The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පරිසරය පරිසර සංරක්ෂණය සහ වැඩසටහන් පාරිසරික බලපෑම් ඇගයිමේ (පා.බ.ඇ.) ක්‍රියාවලිය තුලින් ව්‍යාපෘති සඳහා පාරිසරික අනුමැතිය ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පාරිසරික බලපෑම් ඇගයිමේ (පා.බ.ඇ.) ක්‍රියාවලිය තුලින් ව්‍යාපෘති සඳහා පාරිසරික අනුමැතිය ලබා ගැනීම

PDF Print Email

හැඳින්වීම

  • පාරිසරික බලපෑම් ඇගයීම සංවර්ධන ක්‍රියාවලින්ගෙන් ස්වභාවික හා සමාජීය පරිසරයට එල්ලවිය හැකි බලපෑම් පුරෝකථනය කරන්නා වු සරල ක්‍රියාවලියකි.  එසේම අහිතකර බලපෑම් වැලැක්විම හෝ අවම කිරිම හා හිතකර බලපෑම් උපරිම කිරීම සඳහා ක්‍රියා මාර්ග යෝජනා කිරිමද ඉන් සිදු කෙරේ.  පා.බ.ඇ. ව්‍යාපාරිකයන්ගේ ආයෝජනයන් සඳහා තිරසාර ප්‍රතිඵල ලබාදෙන අතර, මහජනතාවට ජීවත්විය හැකි සුවදායි පරිසරයක් ලබාදේ. 1981 සිට පා.බ.ඇ. මුහුදු බඩ කලාපය සඳහා නෛතික අවශ්‍ය තාවයක් වු අතර, 1993 සිට නියමිත (Prescribed) ව්‍යපෘති සඳහා සමස්ථ ශ්‍රී ලංකාවටම බලපාන ලෙස ක්‍රියාත්මක වේ.
  • 1993 අංක 722/22 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ සහ 1995 අංක 859/14 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ නියමිත ව්‍යාපෘති  සඳහන් කර ඇත.
  • මධ්‍යම පරිසර අධිකාරියෙන් විමසිමෙන් හෝ එසේත් නැතිනම 1993 ජුනි 24 දිනැති අංක 722/22 දරණ රජයේ ගැසට් පත්‍රය බැලීමෙන් යමිකිසි ව්‍යාපෘති  යෝජනාවක් සඳහා පා.බ.ඇ. ක්‍රියාවලිය  අවශ්‍ය දැයි දැන ගත හැක.
  • ඔබේ ව්‍යාපෘති  පිහිටුවීමට බලපොරොත්තු වන්නේ වයඹ පළාතේ නම් වයඹ පළාත් පරිසර අධිකාරියෙන් විමසිය යුතුයි.
  • ඔබේ ව්‍යාපෘතිය පිහිටා ඇත්තේ වෙරළ කලාපයේ නම් ඔබ විමසිය යුත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙනි.  වෙරළ කළාපය යනු ඉහල මුහුදු මට්ටමේ සිට රට තුලට මිටර් 300 ක් ද සාගරය දෙසට කි.මි.2 ක් රට තුලට ඇති ජල තිරය වෙරළ කලාපය ලෙස සැලකේ.  පා.බ.ඇ. ක්‍රියාවලිය  අවශ්‍ය  වන්නේ නියමිත ( Prescribed)  ව්‍යාපෘති  සඳහා පමණක් බව සලකන්න.  ඔබේ ව්‍යාපෘති ය පිහිටා ඇත්තේ (අභයභූමි (Sanctuary)හැර) සත්ත්ව  හා වෘක්ෂලතා ආඥා පනත මගින් නම්කරන ලද ජාතික රක්ෂිතයක් මායිමේ සිට කිලෝ මීටර 1.5 ක දුර සීමාවට ඇතුලත්ව නම් ඔබ විමසිය යුත්තේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ගෙනි.

පා.බ.ඇ. ක්‍රියාවලියට ප්‍රවේශ වන්නේ කෙසේද?

  1. ප්‍රථමයෙන්ම යෝජිත ව්‍යාපෘති ය නිමිත ලැයිස්තුවේ තිබේ දැයි සොයා බලන්න.ඉන් පසුව ව්‍යාපෘති අනුමත කරන ආයතන (Project Approving Agency - PAA) කුමන ආයතනයක් දැයි පරීක්ෂා කර බලන්න.  ව්‍යාපෘති  අනුමත කිරීමේ ආයතනය යන් පා.බ.ඇ. ක්‍රියාවලිය මෙහෙයනවු ලබන රාජ්‍ය  ආයතනයයි.  ලංකා සංචාරක මණ්ඩලය, බලශක්ති හා වාරිමාර්ග අමාත්‍යාංශය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතන වලට උදාහරණයි.  මේ පිළිබඳ වැඩි විස්තර 1993 ජුනි 23 දින අංක 722/22 දරණ ගැසට් නිවේදනය බැලීමෙන් දැන ගත හැක.
  2. ඉන් පසුව යෝජිත ව්‍යාපෘති ය පිලිබඳව මුලික තොරතුරු ව්‍යාපෘති  අනුමත කරන ආයතනයට සැපයිය යුතුය.එම ආයතනය විසින් ව්‍යාපෘති ය පිළිබඳව මුලික තොරතුරු සැපයීම සඳහා සරළ හා කෙටි ආකෘති පත්‍රයක් ලබා දිමට ඉඩ තිබේ.  ව්‍යාපාති අනුමත කරන ආයතනයට සපයනු ලබන මුලික තොරතුරු පදනම් කර ගෙන විෂය ගත රැස්වීමකදී (Scoping Meeting) කාර්ය නිර්දේශයන් (TOR) සකස් කරනු ඇත.  ව්‍යාපෘති ය ප්‍රමාණයෙන් සහ විශාලත්වයෙන් වැඩිනම් ව්‍යාපෘති  අනුමත කරන ආයතන විසින් ව්‍යාපෘති ය පිලිබඳ අමතර විස්තර ඉල්ලීමටද ඉඩ තිබේ.  සමහර අවස්ථා වලදි මෙම මුලික තොරතුරු  මුලික පාරිසරික පරික්ෂණ වාර්තාව  ලෙසම පිළිගැනීමට ද ඉඩ තිබේ.

ව්‍යාපෘති යෝජක විසින් මුලික තොරතුරු සැපයිය යුත්තේ කවර අවස්ථාවකදීද?
ව්‍යාපෘති ය පිළිබඳ මුලික අදහස ද එය පිහිටුවන ස්ථානය ද පිළිබඳ තීරණ ගත් වහාම මුලික තොරතුරු සැපයිය යුතු වේ.ව්‍යාපෘතින් පිළිබඳව පුර්ව ශක්‍යතාවයක් කරමින් සිටින්නේ නම් මුලික තොරතුරු ලබා දීමට ඇති හොඳම අවස්ථාව එයයි.  මෙම මුලික තොරතුරු ඉදිරිපත් කිරිම සඳහා සම්පුර්ණ ශක්‍යතා අධ්‍යනයක් සිදු කරන තෙක් බලා සිටිය යුතු නොවේ.

මුලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් (IEE) හා පාරිසරික බලපෑම් ඇගැයිමේ වාර්තාවක් (EIA) අතර ඇති වෙනස කුමක්ද?
ව්‍යාපෘති  වල පාරිසරික බලපෑම් එතරම් ප්‍රබල තත්ත්වයක නොපවති නම්, එවිට සාපේක්ෂ වශයෙන් කෙටි හා සරළ අධයයනයක් වන මුලික පරිසරික පරීක්ෂණයක් (IEE) කිරීමට සිදුවේ.  ඇති විය හැකි බලපෑම් ඉතාමත් ප්‍රබල තත්වයක පවතී නම්, එවිට පාරිසරික බලපෑම් පිළිබඳ වඩාත් සවිස්තර හා පුළුල් අධ්‍යනයක් වන පරිසරික බලපෑම් ඇගයීමක් කිරිමට සිදුවේ.

පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය  සඳහා කොපමණ කාලයක් ගතවේද?
ඔබ විසින් ඉදිරිපත් කරන මුලික තොරතුරු ප්‍රමාණවත් වන්නේ නම්, ව්‍යාපෘති ය අනුමත කරන ආයතනටය ( PAA ) මුලික තොරතුරු ඉදිරිපත් කළ දින සිට පාරිසරික බලපෑම් ඇගැයිමේ ක්‍රියාවලිය  සඳහා දී ඇති කාලය වන්නේ වැඩ කරන දින 116 කි.
කෙසේ වුවද, පාරිසරික බලපෑම් ඇගැයිම් වාර්තාව සකස් කිරීම සඳහා කාල සිමාවන් පනවා නොමැත.අත්දැකිම් වලින් පෙනී යන්නේ ව්‍යාපෘති යේ ස්වභාවය අනුව පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තාව සැකසිමට මාස 03 සිට අවුරුද්දක් දක්වා කාලයක් අවශ්‍ය  බවයි.

පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තාව සකස් කරනු ලබන්නේ කවුරුන් විසින්ද?
මෙය සකස් කරනු ලබන්නේ ව්‍යාපෘති  යෝජකයා විසින් තෝරාගනු ලබන විශේෂඥ උපදේශකයන් මගිනි.උපදේශකයන් හා උපදේශක ආයතන වල ලැයිස්තුවක් මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා ගත හැක.  එමෙන්ම පාරිසරික බලපෑම් ඇගැයිමේ පුවත්පත් දැන්වීම් මගින්ද අපදේශක ආයතන වලින් මිළ ගණන් කැඳවිය හැක.

පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තාව කවර ආකාරයේ එකක්ද?
මෙම වාර්තාව, වඩා පහසුවෙන් අවබෝධ කර ගත හැකි පරිදි සරළ භාෂාවකින් ලියන ලද, සාපේක්ෂ වශයෙන් සංක්ෂිප්ත මතු දැක්වෙන කරුණු වලින් සමන්විත එකකි.

  • යෝජිත ව්‍යාපෘතියේ විස්තර
  • යෝජිත ව්‍යාපෘති ය පිහිටු වීමට බලාපොරොත්තු වන ප්‍රදේශයේ පාරිසරය
  • ව්‍යාපෘති යෙන් ඇති විය හැකි අහිතකර හා හිතකර බලපෑම්
  • අහිතකර බලපෑම් සමනය කිරීමේ මාර්ග
  • සාධාරණ සහ ප්‍රායෝගික විකල්ප
  • අධික්ෂන වැඩ සටහන

පසුගිය පාරිසරික බලපෑම් ඇගැයිම් වාර්තා මධ්‍යම පරිසර අධිකාරියේ පුස්තකාලයේ විමර්ෂණ අංශයෙන් ලබා ගත හැක.

පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තාව ව්‍යාපෘති යෝජකයා විසින් ඉදිරිපත් කළ යුත්තේ කාහටද?
පා.බ.ඇ. වාර්තාව ඉදිරිපත් කල යුත්තේ ව්‍යාපාති අනුමත කිරීමේ ආයතනය වෙතටයි.  අවම වශයෙන් වාර්තාවේ පිටපත් 15 ක් ඉංග්‍රිසියෙන් ද, 10ක් සිංහලෙන්ද, 05ක් දෙමළ බසින්ද ඉදිරිපත් කල යුතුවේ.

පාරිසරික යෝග්‍යතාවය පිළිබඳ අවසන් තීරණ දෙන්නේ කවුරුන්ද?.
එය ලබා දෙන්නේ ව්‍යාපෘති ය අනුමත කිරීමේ ආයතනයයි.  පා.බ.ඇ. වාර්තාව ස්වා?නව ඇගයීමකට ලක් කිරීමට ව්‍යාපෘති ය අනුමත කිරීමේ ආයතනය විසින් තාක්ෂණික වි්ලේෂණ කමිටුවක් (TEC) පත් කෙරේ.  ව්‍යාපෘති  අනුමත කිරීමේ ආයතනය අවසන් තීරණය ලබා දීමේදි, මෙම තාක්ෂණික විශ්ලේෂණ කමිටුවේ නිරීක්ෂණයන්, උපයෝගි කර ගනු ලැබේ.
ව්‍යාපෘතිය අනුමත කිරීමේ ආයතනයේ තීරණය ක්‍රියාත්මක වීමට නම් මධ්‍යම පරිසර අධිකාරියේ එකඟතාවයද ඒ සඳහා ලැබිය යුතුවේ.

පාරිසරික අනුමැතිය කොපමණ කාලයක් වලංගු වේද?
සාමාන්‍යයෙන් පාරිසරික අනුමැතියක් වලංගු වන්නේ අවුරුද්දක කාලයක් සඳහාය.  තීරණය ලැබීමෙන් අවුරුද්දක් ඇතුලත ව්‍යාපෘති යේ කාර්යයන් ඇරම්භ නොකළහොත් ව්‍යාපෘති ය අනුමත කිරීමේ ආයතනයෙන් නැවත වරක් අනුමැතිය ලබා ගැනිමට සිදුවේ.  මෙම වලංගු කාල  සීමාව අනුමැතිය ලබා දීමේ ලිපියේ සඳහන් වේ.

ව්‍යාපෘති යොජක තීරණයට අකමැති වුවහොත්?
එවිට ව්‍යාපෘති යෝජකට පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතිය තිබේ.  ඔහුගේ තීරනය අවසන් තීරනය වේ.

ව්‍යාපෘතියට පාරිසරික අවසරය (Environmental Approval) ලැබීමෙන් පසු වෙනත් බලපත් ලබා ගත යුතුද?
ඔව්, යෝජිත ව්‍යාපෘති ය මත අධිකාරි බලතල ඇති ප්‍රාදේශිය මට්ටමේ රාජ්‍ය  ආයතන වල අනුමැතිය ලබා ගත යුතුය.ඊට අමතරව වෙනත් බලපත්‍ර ද අවශ්‍ය  විය හැකිය.පා.බ.ඇ.අනුමතය ලබා දෙන්නේ පාරිසරික අවසරය (Environmental Approval) පමණක් බව මතක ගබා ගත යුතුය. පා.බ.ඇ. ක්‍රියාවලිය ට ප්‍රවේශ විමට පෙර අදාල අධිකාරින් වෙතින් ඉඩම් නිදහස් කර ගැනීම වැනි අනෙකුත් බලපත්‍ර ලබා ගැනිම වැදගත්වේ.

පාරිසරික අනුමැතිය ලැබීමට පෙර ව්‍යාපෘති යෝජකයාට ඉටුකල හැක්කේ කවර කටයුතුද?
ව්‍යාපෘති ය යෝජිත ස්ථානයේ ඇති පරිසරයේ වෙනස් විමක් ඇති නෙවන කටයුතු පමණි.  ව්‍යාපෘතිය පිහිටු වීමට බලාපොරොත්තු වන ප්‍රදේශයේ ජනතාවටත්, ව්‍යාපෘති ය හා එහි බලපෑම් පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පුද්ගලයින්ටත් ව්‍යාපෘතිය පිළිබඳව කරුනු වටහා දීමද, භූමි මැනුම් කටයුතු සිදු කිරීමද, ක්ෂේත්‍ර පර්යේෂණ කිරීම ආදියද කළ හැකිය. 
අනුමැතය ලැබිමට පෙර ව්‍යාපෘති යේ කටයුතු ඇරඹිම ජාතික පාරිසරික පනතට අනුව නීතිවිරෝධි වේ.

ව්‍යාපෘති යෝජකයන් හට පාරිසරික බලපෑම් ඇගයීම් සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබා ගත හැක්කේ කොතනින්ද?
පාරිසරික කළමණාකර හා ඇගැයිම් අංශය,
මධ්‍යම පරිසර අධිකාරිය,
අංක 104,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල.
දුරකථනය:011-2872419, 011-2876643
ෆැක්ස් : 011-2872296

කාන්ති ද සිල්වා මහත්මිය,
අධ්‍යක්ෂිකා,
පාරිසරික බලපෑම් ඇගයීම්,
දුරකථනය. 
විද්යුත් තෑපෑල:kanthi@cea.lk
මෙතෙක් අනුමත කල ව්‍යාපෘති වල පාරිසරික බලපෑම් ඇගයිම් වාර්තා පරිශිලනය සඳහා එම වාර්තා වල පිටපත් එකතුවක් මධ්‍යම පරිසර අධිකාරියේ පුස්තකලය තුල ඇත.


ආයතනයේ තොරතුරු

මධ්‍යම පරිසර අධිකාරිය

නො:104,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල.



දුරකථන:011-7877277, 7877278, 7877279, 7877280
ෆැක්ස් අංක:011-2888999
විද්‍යුත් තැපෑල:ceainfo@cea.lk
වෙබ් අඩවිය: www.cea.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:41:50
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty