The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව යුක්තිය, නීතිය සහ අයිතිවාසිකම් නීතිමය සහාය ආබාධ සහිත පු‍ද්ගලයන්ගේ අයිතිවාසිකම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආබාධ සහිත පු‍ද්ගලයන්ගේ අයිතිවාසිකම්

PDF Print Email

ශ්‍රී ලාංකික ජනගහනයෙන් මිලියනයක් පමණ ප්‍රමාණයක් ආබාධිත යැයි සැලකෙන පුද්ගලයන් ගණයට වැටෙන අතර එය දිනෙන් දින වැඩි වෙමින් පවතී.එයට හේතු වන්නේ ආබාධිත බව සම්බන්ධයෙන් ජනතාව අතර පවතින දැනුවත් භාවය ඉතා අල්ප මට්ටමක පැවතීමත් පවතතින යුද්ධය හේතුවෙන් හා වැඩිහිටි තත්වයට පත්වීම හේතුවෙන් දෛනිකව ආබාධිත ප්‍රජාවට එක්වන ප්‍රතිශතය බෙහෙවින් වැඩිවීමත්ය. ජීවිතයේ යම් අවධියකදී සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවත්වෙමින් පසුව ආබාධිත තත්වයට පත්වන අය මෙන්ම උපතේ සිට ආබාධිත තත්වයට ලක්වූ අයද අද සමාජය තුල විවිධාකාර ශාරීරික මානුෂික ආගමික සංස්කෘතික ආර්ථික ප්‍රශ්න අතර අසරණ වී සිටින බවට නොරහසකි. මේ සඳහා ප්‍රජාවක් වශයෙන් අපගේ අවධානය යොමු කල යුතුව පවතී. මේ සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ ආබාධිත පුද්ගලයන් සම්බන්ධ නීති ඒකකයක් පිහිවුවා ඇති අතර එම ඒකකයේ සම්බන්ධීකරණ කටයුතු කරනු ලබන්නේ නීතීඥ කළණි මැදගොඩ මෙනවියයි. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව ආබාධිත පුද්ගලයන්ගේ නීති කටයුතු සම්බන්ධව කිසිදු මුදලක් අය නොකරන අතර ඔවුන්ට නීතිමය දැනුවත් කිරීම හා නොමිලයේ නීතීඥ නියෝජනය සිදු කරනු ලබයි. දිවයින පුරා විහිදී ඇති  නීති ආධාර කොමිෂන් සභාවේ මධ්යිස්ථාන 56 ක් හා ප්‍රධාන කාර්යාලයද ඇතුළුව මෙකී කර්තව්‍යම ඉටුකිරීමට මෙම ඒකකය පියවර ගෙන තිබේ.


මෙම ඒකකයෙන් ඉටු කරන කාර්යයන්

  • යම් ආබාධිත තැනැත්තෙක්ට තම ජීවිත ක්‍රියාකාරකම් වලදී නීතිය ඉදිරියේ යම් අසාධාරණයක් සිදුවී නම් ඒ සදහා , නීතියේ     රැකවරණය ලබා දීම.
  • ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සැපයීම.
  • ඔවුන් සඳහා එදිනෙදා ජීවිතයේ දී අවශ්‍යවන ලිපිලේඛන සකසා ගැනීමට උපකාරීවීම.
  • නඩු කටයුතු වලදී නොමිලයේ නීතීඥ නියෝජනය ලබාදීම.
  • ආබාධිත පුද්ගලයන් සම්බන්ධ දැනුවත් කිරීම් හා වැඩසටහන් වලට සම්බන්ධ වීම.
  • ආබාධිත පුද්ගලයන්ට රාජ්‍ය ආයතන හා සම්බන්ධ කටයුතු වලදී සම්බන්ධීකරණ කටයුතු කිරීම.
  • විශේෂයෙන් ජාත්‍යයන්තර දිනය වන දෙසැම්බර් 03 වන දිනය කේන්ද්‍ර කරගනිමින් දීප ව්‍යාප්තව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

ආබාධිත පුද්ගලයා යනු


දෘෂ්‍යාබාධිත ශ්‍රව්‍යාබාධිත මන්දමානසික හෝ ශාරීරික හෝ මානුෂික හැකියාවන්ගේ ඌනතාවයන්ගේ ප්‍රතිපලයක් වශයෙන් ජීවිතයේ අවශ්‍යතාවයන් මුළුමනින්ම හෝ කොටස් වශයෙන් හෝ තමා විසින් තමා සඳහාම ඉටුකරගැනීමට නොහැකි තැනැත්තෙකි.


ආබාධිත ප්‍රභේද

  • දෘෂ්‍යාබාධිත
  • ශ්‍රව්‍යාබාධිත
  • සෙමෙන් මනස වැඩෙන / මන්ද මානසික / බුද්ධි ඌනතා
  • ශාරීරික දුබලතා


විශේෂයෙන් නීතිය ඉදිරියේ ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වී ඇත.


ඒ සඳහා ඇති නීතීන්


ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථාව


අප රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ

12(1) වගන්තිය
නීතිය ඉදිරියේ සියළු දෙනාම එක හා සමාන බැවින් එහි රැකවරණය සර්ව සාධාරණ විය යුතුය.
12(4) වගන්තිය
ආබාධිත අය සඳහා නීතීන් සකස් කිරීමට රජයට හැකියාවක් ඇත.
ආබාධිතයන් සඳහා දැනට පවතින නීතිය
1996 අංක 28 දරණ ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතයි.
එම පනත අනුව සහජයෙන්ම ඇතිවූ හෝ එසේ නොවූ ශාරීරික මානසික හැකියාවන්ගේ යම් ඌනතාවයක ප්‍රතිපලයක් වශයෙන් තමා විසින් තමාගේ කටයුතු ඉටුකරගැනීමට නොහැකි තැනැත්තන් සඳහා නීතියේ රැකවරණය යම් තරමකට සුරක්ෂිත කිරීමට උත්සාහ ගෙන තිබේ.මෙම පනත අනුව ආබාධ සහිත තැනැත්තෙකුට තමාගේ ආබාධිත බව හේතු කොට ගෙන නීතියේ රැකවරණය අහිමිව යෑමේදී ඒ සඳහා ඉල්ලීමක් කිරීමට තමා පදිංචිව සිටින ප්‍රදේශයේ මහාඅධිකරණයට ලිඛිත පෙත්සමක හා දිව්රුම් පෙත්සමක මාර්ගයෙන් හැකියාව ලැබෙනු ඇත.තවද මෙම පනත යටතේ පිහිටුවා ඇති  ආබාධිතයන් පිළිබඳ ජාතික සභාව තුලින්ද ආබාධිත වූවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම ආබාධිත සංවිධාන ලියාපදිංචි කිරීමද මෙම පනත යටතේ සිදුවේ.


ආබාධ සහිත තැනැත්තන් දේශපාලන සමාජ ආර්ථික ප්‍රවාහය තුල සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස නැගී සිටීමේ අයිතිය.


මෙම සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇත. අප රටේ උත්තරීතර නීතිය වන 1978 ආණ්ඩුක්‍රම ව්යාවස්ථාව මගින් ප්‍රකාශකර ඇති ආකාරයට ජාත්‍යයන්තර නීතීන් හා සම්මුතීන් අත්සන් කිරීමෙන් පමණක් අපගේ නීතියක් බවට පත් නොවන අතර ඒ සඳහා වෙනමම නීති රීති සකස් කලයුතු වේ.එකී ව්‍යවවස්ථාව අනුව යමින් ආබාධිත පුද්ගලයන්ගේ සම්බන්ධ පනත් කෙටුම්පතක් සැකසෙමින් පවතී.ඉහත කී නීතියේ රැකවරණය එහි හඳුනාගෙන ඇත.


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව

අංක 129/5,
මහාධිකරණ සංකීර්ණය,
අළුත්කඩේ,
කොළඔ 12.


හර්ෂණී බලහරුව මිය
දුරකථන:0094-11-2433618,0094-011-2395894
ෆැක්ස් අංක:0094-11-2433618
විද්‍යුත් තැපෑල:legalaid@sltnet.lk
වෙබ් අඩවිය: www.legalaid.gov.lk

අදාළ සේවා

නීති ආධාර ලබා ගැනීම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:07:04
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty