The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


තෑගි සැලසුම් යටතේ වාහන ආනයනය කිරීම

PDF Print Email
  • තෑගි සැලසුම් යටතේ පවුලේ සාමාජිකයකු වාහන ආනයනය
  • තෑගි සැලසුම් යටතේ පන්සලකට වාහන ආනයන
  • තෑගි සැලසුම් යටතේ සංවිධානයකට වාහන ආනයනය

සුදුසුකමි

  • අයදුම්කරු ලියාපදිංචි වී තිබිය යුතුය.
  • වාහනය පාවිච්චි කර තිබිය යුතුය.
  • වාහනය දකුණු පැත්තෙන් පදවන්නක් විය යුතුය.
  • සී.එෆ්.සී. සමග වායුසමීකරණය කරන ලද වාහනයක් නොවිය යුතුය.
  • වාහනයේ පස් මඩ ඉවත් කර මෙය නැව්ගත කළ බවට වගකීම් සහතික තිබිය යුතුය.

තෑගි සැලසුම යටතේ පවුලේ අය ලෙස වාහන ආනයනය
ශ්‍රී ලාංකිකයකු වලංගු වීසා ඇතිව විදේශ රැකියාවක නියුත්තව ඇති විට ලේ ඥාතියකුට ප්‍රදානය කල හැක.
වාහන ආනයනය පහත සදහන් පරිදි විය යුතුය.

  • මොටර් කාර් - පෙටුල් 1800 නොවැඩි වීම.
  • ඩීසල් 2300 නොවැඩි විය යුතුය.
  • ජ්ප් - 3000 ට නොවැඩි විය යුතුය.

ලියාපදිංචි මුල් දිනයේ සිට වසර 05 කට වඩා පරණ නොවිය යුතුය.
බලපත්‍ර හිමිකරුගේ නමට වාහනය ලියාපදිංචි කල යුතුය.
වාහනය විකිණීම, මාරු කිරීම හෝ ඉවත් කිරීම ලියාපදිංචි දින සිට වසර 05 ක් යනතුරු නොකල යුතුය.

තෑගි සැලසුම් යටතේ පන්සලට වාහන ආනයනය
මෙම සැලසුම යටතේ වෑන් පමණක් ආනයනයට අවසර ඇත.
වසර 5 – 10 ත් අතර පරණ වාහන විය යුතුය.

තෑගි සැලසුම් යටතේ සංවිධානයට වාහන ආනයනය
වාහනය සංවිධානය නමට ලියාපදිංචි කල යුතුය.
වාහනය විකණීම, මාරු කිරීම හෝ ලංකාවෙන් ඉවත් කිරීම කල යුතුය.
වාහනය ලබා ගන්නා විටදී වාහන සංවිධානය යටතේ ලියාපදිංචි කල යුතුය.

අවශ්‍ය සනාථ කිරිමේ ලියවිලි

  • වාහනයේ ලියාපදිංචි ලියවිලි
  • වාහනයේ ඡායාරූපයක්
  • වාහන කුව්තාන්සියේ පිටපත
  • ආනයන/ අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් කුව්තාන්සියේ පිටපතක්

තෑගි සැලසුම යටතේ පවුලේ අය ලෙස වාහන ආනයනය

  • ඥාති සම්බන්ධය තහවුරු කිරිමට විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම">උප්පැන්න/ විවාහ සහතික වල පිටපත්
  • බලපත්‍ර හිමිකරුගේ ජාතික හැදුනුම්පතේ පිටපත.
  • පරිත්‍යාගකරුගේ වීසා බලපත්‍ර විස්තර
  • පරිත්‍යාගකරු රැකියා කරන සමාගමෙන් තහවුරු කිරිමේ ලිපියක්
  • පරිත්‍යාගකරුගේ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත් (පුද්ගලික තොරතුරු වලංගු කාල, ලංකාවෙන් පිටත් වූ දිනය ඇතුලත් පිටු)
  • වලංගු වීසා වල ඡායා පිටපත් ඉදිරිපත් කරමින් (ඉංග්රීසි පරිවර්තනය සමග) ඔහු/ ඇය රැකියා සදහා විදේශ ගත වී එම රටේ වසරක් සම්පූර්ණ කර ඇති බව පෙන්වීමට.
  • පරිත්‍යාගකරුගේ පත්වීම් දිනය තනතුරු සහ වැටුප සදහන් සේව්‍යා විසින් ලබාගත් ලිපියක් සේව්‍යාගේ ෆැක්ස් අංක ඊ මේල් ලිපිනය මෙම ලිපියේ සදහන් කල යුතුය.

තෑගි සැලසුම් යටතේ සංවිධානයට වාහන ආනයනය
වාහනය පිළිබද විස්තර
අයදුම්කරු වාහනයක් කලින් ප්‍රදානය කර ඇත්නම්

  • පෙර ආනයනය පිළිබද තොරතුරු
  • සංවිධානයෙන් ලිපියක් හා පරිත්‍යාගය තහවුරු කිරිමට ලිපියක්
  • වාහනයේ ලියාපදිංචි අංකය
  • අයදුම්කරු හෝ වෙනත් අයකු ආනයනයකට හෝ වාහන නිදහස් කර ගැනීමට උත්සහ දරයි නම් කාරණය පිළිබද සියළු විස්තර පාරිභෝගිකයාට සැපයිය යුතු වේ.

වාහනය ත්‍යාග බදු වලින් නිදහස් නම්, වෙළද වාණිජ සහ පාරිභෝගික කටයුතු අමාත්යංශය මගින් ලබාගත් නිදහස් කර ගැනීමේ ලිපිය ඇමිණිය යුතුය.

තෑගි සැලසුම් යටතේ පන්සලකට වාහන ආනයනය
වාහන විස්තර

  • පරිත්‍යාගකරුගෙන් ලිපියක්
  • වාහනය නැවත ලියාපදිංචි කිරීමේ සහතිකය
  • විශේෂ අවස්ථා

කිසියම් අවස්ථාවකදී අයදුම්කරු වලංගු කාල පරිච්ඡේදය දිර්ඝ කර ගැනීමට කැමති නම් පාලක වෙත ඉල්ලීමක් කල යුතුය. පාලක ඉල්ලීම පරීක්ෂා කර බලා ඉල්ලීම දීම හෝ නොදීම තීරණය කරනු ලබයි.
ත්‍යාග සැලසුම් යටතේ සංවිධාන සදහා වාහන ආනයනය
ත්‍යාග බදු වලින් නිදහස් ආනයනයන් ලබා ගැනීමට අවශ්‍ය නම්, වෙළද වාණිජ හා පාරිභෝගික  අමාත්‍යංශයෙන් හෝ නිදහස් කර ගැනීමේ ලිපියක් ලබාගත යුතු වේ.

ආකෘති අයදුම් පත්‍ර

ත්‍යාග සැලසුම් යටතේ පවුලේ සාමාජිකයකු විසින් වාහන ආනයනය      ත්‍යාග සැලසුම් යටතේ පංසල් හා සංවිධාන වලට වාහන ආනයනය
ත්‍යාග සැලසුම යටතේ පවුලේ සාමාජිකයකු විසින් වාහන ආනයනයට බලපත්‍ර ලබා ගැනීම අයදුම්පත    ත්‍යාග සැලසුම යටතේ පංසල් හා සංවිධාන වලට වාහන ආනයනයට අයදුම්පත

සේවාව සදහා ගතවන කාළ සීමාව
අයදුම්පත් සහ ලියවිලි ලබා ගැනීම.
කවුන්ටරය - ඒකක 02
ගෙවීම්: කවුන්ටරය - මුදල් අයකැමි

අයදුම්පත් සහ ලියවිලි ඉදිරිපත් කිරිම
කවුන්ටරය - ඒකකය 02
අයදුම් පත්‍ර

පියවරෙන් පියවර  ක්‍රියාපටිපාට්ය
පියවර 01: ඒකක 02  මගින් අයදුම්පත ලබා ගැනීම.
පියවර 02: සම්පූර්ණ කරන ලද අයදුම්පත හා අදාල අමතර ලියවිලි ඒකක 02 ට ඉදිරිපත් කිරිම.
පියවර 03: සියළුම අමතර ලියවිලි හා අයදුම්පත නිවැරදිව සම්පූර්ණ කර ඇත්නම් අනුමතිය සදහා සහාකාර පාලක වෙත යොමු කිරීම
පියවර 04: බලපතය නිකත් කිරීමට සහාකාර පාලක අනුමත කල පසු අයදුම්කරු බලපත්‍ර ගාස්තු අයකැමිට ගෙවා කුවිතාන්සිය ඒකක 2 ට යොමු කිරීම.
පියවර 05: බලපත්‍රය නිකුත් කිරීම.
සටහන
    අදාල අමතර ලියවිලි ඉදිරිපත් කර නොමැති නම් අවශය වී ඇති ලියවිලි ගැන අයදුම්කරුට දැනුම් දෙනු ඇත.
    අයදුම්පත නිසි පරිදි පුරවා නොමැති විට ඒ සදහා අයදුම්කරුට සහාය වේ.
 

සේවාව සදහා ගතවන කාල සීමාව

ක්‍රියාවලිය සදහා ගතවන කාල සීමාව: එක් දිනකදී හෝ දෙකකදී.
ඉදිරිපත් කිරීමේ කාල සීමාව: අයදුම්පත හා ලියවිලි ලබා ගැනීම.
කවුන්ටරය - ඒකක 02
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල
ගෙවීම් කිරීම: කවුන්ටරය - මුදල් අයකැමි
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 03.00
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

අයදුම්පත, ඉල්ලීම් ලිපිය සහ ලියවිලි ඉදිරිපත් කිරීම.

කවුන්ටරය - ඒකක 02
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

වලංගු කාල සීමාව
මාස 03 ක කාලයක් සදහා වලංගු වේ.
සටහන
අයදුම්කරු වලංගු කාල පරිච්ඡේදය දීර්ඝ කර ගැනීමට කැමති නම් ඔහු/ ඇය හේතු දක්වා පාලකගෙන් ඉල්ලීමක් කල යුතුය. පාලක එම ඉල්ලීම සලකා බලා ඒ පිළිබද තීරණය කෙරේ.

සේවයට අදාල වියදමි
ඉල්ලුම් පත්‍රය ගාස්තු: අයදුම්පත් සදහා ගාස්තු අය නොකෙරේ.
ගාස්තු

තෑගි සැලසුම් යටතේ පංසලට වාහන ආනයනය   තෑගි සැලසුම යටතේ පවුලේ අය ලෙස වාහන ආනයනය තෑගි සැලසුම් යටතේ සංවිධානයට වාහන ආනයනය
වාහන කාලය ගාස්තුව සියයට ගණනක් ලෙස   වාහනයේ C.I.F වටිනාකමින් 15% ක් වාහන බලපත්‍ර ගාස්තු ලෙස ගෙවිය යුතුය. සමාඡ සේවා සංව්ධාන පරිත්‍යාගයක් නමි 15%(ත්‍යාග
බද්දෙන් නිදහස් නමි රු100ක් පමණි.)
5 – 6 වසර  25,000/= LKR    
6 – 7 වසර  50,000/= LKR    
7 – 8 වසර  100,000/=LKR    
8 – 9 වසර  125,000/=LKR    
9 – 10 වසර  150,000/=LKR
 
   

 

දඩ : ඉදිරිපත් කල ලියවිලි වල අව්‍යජභාවය අදාල නියේජිතයන් සැකහැර දැනගෙන ව්‍යජ ලියවිලි ඉදිරිපත් කර ඇත්නම් අයදුම්කරු අපකීර්තියට පත් වනු ඇත.
අමතර අය කිරීම්: අදාල නොවේ.


ආයතනයේ තොරතුරු

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව

අංක 75 1/3,
පළමු මහල,
හේමාස් ගොඩනැගිල්ල,
යෝර්ක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01.


ජයනී චන්ද්‍රසේකර මහත්මිය
දුරකථන:+94-11-2326774/+94 112 322046/+94 112 322053/+94 112 322007
ෆැක්ස් අංක:+94 112 328 486
විද්‍යුත් තැපෑල:deptimpt@sltnet.lk
වෙබ් අඩවිය: www.imexport.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:11:30
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty