The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව මුහුඳු පුරාවිද්‍යා ගවේෂණ
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මුහුඳු පුරාවිද්‍යා ගවේෂණ

PDF Print Email

මුහුඳු පුරාවිද්‍යා ගවේෂණ මගින් දේශීය සමුද්‍ර පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ තොරතුරු එක් රැස් කිරීම, ස්ථාන ගවේෂණ කිරීම, වාර්තාගත කිරීම, ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීම සහ දේශීය සමුද්‍ර තීරයේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භයට පෙර පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් සමීක්ෂණ සිදු කරයි.

ගිඵණු නැව්, මුහුඳුබත් වූ වරාය සහ ජනාවාස ඇතුඵ අතීත මිනිසා විසින් ශේෂ කරන ලද සියඵම භෞතික සාධක කෙරෙහි මෙම ගවේෂණ වලදී අවධානය යොමු කරයි.

ක්‍රිස්තුපූර්ව අවධියේ පටන් ශ්‍රී ලංකා වාසීන් විදේශ සමග සබඳතා පැවැත්වූ බව ගොඩබිම පුරාවිද්‍යා ගවේෂණ වලින් ලැබී ඇති පුරාවස්තු සාධක සපයයි.

ශ්‍රී ලංකාව වසර 10000 පමණ ඈත කාලයක සිට දිවයිනක් ලෙස පැවතී ඇත. ඒ අනුව වසර දහස් ගණනක් තුළ ශ්‍රී ලංකාව හා විදේශයන් අතර සබඳතා පැවැත්වීමේදී මුහුඳු යාත්‍රාවන් භාවිතා කර ඇත. එසේම ශ්‍රී ලංකාව වටා ස්වාභාවික ඓතිහාසික වරාය රැසක් පිහිටා තිබේ.

මුහුඳු මට්ටම වෙනස් වීමේ ප්‍රතිඵලයක් ලෙස පුරාණ වරාය හා ජනාවාස මුහුඳුබත් වීමෙන් හෝ මුහුඳු යාත්‍රාවන්  ගිලීමෙන්  ප්‍රධාන වශයෙන් මුහුඳු පත්ලේ පුරාවිද්‍යා ස්ථාන නිර්මාණය වේ.

ඉන්දියානු සාගරයේ පෙර අපර දෙදිග යා කළ පුරාණ  ජාත්‍යන්තර මුහුඳු මාර්ගයක මධ්‍යස්ථානයක පිහිටි ශ්‍රීලංකාව වටා දේශීය මුහුඳු තීරයේ අතීත මිනිසාගේ  ක්‍රියාකාරකම් අධ්‍යයනයට දත්ත සපයන පුරාවිද්‍යා ස්ථාන රැසක් ඇති බව අනුමාන කළ හැකිය.

මුහුඳු පත්ලේ ශේෂ වී ඇති පුරාවස්තු මගින් අතීත මිනිසාගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය මුහුඳු පුරාවිද්‍යාවේදී සිදු කරයි.
 

මුහුඳු පුරාවිද්‍යා ගවේෂණ වලදී අදාලවන නීතිය

1998 අංක 24 දරණ පුරාවස්තු (සංශෝධන) පනතින් සංශෝධිත පනතින් සංශෝධිත 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනතේ 2 වන වගන්තියේ 3 වන උපවගන්තිය අනුව ශ්‍රී ලංකා දේශීය සමුද්‍ර  තීරයේ පුරාවස්තුවල අයිතිය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වෙත පවරා ඇත.

මුහුඳු පුරාවිද්‍යා ගවේෂණ සිදුකරන ආකාරය.

  1. ධීවරයන්ගෙන් තොරතුරු අසා දැනගැනීම.
  2. ඓතිහාසික වරාය ආශ්‍රිතවව මැග්නටෝ මීටරය සහ සයිඞ් ස්කෑන් සේනාර් උපකරණ  භාවිතයෙන් ගවේෂණය.
  3. කිමිඳුම් පුහුණුව ලබා ඇති පුරාවිද්‍යා  නිලධාරීන් මුහුඳු පත්ලේ කිමිදී ගවේෂණය කිරීම.
  4. අක්ෂාංශ, දේශාංශ ගත පිහිටීම සහිතව සැළසුම්, ඡායාරූප, වීඩියෝ  මගින් ස්ථාන විස්තරාත්මකව වාර්තාගත කිරීම.
  5. පුරාවස්තු ලේඛන පවත්වාගෙනයාම. 

දේශීය මුහුඳු තීරයේ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂාකර ගැනීම

1998 අංක 24 පුරාවස්තු (සංශෝධන) පනතින් සංශෝධිත 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනතේ 15 වන වගන්තිය අදාල වේ.

මුහුඳු පුරාවස්තු විනාශය වැලැක්වීමේ ක්‍රියාටිපාටිය

ගොඩබිම පුරාවස්තු විනාශයට අදාල වන ආකාරයෙන්ම දේශීය මුහුඳු තීරය තුළ සිදුකරන පුරාවස්තු විනාශයට එරෙහිව පියවර ගැනීම සඳහා අදාල වේ.

දේශීය සමුද්‍රතීරය තුළ ගිඵණු වසර 100 කට වඩා පැරණි නැව් ඩයනමයිට් දමා හෝ වෙනත් ආකාරයකින් විනාශ කිරීම, ඒවායේ කොටස් හෝ වෙනත් පුරාවස්තු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ගේ පූර්ව අනුමැතියකින් තොරව ගොඩබිමට රැගෙන ඒම බහුලව සිදුවන පුරාවස්තු විනාශයන් වේ.

එවැනි පුරාවස්තු විනාශයක් පිළිබඳව දැනුම්දිය යුතු දුරකථන අංක
 

  1. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්  - 0112-695255 , 0112–696250
     
  2. සහකාර අධ්‍යක්ෂ (චංචල හා නිශ්චල දේපල) - 0112-696514 , 0112-696514
     
  3. පාලිත වීරසිංහ මහතා (ප්‍රාදේශිය කැණීම් නිලධාරී), බස්නාහිර ප්‍රාදේශිය කාර්යාලය  - 0112-692840/41  - දිගුව - 504
     
  4. ජී.එ්.ඞී. සමන්තිලකා (පුරාවිද්‍යා පර්යේෂණ සහකාර) - 0112-696514 ,  0112-692840/41  - දිගුව - 212 
     
  5. පුරාවස්තු විනාශය වැළැක්වීමේ විශේෂ ඒකකය  -  0117-222333 ,0112-692840/41 -  දිගුව - 213 
     
  6. පුරාවස්තු විනාශය වැළැක්වීමේ විශේෂ පොලිස්  ඒකකය - 0112-694727, 0112-694727
     

දේශීය සමුද්‍ර තීරයේ පුරාවස්තු විනාශය වැලළැක්වීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහය වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විශේෂ කාර්ය භාරයක් ඉටු කරයි.


දකුණු පලාත් අණදෙන නිලධාරී,
දක්ෂිණ නාවික හමුදා කඳවුර,
ශ්‍රී නාවික හමුදාව,
මාගාල්ල,
ගාල්ල.   
දුරකථන - 091 - 2267130
ෆැක්ස් - 091 - 2239560

 

දේශීය සමුද්‍ර තීරයේ පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් සමීක්ෂණ

දේශීය සමුද්‍ර තීරයේ නැව් තොට හා වරාය ඉදිකිරීම් හෝ විශාල කිරීම් සඳහා ඉඩම් එළි පෙහෙළි කිරීම හා මුහුඳු පත්ල හානි කිරීමට පෙර පුරාවිද්‍යා  බලපෑම් ඇගයීම් සමීක්ෂණ ව්‍යාපෘති යෝජක විසින් සිදුකර ගත යුතුය.

මීට අදාල වන නීතිය හා කාර්යය පටිපාටිය සඳහා වැඩි විස්තර පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් සමීක්ෂණ යටතේ විස්තර කර ඇත.

 

ආයතනයේ තොරතුරු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.


ඩබ්. ආර්. ජේ. වාසනා ප්‍රේමචන්ද්‍ර මිය,
දුරකථන:+94 11 2 692840 / 41
ෆැක්ස් අංක:+94 11 2 696514
විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk
වෙබ් අඩවිය: www.archaeology.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:11:22
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty