The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ලිපි ලේඛන සහතික කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ලිපි ලේඛන සහතික කිරීම
ලිපි ලේඛන සහතික කිරීම

PDF Print Email

යෝග්‍යතාව: ශ්‍රී‍්‍ර ලාංකිකයන්, විදේශීය විදේශ ගමන් බල පත‍්‍ර හිමියන්

අයදුම්පත භාර දෙන ක‍්‍රමය: කොන්සියුලර් අංශයේ ඇති කවුන්ටර වෙත පැමිණ භාර දිය හැකිය.

අයදුම්පත ලබා ගත හැකි ස්ථාන:
කොළඹ 01, ශ්‍රී‍්‍රමත් බාරොන් ජයතිලක මාවතේ, අංක 14 දරණ ස්ථානයේ පිහිටි ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ලේ 5 වැනි මහලේ පිහිටි කොන්සියුලර් අංශයෙන්, උදෑසන 06:00 සිට
හෝ
අයදුම්පත බාගත කල හැකිය


අයදුම් පත සඳහා ගෙවීම: නොමිලයේ ලබා දෙනු ලැබේ.

අයදුම් පත ඉදිරිපත් කළ හැකි කාල සීමාව: පෙ.ව: 7.30 - ප.ව: 1.00

මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු:
• ශ්‍රී‍්‍ර ලාංකික විදේශ ගමන් බල පත‍්‍ර හිමියන් සහ ශ්‍රී‍්‍ර ලාංකික ජාතිකයන් සඳහා එක් ලේඛනයක් සඳහා රු.500.00 කි.
• විදේශීය විදේශ ගමන් බල පත‍්‍ර හිමියන් සඳහා එක් ලේඛනයක් සඳහා රු.1000.00 කි.
• අ.පො.ස (සා.පෙළ) හා අ.පො.ස (උ.පෙළ) එක් සහතිකයක් සහතික කිරීම සඳහා රු.250.00 කි.
• අපනයන කටයුතු හා සම්බන්ධ ලිපිලේඛන එක් කට්ටලයක් සඳහා රු.500.00 කි.
මෙම සේවය ලබා දීම සඳහා ගතවන කාලය (සාමාන්‍ය සේවය සහ ප‍්‍රමුඛ සේවය): මිනිත්තු 30 සිට පැය 01


ලිපි ලේඛන සහතික කිරීම සඳහා පොදු උපදෙස්:

  • ලිපි ලේඛන සහතික කිරීමේ මෙම අංශය සඳුදා සිට සිකුරාදා තෙක් විවෘතව පවතියි. (ප‍්‍රසිද්ධ නිවාඩු දිනවලදී වසා තැබේ.)
  • ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ලේ 5 වැනි මහලේ පිහිටා ඇති කොන්සියුලර් අංශයේ ඇති නිකුත් කිරීමේ කවුළුවෙන් පෙ.ව: 6.00 සිට ප.ව: 1.00 දක්වා අයදුම්පත් නිකුත් කරනු ලැබේ.  සහතික කිරීම සඳහා ලිපිලේඛන භාර ගනු ලබන්නේ පෙ.ව: 7.30 සිට ප.ව: 1.30 දක්වා පමණි.
  • සහතික කරන ලද ලිපිලේඛන පෙ.ව: 8.30 සිට ලබා දී ඇති ටෝකන් අංක කථා කිරීම මඟින් අයදුම්කරුවන්ට භාර දෙනු ලැබේ.
  • ලිපි ලේඛන කොන්සියුලර් අංශය වෙත භාර දිය යුත්තේ අයදුම්කරු විසිනි.  විදේශ රටක වෙසෙයි නම්, ඔහුට/ඇයට වෙනත් පුද්ගලයෙකු වෙත බලය පැවරිය හැකිය.  එම තැනැත්තා අයදුම්කරුගේ විදේශ ගමන් බල පත‍්‍රයේ අදාළ පිටුවේ ඡායා පිටපතක් සහ බලය පැවරීමේ ලිපිය ගෙන ආ යුතුය.  බලය ලත් තැනැත්තාගේ නම සහ ජාතික හැදුනුම්පත් අංකය එම ලිපියේ සඳහන් විය යුතුය.   
  • සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි භාෂා වලින් නිකුත් කරන ලද ලිපි ලේඛන හා අරාබි පරිවර්තන පමණක් සහතික කරනු ලැබේ.
  • පරිවර්තිත ලිපි ලේඛන සහතික කරනු ලබන්නේ එම පරිවර්තන දිවුරුම් දුන් භාෂා පරිවර්තකයෙකු විසින් පරිවර්තනය කරනු ලැබ ඇත්නම් පමණි.  දිවුරුම් දුන් භාෂා පරිවර්තකයා ඔහුගේ/ඇයගේ ලිපි ශිර්ෂයෙහි හෝ මුද්‍රාවෙහි තමාට පරිවර්තනය කිරීමට බලය ඇති භාෂා පැහැදිලිව සඳහන් කළ යුතුය.  සිංහල හෝ දෙමළ හෝ ඉංගී‍්‍රසි ලේඛනයක් අරාබි බසට පරිවර්තනය කරන්නේ නම් මුල් ලේඛනයේ විස්තර ඉංගී‍්‍රසි බසින් අරාබි බසට පරිවර්තන ලේඛනයේ සඳහන් කළ යුතුය.
  • කොන්සියුලර් අංශය අවශ්‍ය අවස්ථාවන් වලදී, එනම් යම් ලේඛනයක් පිළිබඳව සැකයක් ඇතිවන අවස්ථාවලදී එම ලේඛනයේ ව්‍යාජ/අව්‍යාජභාවය හරිහැටි පරීක්ෂා කිරීම සඳහා අදාළ බළධාරියා වෙත යොමු කරනු ලැබේ.  මේ සඳහා සති 03ක් පමණ කාලයක් වැය වනු ඇත.  ඉන් අනතුරුව කොන්සියුලර් අංශයේ අදාළ නිළධාරියා විසින් මෙම සහතික සම්බන්ධයෙන් අයදුම්කරු දැනුවත් කරනු ඇත.
  • ශ්‍රී‍්‍ර ලංකාවේ අධිකරණයක් විසින් නිකුත් කරනු ලබන යම් ලේඛනයක් සහතික කරනු ලබන්නේ අදාළ අධිකරණයේ ලේඛකාධිකාරීවරයාගේ තහවුරු කිරීම ලැබීමෙන් අනතුරුව පමණි.  එම තහවුරු කිරීම ලබා ගැනීම සඳහා සති තුනක පමණ කාලයක් වැය වනු ඇත.  එය ලබා ගැනීමෙන් අනතුරුව කොන්සියුලර් අංශය විසින් මෙම සහතික සම්බන්ධයෙන් අයදුම්කරු දැනුවත් කරනු ඇත.


ලිපි ලේඛන සහතික කිරීම සඳහා අවශ්‍යතා:

1

උපත් මරණ හා විවාහ සහතිකවල මුල් පිටපත් සහතික කිරීම

අදාල සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කළ යුතුය.
වැදගත් :ඡායා පිටපත් සහතික කරනු නොලැබේ.
උපත් ,මරණ හා විවාහ සහතික ජාතික භාෂාවකට හෝ ජාත්‍යන්තර භාෂාවට පරිවර්තනය කර සහතික කිරීමට ඉදිරිපත් කරන්නේ නම් එය අධිකරණයේ දිවුරුම් දුන් භාෂා පරිවර්තකයකු විසින් කරන ලද පරිවර්තනයක් විය යුතුය.

2

අවිවාහක/විවාහක බව සනාථ කිරීම

මේ සඳහා දෙමාපියන් /ලේ ඥාතීන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් අවශ්‍ය වේ. අදාල සමාදාන විනිශ්චයකාරවරයා /නීතිඥවරයා , අධිකරණ අමාත්‍යාංශයේ /ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී (රෙජිස්ට්‍රාර්) විසින් සහතිත කළ යුතුය.

3

යැපීම සහ පදිංචිය සනාථ කිරීමේ ලියවිලි සහතික කිරීම

ග‍්‍රාම නිලධාරි විසින් නිකුත් කරන ලද සහතික අදාල ප‍්‍රාදේශීය ලේකම් විසින් අනු අත්සන් තබා තිබිය යුතුය.

4

පොලිස් නිශ්කාශන සහතික සහ පොලිස් වාර්තා සහතික කිරීම

පොලිස් ස්ථානභාර නිළධාරියා විසින් නිකුත් කරන ලද සහතිකය අදාල මුදල් ගෙවා ලබාගත් ලදුපතෙහි මුල් පිටපතද ( ‍පොදු 172 ) සමඟ ඉදිරිපත් කළ යුතුය.

(පොලිස් මුලාස්ථානය විසින් නිකුත් කරන ලද පොලිස් නිශ්කාෂන වාර්තාවේ මුල් පිටපත ඉදිරිපත් කිරීමේදී මුදල් ගෙවා ලබා ගත් ලදුපත අවශ්‍ය නොවේ.  
පොලිස් පැමිණිල්ලක පිටපතක් සහතික කර ගැනීමට නම් අදාල පැමිණිල්ලේ උධෘතයක්  සමඟ මුදල් ගෙවා ලබාගත් ලදුපත ඉදිරිපත් කල යුතුය.

5

ඇටෝනි බලපත‍්‍ර හා වෙනත් නෛතික ලියවිලි සහතික කිරීම

මෙම ලිපිලේඛනවලට ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී  විසින් අනු අත්සන් තැබිය යුතුය.

6

දිවුරුම් ප‍්‍රකාශන

දිවුරුම් ප‍්‍රකාශයක් නීතීඥවරයෙක් ඉදිරියේ අත්සන් තබා ඇති විට ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී (රෙජිස්ට්‍රාර්) විසින් සහතික කර තිබිය යුතුය.
 දිවුරුම් ප‍්‍රකාශයක් සමාදාන විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ අත්සන් තබා ඇති විට එය , අධිකරණ අමාත්‍යාංශයන්ද අනු අත්සන් කල යුතුය.

7

ජාතික හැඳුනුම්පත් පිටපතක් සහතික කිරීම  

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් විසින් නිකුත් කරන ලද උධෘතයක්  සමඟ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කල යුතුය.

8

අ.පො.ස.(සා.පෙ) සහ අ.පො.ස (උ.පෙ) සහතික / විභාග දෙපාර්තමෙන්තුව මඟින් නිකුත් කරන ලද සහතික

සහතික විභාග දෙපාර්තමේන්තුව මඟින් කොන්සියුලර් අංශය වෙත ලැබුණු පසු සහතික කර දෙනු ලැබේ. 

9

විදේශ ගමන් බලපත‍්‍ර පිටපත් සහතික කිරීම

 ගමන් බලපත‍්‍රය සහ ඡායා පිටපතක් ඉදිරිපත් කල යුතුය. නොඑසේ නම් ආගමන විගමන පාලක විසින් සහතික කරන ලද පිටපතක් ඉදිරිපත් කල යුතුය.

10

උපාධි සහතික

ශ්‍රී ලංකාවේ අදාල විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී විසින් සත්‍ය පිටපතක් බවට සහතික කරන ලද පිටපතක් සමඟ මුල් සහතිකය ඉදිරිපත් කල යුතුය.

11

උසස් අධ්‍යාපන සහතික සහ වෘත්තීය පුහුණු  තෘතියික අධ්‍යාපන සහතික සහතික කිරීම

මෙම සහතික නිකුත් කරන ලද බලධාරියා විසින් සත්‍ය පිටපතක් බවට සහතික කරන ලද පිටපතක් සමඟ මුල් පිටපත ඉදිරිපත් කල යුතුය.

12

රියදුරු බලපත‍්‍ර

මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් විසින් නිකුත් කරන ලද උධෘතයක් සමඟ රියදුරු බලපත‍්‍රය ඉදිරිපත් කල යුතුය.

13

ශ්‍රී ලංකා ඔටෝ මොබයිල්සංගමය විසින් සහතික කරන ලද ලියවිලි සහතික කිරීම

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සහතික කර තිබිය යුතුය.

14

බහුවිධ අපනයන සහතික

සහතික කිරීමේ පටිපාටිය ලියකියවිලි අනුව වෙනස් වන බැවින් අදාළ මාණ්ඩලික නිළධාරියා අමතන්න.


මෙම සේවාව භාරව කටයුතු කරන මාණ්ඩලික නිලධාරීන්:

තනතුර නම අංශය දුරකථන අංක ෆැක්ස් අංක විද්‍යුත් තැපෑල
අධ්‍යක්ෂ රිතී විජේරත්න මෙනවිය කොන්සියුලර් අංශය 0115755780  0112473899  consular@sltnet.lk

 
අයදුම් පත:
අයදුම්පත බාගත කිරීම


අදාළ සේවා

ලිපි ලේඛන සහතික කිරීම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-07-10 04:54:59
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty