The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව රැකියා තොරතුරු Seminars, Workshops & Training Programmes පාසැල් පද්ධතියෙන් පිටවූ සිසුන් සඳහා කෘෂිකාර්මික අධ්‍යාපනය ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පාසැල් පද්ධතියෙන් පිටවූ සිසුන් සඳහා කෘෂිකාර්මික අධ්‍යාපනය ලබා ගැනීම.

PDF Print Email

 සුදුසුකම්

අ.පො.ස. (උසස් පෙළ) ජීව විද්‍යා විෂය ධාරාව යටතේ හෝ තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ නියමිත වූ විෂයයන් හදාරා, පාසැල් පද්ධතියෙන් ඉවත්ව යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පහත සඳහන් ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයන්හිදී, කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ වූ, ජාතික වෘත්තීය සුදුසුකම් 5 මට්ටමේ (NVQ 5) ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හෝ NVQ 6 මට්ටමේ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව පවතී.

NVQ-6 මට්ටමේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල
අඟුණකොළපැලැස්ස
කරපිංච
කුණ්ඩසාලේ
පැල්වෙහෙර
වවුනියාව

NVQ- 5 මට්ටමේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල
ලබුදූව
බිබිල
වාරියපොල
පාලමුණේ
පරන්තන්
අනුරාධපුරය
මෙම ඩිප්ලෝමා පාඨමාලාවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පවත්වනු ලැබේ. උසස් ජාතික ඩිප්ලෝමාව සඳහා වසර 2 ක් වූ ආයතනික පුහුණුවක්ද, ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා වසරක ආයතනික පුහුණුවක්ද කෘෂිකර්ම විද්‍යාල තුළ නේවාසිකව ගත කළ යුතු වේ. අනතුරුව මාස 6 ක් වූ රැකියාස්ථ පුහුණුවක් කරා පුහුණුලාභීන් යොමු කෙරේ.
එසේම දැනටමත් රජයේ රැකියාවන්හි නියුතු නිලධාරීන් සඳහාද ශිෂ්‍යත්ව පදනම මත NVQ-6 මට්ටමේ පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව උදා කර ඇත.
ඒ සඳහා නියමිත සුදුසුකම් සපුරා ඇති පහත සදහන් දෙපාර්තමේන්තු, පළාත් සභා සහ රජයේ අනෙකුත් ආයතනවල සේවය කරන නිලධාරීන්ට අයදුම් කළ හැක.

අනුමත තනතුරු (ආයතන අනුව)

ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ක්‍ෂේත‍්‍ර උපදේශකවරුන් - ශිෂ්‍යත්ව 10
උක් පර්යේෂණ ආයතනයේ තාක්ෂණික සහකාරවරුන් - ශිෂ්‍යත්ව 03
ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරියේ ඒකක කළමණාකරුවන් හා ක්‍ෂේත‍්‍ර සහකාරවරුන් - ශිෂ්‍යත්ව 17
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපල් කොන්දොස්තරවරුන් - ශිෂ්‍යත්ව 05
පොල් වගා කිරීමේ මණ්ඩලයේ ක්‍ෂේත‍්‍ර නිලධාරීන් - ශිෂ්‍යත්ව 05
කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ ක්‍ෂේත‍්‍ර සහකාරවරුන් - ශිෂ්‍යත්ව 04
කජු සංස්ථාවේ සංවර්ධන නිලධාරීන් - ශිෂ්‍යත්ව 04
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ උප සහකාරවරුන් - ශිෂ්‍යත්ව 07
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ කාර්මිකවරුන් - ශිෂ්‍යත්ව 07
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මී මැසි පාලකයින් - ශිෂ්‍යත්ව 08
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මී මැසි ප‍්‍රදර්ශකයින් - ශිෂ්‍යත්ව 08
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් - ශිෂ්‍යත්ව 18
ශී‍්‍ර ලංකා හදබිම අධිකාරියේ ක්‍ෂේත‍්‍ර නිලධාරීන් - ශිෂ්‍යත්ව 05
පළාත්සභා වල පුහුණු කෘෂිකර්ම උපදේශක (පුහුණු ශ්‍රේණි) - ශිෂ්‍යත්ව 20
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජකරු - ශිෂ්‍යත්ව 04
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බද්ධකරු - ශිෂ්‍යත්ව 04
මුළු සංඛ්‍යාව - 129

එසේම කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාලව පහත සදහන් ජාතික වෘත්තීය සුදුසුකම් 4 (NVQ 4 )මට්ටමේ පාඨමාලා හදාරා තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම මගින් ලබාදෙන ජාතික වෘත්තීය සුදුසුකම් 4 මට්ටමේ (NVQ 4 ) සහතික ඇති අයදුම්කරුවන්ටද NVQ-5 මට්ටමේ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට අයදුම් කළ හැක .

පැල තවාන් සංවර්ධන සහායක
ක්ෂේත්‍ර සහායක (කෘෂිකර්ම)
උද්‍යාන අලංකරණ ශිල්පී
හෝ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුමත කරන ජාතික වෘත්තීය සුදුසුකම් 4 (NVQ 4 ) මට්ටමේ වෙනත් පාඨමාලා

සුදුසුකම්
ඍජු අඅයදුම්කරුවන් සඳහා NVQ - 6 මට්ටම සඳහා,

අධ්‍යාපන සුදුසුකම්
(අ) සිංහල/දෙමළ භාෂාව, ගණිතය සහ විද්‍යාව යන විෂයයන් තුනට අනිවාර්යයෙන් සම්මාන හෝ විශිෂ්ට සාමාර්ථද, සමාජ අධ්‍යයනය හෝ කෘෂිකර්මය හෝ ඉතිහාසය හෝ ජීවන නිපුණතා හා පුරවැසි අධ්‍යාපනය හෝ කෘෂි ආහාර තාක්ෂණය හෝ උද්‍යාන විද්‍යාව යන විෂයයන් හයෙන් (06) එකකටවත් සම්මාන සාමාර්ථයක්ද ඇතිව (මේ අනුව සම්පූර්ණයෙන් සම්මාන සාමාර්ථ හතරක් (04) තිබිය යුතුය. දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයයන් හයක් (06) සහිතව අ.පො.ස. (සා.පෙ) සමත් වී තිබිය යුතුය. මෙහිදී එක් වරකදී විෂයයන් තුනකට (03) සම්මාන සාමාර්ථ සහිතව අවම වශයෙන් විෂයයන් පහක් (05) සමත් වී තිබීම.
සහ
අ.පො.ස (උසස් පෙළ) විභාගයේදී ජීව විද්‍යා විෂය ධාරාව තුල ජීව විද්‍යාව,භෞතික විද්‍යාව, රසායන විද්‍යාව යන විෂයයන් තුන හදාරා එක් විෂයයක්වත්් සමත් වී තිබිම. (කෘෂිකර්ම විද්‍යාලවලට තෝරා ගැනීමේදී දිස්ත‍්‍රික් මට්ටමේදී විෂයයන් තුනක් (03) සමත් වි ඇති සිසුන්ට ප‍්‍රමුඛතාවක් ලබා දෙනු ලැබේ.)
හෝ
අ.පො.ස (උසස් පෙළ) විභාගයේදී ජීව විද්‍යා විෂය ධාරාව තුල ජීව විද්‍යාව, කෘෂි විද්‍යාව හාරසායන විද්‍යාව යන විෂයයන් තුන හදාරා එක් විෂයයක්වත් සමත් වී තිබිම. (කෘෂිකර්ම විද්‍යාලවලට තෝරා ගැනීමේදී දිස්ත‍්‍රික් මට්ටමේදී විෂයයන් තුනක් සමත් වි ඇති සිසුන්ට ප‍්‍රමුඛතාවක් ලබා දෙනු ලැබේ.)
(උසස් පෙළ සඳහා ගණිතය විෂය ධාරාව හැදෑරු සිසුන් රසායන විද්‍යාව හෝ භෞතික විද්‍යාව සමත් වී තිබීම මෙම පාඨමාලාවට සුදුසුකම් ලැබුවා සේ නොසැලකේ.)

(ආ) සිංහල/දෙමළ භාෂාව, ගණිතය සහ විද්‍යාව යන විෂයයන් තුනට අනිවාර්යයෙන් සම්මාන හෝ විශිෂ්ට සාමාර්ථද, සමාජ අධ්‍යයනය හෝ කෘෂිකර්මය හෝ ඉතිහාසය හෝ ජීවන නිපුණතා හා පුරවැසි අධ්‍යාපනය හෝ කෘෂි ආහාර තාක්ෂණය හෝ උද්‍යාන විද්‍යාව යන විෂයයන් හයෙන් (06) අවම වශයෙන් එකකටවත් සම්මාන සාමාර්ථයක්ද ඇතිව (මේ අනුව සම්පූර්ණයෙන් සම්මාන සාමාර්ථ හතරක් (04) තිබිය යුතුය.) දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයයන් හයක් (06) සහිතව අ.පො.ස. (සා.පෙ* සමත් වී තිබිය යුතුය. මෙහිදී එක් වරකදී විෂයයන් තුනකට (03) සම්මාන සාමාර්ථ සහිතව අවම වශයෙන් විෂයයන් පහක් (05) සමත් වී තිබීම.
සහ
අ.පො.ස (උසස් පෙළ) විභාගයේදී තාක්ෂණවේදය විෂය ධාරාවේ ජෛව තාක්ෂණවේදය, තාක්ෂණ වේදය සඳහා විද්‍යාව සහ කෘෂිකර්මය යන විෂයයන් තුන හදාරා එක් විෂයයක්වත්් සමත් වී තිබිම. (කෘෂිකර්ම විද්‍යාල වලට තෝරා ගැනීමේදී දිස්ත‍්‍රික් මට්ටමේදී විෂයයන් තුනක් සමත් විඇති සිසුන්ට ප‍්‍රමුඛතාවක් ලබා දෙනු ලැබේ.)
හෝ
අ.පො.ස (උසස් පෙළ) විභාගයේදී තාක්ෂණ වේදය විෂය ධාරාවේ ඉංජිනේරු තාක්ෂණවේදය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව හා කෘෂිකර්මය යන විෂයයන් තුන හදාරා එක් විෂයයක්වත් සමත් වී තිබිම. (කෘෂිකර්ම විද්‍යාල වලට තෝරා ගැනීමේදී දිස්ත‍්‍රික් මට්ටමේදී විෂයයන් තුනක් සමත් විඇති සිසුන්ට ප‍්‍රමුඛතාවක් ලබා දෙනු ලැබේ.)

වයස් සීමාව
ගැසට් නිවේදනයේ සඳහන් වන දිනට අපේක්ෂකයාගේ වයස අවුරුදු 17 ට අඩු නොවිය යුතු අතර, අවුරුදු 25 ට වැඩි නොවිය යුතුය.

ඍජු අඅයදුම්කරුවන් සඳහාNVQ - 5මට්ටම සඳහා,
අධ්‍යාපන සුදුසුකම්


සිංහල /දෙමළ , ගණිතය සහ විද්‍යාව යන විෂයයන් තුනට අනිවාර්යෙන් සම්මාන සාමාර්ථ හෝ විශිෂ්ට සාමාර්ථද , සමාජ අධ්‍යයනය හෝ කෘෂිකර්මය හෝ ඉතිහාසය හෝ ජීවන නිපුනතා හා පුරවැසි අධ්‍යාපනය හෝ කෘෂි ආහාර තාක්ෂණය හෝ උද්‍යාන විද්‍යාව යන විෂයයන් 06න් එකකටවක් සම්මාන සාමාර්ථයක් ඇතිව (මේ අනුව සම්පුර්ණයෙන් සම්මාන සාමාර්ථ හතරක් (04) තිබිය යුතුය ) දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයයන් 06ක් සහිතව අ .පො .ස . (සා .පෙළ ) සමත් වී තිබීම (මෙහිදී එක් වරකදී විෂයන් 05 ක් සමත්ව තිබිය යුතුය)
සහ
අ .පො .ස (උ .පෙළ) විභාගයේ දී ජීව විද්‍යාව විෂය ධාරාව තුළ ජීව විද්‍යාව , භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, කෘෂි විද්‍යාව , යන විෂයයන්ගෙන් එක් විෂයයක්වත් සමත් වී තිබිය යුතුය . (උසස් පෙළ සඳහා ගණිත විෂය ධාරාව හැදැරූ සිසුන් රසායන විද්‍යාව හෝ භෞතික විද්‍යාව සමත් වී තිබීම මෙම පාඨමාලාව තෝරා ගැනීමේ සුදුසුකමක් ලෙස සලකනු නොලැබේ . )
හෝ
අ .පො.ස ( උසස් පෙළ) විභාගයේදී තාක්ෂණ වේදය විෂය ධාරාවේ ජෛව තාක්ෂණ වේදය, තාක්ෂණ වේදය සදහා විද්‍යාව සහ කෘෂිකර්මය යන විෂයයන් තුන හදාරා එක් විෂයයක්වත් සමත්වී තිබීම
හෝ
අ .පො.ස ( උසස් පෙළ) විභාගයේදී තාක්ෂණ වේදය විෂය ධාරාවේ ඉංජිනේරු තාක්ෂණ වේදය, තාක්ෂණ වේදය සදහා විද්‍යාව, හා කෘෂිකර්මය යන විෂයයන් තුන හදාරා එක් විෂයයක්වත් සමත්වී තිබීම

වයස් සීමාව
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට ඉල්ලුම්කරුගේ වයස අවුරුදු 17 ට නොඅඩු විය යුතු අතර , අවුරුදු 25 ට වඩා වැඩි නොවිය යුතුය .

ජාතික වෘත්තීය සුදුසුකම් 4 (NVQ 4 )මට්ටමේ සුදුසුකම්ලාභීන් සඳහා
අධ්‍යාපන සුදුසුකම්


සිංහල /දෙමළ , ගණිතය සහ විද්‍යාව යන විෂයන් තුනට අනිවාර්යෙන් සම්මාන සාමාර්ථ හෝ විශිෂ්ට සාමාර්ථද , සමාජ අධ්‍යයනය හෝ කෘෂිකර්මය හෝ ඉතිහාසය හෝ ජීවන නිපුනතා හා පුරවැසි අධ්‍යයනය හෝ කෘෂි ආහාර තාක්ෂණය හෝ උද්‍යාන විද්‍යාව යන විෂයයන් 06න් එකකටවක් සම්මාන සාමාර්ථයක් ඇතිව , (මේ අනුව සම්පුර්ණයෙන් සම්මාන සාමාර්ථ හතරක් (04) තිබිය යුතුය .) දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයයන් 06 ක් සහිතව අ .පො .ස . (සා .පෙළ ) සමත් වී තිබිය යුතුය . (මෙහිදී එක් වතාවකදී විෂයන් 05 ක් සමත්ව තිබීය යුතුය ).
සහ
තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම මගින් පිළිගත් ආයතනයක ජාතික වෘත්තීය සුදුසුකම් 4 (NVQ Level 4 ) මට්ටමේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල පාඨමාලාවක් හදාරා සහතික පත්‍ර ලත් අයකු වීම
වයස් සීමාව
මෙම අයදුම්කරුවන් අයදුම්පත් කැඳවන අවසාන දිනට අවුරුදු 17ට නොඅඩු විය යුතු අතර , අවුරුදු 35 ට වඩා නොවැඩි විය යුතුය .

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
NVQ 6 මට්ටමේ පාඨමාලාව සඳහා ගැසට් නිවේදනයකින් සෑම වසරකට අප්‍රේල්, ජූනි දක්වා අතර කාල සීමාවේදී ඉල්ලුම්පත් කැදවනු ලැබේ.
ගැසට් නිවේදනය ප්‍රාකාරව ඉල්ලුම්පත්‍රය සකස් කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ විභාග අංශය වෙත ලියාපදිංචි තැපෑලෙන් නියමිත දිනට පෙර ඉල්ලුම්පත්‍ර යොමු කල යුතුය.
NVQ 5 මට්ටමේ පාඨමාලාව සඳහා සෑම වසරකම නොවැම්බර් දෙසැම්බර් කාලසීමාවේදී ඉල්ලුම්පත් කැඳවන අතර, ඍජු අඅයදුම්කරුවන් මෙන්ම NVQ 4 සුදුසුකම්ලාභීන්ද එම ගැසට් නිවේදනය ප්‍රාකාරව අයදුම්පත් සකස් කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ විභාග අංශය වෙත ලියාපදිංචි තැපෑලෙන් නියමිත දිනට පෙර ඉල්ලුම්පත්‍ර යොමු කල යුතුය. රජයේ නිලධාරීන් සඳහා  අගෝස්තු හෝ සැප්තැම්බර් මාසවලදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ඉහත සඳහන්  ආයතනවල නිලධාරීන්ගෙන් ඉල්ලුම්පත් කැඳවීමේ නිවේදනයක් අදාල ආයතනවලට එවනු ලැබේ. එම නිවේදනයට අනුව ඉල්ලුම්පත් සකස්කර ඉල්ලුම් කළ යුතුයි. ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- ඍජු අයදුම්කරුවන් සහ NVQ 4 සුදුසුකම්ලාභීන් අයදුම්පත්‍ර ගැසට් නිවේදනය ප්‍රාකාරව සකස් කර ගැනීම කළ යුතුවේ. ශිෂ්‍යත්වලාභී නිලධාරීන් විසින් ඉල්ලුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් ආකෘතියට අනුව අයදුම්පත් සකස් කර ඉදිරිපත් කළ යුතුය. ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :- ඉල්ලුම් පත්‍රය සමඟ, බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා අදාළ වන විභාග ගාස්තුව වන රු.700/- ගෙවා ලබාගන්නා ලද කුවිතාන්සිය නියමිත ස්ථානයේ අලවා එවිය යුතුය. ඉදිරිපත් කළ යුතු වේලාවන් :- ගැසට් නිවේදනයේ සඳහන් දින හෝ ඊට ප්‍රථම ඉල්ලුම්පත් ගැසට් නිවේදනයේ සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ශිෂ්‍යත්වලාභී නිලධාරීන් අදාළ ඉල්ලුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් දින හෝ ඊට ප්‍රථම ඉල්ලුම්පත් ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු -
අදාළ නොවේ සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි -
අදාළ නොවේ සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඊ-මේල්

අධ්‍යක්ෂ(ව්‍යප්ති හා පුහුණු)

එස්. අමල් අරුණප්‍රිය මයා

ව්‍යාප්ති හා පුහුණු

081 - 2388098

081 - 2387403

 

අතිරේක අධ්‍යක්ෂ (විභාග)

එච්.එස්. කුරුවිට මයා

ව්‍යාප්ති හා පුහුණු

081-2388340

081-2388059

 

අතිරේක අධ්‍යක්ෂ (අධ්‍යාපන)

කේ.එන්.එස්. රණතුංග මිය

ව්‍යාප්ති හා පුහුණු

081-2388341

081-2388059

 

නියෝජ්‍ය අධ්‍යක්ෂ (විභාග)

ඒ.එම්.යූ. පින්නලන්ද මයා

ව්‍යාප්ති හා පුහුණු

081-2388059

081-2388059

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථාහා විශේෂ තොරතුරු ඉල්ලුම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න) අදාළ නොවේ ගැසට් නිවේදනයේ ඵලකරන ආකෘතිය හා උපදෙස් අනුව ඉල්ලුම්පත තමන් විසින් සකස් කර ගත යුතුය.          සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)    

 


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව.


පී.මාලතී
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:57:34
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty