The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අධ්‍යාපනය සහ පුහුණුව තෘතීය අධ්‍යාපනය සහ පුහුණුව ඉංජිනේ‍රු අංශයේ පන්ති වලට අයත් සහතික නිකුත් කිරිම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     විභාග අයඳුම් පත්‍     විභාගය නැවත කිරිමේ අයඳුම්පත     
ඉංජිනේ‍රු අංශයේ පහත සඳහන් පන්ති වලට අයත් සහතික නිකුත් කිරිම

PDF Print Email
01 ප්‍රවීණතා සහතිකය ප්‍රධාන ඉංජිනේ‍රු නිලධරයා
02 ප්‍රවීණතා සහතිකය දෙවැනි ඉංජිනේ‍රු නිලධරයා
03 ප්‍රවීණතා සහතිකය ඉංජිනේරු මුරකාවල කාර්ය භාර නිලධරයා
04 ප්‍රවීණතා සහතිකය සමීප වෙරළාසන්න මුහුදු ගමන් වල යෙදෙන කිලෝ ‍වොට් 750 ත් 3000 අතර ප්‍රචලන බලය ඇති නෞකාවලට සීමා වූ ප්‍රධාන ඉංජිනේරු නිලධරයා
05 ප්‍රවීණතා සහතිකය සමීප වෙරළාසන්න මුහුදු ගමන් වල යෙදෙන කිලෝ වොට් 750 ත් 3000 අතර ප්‍රචලන බලය ඇති නෞකාවලට සීමා වූ දෙවැනි ඉංජිනේරු නිලධරයා
06 ප්‍රවීණතා සහතිකය සමීප වෙරළාසන්න මුහුදු ගමන් වල යෙදෙන කිලෝ ‍වොට් 750 ත් 3000 අතර ප්‍රචලන බලය ඇති නෞකාවලට සීමා වූ ඉංජිනේරු මුරකාවල කාර්යභාර නිලධරයා
07 ප්‍රවීණතා සහතිකය එන්ජින්  කාමරයේ  මුරකාවලෙහි කොටසක් වශයෙන් වර්ග කිරිම.

 

එන්ජින් අංශයෙහි සමුද්‍ර ඉංජිනේරු නිලධාරින් සහ නැවියන්ගේ පුහුණුව සහ සුදුසුකම් සඳහා නියමිත අවම අවශ්‍යතා


(අ) 01. ප්‍රධාන ඉංජිනේරු නිලධාරි වශයෙන් ප්‍රවීණතා සහතිකයක් නිකුත් කරනු ලැබීම සඳහා සෑම අපේක්ෂකයෙක්ම

1. දෙචැනි ‍ඉංජිනේරු නිලධාරි වශයෙන් ප්‍රවීණතා සහතිකයක් දරනු ලබන අතර, එන්ජින් අංශයේ වගකිව යුතු තත්ත්වයක්  කි.වො. 3000 ක හෝ ඊට වැඩි ධාවන ශක්තියක් ඇති නැවක මාස 18 කට නොඅඩු සමුද්රාවවතිර්ණ  සේවයක් සම්පුර්ණ කොට තිබිය යුතුය.
2. අනුමත කළමනාකරණ අභ්‍යාස පාඨමාලාවක් හදාරා තිබිය යුතු ය.
ප්‍රධාන ඉංජිනේරු නිලධාරි වශයෙන් ප්‍රවීණතා සහතිකයක් නිකුත් කිරිම සඳහා , ප්‍රධාන පරික්ෂක විසින් එස්.ටි.සී.ඩබ්ලිව් සංග්රාහයේ  A-III/2  දරණ  වගන්තියේ නියම කර ඇති ප්‍රවීණතා ප්‍රමිතිය සපුරාලන විභාගයකින් සමත්වි සිටිය යුතුය.

2. ප්‍රධාන ඉංජිනේරු නිලධාරි වශයෙන් ප්‍රවීණතා සහතිකයක් නිකුත් කළ යුත්තේ පහත දැක්වෙන මුහුදු යාත්‍රාවන්ට අදාලවය.

1. ඉහත සඳහන්  1 (අ) ජේදයෙන් නියමිත සමුද්‍රාවතීර්ණ  සේවයෙන් නව මාසයකට නොඅඩු කාලයක්  මෝටර් නැවක ප්‍රධාන ධාවන යන්ත්‍ර සුත්‍ර සම්බන්ධයෙන් ගත කර ඇත්තා වූ ද ඉතිරි කාල පරිච්ජේදය දුම් නැවක හෝ මෝටර් නැවක හෝ ප්‍රධාන ධාවන යන්ත්‍ර සුත්‍ර සම්බන්ධයෙන් හෝ ඕනෑම නැවක යෝග්‍ය අත්ර රු යන්ත්‍ර සම්බන්ධයෙන්  ගත කර තිබිය හැක්කාවූ ද,  අවස්ථාවල මෝටර් නැව් සඳහා 
2. ඉහත සඳහන්  1 (අ) ජේදයෙන් නියමිත සමුද්‍රාවතීර්ණ  සේවයෙන් නව මාසයකට නොඅඩු කාලයක්   දුම් නැවක නම් බෝයිලේරු සහ ප්‍රධාන ධාවන යන්ත්‍ර සුත්‍ර සම්බන්ධයෙන් ගත කර ඇත්තාවු ද සහ ඉතිරි කාල පරිච්ජේදය දුම් නැවක හෝ මෝට‍ර් නැවක හෝ ප්‍රධාන ධාවන යන්ත්‍ර සුත්‍ර  සම්බන්ධයෙන් හෝ ඕනෑම නැවක යෝග්‍ය  අතුරු යන්ත්‍ර සුත්‍ර සම්බන්ධයෙන් ගත කර  තිබිය හැක්කා වූ අවස්ථාවල දුම් නැව් සඳහා  සහ
3. නව මාසයකට නොඅඩු  සමුද්‍රාවතීර්ණ  සේවය ද, දුම් නැවක බොයිලේරු සහ ප්‍රධාන ධාවන යන්ත්‍ර  සුත්‍ර සම්බන්ධයෙන් ද  නව මාසයකට නොඅඩු සමුද්‍රාවතීර්ණ සේවා කාලපරිච්ජේදයක් මෝටර් නැවක ප්‍රධාන ධාවන යන්ත්‍ර සුත්‍ර සම්බන්ධයෙන් ගත කර ඇති අවස්ථාවල ඒකාබද්ධ මෝටර් සහ දුම් නැව් සඳහා -


(ආ) (1) දෙවෙනි ඉංජිනේරු නිලධාරියෙකු ලෙස ප්‍රවීණතා සහතිකය  නිකුත් කිරිම සඳහා සෑම අපේක්ෂකයෙකුම ,

1. මිනිසුන් යොදවනු ලැබු එන්ජින් කාමරයක ඉංජිනේරු මුරකාවල භාර නිලධාරියෙකු හෝ ‍ප්‍රේරණ බල කි.වො. 750 හෝ ඊට වැඩි නෞකාවල වරින් වර මිනිසුන් නොයොදන ලද එන්ජින් කාමරයක නිල ලත් කාර්යය ඉංජිනේරු ප්‍රවීණතා සහතිකයක් දැරිය යුතු ය.
2. මිනිසුන් යොදවනු ලැබූ එන්ජින් කාමරයක ඉංජිනේරු මුරකාවල භාර නිලධාරියෙකු හෝ ප්‍රේරණ බල කි.වො. 750 හෝ ඊට වැඩි ‍නෞකාවල වරින් වර මිනිසුන් නොයොදවන ලද  එන්ජින් කාමරයක නිල ලත් කාර්යය ඉංජිනේරු ලෙස මාස 18 කට නොඅඩු කාල පරිච්ජේදයක් සඳහා අනුමත මුහුදු ගමන් සේවාවක් ඉටු කර තිබිය යුතු ය. 
3. එස්.ටි.සී.ඩබ්ලිව් සංග්රකහයේ  A-III/2  වගන්තියේ විශේෂිත කොට දක්වා ඇති පරිදි ප්‍රවීණතා මට්ටමට සරිලන අනුමත අධ්‍යාපන  පුහුණුව හා ඇගැයුම සම්පුර්ණ කොට තිබිය යුතු අතර, දෙවැනි ‍ඉංජිනේරු නිලධාරියෙකු ලෙස ප්‍රවීණතා සහතික පත්‍රය  සඳහා  එස්.ටි.සී.ඩබ්ලිව් සංග්රාහයේ  A-III/2  වගන්තියේ  විශේෂිත කොට දක්වා ඇති  ප්‍රවීණතා මට්ටමට සරිලන ප්‍රධාන පරික්ෂක විසින් පවත්වනු ලබන පරික්ෂණයකින් සමත්වී සිටිය යුතුය.

2. මෝටර් නැව් හෝ දුම් නැව් වලට අදාළ ප්‍රවීණතා සහතිකය නිකුත් කිරිම රදා පවතින්නේ පිළිවෙළින් මෝටර් නැව් හෝ දුම් නැව් පිළිබඳ මෙහි ඉහත  1 (ආ) ජේදයේ විශේෂිත කොට දක්වා ඇති අනුමත මුහුදු ගමන් සේවාව අපේක්ෂකයා සම්පුර්ණ කර තිබිම මතය.

3. මෝටර් නැව් හා දුම් නැව් වලින් එකක, මෙහි ඉහත  1 (ආ ) හි ජේදයේ විශේෂිත කොට දක්වා ඇති අවශ්ය  මුහුදු ගමන් සේවාව අපේක්ෂකයා සම්පුර්ණ කොට ඇත්තේ නම් මෝටර් නැව් හා දුම් නැව් වලට අදාල ප්‍රවීණතාව පිළිබඳව ඒකාබද්ධ සහතිකය නිකුත් කරනු ඇත.


(ඇ) (1) මිනිසුන් යොදවනු ලැබූ එන්ජින් කාමරයක ඉංජිනේරු මුරකාවලක ‍භාර නිලධාරි ලෙස හෝ ප්‍රේරණ බල කි. වො. 750 හෝ ඊට වැඩි නෞකාවල වරින්වර මිනිසුන් යොදවනු  නොලැබූ එන්ජින් කාමරයක නිලලත් කාර්ය ඉංජිනේරු ලෙස ප්‍රවීණතා සහතිකය නිකුත් කරනු ලැබීම සඳහා සෑම අපේක්ෂකයෙකුම
1. ප්‍රවීණතා සහතිකය සඳහා වූ පරික්ෂණය පවත්වනු ලබන දිනට වයස අවු. 18 ට නොඅඩු විය යුතු ය.
2. පහත සඳහන් දෑ සම්පුර්ණ කර තිබිය යුතු ය.

  • එස්.ටි.සී.ඩබ්ලිව් සංග්රකහයේ  A-III/1  වගන්තියේ අවශ්‍යතා සපුරාලමින් , මාස 42 ක අනුමත අධ්යාසපනය, පුහුණුව  හා ඇගැයුම්  කොටසක් වශයෙන් ඇත්තාවූ ද, ප්රිධාන  ඉංජිනේරු හෝ සහතික ලත් ඉංජිනේරුවරයෙකුගේ සුපරීක්ෂාව  යටතේ, මාස 6 ක එන්ජින් කාමර මුරකාවල ඇතුළුව , අනුමත වාර්තා පොතක නෞකාස්ථ පුහුණුව සටහන් කරනු ලැබූ ප්‍රේරණ බල කි.වො. 750 හෝ ඊට වැඩි නෞකාවල එන්ජින් අංශයේ මාස 12 කට නෙඅඩු අනුමත මුහුදු ගමන් සේවාවක්,

3. මිනිසුන් යොදවනු ලැබු එන්ජින් කාමරයක ඉංජිනේරු මුරකාවල භාර නිලධාරියකු හෝ  ප්‍රේරණ බල කි.වො. 750 හෝ  ඊ‍ට වැඩි නෞකාවල වරින් වර මිනිසුන් නොයොදවනු ලැබූ එන්ජින් කාමරයක නිල ලත් කාර්ය ඉංජිනේරු ප්‍රවීණතා සහතිකය නිකුත් කරනු ලැබීම සඳහා ඔහු /ඇය සුදුසුකම් ලබා ඇතැයි සලකා බැලිය හැකිවීමට පෙර පහත සඳහන් අනුමත පුහුණු සාර්ථක ලෙස සම්පුර්ණ කර ඇති බව ලේඛණ සාක්ෂ්යහ ඉදිරිපත් කළ යුතු ය.


ඒවානම්,‍
එස්.ටි.සී.ඩබ්ලිව් සංග්ර්හයේ  A-VI/2-1 වගන්තියේ දක්වා ඇති  මුහුදු ප්‍රවර්තන යාත්‍රා සහ ජිවිතාරක්ෂක බෝට්ටු පිළිබඳ  ප්‍රවීණතාව , එස්.ටි.සී.ඩබ්ලිව් සංග්රගහයේ  A-VI/3   වගන්තියේ දක්වා ඇති පරිදි උසස් ගිනි නිවිම සහ  එස්.ටි.සී.ඩබ්ලිව් සංග්රොහයේ  A-VI/4-1  වගන්තියේ දක්වා ඇති පරිදි  වෛද්‍ය ප්‍රථමාධාර.


(ඈ) (1) මිනිසුන් යොදවනු ලැබූ  එන්ජින් කාමරයක මිනිසුන් යොදවනු ලැබූ මුරකාවල භාර නිලධාරි හෝ ප්‍රේරණ බල කි.වො. 750 ‍ හෝ  ඊට වැඩි නෞකාවල වරින් වර මිනිසුන් නොයොදවනු ලැබූ එන්ජින් කාමරයක නිලලත් කාර්ය ඉංජින්රු ප්‍රවීණතා සහතිකය නිකුත් කිරිම සඳහා  එස්.ටි.සී.ඩබ්ලිව් සංග්රවහයේ  A-III/1  වගන්තියේ විශේෂිත කොට දක්වා ඇති ප්‍රවීණතා මට්ටමට සරිලන  ප්‍රධාන පරික්ෂක  දක්වා ඇති පරික්ෂණයකින් සමාර්ථය ලබා තිබිය යුතු ය.

2. හුමාල බොයිලේරු ක්රිදයාකරවීම හා නඩත්තුව සඳහා  එස්.ටි.සී.ඩබ්ලිව් සංග්රඇහයේ  A-III/1  වගන්තියේ විශේෂිත කොට දක්වා ඇති ප්‍රවීණතා මට්ටම ලබා නැති අපේක්ෂකයන්ට ප්‍රවීණතා සහතිකයක් නිතුත් කරනු ලැබේ. හුමාල බොයිලේරු යන්ත්‍ර  සුත්‍ර අතර කොටසක් ද නෞකාවල සේවය සදහා ඉංජිනේරු නිලධාරියා  අවශ්‍ය ප්‍රවීණතා ලබා ගන්නා තුරු එම සහතික  වලංගු නොවේ.
3. පිළිවෙලින් මෝටර් නැව් හෝ දුම් නැව්  සම්බන්ධයෙන් (1)  (ආ) නියෝගයේ විශේෂිත කොට දක්වා ඇති අනුමත මුහුදු ගමන් සේවාව සම්පුර්ණ කොට ඇත්තේ නම් පමණක් මෝටර් නැව් හෝ දුම් නැව් වලට අදාල ප්‍රවීණතා සහතිකය නිකුත් කරනු ලැබේ.
4. මෝටර් නැව් සහ දුම් නැව් වලින්  එකක  (1) (ආ) නියෝගයේ  වි‍ශේෂිත කොට දෙක්වා ඇති  අවශ්‍ය මුහුදු ගමන් සේවාව අපේක්ෂකයා සම්පුර්ණ‍ කොට ඇත්තේ නම් මෝටර් නැව් සහ දුම් නැව් වලට අදාල ප්‍රවීණතා පිළිබඳ ඒකාබද්ධ සහතිකය නිකුත් කරනු ලැ‍බේ.


(ඈ) වෙරළාසන්න ගමන්වල යොදවා තිබෙන කි.වො. 750  සහ  කි.වො. 3000 අතර ප්‍රේරණ බලයකින් යුත් නැව්වල ප්‍රධාන ඉංජිනේරු නිලධාරියකු ලෙස ප්‍රවීණතා සහතිකය නිකුත් කිරිම සඳහා  සෑම අපේක්ෂකයකු -
1. වෙරළාසන්න මුහුදු ගමන්වල යෙදෙන ප්‍රේරණ බල කි.වො. 750 සහ  කි.වො. 3000 අතර නෞව්කාවල දෙවැනි ඉංජිනේරු නිලධාරි ප්‍රවීණතා සහතික පත්‍රය හෝ සහතික සටහනක් දැරිය යුතු ය.
2. ඡාත්‍යන්තර  මුහුදු ගමන්වලදී ඉංජිනේරු මුරකාවල් භාර නිලධාරියෙකු ලෙස හෝ වෙරළාසන්න මුහුදු ගමන්වල යෙදෙන ප්‍රේරණ බල කි.වො. 750  සහ කි.වො. 3000 අතර නෞකාවල දෙවැනි ඉංජිනේරු  නිලධාරියකු ලෙස, දොළොස් මසකට නොඅඩු අනුමත මුහුදු ගමන් සේවාවක් තිබිය යුතු ය.
3. වෙරළාසන්න  මුහුදු ගමන් වල යෙදෙන  ප්‍රේරණ බල කි.වො. 750 සහ  කි.වො. 3000 අතර නෞකාවලට සීමා වූ ප්‍රධාන ඉංජිනේරු  නිලධාරි සහතික පත්‍රය සඳහා එස්.ටි.සී.ඩබ්ලිව් සංග්රවහයේ  A-III/3 වගන්තියෙහි විශේෂිත  කොට  දක්වා ඇති  ප්‍රවීණතා මට්ටමට සරිලන ප්‍රධාන පරික්ෂක  විසින් පවත්වනු ලබන පරික්ෂණයනින් සමත් වී තිබිය යුතු ය.


(ඉ) (1) වෙරළාසන්න ගමන්වල යොදවනු  ලබන කි.වො.  750  සහ 3000 අතර, ප්‍රේරණ බලයකින්  යුත් නැව්වල  දෙවන ඉංජිනේරු  නිලධාරියෙකු ලෙස ප්‍රවීණතා සහතිකය නිතුත් කිරිම සඳහා සැම අපේක්ෂ්කයකුම :-

1. වෙරළාසන්න ගමන්වල යොදවනු ලබන කි. වො. 750  සහ 3000 අතර ප්‍රේරණ බලයකින් යුත් නැව්වලට  සිමිත, ඉංජිනේරු  මුර සේවයක් භාර නිලධරයකු ලෙස ප්රාවීණතා සහතිකයක් දැරිය යුතුය.
2. කි.වො. 750 සහ 3000 අතර ප්‍රේරණ බලයකින් යුත් නැව්වල ඉංජිනේරු මුර සේවයක්  භාර නිලධරයකු ලෙස මාස දොළහකට නොඅඩු කාලසීමාවකට අනුමත මුහුදු ගමන් සේවයක් සම්පුර්ණ කර තිබිය යුතු ය;  තවද,
3. කි.වො. 750 සහ 3000 අතර  ප්‍රේරණ  බලයකින් යුත් නැව්වල ප්‍රධාන ඉංජිනේරු නිලධාරි සහ දෙවන ඉංජිනේරු නිලධාරි සඳහා එස්.ටි.සී.ඩබ්ලිව් සංග්රපහයේ  A-III/2 වගන්තියේ  නිශ්චිත කොට දැක්වෙන ප්‍රවීණතා  ප්‍රමිතියට සරිලන අනුමත කළ අධ්‍යාපනය, පුහුණුව, විභාග සහ ඇගැයීම සම්පුර්ණ කර තිබිය යුතු ය.


(ඊ)  (1) වෙරළාසන්න මුහුදු ගමන් වල යෙදෙන ප්‍රේරණ බල කි.වො. 750 සහ  කි. වො.3000 අතර  නෞකාවලට සීමා වූ ඉංජිනේරු මුරකාවල් ‍භාර නිලධාරි ලෙස ප්‍රවීණතා සහතිකය සඳහා සෑම අපේක්ෂකයකුම :-
1. සහතික පත්‍රය නිකුත් කිරිම සඳහා වූ පරික්ෂනය ආරම්භ කෙරෙන දිනට වයස 18 ට නොඅඩු විය යුතුය.
2. පහත සදහන් දෑ සම්පුර්ණ කර තිබිය යුතුය.

  • අනුමත පුහුණු වාර්තා පොතක නියමිත පරිදි සටහන් කරන ලද නෞකාවකට පුහුණුව ඇතුලත් වන මාස තිහක පුහුණුව.
  • මුහුදු ගමන් සේවා සිදු කෙරෙන නෞකාවෙහිම සේවය කරන සහතික ලත් ඉංජ්නේරු නිලධාරියකු විසින් , මනාසේ  අධීක්ෂණය  සහ සමීක්ෂණය කරනු ලැබ අනුමත පුහුණු වාර්තා  පොතක ප්ර්මාණවත් සේ සටහන් කරන ලද එන්ජින් අංශයෙහි මාස හයකට නොඅඩු මුහුදු ගමන් සේවාවක් සහ
  • ප්‍රවීණතා සහතිකයක් නිකුත් කිරිම සඳහා  පහත සඳහන්  අනුමත පුහුණුව සාර්ථක ලෙස සම්පුර්ණ කළ බවට ලේඛන සාක්ෂි ඉදිරිපත් ළ යුතු ය.  එය තම පෞද්ගලික ආරක්ෂාව හා සාමාජයීය වගකීම් (එස්.ටි.සී.ඩබ්ලිව් සංග්රකහයේ  A-VI/1-4) , ගැලවීමේ යාත්‍රා  හා ජිවිතාරක්ෂක බෝට්ටු  ) A-VI/2-1 උසස් ගිනි නිවිම (A-VI/3) වෛද්‍ය  ප්‍රථමාධාර (A-VI/4-1)’

3. වෙරළාසන්න මුහුදු ගමන්වල යෙදෙන  නෞකාවට අදාළ එස්.ටි.සී.ඩබ්ලිව් සංග්රIහයේ  A-III/1 වගන්තියෙහි විශේෂිත කොට දක්වා ඇති ප්‍රවීණතා  මට්ටමට සරිලන අනුමත අධ්‍යාපනය පුහුණුව පරික්ෂණය හා ඇගැයුම් -
2. වාෂ්ප බොයිලේරු ක්‍රියාකරවීම හා නඩත්තුව පිළිබඳ එස්.ටි.සී.ඩබ්ලිව් සංග්ර හයේ  A-III/1 කෙටසේ නිශ්චිතව දැක්වෙන ප්‍රවීණතා ප්‍රමිති සපුරා ‍ නොමැති අපේක්ෂකයන්ට  වාෂ්ප බොයිලේරු විල්ත නැවෙහි යන්ත්‍ර වල  කොටසක් සංයුක්ත වන නැව්වල සේවය සඳහා වලංගු නොවන සහතිකයක් නියමිත  ප්‍රවීණතා  ප්‍රමිතිය ඉංජිනේරු  නිලධරයා  විසින් ලබාගන්නා තෙක්, නික්රවත් කරනු ලැබිය හැකිය.


(උ) ප්‍රේරණ බලය  කිලෝ ‍වොට් 750  හෝ ඊට වැඩි නෞකාවල ඉංජිනේරු මුරකාවලෙහි කොටසක් වූ නැවියකු සඳහා නිකුත් කෙරෙන  සහතික පත්‍රය නිකුත් කරනු ලැබීමට සෑම අපේක්ෂකයෙකුම :-

1. සහතික පත්‍රය නිකුත් කිරිම සඳහා වූ පරීක්ෂණය ආරම්භ කෙරෙන දිනට වයස අවුරුදු 18 ට නොඅඩු විය යුතුය.
2. පහත සඳහන් දෑ සම්පුර්ණ කර තිබිය යුතුය.

  • ප්‍රේරණ බලය කි.වො. 750 හෝ ඊට වැඩි යාත්‍රා වල ප්‍රධාන පරීක්ෂක විසින් අනුමත කරන ලද පරිදි ඉංජිනේරු මුරකාවල ට අදාළ යටත් පිරිසෙයින් නව මසක පුහුණුව හා පළපුරුද්ද,
  • කි. වො. 750 හෝ ඊට වැඩි නෞකාවල මාස 5 කට නොඅඩු මුහුදු ගමන් සේවා කාල පරිච්ජේදයක් සහ මාස දෙකකට නොඅඩු අනුමත විශේෂ පුහුණු කාල පරිච්ජේදයක් නැතහොත් ,
  • ප්‍රේරණ බලය කි. වො. 750 හෝ ඊට වැඩි නෞකාවල මාස දොළහකට නොඅඩු අනුමත මුහුදු ගමන් සේවා කාල පරිච්ජේරදයක හෝ  1993.08.01 සිට 1998.08.01 දක්වා කාල පරිච්ජේදය තුළ එන්ජින් අංශයෙහි අදාල තත්වයක සේවාව

එසේ වුවද පරීක්ෂණය පැවැත්වෙන ආසන්න පුර්ව අවුරුදු පහක කාලය තුළ මාස දොළහක මුහුදු සේවාව නැති නැවියන් ප්‍රධාන පරික්ෂක විසින් අනුමත කරන ලද පරිදි විශේෂ සංස්කරණ පාඨමාලාව  හැදැරිය යුතුය.

3. එන්ජින් කාමර මුරකාවල කොටසක් වූ නැවියකු සඳහා  වූ සහතික පත්‍රය නිකුත් කරනු ලැබීම ස දහා  ඔහු/ඇය සුදුසුකම්  ලබා ඇතැයි සලකනු හැකිවීමට පෙර  පහත සඳහන් අනුමත පුහුණුව සාර්ථක ලෙස සම්පුර්ණ කරන ලද බවට ලේඛණ සාක්ෂ්යන ඉදිරිපත් කළ යුතුය.

එස්.ටි.සී.ඩබ්ලිව් සංග්රිහයේ  A-VI/1-1 වගුවෙහි දක්වා ඇති පරිදි පෞද්ගලික  ප්‍රවර්තන  ශීල්පීය ක්‍රම
එස්.ටි.සී.ඩබ්ලිව් සංග්ර හයේ  A-VI/1-2 වගුවෙහි දක්වා ඇති  පරිදි ගිනි  නිවාරණ හා ගිනි නිවීම,
එස්.ටි.සී.ඩබ්ලිව් සංග්ර හයේ  A-VI/1-3  වගන්තියෙහි දක්වා ඇති පරිදි මුලික ප්‍රථමාධාර සහ
එස්.ටි.සී.ඩබ්ලිව් සංග්රබහයේ  A-VI/1-4 වගුවෙහි  දක්වා ඇති පරිදි පෞද්ගලික ආරක්ෂාව සහ
සාමාජිය වගකීම්.

4. එස්.ටි.සී.ඩබ්ලිව් සංග්රහහයේ  A-III/1 වගන්තියේ විශේෂිත කොට දක්වා ඇති ප්‍රවීණතා මට්ටමට සරිලන ප්‍රධාන  පරික්ෂක විසින් පවත්වනු ලබන පරික්ෂණයනින්  සමත් වී තිබිය යුතු ය.


අයඳුම් ක්‍රියාවලිය

විභාග අයඳුම් පත්‍ වෙළඳ නැව් අංශයෙන් ලබා ගත හැකිය.
විභාගය නැවත කිරිමේ අයඳුම්පත

අයඳුම්පත් ගාස්තුව  රුපියල් 100 කි

අයඳුම්පත් ඉදිරිපත් කිරිම වැඩ කරන දිනයන්හි කාර්යාල වේලාවන් තුල සිදු කල හැක.
( පෙ.ව. 8.30  සිට  ප.ව. 4.15 දක්වා )


විභාග ගාස්තු

ප්‍රධාන  ඉංජිනේරු නිලධාරි  (සිමාරහිත) රු. 25,000.00
දෙවැනි  ඉංජිනේරු  නිලධාරි (සිමා රහිත) රු. 20,000.00
ඉංජිනේරු  මුරකාවල්  භාර නිලධාරි (සිමාරහිත) රු. 15,000.00
සමීප වෙරළාසන්න මුහුදු  ගමන් වල යෙදෙන කිලෝ වොට්   
750 ත් 3000 අතර ප්‍රචලන බලය ඇති නෞකාවලට සීමා වූ  
ප්‍රධාන ඉංජිනේරු නිලධරයා
රු. 20,000.00
සමීප වෙරළාසන්න මුහුදු  ගමන් වල යෙදෙන කිලෝ ‍වොට්
750 ත් 3000 අතර ප්‍රචලන බලය ඇති නෞකාවලට සීමා වූ  
දෙවැනි ඉංජිනේරු නිලධරයා
රු. 15,000.00
සමීප වෙරළාසන්න මුහුදු  ගමන් වල යෙදෙන කිලෝ ‍වොට්
750 ත් 3000  අතර ප්‍රචලන බලය ඇති නෞකාවලට සීමා වූ  
ඉංජිනේරු මුරකාවල  කාර්යභාර නිලධරයා
රු. 10,000.00
එන්ජින්  කාමරයේ  මුරකාවලෙහි කොටසක් වශයෙන් වර්ග කිරිම. රු. 1,000.00
ඕනෑම කොටසක් සඳහා නැවක පෙනී සිටීමට නම්,
වාචික  පරික්ෂණය සඳහා
රු. 5,000.00
සංඥා සඳහා රු. 2,500.00
ඕනෑම එක් විෂයයක්  සඳහා විභාග ගාස්තුවෙන් 20% ක් ගෙවිය යුතුය.
ප්‍රවීණතා සහතිකය ලබා දීම සඳහා මුහුදු සේවා තක්සේරුව
ශ්‍රී ලාංකිකයෙකුට
රු. 2,000.00
විදේශිකයෙකුට $. 100.00

 

සේවාව ලබාදීමට ගත වන කාලය
විභාග  ක්‍රියාවලිය සාර්ථකව සම්පුර්ණ වූ පසු


සනාථ කිරිමට අවශ්‍ය  ලියවිලි

  • උප්පැන්න සහතිකයේ පිටපත
  • ජාතික හැඳුනුම්පතේ පිටපත
  • විදේශ ගමන් බලපත්‍රයේ පිටපත
  • අධ්‍යාපන සහතික වල පිටපත් (අ.පො.ස(සා.පෙළ)/ උසස් පෙළ)
  • අඛණ්ඩ මුදා හැරීමේ සහතිකයේ පිටපත
  • වලංගු වෛද්යහ සහතිකයේ පිටපත
  • මුරකාවලෙහි යෙදීමේ සහතිකය (අවශ්‍ය නම්)
  • මුහුදු සේවා කාලය සනාථ කිරිමේ ලියවිලි
  • නිරාපද පාඨමාලා 05 සම්පුර්ණ කල බවට සහතික වල පිටපත්
  • විභාග අයඳුම්පත  (Assessment of Sea Service)

 

සේවා භාර නිලධාරින්

නම/ තනතුර දුරකථන අංකය ඊ මේල් ෆැක්ස්
ඒ.ඩබ්.‍සෙ‍නෙවිරත්න මහතා
අධ්‍යක්ෂ (ඉංජි‍නේරු)
+94-11-2388376 dmsmos@sltnet.lk +94-11-2388376
ලෙස්ලි ‍හේමචන්ද්රං මහතා
ප්‍රධාන විභාග පරීක්ෂක (ඉංජි‍නේරු)
+94-11-2441429 dmsmos@sltnet.lk +94-11-2435160


අනෙකුත් තොරතුරු
මුහුදු සේවය ගණනය කිරිම
සියලු නිලධාරින් සහ නිල නොලත් නැවියන්

1. යම් විශේෂ ප්‍රවීණතා  සහතිකයක් හෝ පිටසනක් සඳහා නිලධාරින්ට සහ නිල නොලත් නැවියන්ට නියම කොට දක්වා ඇති සුදුසුකම් ලැබිමේ මුහුදු සේවය ප්‍රවීණතාව තක්සේරු කිරිම ආරම්භ වන දිනයට පුර්ව වූ දස අවුරුද්දක  කාල පරිච්ජේදය තුළ ඉටු කළ යුතු අතර, ප්‍රවීණතාව  තක්සේරු  කිරිම ආරම්භක දිනයට පුර්ව වූ මාස 12 ක මුහුදු සේවයක් ඊට ඇතුළත් විය යුතු ය.         
2. වාණිජ නොවන නෞකා, මගී යාත්‍රාද, ‍ඩ්‍රෙජර් යාත්‍රා, පර්යේෂණ යාත්‍රා සුන්බුන් බේරා ගැනිමේ  යාත්‍රා සහ නාවුක ආධාර ටෙන්ඩර් යාත්‍රා  සහ ඊට සමාන කටයුතුවල  යෙදී  සිටින වෙනත් නෞකාවල කර ඇති සේවය, සම්පුර්ණයෙන් ගණන් ගත හැකි වන්නේ, නියම වශයෙන් මුහුදේ  ගත කරන ලද කාලය, නැවේ ගත කල මුළු කාලයෙන් තුනෙන් දෙකක් වන හෝ ඊට වැඩි කාලයක් වන විටය.  නියම වයෙන් මුහුදු සේවා ‍කාලය මෙම ප්රටමාණයට අඩු නම්, නියම වශයෙන් ඉටු කරන ලද මුහුද සේවා කාලයෙන් එක හමාරක ගුණයක් සුදුසුකම් ලැබීමේ මුහුදු සේවා කාලය වශයෙන් ගණන්ගත හැකි ය.  සියලු අපේක්ෂකයන් විසින් සම්පුර්ණ
කළ යුතුව ඇති මුහුදු  සේවා කාලය සනාථ කිරිමේ සාක්ෂිවලට අතිරේකව, ඇත්ත වශයෙන්ම මුහුදු සේවයේ  යෙදී සිටි කාල ප්රයමාණය  දක්වන ප්‍රකාශයෙහි හෝ , නැව්පතිගෙන් හෝ නැව් සමාගමෙන් හෝ ලබා ගත් සහතිකයක් ඉදිරිපත් කරන ලෙස අපෙක්ෂකයන්ට නියම කරනු ලැබීය යුතු අතර, අධීක්ෂණය යටතේ යටත් පිරිසෙයින් මාස හයක මුර සේවයක් පිළිබඳව ද විශේෂයෙන් එහි සඳහන් කරනු ලැබිය යුතු ය.
3. ඉහත සඳහන්  සේවය ඉටු කර ඇත්තේ එක්තරා වර්ගයකට අයත් යාත්‍රාවල පමණක් නම්, ඔවුන්ගේ සහතික එවැනි යාත්‍රා වල සේවයට පමණක් සීමා කරනු ලැබිය හැකිය
4. සම්මුතියේ නියමයන්ට අනුකූලව  ක්‍රියා කරමින්  වෙරළාසන්න මුහුදු ගමන් සඳහා  ප්‍රවීණතා සහතික දරන්නන් බටට පත්වීමට අදහස් කරන ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක නිලධාරි ශාඛාවේ නිලධාරින් ද,  නාවික ඉංජිනේරු ශාඛාවේ නිලධාරින් ද අදාළ අනුමත අධ්‍යාපනය, පුහුණුව, විභාගය සහ තක්සේරුව සම්පුර්ණ කළ යුතු යයි නියම කරනු ලැබිය යුතු ය.  එවැනි අපේක්ෂකයන් දැනට ලබා ගෙන ඇති පළපුරුද්ද, සුදුසුකම් සහ සහතික කිසිවක් වේ නම් ඒවා, අදාළ ප්‍රධාන පරීක්ෂකවරයා විසින් තීරණය කරනු ලබන පරිදි වෙළඳ නැව්වල මුහුදු සේවා සඳහා සුදුසුකම් තීරණය කිරිමේ පදනම විය යුත්තේ ය.
5. වෙනත් ආකාරයකට ප්‍රකාශ කර ඇත්තේ නම් එය, නාවුක ඉංජිනේරු නිලධාරින් සහ ඇන්ජින් කාමරවල නියුතු නිල නොලත් නැවියන් සඳහා වූ සුදුසුකම් ලැබීමේ මුහුදු සේවා යන්නෙන් ධාවන යන්ත්‍රරෝනපකරණ නොමැති නැව්වල සහ / හෝ පහත  (6) ජේදයට යටත් වේ. සහායක යන්ත්‍රරෝනපකරණ පුර්ණ වශයෙන් භාවිතා කරන නැව්වල සේවයට ඔවුන් බඳවා ගනු ලැබූ දින සිට ඔවුන් සේවයෙන් මුදා හරින ලද දිනය දක්වා නැව්වල ගත කල කාලය අදහස් වේ.
6. සම්පුර්ණ සේවා කාලය හෝ ඉන් කොටසක් හෝ සෑහෙන කාලයක් යාත්‍රාව කිරිමෙන් නොයෙදු නැව්වල ඉටු කර ඇති අවස්ථාවලදී ඇත්තවශයෙන්ම යාත්‍රා  කිරිමට යොදවනු ලැබූ කාලය දින වශයෙන් සඳහන් කරමින් ඒ නාවේ නැව්පති විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක් ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.  එවැනි අවස්ථාවලදී යාත්‍රා කිරිම සඳහා ඇත්ත වශයෙන්ම යොදවා තිබූ දින ගණන මෙන් එක් හමාරක ගුණයක් සුදුසුකම් ලැබීමේ මුහුදු සේවා කාලය වශයෙන් ගණන් ගනු ලැබිය හැකි අතර, කිසිම අවස්ථාවකදී අදාල කාල පරිච්ජේදය තුලදී ඇත්තවශයෙන්ම නැවේ ගත කල කාලයට වඩා එය නොවැඩි විය යුතු ය.
7. සම්ප්‍රදායානුකූල මුර සේවා ක්‍රම චර්යා නොවන කටයුතු වල යොදන ලද නැව් වල වැඩ පරිචයන්හි නියුක්ත කරනු ලැබු ඉංජිනේරු නිලධාරින් විසින් ඉටු කරන ලද මුහුදු සේවා වලින් නියමිත පළපුරුද්දට  සමාන  පළපුරැද්දක් ලැබෙන බවට අදාල ප්‍රධාන පරික්ෂකවරයා සෑහීමකට පත් වන්නේ නම් එවැනි මුහුදු සේවයක් සුදුසුකම් ලැපීමේ මුහුදු සේවය ලෙස පිළිගනු ලැබිය හැකිය.



දෙවන උපලේඛණය


වෛද්‍ය ප්‍රමිත
පිළිගත් වෛද්‍ය වරයකු විසින් සම්පුර්ණ කරනු ලැබූ ශාරීරික පරීක්ෂණ වාර්තාවක්  අධ්‍යක්ෂවරයා විසින් නියම කරනු ලැබූ වෛද්‍ය වාර්තා  ආකෘති  පත්‍රයක් මගින් ඉදිරිපත් කළ යුතු යයි  නිලධර සහතිකයක්, නැවියන් අඛණ්ඩ මුදා හැරීමේ සහතිකයක් (සිඩිසි)  හෝ විශේෂ සුදුසුකම්  සහතික කිරිමක්  සඳහා අයඳුම් කරන සියලු අයඳුම්කරුවන්ට නියම කරනු ලැබිය යුතුය. 
එසේ සම්පුර්ණ කරන ලද වෛද වාර්තා ආකෘති පත්‍රය, නිලධර සහතිකයක් සඳහා හෝ නැවියාගේ හඳුනාගැනීමේ ලේඛනය සඳහා හෝ විශේෂ  සුදුසුකම්
සහතික කිරිමක් සඳහා හෝ ඉල්ලීමක් කරන අයඳුම්  පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ය.

නිලධර සහතිකයක් සඳහා හෝ විශේෂ සුදුසුකම් සහතික කිරිමක් සඳහා  හෝ සීඩිසී සහතිකයක් සඳහා හෝ ඉල්ලීමක්  ඉදිරිපත් කරන දිනයට පෙර මාස 12 කට නොවැඩි  කාලයක් තුළ දී ඉහත සඳහන් ශාරීරික පරීක්ෂණය සිදු කර තිබිය යුතු ය.  භාර  ගන්නා ලද  නිශ්චිත  රාජකාරි පැවරිම ඉටු කිරිමට සුදුසු සතුටුදායක ශාරීරීක තත්ත්වයක් අයඳුම්කරුට ඇති බවත්
නාවුක වෘත්තියේ අවශ්‍යතා සපුරාලීම සඳහා  සාමාන්‍ය යෙන් අවශ්‍ය සියලුම ශාරීරික ඉන්ද්‍ර්‍ය ශක්තිය අයඳුම්කරුට ඇති බවත් ඒ පරීක්ෂණයෙන් තහවුරු විය යුතු ය.  ඉහත සඳහන් කරුණු වලට අමතරව  පහත දැක්වෙන අවශ්‍යතා අයඳුම්කරු විසින් සපුරා ලිය යුතු ය :-

  • සාමාන්‍ය ශබ්ද ශ්‍රවණය කළ හැකි පරිදි සියලුම අයඳුම්කරුවන්ගේ කන් ඇසීම දුර්වල නොවී තිබිය යුතු  අතර, කොඳුරා තියන හඬක්  වඩා හොඳින්  ඇසෙන කණෙන් මිටර් 5ක් දුර සිට ද දුර්වල කණෙන් මීටර් 2 ක් දුර සිට ද ඇසීමට හැකි විය යුතු ය.
  • ප්‍රවීණතා සහතිකයක් නිකුත් කරවා ගැනීම සඳහා ඉල්ලුම් කරන නැව් තට්ටු නිලධරයන්ට, ඉංජිනේරු නිලධරයන්ට සහ  රේඩියෝ නිලධරයන්ට, දුර පෙනීම සහ සාමාන්‍ය වර්ණ හඳුනා ගැනීමේ හැකියාව (උපැස් පැළඳගෙන හෝ එසේ නොමැතිව හෝ ) තිබිය යුතු ය.

ආයතනයේ තොරතුරු

වෙළඳ නැව් අංශය - වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය

වෙළෙඳ නැව් අංශය,
පළමු මහල,
බ්‍රිස්ටල් ගොඩනැගිල්ල,
අංක 43/89,
කොලඹ 01.


මධූෂ රංගන එදිරිසිංහ මහතා
දුරකථන:011 24 35 127, 011 244 14 29
ෆැක්ස් අංක:011 24 30 277
විද්‍යුත් තැපෑල:dmsmos@sltnet.lk
වෙබ් අඩවිය: www.dgshipping.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:39:47
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා




ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty