The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පුද්ගලයින්ගේ ලියාපදිංචි කිරීම් පුරවැසි භාවය ජාතික හැදුනුම්පතේ පිටපතක් ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ජාතික හැදුනුම්පතේ පිටපතක් ලබා ගැනීම

PDF Print Email

නැතිවීම හේතු කොටගෙන හැඳුනුම්පතක අනුපිටපතක් ඉල්ලීම

අයදුම්පතක් ලබා ගැනීම
  1. අයදුම්කරු පදිංචි වසමේ ග්‍රාම නිලධා‍රී
  2. වතු පදිංචි කරුවන් අදාළ වතු අධිකාරී
ජාතික හැඳුනුම්පතේ අනුපිටපතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන
  1. සම්පූර්ණ කරන ලද පු.ලි.දෙ.වි. 7 ආකෘති පත්‍රය (කොළ පාට හෝ කොළ පාටින් අකුරු මුද්‍රිත)
  2. හැඳුනුම්පත නැතිවූ බවට පොලීසියේ කරන ලද පැමිණිල්ලේ මුල් පිටපත (මාස 06 ක් නොඉක්මවු )
  3. 1 ⅜” X ⅞” ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 05 ක්
  4. රු. 15 ක් වටිනා මුද්දර
  5. උප්පැන්න සහතිකය, අනුමාන වයස් සහතිකය හෝ ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන් වල මුල් පිටපත්.
(ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන් ඉදිරිපත් කරන විට ඒ සමග උපන්දිනය තහවුරු කරන දිවුරුම් ප්‍රකාශයක් සමග පහත දැක්වෙන විකල්ප ලේඛන දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කල යුතුය). 
  • පාසල් හැරයාමේ සහතිකය.
  • බෞතිස්ම සහතිකය.
  • අයදුම්කරුගේ/අයදුම්කාරියගේ උපන්දිනය සඳහන්ව ඇති දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත්
  • උප්පැන්න සහතිකයේ උපු‍ටාගත් කොටස
  • ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකය (උපන්දිනය ඇතුළත්ව තිබේනම්)
  • වතු හැරයාමේ සහතිකය (උපන් දිනය ඇතුළත්ව තිබේනම්)
  • ගමන් බලපත්‍රයේ අදාළ පිටුවල සහතික කළ පිටපත්
  • වතු අධිකාරී විසින් නිකුත් කරන ලද ලියාපදිංචි කාඩ්පත
  • ජන්ම පත්‍රය (හඳහන)
  1. තම රැකියාව හැඳුනුම්පතේ සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නම් ඊට අදාළ සේවා සහතිකය ද (මාස 03 ක් ඇතුළත ලබා ගත්), වෘත්තීයමය සුදුසුකම්ලත් අය එම සුදුසුකම් සනාථ කිරීමට අදාළ සහතික ඉදිරිපත් කළ යුතුය. උදා: වෛද්‍ය , ඉංජිනේරු වැනි වෘත්තීය සුදුසුකම් සඳහා උපාධි සහතිකය ඉදිරිපත් කළ යුතුය. ව්‍යාපාරිකයන් ඒ සඳහා ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කළ පිටපත ඉදිරිපත් කළ යුතුය.
  2. නැතිවූ හැඳුනුම්පතෙහි අංකය භාවිතා කළ බවට සනාථ කෙරෙන ලියකියවිලි උදා. බැංකු පාස් පොත, ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, පැරණි හැඳුනුම්පතේ ඡායා පිටපත වැනි ලේඛනවල සහතික කළ පිටපත්
  3. පූජ්‍යත්වය සනාථ කිරීම සඳහා -
  • බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
  • දසසිල් මාතාවක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීමේ සහතිකය
  • ඉස්ලාම් පූජකවරුන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
  • හින්දු පූජකවරුන් හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
  • කතෝලික පූජකවරුන් අදාල පැවිදි නිකායේ ප්‍රධානීන් වෙතින් ලබාගත් සහතිකය

උපැවිදි බව  ලබා ඇත්නම්, ‍බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන උපැවිදි සහතිකය


ආයතනයේ තොරතුරු

පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
10වන මහල,
"සුහුරුපාය"
ශ්‍රී සුභුතිපුර පාර,
බත්තරමුල්ල.


ඒ.පී.ජි.රොෂාන් අමරසිංහ
දුරකථන:+94-11-2555616,
ෆැක්ස් අංක:+94-11-2593634
විද්‍යුත් තැපෑල:info@drp.gov.lk
වෙබ් අඩවිය: www.drp.gov.lk

අදාළ සේවා

නැතිවු ජාතික හැදුනුම්පත් හා ඉලෙක්ට්‍රෝනික උපකරණ පිළිබද පැමිණිලි කිරිම.

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-10-05 11:59:38
ICTA Awards

අපව අමතන්න

ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2017-12-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 448