The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත වෙළඳ ප්‍රවර්ධනය දිරිමත්කිරීමේ සහන සහිතව ආයෝජන ව්‍යාපෘති පිහිටුවීමට අනුමැතිය ලබාදීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     No.42/FO/IN/01     No.42/FO/IN/02
දිරිමත් කිරීමේ සහන සහිතව ශ්‍රී ලංකාව තුළ දේශීය හා විදේශීය ආයෝජන ව්‍යාපෘති පිහිටුවීමට අවශ්‍ය තොරතුරු ලබාගැනීම සහ ඒ සඳහා අනුමැතිය ලබාගැනීම.

PDF Print Email

සුදුසුකම්


වර්ෂ 1978 අංක 4 ආයෝජන මණ්ඩල නීතිය සහ එහි සංශෝධන යටතේ, ශ්‍රී ලංකව තුළ සෘජු විදේශ ආයෝජන මෙන්ම දේශීය ආයෝජන සඳහාද අනුමැතිය ලබාදෙන ප්‍රධාන ආයතනය වන්නේ ආයෝජන මණ්ඩලයි.


ශ්‍රී ලංකා රජයෙන් හඳුනාගෙන තිබෙන පහත දක්වා ඇති ප්‍රමුඛතා අංශ සඳහා ආයෝජනය කිරීමට සපුරාලිය යුතු අවම ආයෝජන ප්‍රමාණයන් මත හිමි නියමිත දිරිමත් කිරීමේ සහන ලබාගැනීමට ආයෝජකයෝ සුදුසුකම් ලබති.  


  
1. සංචාරක සහ විනෝද කටයුතු   
  
2. දැනුම සම්බන්ධ සේවා  
   3. කෘෂිකර්මාන්තය
  
  
4. යටිතල පහසුකම්
   5. උපයෝගිතාවන්
  
  
6. අධ්‍යාපනය
   7. ඇඳුම් පැළඳුම් 
  
  
8. ඇඳුම් පැළඳුම් හැර අනෙත් නිෂ්පාදන
   9. ප්‍රාදේශීය වැඩසටහන් සහ සේවා අපනයනය
 


ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් වෙන්කර ඇති පහත සඳහන් අංශ හැර, ඉහත සඳහන් සියළුම අංශ විදේශීය ආයෝජන සඳහා විවෘතය. එසේ ශ්‍රී ලාංකිකයින් සඳහා වෙන්කර ඇති අංශ නම්;


  
1. මුදල් ණයට දීම
   2. උගස්කරණය
   3. වෙරළාසන්න මසුන් ඇල්ලීම
   4. සිල්ලර වෙළඳාම (ප්‍රාග්ධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1 ට අඩු)
 


ආයෝජන ව්‍යාපෘති පිහිටුවීම සඳහා ලැබෙන යෝජනාවලට අනුමැතිය ලබාදීම ආයෝජන මණ්ඩල නීතායේ අංක 17 හෝ අංක 16 යන වගන්ති වලින් විස්තර කෙරෙන නියමයන්ට අනුව සිදු කෙරේ. එම වගන්ති යටතේ සපුරාලිය යුතු සුදුසුකමි සංක්ෂිප්තව පහතින් දැක්වේ.


1. ආයෝජන මණ්ඩල නීතියේ 17 වන වගන්තිය යටතේ අනුමැතිය ලබා දීම.
විදේශීය හෝ දේශීය ආයෝජකයින් අදාළ දිරිගැන්වීමේ සහන, බදු සහන, රේගු බදු නිදහස් කිරීම්, ආදී සහන සඳහා සුදුසුකම් ලබන්නේ ආයෝජන මණ්ඩල නීතියේ වගන්ති වලින් විස්තර කෙරෙන නියමයන් සපුරාලීම මතය.
 


2. ආයෝජන මණ්ඩල නීතියේ 16 වන වගන්තිය (සාමාන්‍ය නීතිය) යටතේ අනුමැතිය ලබා දීම.
පහත සඳහන් අවස්ථාවන් දෙකින් කුමන හෝ අවස්ථාවකදී විදේශීය ආයෝජකයින් විසින් යෝජිත විදේශීය ආයෝජන කොටසට මෙම වගන්තිය යටතේ අනුමැතිය ලබා ගත යුතුය.
 


   * විදේශ ආයෝජකයා හෝ ආයතනය ආයෝජන මණ්ඩල නීතියේ 17 වන වගන්තිය යටතේ අනුමැතිය ලබා දීම සඳහා වූ සුදුසුකම් සපුරා නොමැති අවස්ථාව.

   * ආයෝජන මණ්ඩලයේ අනුමැතිය නොමැතිව (එනම්, රටේ සාමාන්‍ය නීතිය යටතේ) පිහිටුවා ඇති ව්‍යාපාරයක කොටස් විදේශීය ආයෝජකයකුට විකුණන අවස්ථාව.


මෙම ව්‍යාපෘති රටේ සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මකවන අතර, ආයෝජන මණ්ඩල නීතියේ 17 වන වගන්තිය යටතේ ලැබෙන විශේෂ සහන ලැබීමට හිමිකමක් නැත.  

ආයෝජන මණ්ඩල නීතියේ 17 වන වගන්තිය යටතේ අනුමැතිය ලබා ගැනීමට සපුරාලිය යුතු, අවම ආයෝජන ප්‍රමාණයන් පිළිබඳව දැනගැනීමට පහතින් සඳහන් (ප්‍රමුඛතා අංශ අනුව වර්ගකර ඇති) සේවා භාර මාණ්ඩලික නිලධාරීන් අමතන්න.


ශ්‍රී ලංකාව තුයෝජනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ආයෝජකයා විසින් පහත සඳහන් සුදුසුකම් සපුරාලිය යුතුය.  
 
1. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නීති රීති වල සඳහන් පරිදි ඉදිකිරීමට අදහස් කරන ව්‍යාපෘතිය පිළිබඳ විස්තර ඇතුළත් පුරවනලද අයදුම්පතක් ඉදිරිපත් කිරීම.

  2. ඉදිකිරීමට අදහස් කරන ව්‍යාපෘතිය සදහා අනුමැතිය ලබාදුන් පසුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නීති රීති වල සඳහන් පරිදි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට බැඳීම.
  3. ඉදිකිරීමට අදහස් කරන ව්‍යාපෘතිය සදහා යොදන මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීම.
  4.
ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට ඇති කැමැත්ත, උනන්දුව, දැනුම සහ පළපුරුද්ද පිළිබිඹු කිරීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :

ආයෝජන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය උපදේශ සහ මගපෙන්වීම ඒ ඒ ප්‍රමුඛතා අංශ අනුව වර්ග කර පිහිටුවා ඇති පහත සඳහන් කාර්යාලවල සිටින නිළධාරීන්ගෙන් ලබාගැනීමට පුලුවන.

අදාළ ආයෝජන අංශය (24 හෝ 26 වන මහල),         
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,             
බටහිර කුඵණ,                     
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,                 
එචිලන් චතුරශ්‍රය,                     
කොළඹ 01, ශ්‍රී ලංකාව.

මහල    ආයෝජන අංශය                            

    26      1.    සංචාරක සහ විනෝද කටයුතු
            2.    දැනුම සම්බන්ධ සේවා
            3.    කෘෂිකර්මාන්තය
    24  
    4     යටිතල පහසුකම්
            5.    උපයෝගිතාවන්
            6.    අධ්‍යාපනය
            7.    ඇඳුම් පැළඳුම්
            8.    ඇඳුම් පැළඳුම් හැර අනෙත් නිෂ්පාදන
            9.    ප්‍රාදේශීය වැඩසටහන් සහ සේවා අපනයනය

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු: ආයෝජන සඳහා ඉල්ලුම්පත් නොමිළයේ සැපයේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන්:

උපදේශක සේවා ලබාදීම: රජයේ වැඩ කරන දිනවල උදේ 8.30 සිට සවස 4.30 දක්වා.
විශේෂ අවස්ථාවන්හිදී සාමාන්‍ය රාජකාරි වේලාවෙන් බැහැරව වුවද (එනම්, රජයේ වැඩ කරන දිනවල සවස 4.30 න් පසුව සහ සති අන්ත සහ නිවාඩු දිනවල) ආයෝජකයින් රාජකාරි මට්ටමින් මුණගැසී අවශ්‍ය සේවා ලබාදීමට නිලධාරීහු බැඳී සිටිති.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: උපදේශක සේවා ලබාදීම වෙනුවෙන් ගාස්තු අය කරන්නේ නැත.

සේවාව ලබා දීමට ගත වන කාලය : (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

උපදේශක සේවා ලබාදීම සඳහා:
•    සාමාන්‍ය ආයෝජන ප්‍රවර්ධන තොරතුරු සඳහා විනාඩි 10 සිට විනාඩි 30 ක පමණ කාලයක්.
•    වැඩිදුර තොරතුරු අවශ්‍ය වුවහොත් ඒ සඳහා වැඩිපුර කාලයක් වැය කරනු ලබයි.

අනුමැතිය ලබාදීම සඳහා:
•    සියළුම අයදුම්පත් වලට ප්‍රමුඛතාව දෙනු ලැබේ.
•    ඇතැම් සේවා සඳහා, එනම්, පරිසරයට ඇති බලපෑම ඇගයුම (EIA), ව්‍යාපෘතිය පිහිටුවන ප්‍රදේශය, ඉඩම හා ගොඩනැගිලි වලට මෙන්ම ආරක්ෂක අංශ අනුමැතිය, ආදිය සඳහා, ගතවන කාලය තීරණය වන්නේ අදාළ ව්‍යාපෘතිය සමිබන්ධව එම අනෙක් රාජ්‍ය අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හෝ ආයතන වල ප්‍රතිචාර දැක්වීමේ කාලය මතය.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :

උපදේශක සේවා ලබාදීම සඳහා:

උපදේශක සේවා ලබාගැනීම වෙනුවෙන් විශේෂ ලියකියවිලි ඉදිරිපත් කිරීම අවශ්‍ය නැතත්, අනන්‍යතාව තහවුරු කිරීම වැදගත්ය.

සාමාන්‍ය සිරිතක් ලෙස, උපදේශක සේවා ලබාගැනීමට පැමිණෙන අය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රවර්ධන නිලධාරීන් අතර නාම පත්‍ර (Business Cards) හුවමාරුව සිදුවේ.

අයදුම්පත් භාරදීම සඳහා • ව්‍යාපෘතිය (හෝ කර්මාන්ත ශාලාව) පිහිටුවීමට බලාපොරොත්තුවන භූමියේ හෝ ඉඩමේ විස්තර.

• සම්පූර්ණ කරනලද අයදුම්පත.

• ව්‍යාපෘති වාර්තාව (ව්‍යාපෘතියේ ස්වභාවය මත පදනම් වූ).

• ආයෝජකයින්ගේ මූල්‍ය තත්වය සහතික කරන බැංකු ප්‍රකාශන.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - අවශ්‍ය උපදෙස් ලබාගැනීමට

අංශ සමූහය

අංශ සමූහ හෝ කණ්ඩායම් නායකගේ නම

අංශ සමූහය

මහල

දුරකථන අංකය

ෆැක්ස් අංකය

විද්යුත් තැපෑල් ලිපිනය

අංශ සමූහය 1

අංශ සමූහ නායක

දුමින්ද ආරියසිංහ මයා

 

නිහාල් සමරප්පුලි

විධායක අධ්‍යක්ෂ

 

 

විධායක අධ්‍යක්ෂ

 

26

+94-11-2430511 +94-11-2427032

+94-11-2422407 +94-11-2448880

dumindaa@boi.lk

 

nihals@boi.lk

1.

සංචාරක සහ විනෝද කටයුතු

අංශ සමූහ නායක

සී. ඉග්නේෂස් මයා

 

අධ්‍යක්ෂ

 

26

+94-11-2386953 +94-11-2427033

+94-11-2422407

ignatiusc@boi.lk

2.

දැනුම සම්බන්ධ සේවා

අංශ කණ්ඩායම් නායක

. ඩබ්ලිව්. එම්. ෆයිසාල් මයා

 

 

ජ්‍යේෂ්ඨ නියෝජ් අධ්‍යක්ෂ

 

26

+94-11-2346344 +94-11-2427036

+94-11-2422407

faizalm@boi.lk

3.

කෘෂි
කර්මාන්තය

අංශ කණ්ඩායම් නායක

එස්. එන්. ජයසිංහ මිය

 

 

ජ්‍යේෂ්ඨ නියෝජ් අධ්‍යක්ෂ

 

26

+94-11-2543040 +94-11-2427040

+94-11-2422407

shantha@boi.lk

අංශ සමූහය 2

අංශ සමූහ නායක

ශිවාන් ඩි සිල්වා මයා

 

විධායක අධ්‍යක්ෂ

 

24

+94-11-2473763 +94-11-2427203

+94-11-2473766

shivan@boi.lk

4.

යටිතල පහසුකම්

අංශ කණ්ඩායම් නායක

සී. පී. එස්. අහන්ගම මිය

 

 

ජ්යෙෂ්ඨ නියෝජ් අධ්‍යක්ෂ

 

24

+94-11-2346340 +94-11-2427075

+94-11-2346629

sriyaa@boi.lk

5.

උපයෝගි
-
තාවන්

අංශ කණ්ඩායම් නායක

එල්. . විජේවීර මයා

 

 

ජ්‍යේෂ්ඨ නියෝජ් අධ්‍යක්ෂ

 

24

+94-11-2478711 +94-11-2427399

+94-11-2346130

ajithw@boi.lk

6.

අධ්‍යාපනය

අංශ කණ්ඩායම් නායක

නිලුපුල් ඩි සිල්වා මෙනවිය

 

 

ජ්‍යේෂ්ඨ නියෝජ් අධ්‍යක්ෂ

 

24

+94-11-2346345 +94-11-2427042

+94-11-2473766

nilupuls@boi.lk

අංශ සමූහය 3

අංශ කණ්ඩායම් නායක

වයි. ජී. රාජපක්ෂ මිය

 

 

වැඩ බලන විධායක අධ්‍යක්ෂ

 

24

+94-11-2438972 +94-11-2427071

+94-11-2346130

gowrir@boi.lk

7.

ඇඳුම් පැළඳුම්

අංශ කණ්ඩායම් නායක

එච්. සෙනෙවිරත්න මයා

 

 

ජ්‍යේෂ්ඨ නියෝජ් අධ්‍යක්ෂ

 

24

+94-11-2434342 +94-11-2427094

+94-11-2434342

senevib@boi.lk

8.

ඇඳුම් පැළඳුම් හැර අනෙත් නිෂ්පාදන

අංශ කණ්ඩායම් නායක

ඩබ්ලිව්. යූ. කේ. එම්. . විජේකුලතිලක මයා

 

 

ජ්‍යේෂ්ඨ නියෝජ් අධ්‍යක්ෂ

 

24

+94-11-2346626 +94-11-2427089

+94-11-2346626

wijews@boi.lk

9.

ප්‍රාදේශීය වැඩසටහන් සහ සේවා අපනයනය

අංශ කණ්ඩායම් නායක

එන්. කුමාරතුංග මයා

 

 

ජ්‍යේෂ්ඨ නියෝජ් අධ්‍යක්ෂ

 

24

+94-11-2346627 +94-11-2427093

+94-11-2346629

nelsonk@boi.lk


ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :
•අවශ්‍ය වුවහොත්, ඉඩම් සහ කර්මාන්තශාලා ගොඩනැගිලි ආදිය සොයා ගැනීමට අවශ්‍ය උපදෙස් සහ මාර්ගෝපදේශ ලබාදීම මෙන්ම, එම ස්ථාන පරීක්ෂා කිරීම ආදී කටයුතු සඳහා ආයෝජකයින් කැඳවාගෙන යාමේ කටයුතුවලට සහය දීමද, ප්‍රවර්ධන නිලධාරීන් විසින් සිදු කෙරේ.

ඉල්ලූම්පත් ආකෘතිය :

ර්තමානයේ ව්‍යවහාරව පවතින පහත සඳහන් ව්‍යාපෘති ඉල්ලුම්පත් ආකෘති දෙකක් ඇත.

* ආකෘති පත්‍ර අංක 01: ආයෝජන මණ්ඩල නීතියේ 17 වන වගන්තිය යටතේ ආයෝජන  ව්‍යාපෘතියක් අනුමත කරගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය. (නිල්පැහැ අංකය මත ක්ලික් කරන්න : No.42/FO/IN/01)
* ආකෘති පත්‍ර අංක 02: ආයෝජන මණ්ඩල නීතියේ 16 වන වගන්තිය යටතේ ආයෝජන ව්‍යාපෘතියක් අනුමත කරගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය. (නිල්පැහැ අංකය මත ක්ලික් කරන්න : No.42/FO/IN/02)

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත :
රහස්‍ය නිසා අමුණා නැත.

ඒ පිළිබද වැඩිදුර උපදෙස් ඉහත සඳහන් සේවා භාර මාණ්ඩලික නිලධාරීන් මගින් ලබාගත හැකිය.


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

ප්‍රධාන කාර්යාලය:

තැ.පෙ. 1768,
24 මහල,
බටහිර කුළුණ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
එචිලන් චතුරස්‍රය,
කොළඹ - 01.
 


ජීවනි සෙව්වන්දි මහත්මිය.
දුරකථන:+94-11-2434403 / +94-11-2346131/3
ෆැක්ස් අංක:+94-11-2448105
විද්‍යුත් තැපෑල:info@boi.lk
වෙබ් අඩවිය: www.investsrilanka.com

අදාළ සේවා

Main Activities under the purview of the Ministry

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:34:13
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty