.50%
  •     කාර්යාංශය විසින් ලබා දෙන පොළී ප්‍රතිශතය            -7% 
  •     මුළු පොලි අනුපාතය                                              (14.5%)


4. පාසල් උපකරණ ලබා දීම.

කාර්යාංශ ලියාපදිංචිය ලබා රැකියා සඳහා විදේශ ගත වූවන්ට මුහුණ පෑමට සිදුවන යම් ගැටළුකාරී තත්වයන් මත ආර්ථික දුෂ්කරතාවයන්ට පත් වීම නිසා ඔවුන්ගේ දූ දරුවන්‍‍‍ගේ අධ්‍යාපන කටයුතු සඳහා මූල්යාමය අපහසුතා ඇති අවස්ථාවන් හි එම දූ දරුවන්ට අධ්‍යාපනයට අත්වැලක් සැපයීමට පාසල් උපකරණ ලබා දීම සිදු කරනු ලබයි. මේ යටතේ රු. 5000.00 වටිනාකමකින් යුතු පාසල් උපකරණ (අධ්‍යාපනයට අවශ්‍ය භාණ්ඩ හා උපකරණ) ලබා දේ.මේ සඳහා පහත ලේඛණ අවශ්‍ය  වේ.

  1. පාසල් අධ්‍යාපනයකර‍ගෙන යාම සඳහා අවශ්‍ය භාණ්ඩ හා උපකරණ පිළිබඳව විස්තර ඇතුලත් විදුහල්පති නිර්දේශය
  2. අඩු ආදායම්ලාභී පවුලක් බව සනාථ කරන ග්‍රාම නිළධාරී වාර්තාව


5. සහන නිවාස වැඩසටහන

  1. වි‍දේශ රැකියාවන්හි නිරතව සිටියදී ‍සේවා ස්ථාන‍යේදි සිදු වන අනතුරක ප්‍රතිපලයක් ‍ලෙස පූර්ණ ආබාධිත තත්වයට පත්වූ, නිවසක් ‍නොමැති විගමනික ‍සේවකයින් සඳහා නිවෙස් සාදා දීම ‍මේ යටතේ සිදු ‍වේ.මෙය ශ්‍රී ලංකා වි‍දේශ ‍සේවා නියුක්ති කාර්යාංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබයි. ‍මේ සඳහා පහත සුදුසුකම් සපුරාලිය යුතුය.
  2. පූර්ණ ආබාධිත තත්වයට පත්ව තිබීම. (‍වෛද්‍යවරයා මඟින් සනාථ කළ යුතුයි)
  3. කාර්යාංශ‍යේ ලියාපදිංචි වී වි‍දේශ රැකියාවක් සඳහා පිටත්ව ‍ගොස් තිබීම.
  4. අදාල සිදුවීම ලියාපදිංචිය වලංගු කාල සිමාව තුළ වි‍දේශ රැකියා‍වේ නියුක්තව සිටියදී හා ඒ ‍හේතු‍වෙන් රැකියාව අහිමිව ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවීම.
  5. සිදුවීම ලියාපදිංචි වලංගු කාල‍යෙන් බැහැර නම් නියමිත ගිවිසුම්ගත කාල‍යෙන් පසුව බලහත්කාර‍යෙන් ‍සේවයේ ‍යොදවා‍ගෙන ඇති අයකු වීම.
  6. අදාල පුද්ගලයා‍ගේ නමට නිත්යාොනුකූල ඉඩමක් තිබිම අනිවාර්යය ‍වේ.













 


ආයතනයේ තොරතුරු

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
නො.234,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,කොස්වත්ත
බත්තරමුල්ල
 


එම්. එස්. විතානපතිරණ මහත්මිය
දුරකථන:+94-11-2864101-5 ,+94 11 2880500
ෆැක්ස් අංක:+94-11-2880500
විද්‍යුත් තැපෑල:chmn@slbfe.lk, agm@slbfe.lk
වෙබ් අඩවිය: www.slbfe.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-12-11 06:48:09
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty