The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පුද්ගලයින්ගේ ලියාපදිංචි කිරීම් මරණ නිවසක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ප්‍රකාශය
නිවසක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම

PDF Print Email
  1. මරණය සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන්න.
  2. ග්‍රාම නිලධාරී  විසින් මරණය පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ.
  3. මරණය ලියාපදිංචි කරනු ලබන්නේ මරණය සිදුවූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයා විසිනි. මරණ ප්‍රකාශය රෙජිස්ට්‍රාර් වරයාගෙන් ලබාගත හැක.
  4. දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
    1. මරණය සිදුවන අවස්ථාවේදි එහි සිටි කිට්ටුම නෑදෑයා
    2. අවසන් වරට රෝගීව සිටියදී උපස්ථානය කළ කිට්ටුම නෑදෑයා
    3. එවැනි නෑදෑයකු නොමැතිවූ විට
      • මියගිය අය පදිංචි රෙජිස්ට්‍රාර් කොට්ඨාශය තුල වාසය කරන මියගිය තැනැත්තාගේ නෑදෑයකු
    4. එවැනි නෑදෑයකු නොමැතිවූ විට
      • මරණය සිදුවන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක්
      • මරණය සිදුවූ ගෙදර පදිංචිකරු
    5. ඉහත සඳහන් පුද්ගලයන් නොමැතිවූ විට
      • මළ සිරුර වැළලීමට, ආදාහනය කිරීමට හෝ වෙනත් ආකාරයකින් ඒ පිළිබඳ අවසන් කටයුතු කරන පුද්ගලයා
  1. මරණය සිදු වී මාස 03ක් ඇතුලතදී මරණය නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක. මරණය සිදු වී මාස 03කින් පසුවද මරණය ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ මරණ ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න. 
  2. දැනුම් දෙන්නා වෙත නොමිලයේ මරණ සහතිකයක් නිකුත් කරනු ලැබේ.

ආයතනයේ තොරතුරු

Department of Registrar General (Under Construction)

No: 234 /A3,
Denzil Kobbakaduwa Mawatha,
Battaramulla.


Ms. Buddhika Nilanthi Ranaweera
දුරකථන:+94-11-2889488 / +94-11-2889489
ෆැක්ස් අංක:+94-11-2889491
විද්‍යුත් තැපෑල:info@rgd.gov.lk
වෙබ් අඩවිය: www.rgd.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:26:29
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 219
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty