The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සෞඛ්‍ය, සුවතාව සහ සමාජ සේවා සමාජ සේවා සමෘද්ධි සමාජ ආරක්ෂක අරමුදල
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


උපත්, විවාහ, ‍රෝහල් ගතවීම් හා මරණාධාර ලබාගැනීම

PDF Print Email

 

සමාජ ආරක්ෂණ වැඩසටහන
 
සුදුසුකම්
 
සමාජ ආරක්ෂණ වාරිකය ඇතුළත් රු.1500/-, රු.900/-, රු.615/-, රු.415/-, රු.210/-, සමෘද්ධී සහනාධාර කාඩ්පත්‍ර හිමි ප්‍රතිලාභී පවුල් පමණක් මේ සඳහා සුදුසුකම් ලබයි.
 
ඉල්ලුම් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
 
තම පවුලේ සිදුවීමක් සිදු වූ වහාම(දරු උපත්, විවාහ, රෝහල් ගත වීම හා මරණය) ප්‍රතිලාභියා විසින්ම (ප්‍රතිලාභියාට මෙ‍ම අයදුම්පත සම්පූර්ණ කිරීමට නොහැකි වන අවස්ථාවකදී හැර) අදාළ ලියකියවිලි සමඟ ඉල්ලුම්පත්‍රය තම වසම භාර සමෘද්ධ සංවර්ධන නිලධාරීට භාර දිය යුතු ය.
 
එම ඉල්ලුම්පත් අදාළ සමෘද්ධි කලාප කළමණාකරුගේ නිර්දේශ සහිතව ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම සමෘද්ධී සංවර්ධන නිලධාරීගේ වගකීම වේ.
             
ඉල්ලුම්පත් ලබාගතහැකි ස්ථාන
 
වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී මගින් අදාළ අයඳුම්පත ලබා ගත හැකි ය.
             
ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
 
            නැත
 
ඉදිරිපත් කළ යුතු වේලාවන්
 
සිද්ධිය සිදුවූ වහාම හැකි ඉක්මනින් අදාළ සමෘද්ධි සංවර්ධන නිලධාරී වෙතඅයඳුම්පත ඉදිරිපත් කළ යුතු ය.
 
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු 
 
නැත
 
සේවාව ලබා දීමට ගත වන කාලය
 
සිද්ධිය සිදු වූ වහාම.
මරණයක දී නම් මරණයේ අවසන් කටයුතු කිරීමට පෙර සහ
අනෙකුත් සිදුවීම් වල දී උපරිම එක් මසක කාල සීමාවක් තුළ සේවාව ලබා ගත හැක.
 
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
 
               I.     සජීවී දරු උපතක දී උප්පැන්න සහතිකය හෝ දරුවකු ඉපදුන බවට රෝහලින් නිකුත් කරන වෛද්‍ය සහතිකය, පවුල් සෞඛ්‍ය නිලධාරිනියගෙන් ලබා ගන්නා වර්ධන සටහන් පත, දෙමාපියන්ගේ විවාහ සහතිකය.
 
              II.      විවාහයක දී විවාහ සහතිකය, ඥාතීත්වය සනාථ කෙරෙන ලියකියවිලි අවශ්‍ය වේ.
 
            III.     රෝහල්ගත වීමක දී රෝහල් ගත වූ බවට රජයේ රෝහලකින්, රජයේ ආයුර්වේද රෝහලකින් නිකුත් කරනු ලබන වෛද්‍ය සහතිකය (රෝග නිශ්චය කරන තුණ්ඩුව) අවශ්‍ය වේ.
 
             IV.    මරණයක දී මරණ සහතිකය හා ඥාතීත්වය සනාථ කෙරෙන අනෙකුත් ලියවිලි.
 
සේවාභාර මාණ්ඩලික නිලධාරීන් 

තනතුර
නම
අංශය
දුරකථනය
ෆැක්ස්
ඊමේල්
නියෝජ්‍ය කොමසාරිස්
(සංවර්ධන)
කේ.ආර්.
පත්මප්‍රිය මයා
සංවර්ධන
+94112673886
 
ravi.pathma
@yahoo.com
නියෝජ්‍ය කොමසාරිස්
(මුදල්)
ඩී.එම්.පී. කුමාරිහාමි මිය
ගිණුම්
+94112693167
+94112691017
 

 
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
 
  • දරු උපත් සඳහා ගෙවීම් කරනුයේ පලමු දරු උපත් දෙක සඳහා පමණි. එයද, පළමු දරු උපතට රු.5000/- ක් ද, දෙවන දරු උපතට රු.2500/-ක් ද ගෙවනු ලැබේ. 
  • ප්‍රතිලාභී විවාහයහිමිකම රු.3000/-කි. ප්‍රතිලාභී පවුලේ සාමාජිකයෙකුගේ විවාහය හිමිවනුයේ රු.1000/-කි. සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වල අවිවාහක දරුවන්ගේ විවාහයන් සඳහා පමණක් හිමිකම් ගෙවනු ලැබේ. 
  • රෝහල්ගත වීමක දී ගෙවනු ලබන දීමනාව උපරිම වර්ෂයකට රු.3000/-කි. දිනකට රු.100/- බැගින් වර්ෂයේ උපරිම දින 30ක් සඳහා,ප්‍රතිලාභියාහෝ කලත්‍රයා රෝහල් ගත වූ විට පමණක් හිමිකම් ගෙවනු ලැබේ. 
  • මරණයක දී රු.10000/-ක් ගෙවනු ලැබේ. එසේ ගෙවනු ලබන්නේ සමෘද්ධි ප්‍රතිලාභියා ඔහුගේ/ඇගේ කලත්‍රයා සහ අවිවාහක දූදරුවන් සඳහා පමණි. 
  • මීට අමතරව ප්‍රතිලාභී සාමාජිකයාගේ මව සහ පියාගේ මරණ සඳහා හිමිකම් ලබා ගත හැකි ය.  
  • මරණයකදී ප්‍රතිලාභ ගෙවනුයේ සිදුවීම් දෙකක් (මරණ සිදුවීම්) අතර කාලය වර්ෂයක් ගත වූ විට පමණි. එනම් මෙම දීමනාව ලබාගත හැක්කේ වර්ෂයකට එක් අවස්ථාවක් පමණි. 
  • විශේෂ අවස්ථාවකදී එය නොපමාව සමෘද්ධි කොමසාරිස් ජනරාල් වෙත ලිඛ්තව දැන්විය යුතුය.
 සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත
 
        අමුණා ඇත.
 
සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල- සමෘද්ධි සමාජ ආරක්ෂණ ක්‍රමය යටතේ හිමිකම් ඉල්ලීම් අයදුම් පත්‍රය
 
01. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය    :  මහියංගනය
02. ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ නම :  පූජා නගරය
03. ප්‍රතිලාභියාගේ සම්පූර්ණ නම      : සමරකෝන් මුදියංසේලාගේ  ගයාන්   
                                                 ලක්මාල්
04. ලිපිනය        : උයන්වත්ත, පූජා නගරය, මහියංගනය
05. සමෘද්ධි ප්‍රතිලාභී අංකය                                  : මහි/3බී/ii/35
06. සමෘද්ධි සමාජ ආරක්ෂණ හිමිකම් පත්‍ර අංකය        : මහි/පූජා/3බී/iii/73
07. ආරක්ෂණ හිමිකම් ඉල්ලා සිටිනු ලබන කාරණය    : දරු උපතක් සඳහා
 
    (අ) උපතක් නම්:
                                                                     I.      දරුවාගේ නම : සමරකෝන් මුදියංසේලාගේ නයනජිත් මධුෂංක
                                                                   II.      උපන් දිනය      : 2009.03.02
                                                                 III.      උපත ලියාපදිංචි කළ අංකය හා දිනය    : 7623/2009.03.06
                                                                 IV.      උපත ලියාපදිංචි කළ රෙජිස්ට්‍රාර්ගේ නම: ආර්.ආර්. ඩබ්. බලගල්ල මිය
                                                                   V.      කොට්ඨාසය      : බින්තැන්න බටහිර
 
    (ආ) විවාහක නම්:
                                                                     I.      විවාහ වූ අයගේ නම:
                                                                   II.      විවාහය ලියාපදිංචි කළ අංකය හා දිනය:
                                                                 III.      විවාහය ලියාපදිංචි කළ රෙජිස්ට්‍රාර්ගේ නම:
                                                                 IV.      කොට්ඨාසය:
 
    (ඇ) ප්‍රතිලාභියා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත වීම,
    (රජයේ රෝහලක නේවාසිකව වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට පමණි)
                                                                     I.      ප්‍රතිලාභියාගේ සම්පූර්ණ නම:
                                                                   II.      රෝහල් ගත වූ දිනය හා පිට වූ දිනය:
                                                                 III.      නේවාසිකව ප්‍රතිකාර ගත් දින ගණන:
                                                                 IV.      නේවාසික වූ රෝහලේ නම හා දිස්ත්‍රික්කය:
(හිමිකම් ඇත්තේ සමෘද්ධි ප්‍රතිලාභීන්ට පමණි)
 
    (ඈ) මරණයක් වෙන්නේ නම්:
                                                                     I.      මියගිය අයගේ සම්පූර්ණ නම:
                                                                   II.      මියගිය දිනය:
                                                                 III.      ස්වාභාවික මරණයක් ද නැත්නම් වෙනයම් හේතුවක් ද?
 
 08. මීට පෙර ආරක්ෂණ ප්‍රතිලාභ ලබා ඇත්නම් ඒ පිළිබඳ විස්තර: නැත
    (අ) දිනය:
    (ආ) මුදල:
 
කාරණය: .............නැත........................................................
 
     ඉහත සඳහන් කරුණු මා දන්නා තරමින් සත්‍ය හා නිවැරදි බවත් මොනම කරුණක්වත් මා දැනුවත් ව වසන් කර නොමැති බවත් මෙයින් සහතික කරමි.
 
දිනය: .....................                                   අයදුම්කරුගේ අත්සන:
                                                         නම:
 
සමෘද්ධි නියාමකගේ නිර්දේශය:
  
     ඉදිරිපත් කර ඇති අයදුම්පත සත්‍ය බවත් අයදුම්කරු හිමිකම් ලැබීමට සියළුම සුදුසුකම් ඇති බවට මා පෞද්ගලිකව සෑහීමට පත්වන බවත් සහතික කරමි.
 
දිනය: .....................                                                                                     අත්සන:........................................
                                    සමෘද්ධි නියාමකගේ නම සහ කොට්ඨාසය:
සමෘද්ධි කලමණාකරු(මූලස්ථාන)
  
     ඉදිරිපත් කර ඇති අයදුම්පත සත්‍ය හා නිවැරදි බව සහතික කරමි.
                                                 
                                           කලාප කළමණාකරුගේ නම:
                                           කලාප අංකය:
දිනය:.............................                  අත්සන:
 
ප්‍රාදේශීය ලේකම්:
 
     අයදුම්කරු සියළු වාරික ගෙවා ඇති බවත් හිමිකම් ලැබීමට සියළු සුදුසුකම් ලබා ඇති බවත් අදාළ ලේඛණ පරීක්ෂා කර බැලූ බවත් සහතික කරමි.
 
                                           නම හා අත්සන:
දිනය:.............................                  මූලස්ළුාන සමෘද්ධි කලමණාකරු:
 
                      අනුමත කරමි.
                                                 
දිනය:.............................                               .......................

                                                                     ප්‍රාදේශීය ලේකම්


ආයතනයේ තොරතුරු

සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

නො. 17,
බාන්ස් පෙදෙස,
කොළඹ 07.


ටී.ඒ. රණසිංහ මහතා
දුරකථන:+94-11 - 2693993, +94-11-2673886
ෆැක්ස් අංක:+94-11 - 2691017, +94-11-2673775
විද්‍යුත් තැපෑල:samurdhicom@gmail.com
වෙබ් අඩවිය: www.samurdhidept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:37:21
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty