The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home යුක්තිය, නීතිය සහ අයිතිවාසිකම් නීතිය සහ සාමය වගන්ති 13 (4) හා 32 (බී) වලට අනුව පාරිභෝගිකයන්ට සහන ලබා දීමට විමසුම් පැවැත්වීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වගන්ති 13 (4) හා 32 (බී) වලට අනුව පාරිභෝගිකයන්ට සහන ලබා දීමට විමසුම් පැවැත්වීම

PDF Print Email

සුදුසුකම්
ගැසට් නිවේදනයෙහි ප්‍රකාශයටපත් කරනු ලැබු ප්‍රමිතින්ට පිළිවිතරයන්ට අනුකූල නොවන භාණ්ඩ හා සේවා විකිණීම කරන නිෂ්පාදන හෝ වෙළෙන්දෙකුට එරෙහිව කවර හෝ පුද්ගලයකු (පීඩාවට ලක් වූ) විසින් ලිත පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක.
මෙම සේවය ලබා ගත හැකි වන්නේ භාණ්ඩ හෝ සේවා ලබා ගත් දින සිට මාස 3 ක් තුලදී ඉදිරිපත් කරන පැමිණිලි වෙනුවෙනි.

ඉදිරිපත් කිරිමේ ක්‍රියාපරිපාටිය
පැමිණිලි කිරිමේ ලිපිය ඵවිය යුතු වන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි සභාපති හෝ අධ්‍යක්ෂ ජනරාල් වෙතටය.

අවශ්‍ය අමතර ලියවිලි

  • ඉන්වොයිසි පත්‍ර
  • වගකීම් සහතිකය

ඉල්ලුම්පත්‍ර
මෙම සේවාව ලබා ගැනීමේ අනුගමනය කල නිශ්චිත ආකෘතියක් නැත. එම නිසා  ලිඛිත ඉල්ලීම් මගින් ඉල්ලුම්කරුවන්හට පැමිණිලි ඉදිරිපත් කල හැක.

ප්‍රවාහ සටහන

පියවරෙන් පියවර ක්‍රියාපටිපාටිය
පියවර 1 : විකිණීමේ සිද්ධියෙන් මාස 3 ක් තුලදී ප්‍රමිතීන්ට අනුකූල නොවන භාණ්ඩ/ සේවා විකිණීමට අදාල වූ ලිඛිත පැමිණිල්ලක් ඉල්ලුම්කරු විසින් අධිකාරිය වෙත ඉදිරිපත් කරයි.
පියවර 2 : අධිකාරිය විසින් නිමැයුම්කරු/වෙළෙන්දා පරික්ෂණයකට කැඳවයි.
පියවර 3 : පරීක්ෂණයකදී වෙළෙන්දා/නිමැයුම්කරු පුද්ගලිකවම හෝ ඔහු වෙනුවෙන් පත් කල නියෝජිතවරයෙකු මගින් පෙනී සිටී.
පියවර 4 : අධිකාරිය විසින් නිමැයුම්කරු/ වෙළෙන්දා විසින් පීඩාවට ලක් වූ පාර්ශවය වෙත වන්දි ගෙවීම හෝ අදාල භාණ්ඩය වෙනුවට වෙනත් භාන්ඩයක් ලබා දීම හෝ එම භාණ්ඩයෙහි හෝ සේවාවෙහි වටිනාකම ආපසු ගෙවනු ලබන ලෙස නියෝග කරයි.
පියවර 5 : වෙළෙන්දා අධිකාරියෙහි නියෝගයට අනුකූලව ක්‍රියා කරමින් එපරිදි වන්දි ගෙවයි.

සටහන- කිසියම් නිමැයුම් කරුවෙකු/ වෙළෙන්දෙකු නියෝගය අනුකූලව කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරයි නම්,2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ සාපරාධි ක්‍රියාවන්ට නිමැයුම්කරු/ වෙළෙන්දා වරදකරුවකු කරනු ලැබේ. (නිමැයුම්කරු/ වෙළෙන්දා වෙතින් වන්දියක් අයකර ගැනීමට අධිකරණය විසින් නියෝගයක් කරනු ලබනවා ඇත.)

කාල නියමය

ක්‍රියාදාම කාල නියමය
එක් එක් සිද්ධියක් අනුව වෙනස් වේ.(අදාල පාර්ශවයේ ඉක්මනින් ප්‍රතිචාරයක් දක්වන්නේ නම් ක්‍රියාදාමය මාස 3 ක් තුලදී නිම කල හැක.)

ඉදිරිපත් කිරීමේ කාල නියමය

වැඩ කරන දින      සඳුදා සිට සිකුරාදා
කවුන්ටරය විවෘත කරන වේලාවන් පෙ.ව. 08.45 - ප.ව.4.45
නිවාඩු දින    රජයේ හා වෙළඳ නිවාඩු දින

වලංගු කාල නියමය
පනවනු ලැබූ නියෝග වලට නිමැයුම්කරු/ වෙළෙන්දා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීමෙන් පසුව සේවය නිම වේ.

සේවයට අදාල මිළ ගණන්

ඉල්ලුම් පත්‍රය ලබා ගැනීමේදී ගෙවිය යුතු මිළ
කිසිදු ගෙවීමක් අදාල නොවේ.

ගාස්තු
පරීක්ෂණ සටහන් වලට අදාල ලියවිල්ල ඉල්ලුම්කරුහට ලබා ගත හැක. එහි මිළ සටහන් වල ප්‍රමාණය අනුව වෙනස් වේ.

දඩ මුදල්
මෙම සේවය ලබා ගැනීමේදී දඩ මුදල් කිසිවක් ගෙවිය යුතු නැත.

අධිභාර
මෙම සේවය සඳහා අමතර ගාස්තු  කිසිවක් ගෙවිය යුතු නොවේ.


ආයතනයේ තොරතුරු

Consumer Affairs Authority

 



දුරකථන:011-7755456-7, 011-7755475 Consumer Complaint 011-7755481-3
ෆැක්ස් අංක:011-2399148
විද්‍යුත් තැපෑල:chairmancaa@sltnet.lk / dgcaa@sltnet.lk
වෙබ් අඩවිය: www.caa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:55:17
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 307
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty