The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home බැංකු, බදු සහ රක්ෂණ ණය සහනදායී පදනම මත ණය ලබා ගැනිම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මාධ්‍යවේදීන් සඳහා සහනදායී පදනම මත ණය ලබා ගැනිම.

PDF Print Email

මාධ්‍යවේදීන් සඳහා සහනදායී පදනම මත ණය සැපයීම.

 ‘මහින්ද චින්තනය’ සංවර්ධන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම හා රටේ සංවර්ධන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම තුළින් රටේ සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම සඳහා මෙම අමාත්‍යශය මඟින් දේශීය මාධ්‍යවේදී සහන ණය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
මේ යටතේ

  • යතුරු පැදි
  • පරිගණක
  • කැමරා
  • ෆැක්ස් යන්ත්‍ර

මිල දී ගැනීම සඳහා සහන ණය ලබාදේ.

අරමුණ

රටේ සංවර්ධන උදෙසා අගනා මෙහෙවරක යෙදී සිටින මාධ්‍ය වේදීන්ගේ වෘතියමය කුසලතාවය හා නිපුණතාව වැඩිදියුණු කර ගැනීමට උපකාරීවීම මෙම ව්‍යාපෘතියෙහි අරමුණයි.

ඉලක්ක කණ්ඩායම

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දේශීය ජනමාධ්‍යවේදීන්

අයිතම හා ණය සීමාවන්

අයිතමය ණය සීමාව ආපසු ගෙවීමේ උපරිම කාල සීමාව
යතුරු පැදි රු.100,000.00 අවුරුදු 3
පරිගණක රු.100,000.00 අවුරුදු 3
කැමරා රු.50,000.00 අවුරුදු 2
ෆැක්ස් රු.15,000.00 අවුරුදු 2

අයදුම් කළ හැක්කේ ක හටද ?          

  • රාජ්‍යය හෝ පෞද්ගලික මාධ්‍ය ආයතන වල වසර 03 ට නොඅඩු සේවා කාලයක් සහිත මාධ්‍යවේදියකු වීම.
  • මාධ්‍ය කේෂ්ත්‍රයේ වසර 05 ට නොඅඩු කාලයක් සේවයේ නිරත නිදහස් මාධ්‍යවේදියකු වීම.
  • වයස අවරුදු 18-60 අතර විය යුතුය.
  • ස්ථිර අදායම් මාර්ගයක් තිබිය යුතුය.
  • වාර්ෂික අදායම රු. 144,000.00 ට නොඅඩු විය යුතුය.
  • ඉහත කරුණු සනාථ කිරීම සඳහා අදාළ ලියවිලි ඉදිරිපත් කළ යුතුවේ.

අයදුම්පත් යොමු කරන ආකාරය.

ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් පුවත් පත් දැන්වීම් මගින් ප්‍රචාරය කළ විට, එහි සඳහන් ආකෘති අනුව සහ උපදෙස් අනුව අයදුම්පත් යොමු කළ යුතුය.

තෝරා ගැනීමේ ක්‍රමවේදය.           

  • ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ ලේකම් විසින් පත් කරන ලද මාධ්‍යවෙදීන් ද ඇතුළත් තේරීම් කමිටුවක් මගින් සුදුසු ණය ලාභීන් තෝරා ගනු ඇත.
  • මෙහිදී හැකිතරම් දුරට දුෂ්කර ප්‍රදේශවල අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.
  • ප්‍රශ්නගත කරුණුවල දී ලේකම්වරයාගේ නිගමනය අවසන් තීරණය වනු ඇත.
  • ඉන් පසු ණය ලබාගන්නා පුද්ගලයින් අදාළ ණය කොන්දේසි අනුව මහජන බැංකුව සමඟ ගිවිසුමකට එළඹිය යුතුවේ.   

මෙම ණය ක්‍රමය සම්බන්ධව වැඩිවිස්තර ලබා ගැනීම සඳහා       

පහත දුරකථන වලට අමතා වැඩි විස්තර ජනමාධ්‍ය හා තෙරතුරු අමාත්‍යංශය මඟින් ලබා ගත හැක                               

නම තනතුර අංශය දුරකථන දුරකථන දිගුව
ප්‍රියන්ත මායාදුන්නෙ මහතා අතිරේක ලේකම්(සංවර්ධන හා සැලසුම්) සංවර්ධන අංශය +94-112-513943 158
ඩි.ඩි. වනිගනායක මහතා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්(සංවර්ධන සැලසුම්) සංවර්ධන අංශය +94-112-513466 149
ජි.එල්.ඩි. දහනායක මහත්මිය සහකාර ලේකම්(සංවර්ධන සැලසුම්) සංවර්ධන අංශය +94-112-513470 157
අශිකා ධර්මරත්න මෙනවිය කළමනාකර සහකාර  සංවර්ධන අංශය +94-112-513459/60 159

ආයතනයේ තොරතුරු

ජනමාධ්‍ය අමාත්‍යාංශය

නො 163,
"ඇසිදිසි මැදුර"
කිරුලපොන මාවත,
පොල්හේන්ගොඩ,
කොළඹ 05.


වෛද්‍ය අනිල් ජාසිංහ
දුරකථන:0112513459, 0112513498, 0112512321
ෆැක්ස් අංක:0112513462, 0112513458, 0112513437
විද්‍යුත් තැපෑල:secretary@media.gov.lk
වෙබ් අඩවිය: www.media.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:22:21
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 364
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty