The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව චාරිකා කිරීම, සංචාරය සහ විවේකය චාරිකා කිරීම මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     වන්දි ඉල්ලීම් ආකෘති පත්‍ර     විමර්ශන නිලධාරියාගේ වාර්තාව     CAF/1     INQ/2     SCR/III     CPO/IV     CPR/V     CRG/VI
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව

PDF Print Email

හැඳින්වීම

1998 අංක 5 දරණ මෝටර් වාහන සංශෝධන පනත මගින් ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ක්‍රියාත්මකවේ.සැමට සුරක්ෂිත මාර්ග පද්ධතියක් ඇති කිරීම යන තේමාව මූලික කරගෙන ක්‍රියාත්මක වන එකම රාජ්‍ය ආයතනය වන්නේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවයි. මෙම සභාව සභාපතිවරයෙකුගෙන් සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 17 ක නියෝජිත කණ්ඩායමකින් සමන්විත වේ.

මෝටර් වාහන පනතේ 213 අ වගන්තියෙන් මෙම සභාවේ කාර්ය භාරය දක්වා ඇති අතර, 213 ආ වගන්තිය මගින්  ’මාර්ග ආරක්ෂණ අරමුදල’ පිහිටුවා ඇත.  මෙම අරමුදල සඳහා 2004 නොවැම්බර් 24 දින අංක 1368/18 දරණ ගැසට් පත්ර්යට අනුව රක්ෂණ සමාගම් තම තෙවන පාර්ශවීය රක්ෂණයන්ගෙන් 1 % ක මුදලකින් දායක විය යුතුය.  

දැක්ම
    "සැමට සුරක්ෂිත මාර්ග"

මෙහෙවර
  "මාර්ග අනතුරුවලින් තොර සමාජයක් බිහිකිරීම"

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ කාර්ය භාරය

  •     හඳුනා නොගත් වාහන වලින් අනතුරට පත් තැනැත්තන්ට වන්දි ගෙවීම.
  •     මාර්ග ආරක්ෂාව පිළිබඳ ව්යාාපෘති සකස් කිරිම සහ ක්රිදයාවට නැංවීම.
  •    රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන තුළ මාර්ග ආරක්ෂාව හා සම්බන්ධිත කාර්යය සම්බන්ධීකරණය කිරිම.
  •     මාර්ග ආරක්ෂාව පිළිබඳ කටයුතු සඳහා මූල්‍යමය හා වෙනත් සහාය ලබා ගැනීම.
  •     මාර්ග ආරක්ෂාව හා සම්බන්ධිත ප්‍රතිපත්තීන් සහ ව්‍යාපෘති පිළිබඳව රජයට උපදෙස් දීම.
  •     සමාන ජාත්‍යන්තර ආයතන සමඟ සබඳතා පැවැත්වීම සහ පළපුරුද්ද පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම.
  •     සම්බන්ධිත විෂය‍යන් පිළිබඳ තොරතුරු රැස් කිරිම, පර්යේෂණ පැවැත්වීම සහ ක්ෂේත්‍ර පරීක්ෂණ පැවැත්වීම.
  •     මාර්ග ආරක්ෂාව පිළිබඳ දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම.
  •     මාර්ග ආරක්ෂාව විෂයයට අදාල පොත්පත් සහිත පුස්තකාලයක් පවත්වාගෙන යාම.

"හඳුනා නොගත් වාහන වලින් සිදුවන අනතුරු සඳහා වන්දි යෝජනා ක්‍රමය"

01. මෝටර් වාහන අනතුරක් හේතුකොට ගෙන මරණයට පත් වූ හෝ බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු වෙනුවෙන් අනතුරට සම්බන්ධ වාහනය හඳුනා නොගත් අවස්ථා වලදී පමණක් වන්දි ගෙවීම මේ යටතේ සිදු කරයි.

02. ඉහත අංක 01 හි සඳහන් ආකාරයට සිදුවන මෝටර් රථ අනතුරකදී දරුණු ලෙස තුවාල වූ අයෙකු නම් ඔහුට/ඇයට වන්දි මුදල් හිමිවන අතර, අනතුර මගින් මරණයට පත්වීම හේතුවෙන් වන්දි සඳහා හිමිකම් ඇත්තේ ඔහුගේ/ඇයගේ ළඟම ඥාති යැපෙන්නා හටය.

03. අයදුම්කරු විසින් සම්පූර්ණ නරන ලද අයදුම්පත ප්‍රදේශයේ ග්‍රාමසේවක නිළධාරියා වෙතින් සහතික කර, අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සහිතව, සියලු ලියවිලි වල පිටපත් සමගින් අනතුර සිදු වූ දින සිට මාස 06 ක් ඇතුලත ලියාපදිංචි තැපෑලෙන් ලේකම්, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, ප්‍රවාහන අමාත්‍යාංශය, අංක.01, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොළඔ 10. යන ලිපිනයට යොමු කළ යුතුය.

මේ සඳහා අවශ්‍ය අයදුම්පත්

  •     ළඟම පොලිස් ස්ථානයෙන්
  •     ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින්
  •     කොළඹ 10, ඩී.ආර්.විජේවර්ධන මාවතෙහි, ප්‍රවාහන අමාත්‍යාංශයේ පිහිටුවා ඇති  මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභා කාර්යාලයෙන්.
  •     www.transport.gov.lk  යන ප්‍රවාහන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.

NCRS/ අනුමත වන්දි සීමාවන් වන්නේ (2013.01.01 දිනෙන් පසු සිදු වූ අනතුරු සඳහා)

01. මරණයකදී                   රු.100,000/=
02. බරපතල තුවාලයකදී        රු.75,000/=


විමසීම්

තැපැල් ලිපිනය

ලේකම්,
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව,
ප්‍රවාහන අමාත්‍යංශය,
අංක 01,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ - 10,
ශ්‍රී ලංකාව.

දුරකථන අංක  -   +94 (0)  113 091 251
                      +94 (0) 112 696 890

ෆැක්ස්  අංකය -  +94 (0) 112 696 890

වෙබ අඩවිය :- www.transport.gov.lk

විද්‍යුත් තැපැල් ලිපිනය:- nrss@transport.gov.lk








 

 


ආයතනයේ තොරතුරු

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය

07 වෙනි මහල,
සෙත්සිරිපාය,
අදියර II ,
බත්තරමුල්ල.



දුරකථන:0112 187 200 / 0112 187 201
ෆැක්ස් අංක:0112 865 093 / 0112 187 226
විද්‍යුත් තැපෑල:secmintransport@gmail.com
වෙබ් අඩවිය: www.transport.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2013-12-20 14:51:38
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty