The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව විශේෂ හා හදිසි ගවේෂණ සිදු කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විශේෂ හා හදිසි ගවේෂණ සිදු කිරීම.

PDF Print Email

සංරක්ෂණයට, ප්‍රදර්ශනයට, පර්යේෂණ කටයුතු වලට කැණීම් කටයුතු වලට හෝ කුමන කටයුත්තකට වුවත් පුරා ස්ථාන හඳුනාගෙන සිටීම වැදගත් වේ.
පුරා ස්ථාන හා ස්මාරක සවිස්තරාත්මකව වාර්තා ගත කොට ස්ථාන පිළිබඳව වාර්තා සම්පාදනය සිදුකරනු ලබන අතරම, හදිසි අවශ්‍යතාවන් මත ඉතා ඉක්මනින් වාර්තාගත කල යුතු ස්ථාන වාර්තාගත කිරීම සිදු කරනු ලබයි.

ටී.එම්.සී. බණ්ඩාර මහතා ගවේෂණ නිලධාරී ඇතුඵ සියඵම ගවේෂණ නිලධාරීන් මෙම කාර්යය සඳහා සහභාගී වනුලබයි.

විමසීම්

දුරකථන අංකය - +94-11 - 2692840/41
දිගුව -   211

 වෙන් කළ පුරාවිද්‍යාත්මක පරීක්ෂණ ප්‍රදේශ

1940 අංක 9 දරණ පුරාවස්තු ආඥා පනතේ  යොදා ඇති විධිවිධාන යටතේ කටයුතු කිරීම සිදු කරනු ලබයි. අංක 33, 34, 35 වගන්ති යටතේ මේ පිළිබඳව කරුණු දක්වා ඇත.

වෙන්කළ පුරාවිද්‍යා ප්‍රදේශ පිළිබඳව ආඥා පනතේ 33 වන වගන්තිය මගින් කරුණු දක්වයි. ඉඩම් කොමසාරිස්වරයාගේ අනුමැතිය ඇතිව හෝ ඉඩම් කොමසාරිස්වරයා ගේ අනුමැතිය ඇතිව හෝ ඉඩම් කොමසාරිස්වරයා අනුමැතිය ප්‍රතික්ෂේප කළ අවස්ථාවක අදාල ඉඩම් විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව ආඥා පනතේ සඳහන් කාර්යයන් සඳහා පුරාවිද්‍යා කොමසාරිස් විසින් නියමිත ප්‍රදේශයක් වෙන් කළ පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක් ලෙස ගැසට් පත්‍ර නියෝගයකින් පල කරනු ලබන නිවේදනයකින් ප්‍රශකාශයට පත් කරනු ලබයි. තව ද මේ ආඥා පනතේ ක්‍රීයාත්මක වන දිනට පෙර ගැසට් පත්‍රයක පලකරනු ලැබූ හෝ අන් ලෙසකින් පුරාවිද්‍යාත්මක කාර්යයන් සඳහා වෙන් කරනු ලැබූ රජයේ ඉඩමක යම් ප්‍රදේශයක් වෙන් කළ පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක් වශයෙන් සැලකිය යුතුය.

පුරාවස්තු ආඥා පනතේ 33 වන වගන්තිය යටතේ ප්‍රකාශයට පත් කරන ලද ඉඩමක පුරාවිද්‍යා කොමසාරිස්වරයා හෝ ඔහුගේ විධාන යටතේ හා ඊට අනුකූලව ක්‍රියාකරන තැනැත්තෙකු හැර වෙන්කළ පුරාවිද්‍යා ප්‍රදේශයක යම් කොටසක් වගා කිරීම සඳහා එළි පෙහෙළි කරන්නා වූ හෝ කඩා වෙන් කරන්නා වූ හෝ එබිම් කොටස වගා කරන්නා වූ යම් ගොඩනැගිල්ලක් හෝ නිර්මාණයක් ඉදිකරන්නා වූ හෝ යම් ගසක් කපා ඉවත් කරන්නා වූ හෝ අන් ලෙසකින් විනාශ කරන්නා වූ හෝ වෙන් කළ ප්‍රදේශයක අන් ලෙසකින් අයුතු ලෙස කොටු කරගන්නා වූ සෑම තැනැත්තෙකුම වරදකරුවකු බවට නඩු විභාගයකින් පසුව පමුණුවනු ලැබිය හැකිය. එසේ කළ හැකිව ඇත්තේ ඉඩම් නිරවුල් කිරීම කළ හෝ රජය විසින් අත්පත් කරගත් ඉඩම් සම්බන්ධයෙන් පමණි.

34 වන වගන්තිය යටතේ යම් තැනැත්තෙකු වරදකට වරදකරුවකු කරනු ලැබීමකට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කර නොමැති විටක හෝ අභියාචනයක් ඉදිරිපත් කරන ලදුව එකී වරදකරු කිරීම ස්ථීර කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසාන නඩු තීන්දුවක් දුන් විටක එම වරදකරු පුරාවිද්‍යා ක්ෂේත්‍රයෙන් නෙරපා ඒ ප්‍රදේශයේ භාරය පුරාවිද්‍යා කොමසාරිස් වරයාට හෝ ඔහුගේ නියෝජිතයාට භාරදීමට කටයුතු කරනු ලබයි. එම කටයුතු සිදු වූ ආකාරය පිළිබඳව පිස්කල්වරයා හෝ සාම නිලධාරී විසින් මහේස්ත්‍රත් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.

වෙන් කළ පුරාවිද්‍යා ප්‍රදේශයකට ඇතුල්වීමට සහ වරදකරු කරනු ලැබූ තැනැත්තා නෙරපීම හා වෙන්කළ පුරාවිද්‍යාත්මක ප්‍රදේශයේ සන්තකය පුරාවිද්‍යා කොමසාරිස්වරයා වෙත හෝ ඔහුගේ නියෝජිතයා වෙත භාරදීමට අවශ්‍ය වන ප්‍රමාණයේ  බලයක් පිස්කල්වරයා හෝ සාම නිලධාරියා හෝ ඔවුන් අතුරින් කෙනෙකු විසින් බලය දෙනු ලැබූ යම් නිලධාරියෙකු විසින් හෝ සිදුකරනු ඇත.


මේ ආකාරයට 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනතේ 33, 34, 35 වගන්ති යටතේ පුරාවිද්‍යා  ඉඩම් පවරා ගැනීමට අදාල ක්‍රියාදාමයන් සිදුවන ආකාරය පිළිබඳව කරුණු දන්වා ඇත.

විමසීම්              -  ගවේෂණ නිලධාරී - ප්‍රියන්ත කප්පාගොඩ මහතා
දුරකථන අංකය   -   +94-11 - 2692840/41
දිගුව                 - 211
 


ආයතනයේ තොරතුරු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.


ඩබ්. ආර්. ජේ. වාසනා ප්‍රේමචන්ද්‍ර මිය,
දුරකථන:+94 11 2 692840 / 41
ෆැක්ස් අංක:+94 11 2 696514
විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk
වෙබ් අඩවිය: www.archaeology.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:10:54
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty