The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව යුක්තිය, නීතිය සහ අයිතිවාසිකම් පාරිභෝගික ආරක්ෂණය අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිළ පාලනය කිරිම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිළ පාලනය කිරිම

PDF Print Email


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සේවාව පවත්වාගෙන යනු ලබන්නේ 2003 අංක 9 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරයේ පනත යට‍තේ 14, 18 සහ 19 වන වගන්තිවලට අනුව අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන්හි මිළ ගණන් සාධාරණව පාලනය කිරිම සඳහාය.  එමනිසා එවැනි භාණ්ඩ පිළිබඳ කටයුතු කරන තොග හෝ සිල්ලර මිළ ගණන් නැංවීමට පෙර කිසියම් නිෂ්පාදකයකු හෝ වෙළෙ‍ඳෙකු විසින් එසේ කිරිමට පෙර පාරිභෝගික ද්‍රව්‍ය පිළිබඳ අධිකාරියෙහි ලිඛ්ත අනුමැතියක් ලබා ගත යුතුය. 19 වන වගන්තිය යටතේ “අධික මිලකිරීමේ” සිදුවීමකදි අධිකාරිය මැදිහත් වී එම භාණ්ඩවල උපරිම මිල තීරණ කරයි. 14 වන වගන්තිය යටතේ නිෂ්පාදකයකු සහ වෙළෙ‍ඳෙකු අතර මිල තීරණය කිරීමේ ගිවිසුම් ඇතිකරගැනීමේ පහසුකම් තිබේ.


මිළ ගනණ් ප්‍රමිතියට ලක් කරන ද්‍රව්‍යයන් ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරනු ඇත.

 


නිශ්චිත ලෙස වර්ගීකල භාණ්ඩ හා සේවා

මිළ ගනණ් ප්‍රමිතියට ලක් කරන ද්‍රව්‍යයන් ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරනු ඇත


වගන්ති 18 (1) යන පනත යටතේ භාණ්ඩ හා සේවා ශ්‍රී ලංකා රඡයේ ගැසට් පතේ මුද්‍රණය කරනු ලැබේ.


වගන්ති 18 (1) යන පනත යටතේ  මුද්‍රණය කරනු ලද භාණ්ඩ පහල දැක්වේ.

අ) කිරිපිටි        ප්‍රජාතන්ත්‍රවාදී හා සමාඡවාදි ශ්‍රී ලංකා ඡනරඡයේ ගැසට් පත - සුවිශේෂ අංක 1302/24, 20.08.003 යන දිනයේ කර ඇත.
ආ) එල්. පී. ගෑස්    ප්‍රජාතන්ත්‍රවාදීදි හා සමාඡවාදි ශ්‍රී ලංකා ඡනරඡයේ ගැසට් පත - සුවිශේෂ අංක 1302/24, 20.08.003 යන දිනයේ කර ඇත.
ඇ) මදුරු දගර    ප්‍රජාතන්ත්‍රවාදී හා සමාඡවාදි ශ්‍රී ලංකා ඡනරඡයේ ගැසට් පත - සුවිශේෂ අංක 1302/24, 20.08.003 යන දිනයේ කර ඇත.
ඈ) ගිනිපෙට්ටි   ප්‍රජාතන්ත්‍රවාදී හා සමාඡවාදි ශ්‍රී ලංකා ඡනරඡයේ ගැසට් පත - සුවිශේෂ අංක 1302/24, 20.08.003 යන දිනයේ කර ඇත.
ඉ) තිරිංගු පිටි    ප්‍රජාතන්ත්‍රවාදී හා සමාඡවාදි ශ්‍රී ලංකා ඡනරඡයේ ගැසට් පත - සුවිශේෂ අංක 1342/11, 26.05.2003 යන දිනයේ කර ඇත.    



නිශ්චිත ලෙස වර්ගීකර නිෂ්පාදිත භාණ්ඩ හා සේවා

18 (1) වගන්තිය යටතේ නිශ්ටිත ලෙස වර්ගීකර නිෂ්පාදිත භාණ්ඩ හා සේවාවන්, 18 (2) හා 18 (3) වගන්තිවල අවශ්‍යතාවය වන්නේ එවැනි භාණ්ඩ හා සේවා අලෙවි කරන නිෂ්පාදකයෙකු හෝ වෙළෙ‍ඳෙකු මිල ගණන් නැංවීමට පෙර අධිකාරියේ ලිඛිත අනුමැතිය ලබාගැනීමයි. 18 (4) වගන්තියට අනුව ඉල්ලුම් පත්‍රය නිසිලෙස පුරවා බාර දී දවස් 30 කට පෙර අධකාරිය විසින් තීරණය දිය යුතුය. නැතහොත් ඉල්ලම් පත්‍රය පරීක්ෂා කර නොහැකිනම් ආයතනයට මිල ගණන් නැංවී‍මේ තහනම් නියෝග නිකුත් කිරීමෙ බලය පැවරීඇත.



ඉල්ලුම් පත්‍රය සෑදීම් සඳහා ක්‍රියා පටිපාටිය

ප්‍රශ්නය    :   ඉල්ලුම් පත්‍රය සෑදී‍මේ අවශ්‍යතාවය වන්නේ කාටද ?

උත්තරය :  ආනයනකරවෙකු, නිශ්පාදකයෙකු හෝ වෙළෙ‍ඳෙකු විසින් නිශ්ටිත ලෙස වර්ගීකර භාණ්ඩ 18 (1) වගන්තිය යටතේ ගැසට් කරනලද දැනට පැවැත්වෙන තත්වයට වඩා මිල ගණන් ඉහල නැංවීමේ අවශ්‍යතාවය තිබේනම්.



ප්‍රශ්නය    :  ඉල්ලුම් පත්‍රය නිසි ආකාරව සැදී‍මේ ආකාරය ?

උත්තරය :  උසස් නිළධාරියා හෝ බලය පැවරි ඇති පුද්ගලයෙකු විසින් අතසන් තරනලද ලියුමක්, භාණ්ඩවල විස්තර, වෙළඳ නාමය, දැනට පවතින මිළ ගණන්, ඉදිරිපත්කර මිළ ගණන හා වැඩිකිරීමට හේතු කාරණා. ඉල්ලුම් පත්‍රය අධිකාරියේ අධ්යක්ෂ ඡෙනරාල් වෙත යොමු කර යුතුය.

ලිපිනය  :  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය,
    1 වන හා 2 වන මහල,
    ස.තො.ස. ලෙකම් ගොඩනැගිල්ල,
    27,  වොක්ස්සෝල් වීදිය,
    කොළඹ 2.
    දුරකථන : 011 – 2399149
    ෆැක්ස් : 011 – 2399148
    ඊ - මේල් : dgcaa@sltnet.lk


ප්‍රශ්නය    :   අඩු විස්තරාත්මක හෝ ලියකියවිලි නිසිලෙස සපයා නැතිනම් එයි තත්වය?

උත්තරය :    අයදුම්කරු විසින් සියලුම විස්තර නිසිලෙස පුරවා නියමිත දිනයට පෙර හෝ එදිනයට යොමුකර යුතුය. පහත දැක්වෙන පරිදි කොන්දේසි ඇතුලත්කර අධිකරණය මගින් ලිඛ්තව දැනුම් දෙනු ලැබේ.


“අධිකරණයට යොමුකර ඔබගේ ඉල්ලුම් පත්‍රයේ මිල ගණන් ඉහල නැංවීමේ අනුමැතිය සලකා බැලෙන්නේ ඉහල සඳහන් කල විස්තර සහ අනෙකුත් ලියකියවිලි වල කුවිතාන්සි හෝ ලබා දී ඇති තොරතුරු පරීක්ෂා කිරීමට අවශ්‍යවන පැහැදිලි කිරී‍ම හෝ විෂයන්ට අදාල කාරණා සලකාබැලීමෙන් පසුය”


ප්‍රශ්නය    :
   තොරතුරු නිසිලෙස පුරවා නැතිනම් / කාලීනව විස්තර සපයා නැතිනම් හෝ විමර්ශන කටයුතු වලට සහය නොදැක්වූයේ නම් සිදුවූයේ කුමක්ද?

උත්තරය :   වගන්ති 18 (4) වන නියෝගයට අනුව අයදුම්කරුවන්ට මිල ගණන් ඉහල නැංවීමට තහනම් නියෝගයක් නිකුත් කෙරේ. මෙම තීරණය අධිකාරිය විසින් ගනු ලැබේ.


ප්‍රශ්නය    :  තහනම් නියෝගයේ වලංගු කාලය ?

උත්තරය :  තොරතුරු සපයා තීරණය නිකුත් කරන තාක් වලංගුවේ


ප්‍රශ්නය    :   තීරණය නිකුත් කිරීමට ගතවන කාල පරාසය?
උත්තරය :   අධිකාරියට නිසිලෙස  පුරවනුලද ඉල්ලුම්පත්‍රය හා සෑම තොරතුරු / පැහැදිලි කිරීම / ලියකියවිලි ලැබී ඇතිනම් දවස් 30 කින් නිකුත් කෙරේ.


මල ගණන් ඉල්ලුම් පත්‍රවලට පරීක්ෂණ හා අනුමැති ක්‍රියාවලිය.

ප්‍රශ්නය    :   මිල ගණන් ඉල්ලුම් පත්‍රය පරීක්ෂණ කර අධිකාරියේ අංශය කුමක්ද ?

උත්තරය :   මිල හා පාලන අංශය.



ප්‍රශ්නය    :     ඇමතුම් විස්තර කුමක්ද ?

උත්තරය :    අධ්‍යක්ෂ මිල හා පාලන,
                  දුරකතන - 011 – 2391618,
                  ක්ෂේත්‍ර නිලධාරි දුරකතන 011 – 2432253.
                  2වන මහල, ස.තො.ස. ලේකම් ගොඩනැගිල්ල,
                  27, වොක්ශොල් වීදිය, කොළඹ. 
                  ඊමේල් - caao‍‍‍fice@ sltnet.lk  



ප්‍රශ්නය    :    මිල ගණන් අධිකාරිය කුමක්ද ?

උත්තරය :    සාමාන්‍ය රැස්වීමකින් අධිකාරිය පැවරේ


ප්‍රශ්නය    :    තීරණයක් දැනුම් දීමේ ක්‍රම ?

උත්තරය :   ෆැක්ස් හා ලියාපදිංචි කර තැපැල් මගින්


ආයාචන හා මතභේදය

ප්‍රශ්නය    :  අධිකාරියේ තීරණයට මතභේදය දක්වන අයදුම්කරුවෙකු ආයාචනා කර යුත්තේ කාටද ?

උත්තරය :  අධිකාරිය


ප්‍රශ්නය    : අධිකාරියේ තීරණය සාධාරණ නොවේ නම්, තවදුරටත් ආයාචනා කිරීමට අයිතිය තිබේද ?

උත්තරය : ඔව්, අධිකරණයට ආයාචනා කිරීම. මහාධිකරණයට යටිතල අයිතිවාසිකම් කාරණාකර ආයාචනා කර හැකිය.
 

14 වන වගන්තිය යටතේ මිල සකස් කිරීම

විකිනීමට හැකි අධික මිල තිරණ කිරීමට  නිෂ්පාදකයකු හෝ වෙළෙ‍ඳෙකු හෝ ආනයනකරුවෙකු සමග ලිඛිත ගිවිසුම් ඇතිකර ගැනිමේ පහසුකම්.

19 වන වගන්තිය යටතේ මිල තීරණය කිරීම

අධික මිල කිරීම් අවස්ථා වාර්ථා කර ඇතිනම් එම වාර්ථා පරීක්ෂණයට ලක් කිරීමට අධ්‍යක්ෂ ඡෙනරාල් අධිකාරියේ දැනුවත්කම ඇතිව ඉල්ලීම් කරනු ඇත. පරීකෂණයෙන් පසු  අධිකාරිය තීරණයක් ගනු ඇත.
 

18 වන වගන්තිය යටතේ මිල ගණන් තීරණ කිරීමේ නියෝගය කඩ කිරීමේ දඩුවම්වලට මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග ලබා දීම

1 වන වරද
- දඩුවම් නැත
2වන වරද හා ඉන් පසු - අධිකරණයේ තීරණ අනුව මිලියනයක් දකවා වන්දි මුදල් අය කිරිම.


මිල නැංවිමේ මතභේදයට නීතිමාර්ග

ලිඛිත ඉල්ලුම් පත්‍රයක් මගින් ආයාචනා අධිකරණයට යොමු කිරීම


නිශ්ටිත ලෙස වර්ගිකර ලයිස්තුවේ අංග ඉවත් කිරීම
 

ඇමතිතුමා විසින් ගැසට් පතේ ප්‍රකාශ කිරීමෙන්.


අධිකාරියට අවශ්‍ය  අනෙකුත් තොරතුරු සැපයීම

අධිකාරියේ ක්‍රියාමාර්ග පොතේ 57වන වගන්තිය


අධිකාරියේ තොරතුරු පවත්වාගෙන යාම

අධිකාරියේ ක්‍රියාමාර්ග පොතේ 56වන වගන්තිය


අධිකාරියේ තොරතුරුවල රහසිකත්වය පවත්වාගෙන යාම

අධිකාරියේ ක්‍රියාමාර්ග පොතේ 57 (2) වන වගන්තිය


මිල ගණන් අලෙවි රෙගුලාසි

ගැසට්පත් නියෝගයට අනුව මිලගණන් අලෙවි වෙනස්වීම වගනති 10 (4)


කාල නියමයන්

තිරණය දවස් 30 කන් නිකුත් කෙරේ


ඉදිරිපත් කිරීමේ කාල නියමයන්

වැඩකරන වේලාවන් සඳුදා සිට සිකුරාදා පෙ.ව 8.45 – ප.ව 4.45
නිවාඩු දිනයන් සෑම රඡයේ හා පෞද්ගලික


සේවයට අදාල මිළ ගණන්

මිල

මෙම සේවය ලබා ගැනීම සඳහා වියදම් ඇත.


ගාස්තු

සේවය නොමිලයේ සැපයේ.

දඩ මුදල්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි අවසරය නොමැතිව නිෂ්පාදකයෙකු හෝ වෙළෙන්දෙකු විසින් අත්‍යවශ්‍ය භාණ්ඩයක මිළ ගණන් වැඩි කරනු ලබන විටදී දඩ මුදලක් පනවනු ලැබේ.

අධිභාර

මෙම සේවය ලබා ගැනීමෙහිදී කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ.


අවශ්‍ය අමතර ලියවිලි

  • මිළ ව්‍යුහය
  • වාර්ෂික ගිණුම්
  • බැංකු බිල්පත්
  • ඉන්වොයිසි පත්‍ර



ඉහතින් දැක්වෙන ලියවිලි වලට අමතරව මෙම සේවාව ලබා ගන්නාට පසුව ආයතනකරු/ ආපනයකරුහට පහත දැක්වෙන ලියවිලි ඉදිරිපත් කිරිමට සිදුවනු ඇත.

  • නෞකා පත්‍රය(බී/ඇල්)
  • ණයවර පත්‍රය (එල්සී)
  • වරාය ලියවිලි
  • ප්‍රවාහන ලියවිලි



සේවා වගකීම් නියමයන්

පදවිය  නම අංශය  ලිපිනය (මහළ) දුරකථනය  ෆැක්ස් විද්‍යුත් තැපෑල
මිළ කිරිම් හා කළමණාකරන අධ්‍යක්ෂ   මිළ කිරිම් හා කළමණාකරන 2 වෙනි මහල 0094-11-2391618 0094-11-2399148 caaoffice@slt.lk
මිළ කිරිම් හා කළමණාකරණ ජේ්‍යෂ්ඨ   කිරිම් හා කළමණාකරන 2 වෙනි මහල 0094-11-2432253 0094-11-2399148 caaoffice@slt.lk


විශේෂ අවස්ථා


මෙම සේවයට අදාල විශේෂ අවස්ථා කිසිත් නැත.

 


ආයතනයේ තොරතුරු

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

1 වෙනි හා 2 වෙනි මහල,
ස.තො.ස. ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල,
27,
වොක්ස්සෝල් වීදිය,
කොළඹ 2.


එම්.එම්.එස්.කේ කරුණාරත්න මහත්මිය
දුරකථන:011-7755456-7, 011-7755475 Consumer Complaint 011-7755481-3
ෆැක්ස් අංක:011-2399148
විද්‍යුත් තැපෑල:chairmancaa@sltnet.lk / dgcaa@sltnet.lk
වෙබ් අඩවිය: www.consumeraffairs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:55:24
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty