The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත කර්මාන්ත ලියාපදිංචිය තේ අපනයනකරුවන් ලියාපදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


තේ අපනයනකරුවන්, තේ ගබඩා, තේ ඇසුරුම් කරුවන් සහ තේ ආනයනකරුවන් ලියාපදිංචි කිරීම

PDF Print Email

තේ අපනයනකරුවන්, තේ ගබඩා, තේ ඇසුරුම් කරුවන් සහ තේ ආනයනකරුවන් ලියාපදිංචි කිරීම


සුදුසුකම් සහ අවශ්‍ය ලියකියවිලි

තේ අපනයනකරුවන් ලියාපදිංචි කිරීම සඳහා

  • අයදුම්කරු සතුව සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින්, පළාත් සභා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයක් තිබිය යුතුයි.
  • රුපියල් මිලියනයක කාරක ප්‍රාග්ධනයක් හෝ ආයෝජිත මුදලක් හෝ ලබාගත හැකි ණය මුදලක් හෝ තිබිය යුතු වන අතර ඒ බව සනාථ කෙරෙන ලියවිල්ලක් පිළිගත් බැංකුවකින් හෝ වෙනත් මූල්‍ය ආයතනයකින් ලබා ගත යුතුයි.
  • ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නියමයන්ට අනුකූල වන පරිදි තේ ගබඩාව සකසා තිබිය යුතුයි.
  • සුදුසු ස්ථානයක අවශ්‍ය සියළු යටිතල පහසුකම් සහිතව කාර්යාලය පිහිටා තිබිය යුතු වන අතර එය තේ අපනයන ක්ෂේත්‍රය පිළිබඳ පළපුරුද්දක් සහිත ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයකින් සමන්විත විය යුතුයි.

සැ.යු. - තේ අපනයනකරුවෙකු වශයෙන් ලියාපදිංවි වීමට අපේක්ෂා කරන අයදුම්කරුවෙකුගේ කාර්ය මණ්ඩලය සතුව අවම වශයෙන් පිළිගත් ආයතනයක තේ රස පරීක්ෂණය පිළිබඳ වසර 3ක පළපුරුද්දක් සහිත එක් තේ රස පරීක්ෂකවරයෙකු හෝ සිටිය යුතුයි. 

 තේ ගබඩාවක් ලියාපදිංචි කිරීම සඳහා

  • අයදුම්කරු සතුව සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින්, පළාත් සභා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයක් තිබිය යුතුයි.
  • ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නියමයන්ට අනුව පහත දැක්වෙන පරිදි තේ ගබඩාව සකසා තිබිය යුතුයි.

    - සිමෙන්ති පො‍ෙළාවකින් සමන්විත වීම
    - ඇස්බැස්ටෝස් තහඩු හෝ උළු වලින් සමන්විත වහලයක් තිබීම
    - බිත්ති සියුම් මතුපිටක් සහිතව (කපරාරු කළ හෝ වානේ තහඩු සහිත) සැකසීම
    - සනිපාරක්ෂක බව සුරැකෙන පරිදි සුදුසු අපවහන පද්ධතියක් තිබීම
    - හතරැස් අඩියකට කි.ග්‍රෑ.720ක වන සේ ගබඩාකරණ ධාරිතාවක් පැවතීම
    - පහසු‍ෙවන් ළගා විය හැකි මනා පරිසරයක ගබඩාව ස්ථාපිත කර තිබීම
    - ගබඩාවෙන් එපිට වැසිකිළි පහසුකම් සකසා තිබීම
    - කි.ග්‍රෑ.50ක් හෝ වැඩි බරක් මැනිය හැකි අදාල වසරට වලංගු බලපත්‍රයක් සහිත තරාදියක් තිබීම
    - තේ පෙට්ටි (Tea chests) 16 ක් එහා මෙහා ගෙනයාමට හැකි වන පරිදි අවම වශයෙන් වර්ග මීටර 1ක අමතර ඉඩකඩක් වෙන් කර තිබීම

 

තේ ඇසුරුම් කරුවන් ලියාපදිංචි කිරීම සඳහා

  • අයදුම්කරු සතුව සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින්, පළාත් සභා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයක් තිබිය යුතුයි.
  • දේශීය වෙළෙඳපොළට තේ සැපයීම සඳහා ‍ෙත් ‍ඇසිරීම සිදුකරනු ලබන්නේ විනිවිද පෙනෙන සුළු පොලිතින් වැනි ආවරණයකින්නම් ඇසුරුම්කරුවෙකු ලෙස ලියාපදිංචි වීම අවශ්‍ය නොවන අතර එසේ නොවන්නේනම් ‍තේ ඇසුරුම්කරුවෙකු ලෙස ශ්‍රී ලංකා තේ මණඩලයේ ලියාපදිංචි විය යුතු වේ.

ආනයනකරුවන් ලියාපදිංචි කිරීම සඳහා

  • තේ ආනයනකරුවෙකු වශයෙන් ලියාපදිංචිවීමට පෙර අයදුම්කරු තේ අපනයනකරුවකු ලෙස ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ලියාපදිංචි වී සිටිය යුතුයි.
  • තේ අපනයනකරුවෙකු ලෙස කටයුතු කර ඇති බවට පූර්ව වාර්තා පැවතිය යුතුයි.

 


ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන - තේ අපනයනකරුවන්, තේ ගබඩා, තේ ඇසුරුම් කරුවන් සහ තේ ආනයනකරුවන් ලියාපදිංචි කිරීම සඳහා අදාල ඉල්ලුම්පත් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල‍ෙය් පිහිටි තේ අපනයන ශාඛාවෙන් ලබාගත හැක.

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු - කිසිම ගාස්තුවක් ගෙවිය යුතු නැත. 
ඉදිරිපත් කළ යුතු වේලාවන් - සතියේ දිනවල වැඩකරන වේලාව තුලදී ඉදිරිපත් කළ හැක. (පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා)

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු - අළුතෙන් ලියාපදිංචි වන සහ ලියාපදිංචි කෙරෙන තේ අපනයනකරුවන්, තේ ගබඩා සහ තේ ඇසුරුම් කරුවන් වාර්ෂිකව තම ලියාපදිංචිය ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් අළුත් කරවා ගත යුතුයි. 

අළුතෙන්ම ලියාපදිංචි වීම සඳහා (12% වැට් සහිතව)
   තේ අපනයනකරුවන්   - රු 12,230/-
   තේ ගබඩාව   - රු   1,120/-
   තේ ඇසුරුම් කරුවන්  - රු   1,120/-

බලපත්‍රය අළුත් කර ගැනීම සඳහා (12% වැට් සහිතව)
   තේ අපනයනකරුවන්   - රු 1,120/-
   තේ ගබඩාව    - රු 1,120/-
   තේ ඇසුරුම් කරුවන්  - රු    560/-

සැ.යු. - තේ ආනයනකරුවන් ලියාපදිංචි කිරීම සඳහා කිසිම ගාස්තුවක් අය නොකෙරේ.


සේවාව ලබා දීමට ගත වන කාලය - ඉල්ලුම්පත නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කර ඇත්නම් (යළි යළිත් නිවැරදි කිරීම් කිරීමට අවශ්‍ය නොවන නිසා) සති දෙකක් ඇතුළත ලියාපදිංචිය ලැබේ.

සැ.යු. - තේ අපනයනකරුවන්ගේ ව්‍යාපාරික ස්ථානය සහ ගබඩාව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නියමයන්ට අනුකූලව පවතීදැයි යන්න ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සිදුකෙරෙන පරීක්ෂාවකින් අනතුරුව තේ අපනයනකරුවන් සහ තේ ගබඩා සඳහා ලියාපදිංචිය ලැබේ.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් -
නියෝජ්‍ය තේ කොමසාරිස්
තේ අපනයන ශාඛාව,
තේ කොමසාරිස් අංශය - ප්‍රධාන කාර්යාලය
අංක. 574, ගාලු පාර, කොළඹ 3.
දුර : 011-2587814
ෆැක්ස් : 011-2584844
විද්‍යුත් තැපෑල :
exports@pureceylontea.com
 


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා තේ මණ්ඩලය

අංක  574,
ගාලු පාර,
කොළඹ 3



දුරකථන:+ 94-11-2587814 / + 94-11-2587773
ෆැක්ස් අංක:011-2589132
විද්‍යුත් තැපෑල:sltbhelp@pureceylontea.com
වෙබ් අඩවිය: www.srilankateaboard.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-10-27 13:46:21
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty