The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ඓතිහාසික වාස්තු විද්‍යාත්මක සාදක ලේඛනගත කිරීම, වාර්තා කිරීම, සංරක්ෂණය කිරීම හා මහ ජනතාව වෙත ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් හා සැලසුම් සකස් කිරීම ක්‍රියාත්මක කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ශ්‍රී ලංකාව තුළ පවත්නා ඓතිහාසික වාස්තු විද්‍යාත්මක සාදක ලේඛනගත කිරීම, වාර්තා කිරීම, සංරක්ෂණය කිරීම හා මහ ජනතාව වෙත ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් හා සැලසුම් සකස් කිරීම ක්‍රියාත්මක කිරීම.

PDF Print Email

01. ක්‍රියාකාරකම්

  • වාස්තු විද්‍යාත්මක සාධක වාර්තාගත කිරීම.
  • සංරක්ෂණය සඳහා යෝජනා සකස් කිරීම.
  • සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම.
  • අධීක්ෂණය කිරීම.
  • පුරාවිද්‍යා භූමි ආශ්‍රිතව නව ඉදිකිරීම්.

02.ස්මාරක සංරක්ෂණ කටයුතු සඳහා ජනතා සහයෝගය ලබාගැනීම.

හුදෙක් ස්මාරක සංරක්ෂණ කටයුතු රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත තීරණය වන බැවින් වාර්ෂික ක්‍රියාකාරී වැඩසැලැස්ම අනුමත මුදල් ප්‍රමාණයට සමගාමීව තීරණය වේ. මේ හේතුවෙන් ඇතැම් ස්ථාන වල රටේ විවිධ ප්‍රදේශවල බෞද්ධ හා වෙනත් ආගමික ස්ථාන ආශ්‍රිතව හා එසේ නොමැතිව පවතින ස්මාරක ඉක්මනින් විනාශය කරා ගමන් කරන බව පෙනී යයි.

ඔබ  ප්‍රදේශයේ හෝ ආශ්‍රිතව තව පැරණි පුරාවිද්‍යා  වටිනාකමක් සහිත ස්මාරක පවතින්නේද?

ඔබ  ප්‍රදේශයේ ඓතිහාසික උරුමය පිළිබඳ අවධියෙන් සිටින අයෙකු විය හැකිය. එසේ නම් ඔබගේ ගම් පළාතේ හෝ ආසන්න  ප්‍රදේශයේ ඇති කිසියම් වාස්තු  විද්‍යාත්මක ඉදිකිරීමක පවත්නා පුරා විද්‍යාත්මක අගය හඳුනාගැනීමට හෝ යම්  ප්‍රතිසංස්කරණය කිරීමක් කිරීමට අවශ්‍යයද? එහි පවත්නා නීතිමය තත්වය පිළිබඳ ඔබ දැනුවත් ද? ඊට අවශ්‍යය උපදෙස් හා සහයෝගය ලබාදීම අපගේ වගකීමයි.

මෙහිදී කිසියම් භික්ෂූන් වහන්සේ නමක් , පූජකවරයෙක් රාජ්‍ය නොවන සංවිධානයක්, විදේශීය රාජ්‍යයක්, යම් ස්වේච්ඡා සංවිධානයක් හෝ සිවිල් පුරවැසියෙක් මේ ස්මාරක සංරක්ෂණය කිරීම සඳහා ද්‍රව්‍යමය ආධාර ලබාදෙන්නේ නම් ඊට අවශ්‍යය පුහුණු ශ්‍රමය හා අධීක්ෂණය සැපයීමට අපබැඳී සිටිමු.

අවශ්‍යම මූලික මැදිහත්වීම සඳහා ඔබ අයත් පලාතේ ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ අමතන්න.

පළාත - දුරකථන අංකය
බස්නාහිර පළාත - +9411-2667374
මධ්‍යම පළාත - +9481-2222336
සබරගමු පළාත - +9436-2232674
ඌව පළාත - +9455-2222637
නැගෙනහිර පළාත - +9463-2222017
දකුණු පළාත - +9491-2234071
උතුරුමැද පළාත - +9425-2222411
වයඹ පළාත - +9437-2291065



03.වාස්තු විද්‍යා සංරක්ෂණ අංශයේ 2009 වර්ෂයට අදාල වැඩ සැළැස්ම
(*මෙම වර්ෂයට අදාල මූල්‍ය ප්‍රතිපාදන සැලකිල්ලට ගෙන පහත සඳහන් ස්ථාන වර්ෂය තුළ සංරක්ෂණය කිරීමට අදාල වැඩ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.)

මධ්‍යම පලාත
  ස්ථානය දිස්ත්‍රික්කය ප්‍රා.ලේ. කොට්ඨාශය
01 හඟරන්කෙත පොත්ගුල් විහාරය නුවරඑලිය හඟරන්කෙත
02 ගලියාව අම්බලම මහනුවර ගලගෙදර
03 නාරංගොල්ල ටැම්පිට විහාරය මාතලේ අඹන්ගඟ කෝරලය
04 දෙල්දෙණිය විහාරය මහනුවර යටිනුවර
05 කඩදොර රජමහා විහාරය නුවරඑළිය වලපනේ
06 පට්ටපොළ පිළිමගෙය මහනුවර හතරලියද්ද
07 හැදුණුවැව අම්බලම නුවරඑළිය කොත්මලේ
08 සිල්වත්ගල මාතලේ ගලේවෙල
වයඹ පලාත   
  ස්ථානය දිස්ත්‍රික්කය ප්‍රා.ලේ. කොට්ඨාශය
01 මොණරාගල සංඝාවාසය කුරුණෑගල කටුපොත
02 ගවරතිස්සාරාම චෛත්යව කුරුණෑගල අඹන්පොල
03 මාලගමුව ටැම්පිට විහාරය කුරුණෑගල ගනේවත්ත
04 මහවැව ටැම්පිට විහාරය පුත්තලම කරුවලගස්වැව
05 මාණික්කන්කන්ද දාගැබ පුත්තලම ආණමඩුව
06 කොලමුන්න ශරීද ද සුගතාරාමය කුරුණෑගල බමුණාකොටුව
07 පන්නල ලිහිණියාගල්ල විහාරය කුරුණෑගල පන්නල
08 වතුවත්ත ටැම්පිට විහාරය කුරුණෑගල උඩුබද්දාව
09 ඇත්කඳ විහාරය කුරුණෑගල උඩුබද්දාව
10 හිරිපත්වැල්ල ටැම්පිට විහාරය කුරුණෑගල පොල්ගහවෙල
11 නාගොල්ල ලෙන් විහාරය කුරුණෑගල පොල්පිතිගම
ඌව පලාත   
  ස්ථානය දිස්ත්‍රික්කය ප්‍රා.ලේ. කොට්ඨාශය
01 පොතුබන්ධන ආවාසගෙය මොණරාගල බිබිල
02 දිඹුලන වෙහෙරගොඩ විහාරය බදුල්ල ඌව පරණගම
03 පෝටාව අම්බලම බදුල්ල රිදීමාලියද්ද
04 වෙළේකඬේ වෙළඳසැල බදුල්ල බදුල්ල
05 යුධගනාව ඉහළ දාගැබ මොණරාගල බුත්තල 
නැගෙනහිර පලාත   
  ස්ථානය දිස්ත්‍රික්කය ප්‍රා.ලේ. කොට්ඨාශය
01 රංගිරි උල්පත ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල
02 මගුල්මහා විහාරය  අම්පාර ලාහුගල
03 3 කණුව දාගැබ අම්පාර ලාහුගල
04 කොටවෙහෙර අම්පාර ලාහුගල
සබරගමුව  පලාත
  ස්ථානය දිස්ත්‍රික්කය ප්‍රා.ලේ. කොට්ඨාශ
01 ගල්ටැම්යාය රත්නපුර බලංගොඩ
02 කාරියගම ටැම්පිට විහාරය කෑගල්ල අරණායක
03 මාම්පිට පුරාණ විහාරය කෑගල්ල වරකාපොල
04 මඩුවන්වල වලව්ව රත්නපුර කොලොන්න
උතුරුමැද පලාත
  ස්ථානය දිස්ත්‍රික්කය ප්‍රා.ලේ. කොට්ඨාශ
01 කුඵමීමාකඩ පැරණි දාගැබ අනුරාධපුර හොරොව්පතාන
02 දුටුවැව බෝධිඝරය අනුරාධපුර ගලෙන්බිඳුණු වැව
03 රිටිගල බන්දා පොකුණ අනුරාධපුර කැකිරාව
04 අවුකන අනුරාධපුර ගල්නෑව
බස්නාහිර පලාත   
  ස්ථානය දිස්ත්‍රික්කය ප්‍රා.ලේ. කොට්ඨාශ
01 කෝට්ටේ කොටු බැම්ම කොළඹ  කෝට්ටේ
02 හිරිකුඵව විහාරය ගම්පහ මීරිගම
03 කෝට්ටේ රජමහා විහාර වාහල්කඩ කොළඹ කෝට්ටේ
04 දේවමිත්තාරාම පිළිමගෙය කඵතර බුලත්සිංහල
05 පරමධම්ම නිවස පිරිවෙන කොළඹ කැස්බෑව
06 දෙහිවල කරරිවයිස් චර්ච් සුසාන භූමිය කොළඹ දෙහිවල
07 ලෙනවර පැරණි ආවාසගෙය කොළඹ හංවැල්ල
දකුණු පලාත
  ස්ථානය දිස්ත්‍රික්කය ප්‍රා.ලේ. කොට්ඨාශ
01 සිතුල්පව්ව රජමහා විහාරය හම්බන්තොට තිස්සමහාරාමය
02 සිතුල්පව්ව පරාහා කාර බැම්ම හම්බන්තොට තිස්සමහාරාමය
03 කටුවන ශ්‍රී  විහාරය හම්බන්තොට කටුවන
04 වැලිකොන්ද සන්දස්සනාරාමය ගාල්ල හබරාදුව
05 මුල්ගිරිගල පොහොයගෙය හම්බන්තොට වීරකැටිය
06 කරගොඩ උයන්ගොඩ විහාරය මාතර අතුරලිය
07 කිරම ගල්ටැම්ගොඩ හම්බන්තොට වලස්මුල්ල
08 හෙල්ලල දක්ෂිණ පුරාණ විහාරය හම්බන්තොට කටුවන


04.    වාස්තුවිද්‍යා අංශය විසින් ලබාදෙන ජනතා සේවාවන්

  • ඉපැරණි ශ්‍රි ලාංකේය සංස්කෘතියේ නෂ්ට වූ ස්මාරක ඒවායෙහි දිගුකාලීන පැවැතිම සුරක්ෂිත වන පරිදි සංරක්ෂණය කර ජනතාව වෙත දායාද කිරීම.
  • පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ආරක්ෂිත ස්මාරක ආශ්‍රිතව කෙරෙන නව ඉදිකිරීම් සඳහා උපදේශන සේවා ලබාදීම.
  • විශ්ව විද්‍යාල ඇතුඵ සියඵ උසස් අධ්‍යාපන ආයතනයන් හි හා පාසල් වල ඉගෙනුම ලබන ශිෂ්‍ය  ප්‍රජාව සඳහා මෙන්ම සිවිල් පුරවැසියන් සඳහා අවශ්‍යය  තොරතුරු ලබාදීම හා උපදේශනය.
  • පැරණි සාම්ප්‍රදායික තාක්ෂණය. ස්මාරක සංරක්ෂණ ශිල්ප ක්‍රම, සැලසුම්කරණය, වාර්තාගත කිරීම, පැරණි ඓතිහාසික භූමි නිර්මාණය. ස්මාරක කෙරෙහි මානව හා පාරසරික බලපෑම් හා බලපෑම් පාලනය කිරීම පිළිබඳ විවිධ ක්ෂේත්‍ර වල වෘත්තිකයන් හා දැනුම් පිපාසිතයන් දැනුවත් කිරීම.
  • වසර 100 කට වඩා පැරණි නිවාස හා ගොඩනැගිලි හිමිකරුවන්ට ඒවායේ පුරාවිද්‍යාත්මක අගය සුරැකෙන පරිදි තවදුරටත් නඩත්තු කොට පවත්වා ගැනීම පිළිබඳ අවශ්‍යය උපදේශන හා තාක්ෂණික සේවා ලබාදීම.


05.    උපදේශන සේවා හෝ අධ්‍යාපනික අවශ්‍යයතා සඳහා විමසීම්

ප්‍රසන්න බී. රත්නායක මහතා - වැ.බ. අධ්‍යක්ෂ (වාස්තු විද්‍යා  සංරක්ෂණ)
ජේ.ඞී. විජේතිලක මහතා - සහකාර අධ්‍යක්ෂ (වාස්තු විද්‍යා)
දුරකථන අංකය - +94112 - 693216
රසික දිසානායක මහතා - (ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරී)
අනුර බස්නායක මහතා - (ප්‍රධාන සැලසුම් ශිල්පී)


වාස්තුවිද්‍යා සංරක්ෂණ අංශයේ ලියාපදිංචි පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක පිළිබඳ සැලසුම්වල පිටපත් ලබාගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය.

ඔබ ලබාගන්නා සෑම සැලසුම් පිටපතක් සඳහාම දෙපාර්තමේන්තුවේ අනුමත අයකිරීම් පිළිබඳ නියමයන් අදාල වේ.
 


ආයතනයේ තොරතුරු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.


ඩබ්. ආර්. ජේ. වාසනා ප්‍රේමචන්ද්‍ර මිය,
දුරකථන:+94 11 2 692840 / 41
ෆැක්ස් අංක:+94 11 2 696514
විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk
වෙබ් අඩවිය: www.archaeology.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:11:34
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 1
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty