The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පරිසරය පරිසර සංරක්ෂණය සහ වැඩසටහන් පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     පාරිසරික ආරක්ෂණ බලපත්‍රය     
පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම

PDF Print Email

හැඳින්වීම

  • 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත අනුව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් යනු නිතීමය අවශ්‍ය තාවයකි.
  • ජාතික පාරිසරික ආරක්ෂණ පනතේ අංක 23 A පරිච්ජේදයට අනුව, කිසියම් පුදු්ගලයෙකුට පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව නියමිත කටයුත්තක් සිදුකිරිමට අවසර නැති අතර, එවැනි ක්‍රියාකාරකමකින් නියමිත ප්‍රමිති උපමාන වලට අනුකුළව බාහිර පරිසරයට අපජලය, අපද්‍රව්‍ය, වායු දුම් හෝ වාෂ්ප, ශබදය හා කම්පනය මුදාහැරීමට නිතීමය බලයක් පාරිසරික ආරක්ෂණ බලපත්‍රය මඟින් ලැබේ.
  • 2008.01.25 දරණ හා අංක 1533/16 දරණ ගැසට් පත්‍රයට අනුව පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබාගත යුතු ක්‍රියාකාරකම්/ කර්මාන්ත/ ව්‍යාපෘති  නියමිත කටයුතු ලෙස අ. ආ සහ ඇ ලෙස ලේඛන 3කින් දුක්වා ඇති අතර, අ  ආ ලැයිස්තු වල සඳහන් නියමිත කර්මාන්ත සඳහා පරිසර අධිකාරියෙන් හෝ අදාල පලාත් කාර්යාලයෙන් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගත යුතුය.
  • ඇ කොටසේ නියමිත ක්‍රියාකාකරම් සඳහා අදාල පලාත් පාලන ආයතනයෙන් පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගත යුතුය.
  • ජාතික පාරිසරික පනතේ 26 වගන්තියට අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරිමේ බලය පලාත් පාලන ආයතන වෙත පවරා ඇත.
  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 පරිච්ජේදයේ ලියාපදිංචි වී ඇති ආයෝජන මණ්ඩලයට අයත් සියළුම කර්මාන්ත කොළඹ 01 ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ආයෝජන මණ්ලයෙන් පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගත යුතුය.
  • වයඹ පලාතේ පිහිටි අදාල කර්මාන්ත ක්‍රියාකාරකම් සඳුහා කුරුණෑගල පිහිටි වයඹ පළාත් පරිසර අධිකාරිය මඟින් පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබාගත යුතුය.වයඹ පලාත් පරිසර අධිකාරිය සඳුහා ඊට ස්වාධීන පරිසර ප්‍රඥප්තියක් ඇත.

අයදුම් කිරීම
පවත්වාගෙන යන කර්මාන්ත කටයුත්තක්/ නියමිත කටයුත්තක් නම් අදාල ආයතනයන් වෙත පරිසර ආරක්ෂණ බලපත්‍ර සඳුහා අයදුම්කළ යතු අතර, අළුතින් මෑතකදී ආරම්භ කරන ලද කර්මාන්ත නියමිත කටයුතු සඳහා අදාල නියමිත ක්‍රියකාරකම ආරම්භ කිරිමට මසකට පෙර (දින 30) සම්පුර්ණ කරන ලද පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතු වේ.

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අයදුම් පත්‍රයක් ලබාගැනීම
මධ්‍යම පරිසර අධිකාරියෙන් හෝ ඊට අයත් පලාත් උප කාර්යාල මඟින් ද, මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය මඟින්ද පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අයදුම්පත් ලබාගත හැක. තවද ඊට අදාල පලාත් පාලන ආයතන මඟින්ද අයදුම්පත් නිකුත් කරයි.

අයදුම්පත්‍ර ක්‍රියාවලිය 

  • අයදුම්පත්‍රයේ සඳුහන් විස්තර, තොරතුරු සහ ආයෝජනය පදුනම් කරගෙන ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු ගණනය කරන අතර, අයදුම්කරු විසින් ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු ගෙවිය යුතුය.
  • ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු ගෙවීමෙන් පසු ක්ෂේත්‍ර පරීක්ෂණය සිදුකරනු ලැබේ.
  • කර්මාන්ත ක්‍රියාවලියේදී ජනනය වන අපද්‍රව්‍ය නියමිත ප්‍රමිති උපමාන ඉක්මවා යයි නම් පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඒ බව අදාල අයදුම්කරු වෙත දුන්වා යවනු ලැබේ.
  • පාරිසරික ආරක්ෂන බලපත්‍ර ලබාදීම නිර්දේශ කල විට අයදුම්කරු විසින් පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ගාස්තුව ගෙවීම කළ යුතුය.
  • පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ගාස්තුව ගෙවු පසු පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කරනු ලැබේ.

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අයදුම්පත් ගාස්තු
මධ්‍යම පරිසර අධිකාරිය මේ සඳුහා ගාස්තුවක් අය කරන්නේ නැත.

කාර්යාල වේලාවන්
පෙ.ව. 09.00 සිට ප.ව. 04.00 දක්වා සතියේ දවස්වල මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාලය විවෘතව ඇත. පළාත් පාලන ආයතන සඳහා ඒ අය සඳහන් කරන කාර්යාල වේලාවන් ඇත.

කළයුතු ගෙවීම්
ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු හා බලපත්‍ර ගාස්තු

ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු
එය සාධක කිහිපයක් මත රඳා පවතී. නමුත් එය රජයේ බදුත් සමඟ රු. 3393.60 අවමයකට සහ රු. 11312.00 උපරිමයකට යටත් වේ.

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ගාස්තු
2008.01.25 දරණ හා අංක 1533/16 දරණ ගැසට් නිවේදනය අනුව පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ගාස්තුව කර්මාන්ත ක්‍රියාවලියේ ප්‍රමාණය හා වර්ගය මත අනුව පරිදි වේ.

කොටස
බලපත්‍ර නිකුත් කරන
ආයතනය

පාරිසරික ආරක්ෂණ බලපත්‍රගාස්තු
(නව/අළුත් නිකුත් කරන බලපත්‍රයක් සඳහා) රු.

උපරිම
වලංගු කාලය 

නියමිත ක්‍රියාවලි ගණන
මධ්‍යම පරිසර අධිකාරිය 7500.00 * වසර 01 80
මධ්‍යම පරිසර අධිකාරිය 6000.00 * වසර 03 33
පළාත් පාලන ආයතන 4000.00 වසර 03 25

*මෙයට අමතරව 12% ක වැට් බදු 3% ජාතීය ගොඩනැගීමේ බද්ද සහ 10% මුද්දර ගාස්තු එකතු කරනු ඇත.

ක්‍රියාවලියට ගතවන කාලය
සියළුම ගෙවිම් සහ තොරතුරු නිවැරදිව නියමිත වෙලාවට සිදු කලේ නම් මාස 2කින් පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබාගත හැක.

අවශ්‍ය  ලියකියවිලි

  1. ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය
  2. අදාල ඉඩ‍මේ ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳුහා අයිතිය ලබාදුන් නිතීමය ලියවිල්ල (ඔප්පු පිටපත, බදු ගිවිසුම් ආදුිය)
  3. මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
  4. අදාල කර්මාන්තය එම ඉඩමේ ඉදි කිරිමට අවසර දුන් ලියවිල්ල (වෙළඳ බලපත්‍රය)
  5. නිෂ්පාදන සහතිකය
  6. අපද්‍රව්‍ය පිරිපහදු ව්‍යාපෘති යෝජනා

අධිකාරිය මඟින් විමසන වෙනත් ලියවිල්ලක්
අදාල නිලධාරීන්
අමතර තොරතුරු සඳහා පලාත්/ දිස්ත්‍රික්ක කාර්යාල මඟින් විමසා ඔබගේ ප්‍රශ්ණය සඳහා මෙතෙක් විසදුමක් නොලැබිණි නම් ප්‍රධාන කාර්යාලයේ පරිසර දුෂණ පාලන අංශයේ නිලධාරියෙකු අමතන්න.


ආයතනයේ තොරතුරු

මධ්‍යම පරිසර අධිකාරිය

නො:104,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල.



දුරකථන:011-7877277, 7877278, 7877279, 7877280
ෆැක්ස් අංක:011-2888999
විද්‍යුත් තැපෑල:ceainfo@cea.lk
වෙබ් අඩවිය: www.cea.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:41:44
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty