The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සිප‍්දොර ශිෂ්‍යත්ව
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සිප‍්දොර ශිෂ්‍යත්ව ලබාගැනීම

PDF Print Email

සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන

සුදුසුකම්
 
 සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වල අ.පො.ස.(සා.පෙළ)/ උසස් ලෙස සමතුන්ට මේ සඳහා අයදුම් කළ හැක.
 සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වය රු. 1500/- 900/- 615/- 415/- 210/- සහනාධාර ලබන පවුල්වල දරුවන් සඳහා පමණි.
 
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
 
නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයඳුම්පත වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී මගින් ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ හැක.
 
ඉල්ලුම්පත් ලබාගතහැකි ස්ථාන
 
 වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරීගෙන් අයඳුම්පත් ලබා ගත හැකි ය.
 
ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
 
නැත
  
ඉදිරිපත් කළ යුතු වේලාවන්
 
අ.පො.ස.(සා.පෙළ) ප්‍රතිඵල ලද පසු සතියේ වැඩකරන දිනයකදී  
 
සේවාව ලබාගනීමට ගෙවිය යුතු ගාස්තු
 
නැත
 
සේවාව ලබා දීමට ගතවන කාලය
 
අයදුම්පත ඉදිරිපත් කර මාසයක් ඇතුළත සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කර අනුමැතිය ලද විගස ශිෂ්‍යත්ව ප්‍රතිලාභ ලබා දීම ආරම්භ කෙරේ.  
 
අවශ්‍ය සනාථ කරන ලියකියවලි
 
අ.පො.ස.(සා.පෙළ) සමත් සහතිකය
 
සේවාභාර මාණ්ඩලික නිලධාරීන් 
  
තනතුර
නම
අංශය
දුරකථනය
ෆැක්ස්
ඊමේල්
නියෝජ්‍ය කොමසාරිස්
(සංවර්ධන)  
කේ.ආර්.
පත්මප්‍රිය මයා
සංවර්ධන
+94112673886
 
ravi.pathma
@yahoo.com
නියෝජ්‍ය කොමසාරිස්
(මුදල්)  
ඩී.එම්.පී. කුමාරිහාමි මිය
ගිණුම්
+94112693167
+94112691017
 
 
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු  
 
  •  ශිෂ්‍යත්වලාභීන් තෝරාගනු ලබන්නේ සම්මුඛ පරීක්ෂණයක් මගිනි.
  •  සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල්වල අ.පො.ස.(සා.පෙළ) සමත් සියළු සිසු සිසුවියන්ට මේ සඳහා අයඳුම් කළ හැක.
  •  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට තෝරාගනු ලබන ශිෂ්‍යත්වලාභීන් ගණන 20 ක් බැවින් ලබා ගත් ඉහළම ප්‍රතිඵල හා දිළිඳුකමේ සීමාව පදනම් කරගෙන ප්‍රමුඛතාවය ලබාදීම සිදුවේ.
  •  ශිෂ්‍යත්වයක වටිනාකම: රු.500/-කි. මසකට රු.500 බැගින් වසර දෙකක් සදහා පමණක් ගෙවනු ලැබේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ශිෂ්‍යත්ව 20 බැගින් දිවයින පුරා ශිෂ්‍යත්ව 6300/-ක් ලබා දේ.
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත.
 
අමුණා ඇත.              
    
 
                                සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන

01. අයදුම්කරුගේ සම්පූර්ණ නම: එස්.එම්.ඒ. නෙත්මි නවෝද්‍යා
02. අයදුම්කරුගේ ලිපිනය: 3 කණුව, බෝදාගම, තණමල්විල
03. අයදුම්කරුගේ වයස හා උපන් දිනය:  අවු. 16යි.  1992.06.20
04. අයදුම්කරුගේ 200.. අ.පො.ස. (සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල (ඡායාස්ත පිටපතක් පමණක් ප්‍රතිළුල සනාථ කිරීම සඳහා යා කළ යුතු ය.)
   
         විෂය            
1 සිංහල -   විශිෂ්ට සම්මාන  ( A ) 
2 බුද්ධ ධර්මය -   සම්මාන    ( B ) 
3 ඉංග්‍රීසි -  සම්මාන ( B  )
4 විද්‍යාව -  සාමාන්‍ය ( C ) 
5 ගණිතය - සම්මාන    ( B )   
6 සමාජ අධ්‍යයනය - විශිෂ්ට සම්මාන  ( A )   
7 කෘෂි විද්‍යාව  -  විශිෂ්ට සම්මාන  ( A )   
8 ඉතිහාසය -   සාමාන්‍ය ( C )
9 චිත්‍ර - විශිෂ්ට සම්මාන  ( A )             
10සෞඛ්‍ය අධ්‍යාපනය - විශිෂ්ට සම්මාන  ( A )   
 
(විභාග ප්‍රතිඵල පිළිබඳ තමන් අධ්‍යාපනය ලැබූ පාසැලේ විදුහල්පතිගෙන් ලබා ගත් සහතිකය ඉදිරිපත් කළ යුතු ය)
 
05. අයදුම්කරුගේ පියාගේ/භාරකරුගේ නම: සුසිල් විජේරත්න
06. පියාගේ/භාරකරුගේ ලිපිනය: 3 කණුව, බෝදාගම, තණමල්විල
07. සමෘද්ධි ප්‍රතිලාභී කාඩ්පත් අංකය: TN/147B/02/I/05
08. වටිනාකම: රු.1500/-
ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවත් මා වෙනත් ශිෂ්‍යත්වයකට හිමිකම් නොකියන බවත් දන්වන අතර එම තොරතුරු අසත්‍ය වුවහොත් ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් නොලබන බව මම දනිමි.
          
         ........................................
                    අයදුම්කරුගේ අත්සන
09.  ඉහත සඳහන් අධ්‍යාපන සුදුසුකම් නිවැරදි බවත් ඔහු/ඇය මෙම විදුහලේ අ පො ස (උ පෙළ) පළමුවැනි වසරේ සිසුවකු බවත් මා දන්නා තරමින් වෙනත් ශිෂ්‍යත්ව මුදලක් නොලබන බවත් සහතික කරමි.
  දිනය:............................      ........................................
            විදුහල්පති නිල මුද්‍රාව
10. සමෘද්ධි සංවර්ධන නිලධාරිගේ නිර්දේශය:
  
 ඉහත සඳහන් අයදුම්පත්‍ර ඉදිරිපත් කරන ........................................ ශිෂ්‍ය/ශිෂ්‍යාව ......................................... ග්‍රාමීය සමෘද්ධි බලකායට අයත් .............................. ග්‍රාම සේවා වසමේ පදිංචි බව ද අංක ..................... හා ..................... වටිනාකමැති සමෘද්ධි කාඩ්පත්‍ර හිමි ප්‍රතිලාභී පවුලේ අයකු බව ද වෙනත් ශිෂ්‍යත්වයක් නොලබන අයෙකු බව ද සහතික කරමි.
                     ...........................................
             අත්සන. සමෘද්ධි සංවර්ධන නිලධාරී
11. කලාප කළමණාකරුගේ නිර්දේශය:
 
 ඉහත තොරතුරු සත්‍ය හා නිවැරදි වන අතර නිර්දේශ කර ඉදිරිපත් කරමි.
  කලාපය: ................................           ..........................................
         අත්සන. කලාප කලමණාකරු
12. මූලස්ථාන  කළමණාකරුගේ නිර්දේශය:
 රු. .......................... වටිනාකමැති සමෘද්ධි කාඩ්පත්‍ර හිමි පවුල් සාමාජිකයෙකු බව සහතික කරමි.
  දිනය:............................       .......................................
         මූලස්ථාන කළමණාකරු
13. ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය:
  සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට සුදුසුකම් ලබා ඇත.
  දිනය:............................       .......................................
         ප්‍රාදේශීය ලේකම්
         නිල මුද්‍රාව
කාර්යාලීය ප්‍රයෝජනය පිණිස:
සම්මුඛ පරීක්ෂණ අංකය:
සම්මුඛ පරීක්ෂණ දිනය:
සම්මුඛ පරීක්ෂණයට පැමිණ ඇත/නැත:
සුදුසුකම් සපුරා ඇත/නැත කුසලතා අනුව ප්‍රමුඛතාවය:
ශිෂ්‍යත්වයට තෝරා ගන්නා ලදි/නැත:

දිනය .......................                        ...................................
       ප්‍රාදේශීය ලේකම්
 

 


ආයතනයේ තොරතුරු

සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

නො. 17,
බාන්ස් පෙදෙස,
කොළඹ 07.


ටී.ඒ. රණසිංහ මහතා
දුරකථන:+94-11 - 2693993, +94-11-2673886
ෆැක්ස් අංක:+94-11 - 2691017, +94-11-2673775
විද්‍යුත් තැපෑල:samurdhicom@gmail.com
වෙබ් අඩවිය: www.samurdhidept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:37:11
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty