The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව රැකියා තොරතුරු රජයේ සේවකයන් සේවක පාර්ශවය නව ලියාපදිංචි කිරිම් සහ නැවත ලියාපදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     D ආකෘති පත්‍රය     ලියාපදිංචි ආකෘතිය සමගින් ව්‍යාපාර ලියාපදිංචි සහතිකය     
සේවක පාර්ශවය නව ලියාපදිංචි කිරිම් සහ නැවත ලියාපදිංචි කිරීම

PDF Print Email

සුදුසුකම්

පහත සඳහන් කරුණු අනුව මහජනතාවට මේ සඳහා අයදුම් කිරීමට පිළිවන.

  • නව ආයතනයක් ස්ථාපිත කිරීම

  • නැවත ලියාපදිංචි කිරීම

  • පවතින ආයතන සඳහා ලිපිනයන් මාරු කිරීම

  • පවතින ආයතන සඳහා නාමය වෙනස් කිරීම

  • ආයතනික අයිතිකරු  වෙනස් වීම

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

ප්‍රධාන කාර්යාලයෙන් හෝ සියලු දිස්ත්‍රික් කම්කරු කාර්යාල හා උප කම්කරු කාර්යාල මඟින් ලබා ගත හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

අයදුම්පත ආයතනය පිහිටි  දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් හෝ උප කම්කරු කාර්යාලය වෙත සතියේ වැඩකරන දිනකදී කාර්යාල වේලාව ඇතුළත භාරදිය යුතු වේ.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

ලියාපදිංචි කිරීම සඳහා ප්‍රධාන කාර්යාලයේ දී එක් දිනක් ද අනිකුත් කාර්යාල වලදී දින 07 ක කාලයක් ද ගත වේ.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • සේව්‍යයා විසින් සම්පූර්ණ කරන ලද ‘D’ ආකෘති පත්‍රවල මුල් පිටපත් 02 ක්

  • ආයතනයේ සේවකයින් 10ක් හෝ ඊට අඩු නම් ‘D’ ආකෘති පත්‍රවලට අමතර ව ‘D’ඇමුණුම් ආකෘති පත්‍ර මුල් පිටපත් දෙකක් නිල මුද්‍රාව සහිත ව සහතික කොට ඉදිරිපත් කළ යුතු ය.

  • සේවකයින් 10 ට වඩා වැඩිනම් සේවකයන්ගේ සම්පූර්ණ නම්, ලිපින, වයස, රැකියාවේ ස්වභාවය, වැටුප, සේවයට බැඳුනු දිනය ඇතුළත් සේවක ලැයිස්තුව (‘D’ පත්‍ර සහතික කරන පුද්ගලයා විසින්ම සහතික කොට නිල මුද්‍රාව තැබිය යුතුය) 

  • ආයතනය හෝ ව්‍යාපාරය, ආරම්භ කළ දිනය හෝ ලියාපදිංචි කළ දිනය සහ සේ.අ.අ.හි ලියාපදිංචි වන දිනය අතර අවුරුදු 2කට වැඩි කාල පරතරයක් ඇත්නම් සේවායෝජකයා විසින් ඊට හේතු ලිඛිත ප්‍රකාශයක් මඟින් ඉදිරිපත් කළ යුතු ය.

  • ‘D’ පත්‍රය හා ‘D’ ඇමුණුම් ආයතනයේ හිමිකරුවකු හෝ හවුල්කරුවකු (හවුල් ව්‍යාපාරයක් පමණක් නම්) විසින්ම සහතික කලයුතු අතර වෙනත් පුද්ගලයෙක් සහතික කරන්නේ නම් එම පුද්ගලයාට ඇටර්නි බලතල (Power of Attorney) ලබාදී තිබීම අනිවාර්ය වන අතර එහි පිටපතක් ඉදිරිපත් කළ යුතුය.

  • වෙනත් බලය පැවරීමේ ලිපි භාරගත නොහැක.(රාජ්‍ය ආයතන හා සම්බන්ධ ව්‍යාපෘති වලදී හැර)

  • ආයතනයේ සේවය කරන සේවකයින් සේවක මාරුවීමකින් පත්වීම් ලබාගත්තේ නම් එම සේවකයින්ගේ ව්‍යවස්ථාපිත හිමිකම්වල අඛණ්ඩ බව රැකෙන බවට ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහතිකයක්.

  • සමාගමක් හෝ හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන විට, D ඇමුණුමෙහි(සේවක ලැයිස්තුවෙහි)  අධ්‍යක්ෂවරයෙකු හෝ හවුල්කරුවකු ඇතුළත් වේ නම්, එම නම් සඳහන් අය හැර එම ආයතනයේ වෙනත් අධ්‍යක්ෂවරයෙකු හෝ හවුල්කරුවකු විසින් ආකෘති පත්‍ර සහතික කළයුතු ය.සියළුම අධ්‍යක්ෂවරුන් හෝ හවුල්කරුවන්ගේ නම් සඳහන් වන අවස්ථාවක දී මෙහි ගැටලුවක් නැත. 

මෙම ආකෘති පත්‍රවලට අමතරව, ලියාපදිංචි කරනු ලබන ආයතනය / ව්‍යාපාරය, 

තනි පුද්ගල ව්‍යාපාරයක් නම්,

  • ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ  ඡායා පිටපතක්

  • ආයතනයේ හෝ ව්‍යාපාරයේ අයිතිකරුගේ ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක්, සමඟ ඉදිරිපත් කළ යුතු ය.

  • ලියාපදිංචි නොකළ ව්‍යාපාරයක් නම් ජාතික හැඳුනුම්පත් පිටපත් ප්‍රමාණවත් වේ. 

හවුල් ව්‍යාපාරයක් නම්,

  • ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඡායා පිටපතක්,

  • ආයතනයේ හෝ ව්‍යපාරයේ සියළුම හවුල්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත්වල ඡායා  පිටපත්, සමඟ ඉදිරිපත් කළ යුතු ය.

සීමිත, සීමාසහිත පුද්ගලික හෝ වගකීමෙන් සමාගමක් හෝ ඇපයෙන් සීමිත නම්,

  • ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ හෝ සංස්ථාගත කිරීමේ සහතිකයේ සත්‍ය ඡායා පිටපතක්

  • සමාගම් රෙජිස්ට්‍රාර් විසින් සහතික කල අයතනයේ හෝ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තොරතුරු සඳහන් ආකෘති පත්‍ර 01,05 ( FORM 01, 05 ) හෝ ආකෘති පත්‍ර 20, 40 ( FORM 20, 40) හී සත්‍ය පිටපතෙහි ඡායා පිටපතක් , සමඟ ඉදිරිපත් කල යුතුය.

විදේශ සමාගමක් නම්,

  • ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ හෝ සංස්ථාගත කිරීමේ සහතිකයේ සත්‍ය ඡායා පිටපතක්

  •  සමාගම් රෙජිස්ට්‍රාර් විසින් සහතික කළ ආකෘති පත්‍ර 44, 45, 46 (FORM 44, 45, 46) හි සත්‍ය පිටපත්වල ඡායා පිටපත්

  •  ‘D’ ආකෘති පත්‍රවල අත්සන් කරනු ලබන්නේ ඉහත ආකෘති පත්‍ර 45 (FORM 45) හෝ ආකෘති පත්‍ර 46 (FORM 46)  සඳහන් අධ්‍යක්ෂවරයෙකු/බලයලත් නිලධරයා නොවන පුද්ගලයෙකු නම් ඒ සඳහා ඇටර්නි බලතල (POWER OF ATTORNEY) ලබා දී ඇති ලියවිල්ලේ පිටපතක්

  • ඉහත (III) හි සඳහන් පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පතෙහි හෝ විදේශ ගමන් බලපත්‍රයෙහි සත්‍ය ඡායා පිටපතක්

රාජ්‍ය ආයතන හා සම්බන්ධ සංවිධාන, අධිකාරී හෝ ව්‍යාපෘතියක් නම්,

  • ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති ලේඛනයේ පිටපතක්

  • අදාල කාර්ය මණ්ඩලය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ ලිපියක්

  • (ව්‍යාපෘති) අධ්‍යක්ෂ, සභාපති සඳහා ලබා දී ඇති පත්වීම් ලිපියේ පිටපතක්

  • භාණ්ඩාගාර අනුමැතිය දෙන ලද ලිපියේ පිටපතක්

  • එක් සේවකයෙකුට හෝ ලබා දී ඇති පත්වීම් ලිපියක පිටපතක්

  • (ව්‍යාපෘති) අධ්‍යක්ෂ, සභාපති විසින් පහත ලිපිනයට ඉදිරිපත් කරන සේවක අර්ථසාධක අරමුදල සඳහා ලියාපදිංචි වීමට ලිඛිතව කරන ඉල්ලීමක්

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

සහකාර කම්කරු කොමසාරිස්      

ආර්.එන්.ඒ.ජී.එස්.පී. නවරත්න මයා

සේ.අ.අ. ලියාපදිංචි කිරීම්           

011-2 369190

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ආයතනයට සේවකයන් බඳවාගත් දින සිටම තම ආයතනයේ සියළුම සේවකයන්ගේ අර්ථසාධක අරමුදල් ගෙවිය යුතුය.

ගෙවීම ප්‍රමාදවීමේ දී දඩ මුදල් පැනවීම-ආයතනික හිමියන් ස්වකීය ආයතනයේ සේවකයන් සඳහා සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් ගෙවිය යුතුය. එසේ ගෙවීමට අපහසු හෝ ගෙවීම් පැහැර හරින විට පහත සඳහන් පරිදි දඩ මුදලකට යටත් වේ.

  • දින 1 සිට 10 දක්වා -5%

  • දින 10 සිට මාස 1-15%

  • මාස 1 සිට මාස 3 දක්වා-20%

  • මාස 3 සිට මාස 6 දක්වා-30%

  • මාස 6 සිට අවුරුදු 1 දක්වා- 40%

  • අවුරුදු 1 ට වැඩි-50%

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

labourdept.gov.lk වෙබ් අඩවිය මඟින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

 


ආයතනයේ තොරතුරු

කම්කරු දෙපාර්තමේන්තුව

කම්කරු මහ ලේකම් කාර්යාලය,
අංක 41,
කිරුල පාර,
කොළඹ 05.


එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මයා
දුරකථන: (+94)11 2581145
ෆැක්ස් අංක:(+94)11 2581145
විද්‍යුත් තැපෑල:contacts@labourdept.gov.lk
වෙබ් අඩවිය: www.labourdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:39:14
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty