The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries Agriculture, Livestock & Fisheries Development බීජ සහතික කිරීම_ පලතුරු බෝග තවාන් ලියාපදිංචි කිරීම හා පලතුරු පැල සහතික කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


SCPPC-බීජ සහතික කිරීම_ පලතුරු බෝග තවාන් ලියාපදිංචි කිරීම හා පලතුරු පැල සහතික කිරීම

PDF Print Email

 

සුදුසුකම්

ව්‍යාපාරික ලෙස හෝ තවාන් ලෙස පලතුරු පැළ නිපදවනුලබන ඕනෑම අයෙකු ඔවුන්ගේ තවාන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බී.ස. සේවයේ බීජ පනත යටතේ ලියාපදිංචි කළ යුතුය. ඉන් පසුව අතිරේක අධ්‍යක්ෂ (බී.ස.සේ.) වෙත බී.ස. සේවයේ ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කල යුතුය.

ඉන් පසුව මව් ශාක හා බද්ධ පලතුරු පැල සඳහා බීජ සහතික කිරීමේ සේවයේ ලේබල් ඔවුනට ලබා ගත හැකිය.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

i බීජ සහතික කිරීමේ සේවය ප්‍රධාන කාර්යාලයෙන් මෙන්ම ප්‍රාදේශිය කාර්යාල මඟින්ද අයදුම්පත් ලබා ගත හැක.
ii.
හරියාකාරව පුරවනලද අයදුම්පත් ප්‍රදේශයේ ව්‍යාප්ති සේවයේ නිරත කෘෂිකර්ම උපදේශක මහතාට බාරදිය යුතුය.
iii.
කෘෂිකර්ම උපදේශක මහතා ක්ෂේත්‍රයේ පිරික්සුම් සිදුකර ඔහුගේ නිර්දේශ සමඟ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ හෝ අන්තර් පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ මඟින් නියෝජ්‍ය අධ්‍යක්ෂ (බීජ සහතික කිරීමේ සේවය) ට ලබාදෙනු ලබයි.
iv.
අවසාන පිරික්සුම සඳහා බීජ සහතික කිරිමේ සේවයේ නිලධාරීන් පැමිනෙනු ඇත

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

නැත

 ඉදිරිපත් කළ යුතු වේලාවන් :- වසරේ ඕනෑම රාජකාරී කටයුතු සිදු කරන දිනයක

 සතියේ දිනවල රාජකාරී වේලාවන්හී (පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා)

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

 මව් ශාක ලියාපදිංචි කිරීම සඳහා ගාස්තු

      මව් ශාක :       01 -25 එක් ගසකට රු. 500 බැගින්

        26 50 දක්වා එක් ගසකට රු. 400 බැගින්

        51 75 දක්වා එක් ගසකට රු. 300 බැගින්

        76 100 දක්වා එක් ගසකට රු. 250 බැගින්

             100 ට වැඩි එක් ගසකට රු. 200 බැගින්

ලියාපදිංචි වීම සඳහා- වාර්ෂිකව එක් තවානක් සඳහා රු. 290.00
පැළයක් සඳහා සහතික කිරීමේ ලේබලයක් රු. 1.50 කි.

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

  හැකි ඉක්මනින්

තවානක් ලියාපදිංචිය සඳහා - සති 02 ඇතුළත (අදාල තත්ත්ව සම්පූර්ණ කර ඇත්නම්)

මව් ශාක ලියාපදිංචිය - ඵල දරණ කන්න 03 ක් පරික්ෂා කළ පසුව

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

 

ෆැක්ස්

ඉ-මේල්

අතිරේක අධ්‍යක්ෂ

ඒ.එස්.යූ ලියනගේ මයා

බීජ සහතික කිරීමේ සේවය, තැ. පෙ. 03, ගන්නොරුව, පේරාදෙණිය

081 2388217

 

scs@sltnet.lk

  ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා   හා විශේෂ තොරතුරු

පලතුරු පැළ තවාන් සහතික කිරීමේ දී බී.ස.සේ. ප්‍රමිතීන්ට අනුකූල අනුකූල නොවන අවස්ථාවල දී ලේබල් යෙදීම ප්‍රතික්ෂේප කළ හැක.

ඉල්ලූම්පත් ආකෘතිය (  ආකෘති පත්‍රයක් අමුණන්න)

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, තැ.පෙ.පෙ. 01,


පේරාදෙණිය.


සමන්ති ගාල්ලගේ
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:05:01
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 227
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty