The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පුද්ගලයින්ගේ ලියාපදිංචි කිරීම් පුරවැසි භාවය ශ්‍රී ලංකාවෙන් පිටත උපත ලබන ශ්‍රී ලාංකික දරුවන් සඳහා උපත් ලියාපදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     අයදුම්පත
ශ්‍රී ලංකාවෙන් පිටත උපත ලබන ශ්‍රී ලාංකික දරුවන් සඳහා උපත් ලියාපදිංචි කිරීම

PDF Print Email

විදේශයකදි උපන් ශ්‍රී ලාංකික දරුවන් ගේ උපත් ලියාපදිංචි කිරීම.

මෙය අදාළ වන්නේ කා හට ද?
ශ්‍රී ලාංකික දෙමව්පියන්ට (අවම වශයෙන් දෙමව්පියන්ගෙන් එක් අයකු වත් ශ්‍රී ලාංකික විය යුතුය) ශ්‍රී ලංකාවෙන් පිටතදී උපන් දරුවන්ට දරුවාගේ පුරවැසිභාවය තහවුරු කිරීම සඳහා උපතේ සිට අවම වශයෙන් වසරක් වත් ඇතුලත මෙම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය.

වසරක් ඇතුලත මාගේ දරුවාගේ උපත ලියාපදිංචි කිරීමට නොහැකි වුවහොත් සිදුවනුයේ කුමක් ද?
උපත ලද දිනයේ සිට වසරක් ඇතුලත උපත ලියාපදිංචි කිරීමට අපොහොසත් වුවහොත් වසරකට නිශ්චිත මුදලක් බැගින් දඩයක් පනවනු ඇත.

සම්පූර්ණ කළ ඉල්ලුම්පත්‍රය සමග භාරදිය යුතු ලිපිලේඛන මොනවාද ?

  1. දරුවාගේ උපත සිදු වූ රටෙන් නිකුත් කළ උප්පැන්න සහතිකය (උප්පැන්න සහතිකයේ මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් නොමැති නම්, එහි ඉංග්‍රීසි පරිවර්තනයක් ඇමිණිය යුතුය)
  2. ශ්‍රී ලංකාවේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ කොන්සල් කාර්යාල උප්පැන්න සහතිකය හෝ පහත දත්ත සහිත ළඟම ඇති ශ්‍රී ලංකා දූත මණ්ඩලයෙන් නිකුත් කළ ලිපිය.
    • දරුවාගේ නම
    • උපන් දිනය
    • ස්ත්‍රී / පුරුෂ භාවය
    • පියාගේ නම
    • පියාගේ ජාතිය
    • මවගේ විවාහයට පෙර නම
    • මවගේ ජාතිය
  3. දෙමව්පියන්ගේ උප්පැන්න සහතික
  4. ඉල්ලුම්කරු (පියා හෝ මව) ලියාපදිංචි ශ්‍රී ලාංකික පුරවැසියකු නම් අදාළ සහතිකය.
  5. දෙමව්පියන්ගේ විවාහ සහතික
  6. දරුවාගේ උපත සිදු වූ අවස්ථාවේ විදේශික පදිංචිය තහවුරු කිරීම සදහා දෙමව්පියන් භාවිතා කළ ගමන් ලිපිලේඛන හා වීසා.
  7. ඉල්ලුම්කරු (පියා/මව) දරුවාගේ උපත සිදුවන අවස්ථාවේ ශ්‍රී ලංකාව හැර වෙනත් රටක පුරවැසිභාවය ලබා නොතිබූ බවට කළ ප්‍රකාශය.

සටහන : 2-7 සඳහා ලිපිලේඛන වල මුල් පිටපත් සමග ඡායා පිටපත් ද ඉදිරිපත් කළ යුතුය.

ඉල්ලුම්පත්‍රයක් ලබාගත හැකි ස්ථානය.

  1. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පුරවැසි අංශය, "සුහුරුපාය", බත්තරමුල්ල.
  2. පදිංචි රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය.
  3. භාගත කරගන්න.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශය ඉල්ලුම්පත් පරීක්ෂා කර ඉල්ලුම්කරුට යැවීම සඳහා සහතික පත්‍ර අදාළ ශ්‍රී ලංකා දූත මණ්ඩලයට තැපැල් කරනු ඇත.


ඉල්ලුම් පත්‍රය භාරදිය හැක්කේ කෙසේද ?
  1. නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත් අවශ්‍ය කරන ලිපි ලේඛන මුල් පිටපත් හා ඡායා පිටපත් සමග කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පුරවැසි අංශයට භාර දෙන්න.
  2. දරුවාගේ උපත සිදු වූ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත් අවශ්‍ය ලිපිලේඛන හා ඒවායේ පිටපත් සමග ඉදිරිපත් කළ හැකිය.

සටහන:

  • දරුවාගේ උපතේ සිට වසරක් ඇතුලත උපත ලියාපදිංචි කළ යුතුය. ඊට අපොහොසත් වුවහොත් දඩයක් පනවනු ඇත.
  • විදේශගත ශ්‍රී ලංකා දූත මණ්ඩලයක් හරහා ඉල්ලුම්පත් භාර දෙන විට දූත මණ්ඩලයේ බලයලත් නිලධාරියකු මගින් සියලු ලිපිලේඛන සහතික කරගත යුතු අතර එම නිලධාරියාගේ අත්සන සහ රබර් මුද්‍රාව එහි සටහන් විය යුතුය.
පුරවැසිභාවය ලියාපදිංචිය - ගාස්තු
විදේශයකදි උපන් ශ්‍රී ලාංකික දරුවන් ගේ පුරවැසිභාවය ලියාපදිංචි කිරීම.
රු (ශ්‍රී ලංකා)
නියමිත කාලය තුල සකස් කරන ලද ඉල්ලුම්පතක් සඳහා (උපතේ සිට පළමු වසර ඇතුළත)
5,000
ප්‍රමාද වූ ඉල්ලුම්පතක් සඳහා එක් වසරකට
500
 
ගෙවීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත භාරදෙන අවස්ථාවේ ගෙවීම් සිදුකළ යුතුය. පසුව පරීක්ෂා කිරීම සඳහා කුවිතාන්සිය තබාගත යුතුය.

ආයතනයේ තොරතුරු

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

"සුහුරුපාය",
ශ්‍රී සුභූතිපුර පාර,
බත්තරමුල්ල,
ශ්‍රී ලාංකාව.


කේ. ඒ. ටී. කේ. රූපරත්න මහතා
දුරකථන:+94-11-5329000
ෆැක්ස් අංක:+94-11-2885358
විද්‍යුත් තැපෑල:controller@immigration.gov.lk
වෙබ් අඩවිය: www.immigration.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2016-09-23 12:24:54
ICTA Awards

අපව අමතන්න

ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2017-12-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 446