The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර පුහුණු සහ ව්‍යාප්ති සේවා පසු අස්වනු තාක්‍ෂණ ආයෝජන ආධාර ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පසු අස්වනු තාක්‍ෂණ ආයෝජන ආධාර ලබා ගැනීම.

PDF Print Email

අපනයන කෘෂි නිෂ්පාදනවල ගුණාත්මක භාවය ඉහල දැමිමේ අරමුනින් යුක්තව පසු අස්වනු තාක්‍ෂණ ආයෝජන ආධාර ක්‍රමය ආකාර 03 කින් ක්‍රියාත්මක වේ.
I.  කණ්ඩායම් සැකසුම් ඒකක පිහිටුවිම.
II. කේන්ද්‍රීය සැකසුම් මධ්‍යස්ථාන පිහිටුවිම.
III.පෞද්ගලික සැකසුම් ඒකක පිහිටුවිම.

I. කණ්ඩායමේ සැකසුම් ඒකක සඳහා ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන කණ්ඩායම්

  • අපනයන කෘෂිබෝග වගාකරුවන්ගේ ගොවි සංවිධාන
  • ජාතික සවිය ජනසභා වැඩ සටහන් ක්‍රියාත්මක වන ගම්මාන වල අපනයන බෝග ගොවින්

 මේ සඳහා සපුරාලිය යුතු අවශ්‍ය තාවයන්  

  • කණ්ඩායම් සැකසුම් ඒකක ස්ථාපනය කිරීම සඳහා අදාල ප්‍රදේශයේ ඊට ප්‍රමාණවත් අපනයන බෝග නිෂ්පාදනයක් තිබීම.
  • ක්‍රියාකාරී ගොවි සංවිධාන පමණක්වීම හා ඊට අමතරව ප්‍රමාණවත් අරමුදලක් ඉදිරි වැඩ කටයුතු සඳහා ගොඩනගාගෙන තිබීම.
  • ව්‍යාපෘති වාර්තාවක් ඉදිරීපත් කිරීම.

 සැකසුම් ඒකක පිහිටුවිම සඳහාවූ ඉඩම් තේරීම

  • පහසුවෙන් ලගා විය හැකි ස්ථානයක් විය යුතුයි.
  • පුද්ගලික ඉඩමක ද සැකසුම් ඒකක පිහිටුවිය හැකිය.
  • රජය සතු ඉඩමක දී නම් ඉදිකිරීමට ප්‍රථම එම ඉඩම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පවරා ගත යුතුයි.
  • ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන බාහිර මාර්ග ඔස්සේ සපයා ගත යුතුයි.

 සැකසුම් මධ්‍යස්ථානයට අවශ්‍ය උපකරණ සැපයිම

  • දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ ණය පදනම මත උපකරණ ගොවි සංවිධානයට නිකූත් කරනු ලැබේ.
  • උපකරණවල අයිතිය දෙපාර්තමේන්තුව සතුවේ.
  • වසර 5 ක අධීක්‍ෂණයකින් පසුව උපකරණ කාර්යක්‍ෂමව භාවිතා කරන්නේ නම් එම උපකරණ ගොවි සංවිධාය වෙත පවරා දෙනු ලැබේ.
  • මධ්‍යස්ථානය හා උපකරණ නඩත්තූව සඳහා ගොවි සංවිධානය විසින් අරමුදලක් ඇති කර ගත යුතූයි.
  • ගොඩනැගිල්ල, දෙපාර්තමේන්තු සැලැස්මට අනුකූල විය යුතුය.
  • ගොඩනැගිලි හා උපකරණ නඩත්තුව හා ඒවායේ සියලු ආරක්‍ෂාව ගොවි සංවිධානය මගින් ඉටුකල යුතුයි.

II. කේන්ඳ්‍රීය සැකසුම් මධ්‍යස්ථාන පිහිටුවිම
ගුණාත්මක අපනයන කෘෂි බෝග නිෂ්පාදනය කිරීම හා අගය එකතු කල නිෂ්පාදන දිරීගැන්විම තුලින් රැකියා උත්පාදනය කිරීම අරමුණවේ.

 මෙම ආයෝජන ක්‍රමයේ ප්‍රතිලාභ ලබාගත හැකි කාණ්ඩ

  •  විශාල ප්‍රමාණයේ අපනයන බෝග වගාකරුවන්.
  • වතු වගා අංශයේ නියුක්ත වී සිටින්නන්.
  • අපනයනකරුවන්, සැපයුම්කරුවන්, ගොවි සංවිධාන හෝ වගාකරුවන්.

මෙම කේන්ඳ්‍රීය සැකසුම් මධ්‍යස්ථාන පිහිටුවිම පිණිස අවශ්‍යතා

  •  යෝජිත සැකසුම් මධ්‍යස්ථානය සඳහා ව්‍යාපෘති වාර්තාවක් සකස් කිරීම.
  • අවශ්‍ය යන්ත්‍ර උපකරණ මිලදි ගැනිම දෙපාර්තමේන්තු නිර්දේශයට අනුව කල යුතුයි.
  • සැකසුම් මධ්‍යාස්ථානයේ සැලැස්ම දෙපාර්තමේන්තුව මගින් සැපයිය හැකිය.
  • ඒ ඒසැකසුම් මධ්‍යස්ථානය සඳහා අවම වශයෙන් 75% දායකත්වයක් පුද්ගලික අංශය මගින් දැරීය යුතුය

ආයෝජන ආධාර ලබාගැනිම පිනිස කළයුතු කාර්යන්

  • උපකරණ තැබීම සඳහා අවශ්‍ය ගොඩනැගිල්ල ඉදිකර තිබීම.
  • උපකරණ සවිකර ක්‍රියාත්මක තත්වයේ පැවතීම.
  • අපනයන කෘෂි බෝග අධ්‍යක්‍ෂ ජනරාල් විසින් නම් කරනු ලබන නිලධාරී මණ්ඩලයකින් පරීක්ෂා කර ගෙවිම් නිර්දේශ කරනු ලබේ

III. පෞද්ගලික සැකසුම් ඒකක පිහිටුවිම
අපනයන කෘෂි බෝග නිෂ්පාදන වල ගුණාත්මය ඉහල නැංවිමේ අරමුණින් කරනු ලබයි.

පසු අස්වනු තාක්‍ෂණ උපකරණ සහ ඉදිකිරීම් සඳහා ආයෝජන ආධාර ලබාගැනිම පිණිස ලියාපදිංචි වීම

  • මේ සඳහා වු ඉල්ලුම් පත්‍රය අදාල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලයෙන් රු 10ක මුද්දරයක් අලවා ලබාගත් ඉල්ලුම්පතක් සම්පුර්ණ කර අදාල ව්‍යාප්ති නිලධාරිට හෝ අදාල දිස්ත්‍රික් කාර්යාලයට භාරදිය යුතුවේ.
  • යෝජිත සැකසුම් ක්‍රියාවලිය හා උපකරණ අවශ්‍යතාව පිළිබදව සහකාර අධ්‍යක්‍ෂ වරයා සැහීමකට පත්වීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ලිඛිතව ලබා දිය යුතුය.
  • උපකරණ සවිකිරීමට ප්‍රමාණවත් තරම් ඉඩකඩ ගොඩනැගිල්ලේ තිබීය යුතුය.
  • දෙපාර්තමේන්තු සැලැස්මට අනුව ගොඩනැගිලි ඉදිකල යුතු අතර පවතින ගොඩනැගිලි සඳහා දෙපාර්තමේන්තුවේ පුර්ව අනුමැතිය ලබා ගත යුතුවේ.
  • පුර්ව අනුමැතියකින් තොරව යන්ත්‍ර සුත්‍ර හා උපකරණ මිලදි ගැනිම නොකල යුතු අතර එසේ කලහොත් ආයෝජන ආධාර ලබා නොදෙනු ඇත.

අස්වනු වියලිමේ ක්‍රියාවලිය

  • අපද්‍රව්‍ය මිශ්‍රවීම වලකින අන්දමින් සකස්කල කමත් සඳහා ආධාර දෙනු ලැබේ.
  • වරකට කි.ග්‍රෑ. 250 වියලිමේ ධාරිතාවක් තිබීය යුතුයි.
  • අවම වශයෙන් වර්ග අඩි 200 ක් තිබීය යුතුයි.

සුර්‍ය තාප වියලන 

  • අවමය වර්ග අඩි 100 විය යුතුයි.
  • පොලව මට්ටමින් 2 1/2ක් ඉහලින් සකස් කර තිබීම.
  • කෘතිම වියලන (දර, ඉන්ධන, විදුලිය).
  • මේවා පරීක්‍ෂා කර බලා සතුටුදායක තත්වයක පවතී නම් ආයෝජන ආධාර ලබාදීමට කටයුතු කරනු ලැබේ.

ගෙවිම් කිරීම
ගෙවිම් නිර්දේශය හා අනුමැතිය අපනයන කෘෂිකර්ම අධ්‍යක්‍ෂ විසින් පත්කරනු ලබන නිලධාරී මණ්ඩලයක් විසින් සිදු කරනු ලබයි.

ගෙවීම් කටයුතු කිරීම පිණිස අවශ්‍යතාවයන්

  • පසු අස්වනු ඒකකය නියමානුකූලව ස්ථාපනය කර ක්‍රියාත්මක තත්වයේ පැවතීම.
  • අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කළ පරීක්ෂණ මණ්ඩලය විසින් ගෙවීම අනුමත කර තිබීම.
  • ලබාගත් උපකරණවල බීල් පත් සහ ගෙවීම් වවුචර නියමිත පරිදි ඉදිරිපත් කිරීම.

ගිවිසුම් පත්‍රය.
වාෂ්පශිලි නිස්සාරණ ඒකක සඳහා ආධාර ලබා ගැනිමෙන් වසර 05 කට පසුව අලුත්වැඩියාවන් සඳහා නැවත අයදුම් කල හැකි වේ.

 


ආයතනයේ තොරතුරු

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

1095,
නුවර පාර,
පේරාදෙණිය.


අරුණ දිසානායක මහතා
දුරකථන:+94 812 388651, +94 81 2386018, +94 81 2386019
ෆැක්ස් අංක:0812388738
විද්‍යුත් තැපෑල:direxag@sltnet.net
වෙබ් අඩවිය: www.exportagridept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:39:23
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty