The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව යුක්තිය, නීතිය සහ අයිතිවාසිකම් නීතිය සහ සාමය වෙළඳපොළ විමර්ශනය හා වැටලීම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වෙළඳපොළ විමර්ශනය හා වැටලීම්

PDF Print Email

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිය ක්‍රියාකාරිත්වය තුලින් පදනම් වූ හෝ කිසියම් පාරිභෝගික සංවිධානයක් ආයතනයක් හෝ කිසියම් වෙළඳුන්ගේ සංගමයක් හෝ වෙනත් පුද්ගලයන් විසින් හෝ ඉදිරිපත් කරනු ලබන පැමිණිලි පිළිබඳව විමර්ශන පවත්වයි.මෙම පරික්ෂණ ප්‍රධාන වශයෙන් ඉලක්ක කරනු ලැබ ඇත්තේ තරඟකාරී  ක්‍රියාකාරකම් පිළිබඳවය. පරික්ෂණයක කටයුතු ආරම්භ කර දින 100 ක් තුලදී එය නිම කිරීම අධිකාරියෙහි යුතුකමකි.

සුදුසුකම්
කවර පුද්ගලයකු, පාරිභෝගික සංවිධානයක් හෝ වෙළඳ සංගමයක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර, වැරදි සහගත වෙළඳ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ හැක.

ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය   

  • පැමිණිල්ලෙහි දැක්විය යුත්තේ කවරකුගේ අත්සනද?ඉල්ලීම කරනු ලබන පාර්ශවයෙන් ප්‍රධාන විධායක නිලධාරි විසින් ඉල්ලුම්පත අත්සන් කල යුතුය.
  • පැමිණිල්ල ඉදිරිපත් කල යුතු ස්ථානය-පැමිණිල්ල පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කල යුතුය.
  • පැමිණිල්ල ඉදිරිපත් කලයුත්තේ කාටද?-අධිකාරියේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කල යුතුය.

ඉල්ලුම්පත්‍ර
කලින් නිර්මාණය කල ඉල්ලුම්පතක් නැත. ලිපි මගින් කරනු ලබන ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලීම් භාරගනු ලැබේ.

ප්‍රවාහ සටහන

අවශ්‍ය අමතර ලියවිලි

  • මිළදී ගත් කුවිතාන්සියෙහි පිටපතක්
  • සාම්පල් නිෂ්පාදනය
  • ඇප සහතිකයෙහි/ වගකීම් සහතිකයෙහි පිටපතක්

පියවරෙන් පියවර ක්‍රියාපරිපාටිය   
පියවර 1 :  අදාල සනාථ කිරිමේ ලියවිලි සමඟ ඉල්ලුම්කරු පැමිණිල්ල පා.ක.පි.අධිකාරියෙහි සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් වෙත සෘජුවම යොමු කරයි.
පියවර 2 :   විමර්ශනය සඳහා පැමිණිල්ල පාරිභෝගික කටයුතු හා විමර්ශන අංශය වෙත භාරදේ.
පියවර 3 :   අදාල අංශය පැමිණිල්ලෙහි නිරවද්‍යතාවය පරික්ෂා කර බලයි.
පියවර 4 :   අදාල අංශය පරික්ෂණ ක්‍රියාදාමය සකස් කර මෙම කාර්යය විමර්ශනය කණ්ඩායම වෙත භාර කරයි.
පියවර 5 :   විමර්ශන කණ්ඩායම විමර්ශන කටයුතු ඉටු කරයි.
පියවර 6 :   නීති කටයුතු ආරම්භ කිරීම සඳහා විමර්ශන කණ්ඩායම ඉදිරිපත් කල යුතු භාණ්ඩ සමඟ සම්පූර්ණ කරන ලද තොරතුරු පත්‍රිකාව (පිටපතක් යා කර ඇත.) අනුකූලතා හා බලාත්මක කිරීම් අංශය වෙත ඉදිරිපත් කරයි.
පියවර 7 :   අනුකුලතා හා බලාත්මක කිරීමේ අංශය පැමිණිල්ල හා චෝදනා පත්‍රය කෙටුම්පත් කරයි.
පියවර 8 පැමිණිල්ල අදාල ඉදිරිපත් කරන භාණ්ඩ සමඟ මහේස්ත්‍රාත් අධිකරණයෙහි ගොනු කරයි.

සටහන
නඩුව විමසීමෙන් පසු එය ඔප්පු වන්නේ නම් මහේස්ත්‍රාත්තුමා විසින් වෙළෙන්දා වෙත දඩ නියම කරනු ලැබේ.

කාල නියමය

ක්‍රියාදාම කාල නියමය
එක් එක් සිද්ධියක් අනුව ක්‍රියාදාම කාලය වෙනස් වේ.

ඉදිරිපත් කිරිමේ කාල නියමය

වැඩ කරන දින : සඳුදා සිට සිකුරාදා
කවුන්ටරය විවෘත වේලාවන් : පෙ.ව. 8.45-ප.ව. 4.45
නිවාඩු දින : රජයේ හා වෙළඳ නිවාඩු දින

වලංගු කාල නියමය
පනවනු ලබන නියෝග පිළිබඳ වෙළෙන්දා ධනාත්මක ලෙස ප්‍රතිචාරයක් දක්වා කටයුතු කල විට මෙම සේවාව නිම වේ.

සේවයට අදාල මිළ ගණන්

මිළ ගණන්
මෙම සේවය සැපයීම වෙනුවෙන් කිසිදු මිළක් අය නොකෙරේ.

ගාස්තු
මෙම සේවය සඳහා සම්බන්ධිත කිසිදු ගාස්තුවක් නොමැත.

දඩ මුදල්
2003 අංක 9 දරණ පණතෙන් 56,57,60 වගන්ති ප්‍රකාර දඩ මුදල් අය කෙරේ.

අධිභාර
මෙම සේවය සඳහා අමතර අය කිරීම් කිසිත් නැත.

විශේෂ අවස්ථා
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පැමිණිලි පිළිබඳ කටයුතු කිරීමට අමතරව වෙළඳුන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන්ද පවත්වනු ලැබේ.

  • දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වීම සඳහා අධිකාරිය විසින් දිවයින තුල කිසියම් ප්‍රදේශයක් තෝරා ගැනේ.

එම ප්‍රදේශය තුල සිටින වෙළඳුන්/නිමැයුම්කරුවන් කරා යන නිලධාරින් ඔවුන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

  • පළමුවැනි දැනුවත් කිරීමේ වැඩසටහනින් පසුව එම වෙළඳුන් කරා නැවත යන විමර්ශන කණ්ඩායම දැනුවත් කිරීමේ වැඩසටහනේදී පනවනු ලැබූ නීති හා රෙගුලාසි වලට අනුකූලව ඔවුන් ක්‍රියා කර ඇත්දැයි පරික්ෂා කරනු ලැබේ.

වෙළඳුන් එම නීති හා රෙගුලාසි වලට පටහැනිව ක්‍රියා කර ඇතිනම්, කණ්ඩායම විසින් වැටලීම් කර වෙළෙන්දා/ වෙළඳාමට එරෙහිව නිත්‍යානුකූල කටයුතු ක්‍රියාත්මක කරයි.

ආදර්ශ දත්තයන් සමඟ ආදර්ශ ආකෘතිය
අදාල නැත.


ආයතනයේ තොරතුරු

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

1 වෙනි හා 2 වෙනි මහල,
ස.තො.ස. ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල,
27,
වොක්ස්සෝල් වීදිය,
කොළඹ 2.


එම්.එම්.එස්.කේ කරුණාරත්න මහත්මිය
දුරකථන:011-7755456-7, 011-7755475 Consumer Complaint 011-7755481-3
ෆැක්ස් අංක:011-2399148
විද්‍යුත් තැපෑල:chairmancaa@sltnet.lk / dgcaa@sltnet.lk
වෙබ් අඩවිය: www.consumeraffairs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:55:10
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty