The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත තොරතුරු ක්ශුද්‍ර දත්ත ගොනු මුදා හැරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ක්ශුද්‍ර දත්ත ගොනු මුදා හැරීම

PDF Print Email

දෙපාර්තමේන්තුව සතු ශුද්‍ර දත්ත ගොනු ගවේශන/පරියේෂණ කටයුතු සඳහා මහජනතාවට නිකුත්කරනු ලැබේ. ශුද්‍ර දත්ත ගොනු නිකුත් කරණු ලබනුයේ දෙපාර්තමේන්තුවේ ශුද්‍ර දත්ත ගොනු නිකුත් කිරිමේ ප්‍රතිපත්ති අනුව වේ. (ඇමුණුම් 1 බලන්න)

ශුද්‍ර දත්ත ගොනු ලබා ගැනිම සඳහා සපුරාලිය යුතු සුදුසුකම්
රාජ්‍ය ආයතනයක නිලධාරියකු වීම
                   හෝ
රජය පිළිගත් විශ්ව විද්‍යාලයක,අධ්‍යාපන ආයතනයක අධ්‍යන කාර්ය මණ්ඩලයේ අ‍යකු වීම
                   හෝ
රජය පිළිගත් විශ්ව විද්‍යාලයක,අධ්‍යාපන ආයතනයක සිසුවකු වීම
                   හෝ
තෝරාගත් ජාත්‍යන්තර ආයතනයක නිලධාරියකු වීම

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරිමේ ක්‍රියාවලිය
ශුද්‍ර දත්ත ගොනු ලබා ගැනිම සඳහා ‍පහත සඳහන් ලිපි ලේඛන පිටපත් තුනකින් යුතුව අංක 15/12, මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, කොළඹ 07 යන ලිපියේ පිහිටි මෙම දෙපාර්තමේන්තුවේ තොරතුරු ඒකකයට ඉදිරිපත් කළ යුතුය.

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද ශුද්‍ර දත්ත ගොනු මුදාහැරිමට අදාළ ගිවිසුම් ප්‍රකාශය(ඇමුණුම 2 බලන්න)
  • සවිස්තරාත්මක ගවේශන යෝජනාව (Detailed Project Proposal)
  • ආයතන ප්‍රධානියාගේ සනාතන ලිපිය (Recommendation letter from the head of the organisation)

ඉල්ලුම් පත්‍ර ලබා ගත හැකි ස්ථාන
data.requests@statistics.gov.lk විද්‍යුත් තැපැල් ලිපිනයට ඉල්ලීමක් කිරිම මගින් හෝ අංක 15/12, මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, කොළඹ 07 යන ලිපියේ පිහිටි අප දෙපාර්තමේන්තුවේ තොරතුරු ඒකකයට පැමිණ ලබා ගත හැක. ඉල්ලුම් පත්‍ර සඳහා හෝ දත්ත ගොනු ලබා ගැනිම සඳහා දැනට මුදල් අය කිරිමක් නොකරයි.

ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල යුතු වේලාවන්
සතියේ වැඩ කරන දින පෙ.ව 8.30 සිට ප.ව 4.15 දක්වා වේ.

සේවය ලබා ගැනිමට ගතවන කාලය සහ වෙනත් කරුණු
ඉල්ලුම් පත් භාරදී දින සතියක් පමණ කාලයකදී දත්ත ගොනු ලබා ගත හැක. ශුද්‍ර දත්ත ගොනුවේ ආරම්භයේදි නිකුත්කරණු ලබන ප්‍රතිශතය දෙපාර්තමේන්තුව මගින් තීරණය කරණු ලැබේ. (බොහෝ විට 25% වේ) අනතුරුව එම දත්ත ගොනුව සම්පූර්ණයෙන්ම ලබා ගැනිමට අවශ්‍ය නම් මුල් ප්‍රතිශතය භාවිතයෙන් පිළියෙල කල ව්‍යාපෘති වාර්තාව හා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් මුල් ප්‍රතිශතය නිකුත් කිරිමට අනුමත කල ලිපියේ පිටපත ඉදිරිපත් කල යුතු වේ.

සේවාභාර මාණ්ඩලික නිළධාරි

තනතුර නම අංශය ලිපිනය දුරකතන ඊ මේල්
සංඛ්‍යාලේඛනඥ එච්.ඩබ්.එම්.ජයවීර මයා තොරතුරු අංශය 5 වන මහල,
රොටුන්ඩා ටවර්,109,ගාලු පාර,
කොළඹ 03.
+94-11-2147008 data.requests@statistics.gov.lk




ආයතනයේ තොරතුරු

Department of Census and Statistics

306/71

Polduwa Road

Battaramulla


K.M.D.S.D.Karunarathne
දුරකථන:+94 11 2147 000
ෆැක්ස් අංක:+94 11 2147 011
විද්‍යුත් තැපෑල:data.requests@statistics.gov.lk
වෙබ් අඩවිය: www.statistics.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:23:19
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 295
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty