The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත ණය, අරමුදල් සහ දිරිදීමනා යෝජනා ක්‍රම කලායතන ලියාපදිංචිය සහ ආධාර ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ඉල්ලුම්පත් ආකෘතිය     සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
කලායතන ලියාපදිංචිය සහ ආධාර ලබා ගැනීම

PDF Print Email

පෞද්ගලික කලායතන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ නව ව්‍යවස්ථා මාලාවේ අංක 05 යටතේ දැක්වෙන සුදුසුකම් සහිත අයෙකු විසින් හෝ එවැනි සුදුසුකම් සහිත ආචාර්ය මණ්ඩලයක් යොදවා වෙනත් අයෙකු විසින් හෝ මණ්ඩලයක් විසින් පවත්වාගෙන යන, සිසුන් 20 දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවකගේ සාමාන්‍ය දෛනික පැමිණීමක් ඇති, ව්‍යවස්ථා මාලාවේ අංක 02 යටතේ ඇති නිර්දිෂ්ට වර්ගයන්ගෙන් එකකට අදාළ කලා විෂයයන් උගන්වන්නා වූ රජයට අයත් නොවන ආයතන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරනු ලබයි.

ලියාපදිංචිය සඳහා තිබිය යුතු සුදුසුකම් හා කොන්දේසි
a.    කලායතන ලියාපදිංචි කිරීමේ නව ව්‍යවස්ථාමාලාවේ දැක්වෙන පහත වර්ගීකරණයන්ට අයත් කලායතනයක් වීම.
    උඩරට නැටුම් කලායතන
    පහතරට නැටුම් කලායතන
   සබරගමු නැටුම් කලායතන
    සංගීත කලායතන
    මුද්‍රා නාට්‍ය/ළමා නාට්‍ය/නාට්‍ය කලායතන
    කෝලම් නාට්‍ය කලායතන
    නාඩගම් කලායතන
    රූකඩ නැටුම් කලායතන
    ඉන්දීය නැටුම් කලායතන
    චිත්‍ර හා මූර්ති කලායතන
    අංගම්පොර කලායතන
b.    ආයතනයේ කාර්යාලය කලායතනය පවත්වාගෙන යන ස්ථානයට නුදුරු ස්ථිර නිවසක හෝ ගොඩනැගිල්ලක පවත්වාගෙන යාම සහ එම ස්ථානයේ කලායතනයේ නාම පුවරුව හා අනෙකුත් භාණ්ඩ තිබිය යුතු වීම. ( පෞද්ගලික ගොඩනැගිල්ලක, රජයේ ගොඩනැගිල්ලක, හෝ වෙනත් ආයතනයක් හිස්ව තිබෙන අවස්ථාවල දී අයිතිකරුගේ හෝ ආයතන ප්‍රධානියාගේ කැමැත්ත ඇතිව කලායතනයක් පවත්වාගෙන යා හැක )
c.    අසල්වාසීන්ට අපහසුතාවයක් ඇති නොවන අන්දමින් කලායතන ශාලාව දුරස්ව පිහිටා තිබීම.
d.    ව්‍යවස්ථා මාලාවේ දක්වා ඇති අන්දමට ඒ ඒ කලායතන වර්ගයන්ට අදාළ අවම උපකරණ තිබිය යුතු වීම.
e.    ව්‍යවස්ථාමාලාවේ දැක්වෙන කාර්යාල උපකරණ තිබිය යුතු වීම.
f.    ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරන කලායතන වර්ගයට අදාළ විෂය මාලාව ඉගැන්වීමට සුදුසුකම් ඇති එක් ආචාර්යවරයෙකුවත් සිටීම.
g.    වස්ථාමාලාවේ අංක 2 යටතේ දැක්වෙන කලායතන වර්ගීකරණයන්ට අනුව ලියාපදිංචි කිරීමට යන කලායතන වර්ගයට අයත් විෂය සම්බන්ධව විශ්වවිද්‍යාලයේ අවසාන විභාග‍යෙන් කලායතනාධිපති සමත්වීම. නැතහොත් පාරම්පරික කලාකරුවෙක් බවට කලායතනාධිපති ඉගෙනුමලත් ගුරුකුල පිළිබඳ ඉතිහාසය පැහැදිලිකර එහි නිරවද්‍යතාවය ඔප්පුකිරීමේ සහතික තිබීම. එසේම අදාළ විෂය ඉගැන්වීම පිළිබඳ වසර දෙකක පුහුණු සහතික ඉදිරිපත් කිරීම
h.    යටත් පිරිසෙයින් එක් දිනක පැය පහක කාලයකට නොඅඩුව සතියක් තුළ දින දෙකක් ඇතුළත් වන පරිදි සතියකට පැය 10ක්  පන්ති පැවැත්වීම. ( අලුත් අවුරුදු, ආගමික උත්සව හා ගොවිතැන් වැනි හේතූන් නිසා දීර්ඝ නිවාඩු දීමට කලායතනයට අවසර නැත)
i.    ලියාපදිංචිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට පෙර අවම වශයෙන් වසරක කාලයක්වත් අඛණ්ඩව පවත්වා තිබීම.  
කලායතනාධිපති විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත කලායතනය අයත් වසමේ ග්‍රාම නිලධාරී තැනගේ, ප්‍රාදේශීය සංස්කෘතික නිලධාරී හෝ සංස්කෘතික සංවර්ධන සහකාර නිලධාරී තැනගේ සහ ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ සහිතව සංස්කෘතික කටුයුතු අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අයදුම්පත් ලබාගත හැක.
අයදුම්පත් සඳහා ගාස්තු අය නොකෙරේ.
වර්ෂයේ ඕනෑම කාලයක කාර්යාල වේලාව තුළ අයදුම්පත් ඉදිරිපත් කළ හැක.
සේවාව සැපයීම වෙනුවෙන් ගාස්තු අය නොකෙරේ.
ලියකිවිලි සහ අනෙකුත් සුදුසුකම් සපුරා ඇත්නම් සේවාව දිනක් ඇතුලත ලබාදේ   
01.    කලායතනය පවත්වන්නේ වෙනත් අයෙකු සතු ගොඩනැගිල්ලක නම් ගොඩනැගිලි     අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපියක්
02.     ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම් සනාථ කෙරෙන සහතික පිටපත්
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ / නියෝජ්‍ය අධ්‍යක්ෂ / සහකාර අධ්‍යක්ෂ සේවාභාර මාණ්ඩලික නිලධාරීන් ලෙස කටයුතු කරයි
ඒ ඒ කලායතන වර්ගයන්ට අදාළ විෂය නිර්දේශ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබයි.
අදාළ විෂය නිර්දේශ හැදෑරූ සිසුන් වෙනුවෙන් වසරක් පාසා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විභාග පවත්වයි. විභාගය ලිඛිත හා ප්‍රායෝගික වශයෙන් කොටස් දෙකකින් යුක්ත වේ.
ඉල්ලුම්පත් ආකෘතිය අමුණා ඇත
සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රයක පිටපතක් අමුණා ඇත.


ආයතනයේ තොරතුරු

Department of Cultural Affairs

8th Floor,
Sethsiripaya,
Bataramulla.


Mr ICJ Gunaratne
දුරකථන:+94-112-872031 / +94-112-866731
ෆැක්ස් අංක:+94-112-866732
විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk
වෙබ් අඩවිය: www.cultural.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:26:09
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 402
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty