The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home රැකියා තොරතුරු විදේශ රැකියා පැමිණිලි ඉදිරිපත් කිරිම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පැමිණිලි ඉදිරිපත් කිරිම.

PDF Print Email

සමථ අංශය


දේශීය රැකියා නියෝජිත ආයතන මාර්ගයෙන් සහ ස්වයං මාර්ගයෙන් විදේශ ගත වූ ශ්‍රමිකයන් වෙතින් හෝ ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වී ඇති ගැටළු හා ඉල්ලීම් කාර්යක්ෂමව විසදා අසහනයට පත් පාර්ශවයන්ට සහන සැලැස්වීම මෙම අංශයේ අරමුණ වේ.

ක්‍රියාත්මක ස්ථානය (ප්‍රධාන කාර්යාලය ):
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
අංක 234 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල.
දුරකථන අංක - 0112880500/ 011-2864113 ඊ මේල් - chmn@slbfe.lk

නියෝජ්‍ය සාමාන්‍යධිකාරී - 011-2864132
කළමනාකරු - 011-2864112

සමථ අංශයේ සේවාවන්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී එතෙර රැකියා සඳහා විදේශ ගත වූ විගමණික ශ්‍රමිකයන්ට අදාලව කාර්යාංශ වෙත අදාළ ශ්‍රමිකයන් සෘජුවම හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් හෝ ළඟම ඥාතීන් ඉදිරිපත් කරන පැමිණිලි හෝ ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම.

•    පැමිණිලි/ ඉල්ලීම් භාර ගැනීම (කාර්යාංශ‍ය විසින් භාර ගනු ලබන්නේ කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගත වී ඇති පුද්ගලයින්ට අදාළ පැමිණිලි හෝ ඉල්ලීම් පමණි).
•    පැමිණිල්ලට හෝ ඉල්ලීමට අදාළ පුද්ගලයා විදේශගත වීමට පෙර කාර්යාංශයේ ලියාපදිංචි වී ඇත්දැයි පරීක්ෂා කිරීමේ දී පැමිණිළිකරු/ ඉල්ලුම්කරු විසින් ඉදිරිපත් කරන තොරතුරු සමඟ කාර්යාංශ ලියාපදිංචියට අදාළ පහත සඳහන් තොරතුරු සංසන්දනය කර බැලීම.

    ජාතික හැදුනුපත් අංකය
    විදේශ ගමන් බලපත්රං අංකය
    විදේශ ගත වූ අයගේ නම
    විදේශ ගත වූ රට
    විදේශ ගත වූ දිනය

•    පැමිණිලි හා ඉල්ලීම් වෙන් කර හදුනා ගැනීම.
•    භාර ගන්නා ලද පැමිණිලි/ ඉල්ලීම් සඳහා ක්රි යා කිරීම හා අදාළ අංශ වලට යොමු කිරීම.
•    සමථ අංශයට භාරගත් පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම.

විශේෂ සටහන් - ඒ ඒ පැමිණිල්ලේ ස්වභාවය අනුව කාර්යක්ෂමව විසදා ඔවුනට සහන සැළැස්වීම.

රාජකාරි වේලාවන් - සතියේ  දින සදුදා සිට සිකුරාදා දක්වා     - පෙ.ව.8.30 සිට ප.ව.16.30



රැකියාවක් සඳහා විදේශගත වන ඔබ කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
 


ආයතනයේ තොරතුරු

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
නො.234,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,කොස්වත්ත
බත්තරමුල්ල

 



දුරකථන:1989 / (+94)11 2 880 500
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:chmn@slbfe.lk, agm@slbfe.lk
වෙබ් අඩවිය: www.slbfe.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2017-03-29 09:20:24
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 120
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty