The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව යුක්තිය, නීතිය සහ අයිතිවාසිකම් පාරිභෝගික ආරක්ෂණය පඩි මිනුම් සහ කිරීමේ හෝ මැනීමේ උපකරණ සදහා අනුමැතිය ‍‍ලබාගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පඩි මිනුම් සහ කිරීමේ හෝ මැනීමේ උපකරණ සදහා අනුමැතිය ‍‍ලබාගැනීම

PDF Print Email

 

යෝග්‍යතාවය

‍සේවය ලබා ගැනීමට කැමති නිෂ්පාදකයාට හෝ වෙළෙන්දාට පහත දැක්වෙන සුදුසුකමි වලට ඇතුලත් විය යුතුය.

අයදුම්කරුට  අළුත්වැඩියා කිරීමේ බලපත්‍රය තිබිය යුතුය.
ආනයන උපකරණ අනුමැතියේදී සමාගම හෝ තනි පුද්ගලයකු වශයෙන් උපකරණ අළෙවියේදී නිෂ්පාදන සමාගමේ අනුමැතිය ඇති ගණුදෙනුකරුවකු බව හදුනාගත යුතුය.

සටහන:
අයදුමිකරැට අළුත්වැඩියා කිරීමේ බලපත්‍රයක් හිමිනැතිනමි මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව මගින්  නව බලපත්‍රයක් අයදුමිකල යුතුය 
 
ඉල්ලුම්පත්‍ර
විධිමත් අයදුම්පතක් නැත. මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අධක්ෂ නමට ලිපියක් මගින් ඉල්ලුම් කළ හැක.

ක්‍රියාවලිය පියවරෙන් පියවර

1 පියවර
අනුමැතිය අවශ්‍ය ඕනෑම නිෂ්පාදනකරුවකු හෝ අලෙවිකරුවකු  (ආනයන උපකරණ) මිනුම් ඒකක, ප්‍රමිතී හා සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නමට ලිපියක් සමඟ අයදුම්පත ඉදිරිපත් කිරිම.

සටහන
අයදුම්කරුගේ ලිපියේ අනුමැතිය අවශ්‍ය උපකරණයේ තරාදි වර්ගය, මාදිලිය, පරාසය,  අඩංගු කර ක්‍රියාකාරිඅත්පොත සේවා අත්පොත හෝ පඩියේ සටහනක් සමගින් ඉදිරිපත් කල යුතුය.

2 පියවර
දෙපාර්තමේන්තුව අයදුමිකරැ ෙග් ලිපිය සහ ලියකියවිලි වල සත්‍යතාවය පිරික්සීම.

3 පියවර
අයදුම්කරුගේ ලියකියවිලි අනුමත කල විට උපකරණ රැගෙන එන ලෙසට දෙපාර්තමේන්තුව විසින් අයදුම්කරුට දැනුම් දේ.

4 පියවර
අයදුම්කරු උපකරණ රැගෙන ආ විට දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂා කිරීම.

5 පියවර
උපකරණ අනුමත කල විට දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සමග සාකච්ඡාවකට පැමිණෙන ලෙස දැනුම් දේ.


සටහන 1
අයදුම්කරු ඉදිරිපත් කල ලියවිලි පිලිනොගත් විට වලංගු ලියකියවිලි නැවත ඉදිරිපත් කරන ලෙස අවවාද කෙරේ.

සටහන 2
අවශ්‍ය තත්ත්වයන් ඉදිරිපත් කිරිමට අයදුම්කරු අපොහොසත් වු විට ඔහුට/ ඇයට හමු වීමට දැනුම් දේ. දෙපාර්තමේන්තුව අධ්‍ය්කෂ විසින් මෙම කැදවීමට පෙර සංශෝ්ධන සදහා අවශ්‍ය උපදෙස් ලබාදේ.

සටහන 3
උපකරණය අනුමත කිරිමට කිසියම් සංශෝධන අවශ්‍ය නම් අළුත් අනුමැතියක් ලබා ගන්නා ලෙස අවධාරණය කෙරේ.

කාල නියමයන් ඉදිරිපත් කිරීම
උපකරණ ඉදිරිපත් කිරිම
රාජකාරී දිනඃ සදුදා සිට සිකුරාදා දක්වා
විවෘතව ඇති කාලයඃ පෙ.ව.8.30-ප.ව.04.15
නිවාඩුඃ සියළුම රජයේ සහ වෙළද නිවාඩු දිනයන්

අදාල වන  කාල නියමයන්
ලබා ගන්නා අනුමැතිය ජීව කාලය සදහාම වලංගු වේ.


සේවයට අදාල වියදමි

මිල
‍සේවය ලබා ගැනීමේ වියදම අයදුම්කරු දරයි.

ගාස්තු

අනුමත කරනු ලබන මාදිලිය රු.ශත
පඩි, මිනුම්, තරාදි දඬු, දුනු තරාදි 1000.00
වේදිකා තරාදි, සමබර තරාදි 2500.00
පාලම් කිරුම් යන්ත්‍ර, ඉලෙක්ට්‍රොනික් කිරුම් යන්ත්‍ර
( මිල ගණනය කිරීම, මුද්‍රණය කිරීම වැනි, අතිරේක උපාංග සමග කිරුම් යන්ත්‍ර මුද්‍රාකිරීමේදී එක් එක් අතිරේක උපාංගයක් සදහා ඉහත සදහන් ගාස්තුවට අමතරව 20% අධිභාරයක් අයකළ යුතුය)
10,000.00
ඉන්ධන පිරවුම් යන්ත්‍ර 15,000.00


සටහන:
සෑම නිවැරැදි කිරීම් වාරයක් සදහා සහ නැවත අළුත් කිරීමක් සදහා ඉහත සදහන් ගාස්තුවෙන් 20% ක මුදලක් ගෙවා නැවත මාදිලි අනුමැතිය සදහා ඉදිරිපත් කළ යුතුය.

දඩ
දඩ අංශයට සහ වරදට අනුව

අවශ්‍යය ආධාරක ලියවිලි

 
මිනුම්කරණ උපකරණ අනුමැතිය සදහා පහත දැක්වෙන ලියවිලි අවශයය.


ව්‍යාපාර ලියාපදිංචි සහතිකය ලියාපදිංචි සහතිකය
අළුත්වැඩියා කිරීම සඳහා බලපත්රනය
ක්‍රියාකාරී අත්පොත/ සේවා අත්පොත/පඩි සටහන
ජීව සෛල විස්තර
විදේශ නිෂ්පාදනකරුගේ අනුමත ගණුදෙනු ලිපිය
මෘදුකාංග පිටපත්
විකල්ප

සේවා වගකීම් නියමයන්
 

තනතුර නම අංශයේ නම
වැ.බ. අධ්‍යක්ෂ කේ. ප්‍රේමසිරි කුමාර ජාතික මිනුම් විද්‍යාගාරය - මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව



විශේෂ අවස්ථා
අදාල නොවේ.


ආදර්ශ දත්තයන් සමග ආදර්ශ ආකෘති

අදාල නොවේ.






 








 


ආයතනයේ තොරතුරු

මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව

මාහේන වත්ත,
පිටිපන,
හෝමාගම.


ආර්.ජී.එස්.ඒ. පෙරේරා මහතා
දුරකථන:+94-11-2182250
ෆැක්ස් අංක:+94-11-2182259
විද්‍යුත් තැපෑල:dir@measurementsdept.gov.lk
වෙබ් අඩවිය: www.measurementsdept.gov.lk

අදාළ සේවා


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:02:21
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty