The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     Application form     Specimen Application
ආධුනිකත්ව පුහුණුව

PDF Print Email

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය ආධුනිකත්ව ක්‍රමය යටතේ වෘත්තීය පුහුණුව ලබා දෙන ප්‍රධානතම රාජ්‍ය ආයතනයකි.මෙම ක්‍රමය යටතේ වෘත්තීය ක්ෂේත්‍ර 22ක් යටතේ කර්මාන්ත ශිල්පී පාඨමාලා 150ක් පමණ ක්‍රියාත්මක වේ.ඔබ ලබා ඇති අධ්‍යාපන මට්ටම අනුව මෙහි දක්වා ඇති වෘත්තිය ක්ෂේත්‍රධයකට ඔබට යොමුවිය හැකිය.ප්‍රධාන කාර්යාලය මඟින් හෝ දිස්ත්‍රික්ක කාර්යාල මඟින් වර්ෂය පුරාම බඳවා ගැනීම් සිදු කෙරේ.

ආධුනිකත්ව පුහුණුවෙන් ආධුනිකයාට ලැබෙන ප්‍රතිලාභ
 

  • ආධුනිකයා පදිංචි පළාතේම නිපුණ කාර්මික ශිල්පියෙකු යටතේ කර්මාන්ත ශාලාවක වැඩ බිමක හෝ කාර්යාලයක නොමිලේ පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව.
  • පුහුණු කා‍ලයේදී පළමු මාස 06 සදහා පමණක් මසකට රු. 1000.00 බැගින් දීමනාවක් ලබා දීම.
  • වෘත්තීය මාර්ගෝපදේශනය හා ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණුව ලබාදීම.
  • පුහුණුව සාර්ථකව අවසන් කරන්නන්ට ලබා දෙන දේශීයව හා විදේශීයව පිළිගත් ප්‍රවීනතා සහතිකය.

මීට අමතරව ග්‍රාමීය හෝ ස්ථානානුරූපී ක්‍රමය යටතේ වෙනත් ඕනෑම වෘත්තියක වෘත්තීය පුහුණු පාඨමාලාවකට ඔබට ඇතුලත් විය හැකිය.
 

වෘත්තීය පුහුණු පාඨමාලා

සුදුසුකම් :

වයස : අයදුම්පත්‍රය ඉදිරිපත් කරන දිනට වයස අවු. 16 ත්35 ත් අතර විය යුතුයි.විශේෂ අවස්ථාවන් වලදී සභාපතිතුමාගේ අනුමැතිය අතිව වයස අවු. 35 වැඩි අය බදවා ගත හැකිය.

අධ්‍යාපන සුදුසුකම් :   

  • සංකේත අංක 1 යට‍තේ වර්ගීකරණය කරන ලද වෘත්තීන් සදහා අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් දෙවතාවකට නොවැඩි වාර ගණනකදී ගණිතය සහ භාෂාව ඇතුලු විශයයන් 06කින් සමත්වී තිබීම. (ඉහත සදහන් අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් භාෂාව ඇතුලුව විෂයන් 05කට වඩා සමත් එහෙත් ගණිතය අසමත් අයදුම්කරුවන් සංකේත අංක 1 වර්ගීකරණයේ වෘත්තීය පාඨමාලා හැදෑරීම සදහා තෝරා ගනු ලැබුවහොත් එම අයදුම්කරුවන් සදහා විශේෂ ගණිත පාඨමාලාවක් සංවිධානය කරනු ලැබේ.)
  • සංකේත අංක 2 යට‍තේ වර්ගීකරණය කරන ලද වෘත්තීන් සදහා රජයේ හෝ රජයේ ආධාර ලබන හෝ අනුමත පාසැලක 7 වන ශ්‍රේණිය (8 වසර) සමත්ව තිබිය යුතුයි.
  • සංකේත අංක 3 යට‍තේ වර්ගීකරණය කරන ලද වෘත්තීන් සදහා රජයේ හෝ රජයේ ආධාර ලබන හෝ අනුමත පාසැලක 8 වන ශ්‍රේණිය (9 වසර) සමත්ව තිබිය යුතුයි.
  • සංකේත අංක 4 යට‍තේ වර්ගීකරණය කරන ලද වෘත්තීන් සදහා අවශ්‍ය  සුදුසුකම් එම වෘත්තීය යටතේ දක්වා ඇත.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලූම්පත් ලබා ගත හැකි ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය ස්ථාන :- ජාතික ආධුනිකත්ව  සහ කාර්මික පුහුණුකිරීම්  අධිකාරි‍යේ ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික්ක කාර්යාල මගින් ඉල්ලුම්පත් ලබා ගත හැක.

ගෙවිය යුතු ගාස්තුව :-

ඉල්ලුම් පත් ‍නොමිළෙය් නිකුත් කෙ‍රේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සති‍යේ වැඩ කරන දිනවල  ‍පෙ.ව. 8.30 ත් ප.ව. 4.15 ත් අතර කාලය තුල අයදුම්පත් ලබා ගත හැක.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තුව

පාඨමාලා සදහා ගාස්තු අය ‍නොකෙ‍රේ.

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

අයදුම්පත් ලැබෙන පිළිවෙල හා පවතින පුහුණු අවස්ථා අනුව සේවාව ලබා දේ.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි


සේවා භාර මාණ්ඩලික නිලධාරීන්  

ආධුනිකත්ව පුහුණු කාලය තුළ දී ආධුනිකයින්ට මූලික පුහුණුව, තැපැල් මාර්ගික දුරස්ථ අධ්‍යාපන ‍මොඩියුල, සම්බන්ධිත උපෙදස් පංති, වෘත්තීය ඉංග්‍රීසී දැනුම, ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණුව හා පරිගණක පුහුණුව ලබා දේ‍.
ආධුනිකත්ව පුහුණු කාලය තුළ දී ආධුනිකයින් ට මතුවන ගැටළු සම්බන්ධ ව අදාළ දිස්ත්‍රික් කාර්යාල ‍හෝ අදාල පරීක්ෂක මහත්ම / මහත්මීන් දැනුවත් කළ හැක.  දෛනික වාර්තා පොත් හා දීමනා ලබා දීම ද, අදාළ දිස්ත්‍රික් කාර්යාලය මගින් සිදු කෙ‍රේ.

මූලික පුහුණුව

ආධුනිකයින්ට සති අන්ත‍යේ නියමිත කාල සීමාවක් තුළ ලබා ‍දෙන මූලික පුහුණුව ප්‍රධාන කර්යාලය මගින් සම්බන්ධීකරණය කරනු ලැබේ.ප්‍රධාන කාර්යාලයේ අදාළ නිලධාරීන්ගේ විස්තර පහත දැක්වේ.

තනතුර  නම දුරකතන
අධ්‍යක්ෂ (පුහුණු) ජේ. සී. කේ.  බස්නායක  මයා +94-11 – 2876387
සහකාර අධ්‍යක්ෂ (පුහුණු) ඒ. එන්.  සමරසේකර  මිය +94-11 – 2872091
පුහුණුකිරීමේ  නිලධාරී දේවිකා  අමරසිංහ මිය +94-11 – 2863680

දුරස්ථ අධ්‍යාපන ‍මොඩියුල

නියමිත දිස්ත්‍රික්ක කාර්යාල මගින් බෙදා හැරිමේ කටයුතු සිදු කරනු ලබන අතර සිංහල හා ‍දෙමළ මාධ්යි වලින් ආධුනිකයින්හට නොමිළේ ‍මෙම පාඩම්  මාලා ලබා දෙයි. විශේෂ අවස්ථා  වල දී  ප්‍රධාන කාර්යාලයේ  දුරස්ථ  අධ්‍යාපන අංශයෙන් ලබා ගත හැක.

 තනතුර
නම දුරකතන
අධ්‍යක්ෂ (පුහුණු) ජේ. සී. කේ.  බස්නායක මයා +94-11 – 2876387
නියෝජ්යය අධ්‍යක්ෂ (පුහුණු) පී. ඒ. අයි.  පෙර්රා මිය +94-11 – 2888777
සම්බන්ධීකරණ නිලධාරී තුසිතා  තිලකවර්ධන මිය +94-11 – 2863680

               
ඉංග්‍රීසි අංශය

ප්‍රධාන කාර්යාලයේ ඉංග්‍රීසි අංශ‍යෙන් සතියේ දින වල සවස වෘත්තීය ඉංග්‍රීසි පුහුණුව සංවිධානය කරනු ලැබේ.
ප්‍රධාන කාර්යාලයේ විමසුම් කළ යුතු  නිලධාරින් පහත දැක්වේ.

තනතුර නම දුරකතන
අධ්‍යක්ෂ (පුහුණු) ජේ.සී.කේ. බස්නායක මයා +94-11 – 2876387
සහකාර අධ්‍යක්ෂ (පුහුණු) ඒ.එන්.සමරසේකර මිය +94-11 – 2872091
සම්බන්ධීකරණ නිලධාරී එන්.එල්. වීරසිංහ මයා +94-11 – 2863680


ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණුව

ප්‍රධාන කාර්යාලයේ ව්‍යවසායකත්ව සංවර්ධන අංශයෙන් සම්බන්ධීකරණය කරනු ලැ‍බේ.

තනතුර නම දුරකතන
අධ්‍යක්ෂ (පුහුණු) ජේ.සී.කේ. බස්නායක මයා +94-11 – 2876387
සහකාර අධ්‍යක්ෂ (පුහුණු) ඒ.එන්.සමරසේකර මිය +94-11 – 2872091
පුහුණුකිරීමේ නිලධාරීනි තුසිතා තිලකවර්ධන මිය +94-11 – 2863680

                   
සම්බන්ධිත උපදෙස්  පන්ති

මොඩියුල වල පවතින ගැටළු සාකච්ඡා කිරීම සදහා දිස්ත්‍රික්ක කාර්යාල මගින් සංවිධානය කරනු ලැබේ. සති අන්ත දිනවල පැවැත්වේ.

ඇගයීම් අංශය

ආධුනිකත්ව පුහුණුව අවසානෙයේ ප්‍රයෝගික හා න්‍යයික පරීක්ෂණ පවත්වනු ලබන්නේ ප්‍රධාන කාර්යාලෙය් ඇගයීම් අංශය මගිනි. පාඨමාලාව අවසන් වීමට  මාස  03 කට පමණ  පෙර අදාළ  දත්ත  පත්‍රිකාව  සම්පූර්ණ කර ඔබගේ පරීක්ෂක  මහතා/ මහත්මිය මගින් ඇගයීම් අංශය වෙත ලැබීමට සැලැස්විය යුතුය.

ඇගයීම් අංශයේ  නිලධාරීන්ගේ  විස්තර  පහත දැක්වේ.

තනතුර නම දුරකතන
අධ්‍යක්ෂ (පුහුණු) ජේ.සී.කේ.බස්නායක මයා +94-11 – 2876387
සහකාර අධ්‍යක්ෂ (පුහුණු) ඒ.එන්. සමරසේකර මිය +94-11 – 2872091
පුහුණුකිරීමේ නිලධාරීනි දීප්ති කුමාරි මිය +94-11 – 2863680

                           
සහතික අංශය

ආධුනිකත්ව පුහුණුව සාර්ථක ව අවසන් කරනු ලබන ආධුනිකයින්ට  ඇගයීමේ  පරීක්ෂණයෙන් සමත් වීමෙන්  අනතුරුව  ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරිය මගින් නිකුත් කරන සහතිකය ලබා ගත හැකිය.  මෙම සහතිකය පිළිබද කරනු ලබන විමසීම් පහත  සදහන් නිලධාරීන් වෙත යොමු  කළ යුතුය.

තනතුර නම දුරකතන
අධ්‍යක්ෂ (පුහුණු) ජේ.සී.කේ.බස්නායක මයා +94-11 – 2876387
පුහුණු කිරීමේ කළමණාකරු ඉන්ද්‍රාරානි  ජයවර්ධන මිය +94-11 – 2863680
සම්බන්ධීකරණ  නිලධාරී එම්.එච්.එන්.පී.ධර්මසිරි මයා +94-11 – 2863680

 ඉල්ලූම්පත් ආකෘතිය

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත


ආයතනයේ තොරතුරු

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය

නො.971,
ශ්‍රී ජයවර්ධන මාවත,
වැලිකඩ,
රාජගිරිය.



දුරකථන:011 288 8782 - 5 / 1951
ෆැක්ස් අංක:+94-11–2863737
විද්‍යුත් තැපෑල:naita_dt1@gmail.com
වෙබ් අඩවිය: www.naita.slt.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-03-18 14:52:02
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty