The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පුස්තකාලය පරිහරණය කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පුස්තකාලය පරිහරණය කිරීම.

PDF Print Email

එකතුව:

පුරාවිද්‍යා විෂයනුබද්ධ දේශීය හා විදේශීයව පළවන  ග්‍රන්ථ එකතුවකින් සමවිතය. සමස්ථ  ග්‍රන්ථ එකතුව 11,000 පමණ වේ. බහුතර ප්‍රමාණයක් ඉංග්‍රිසි භාෂාවෙන් රචිත ඉංග්‍රිසි ග්‍රන්ථ අඩංගුය.
පාඨක වග
පුරාවිද්‍යා විෂය විශේෂඥයන්, ආචාර්ය මහාචාර්යවරුන් විෂය දැනුම සොයනා විශ්වවිද්‍යාලය, පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, විෂය පිළිබඳව උනන්දුවක් දක්වන අනෙකුත් පාඨකයින්

සේවය සැළසෙන ආකාරය :

මෙය විමර්ශන පුස්තකාලයකි. බැහැරදීමේ සේවාවක් ක්‍රියාත්මක නොවේ. විමර්ෂණ කටයුතු සඳහා තමාගේ අනන්‍යතාව සහ අවශ්‍යතාය පැහැදිළිව දැක්වෙන ලිපියක් අධ්‍යක්ෂ (පොදුසේවා) වෙතින් අවසර ලබාගත් විට පුස්තකාලය පරිහරණය කිරීමට ඉඩකඩ සැළසේ. විශ්ව විද්‍යාල සහ පාසැල් සිසුන් තම අධ්‍යාපන ආයතනය මගින් නිර්දේශිත ලිපියක් ඉදිරිපත් කළ යුතුවේ. ඡායා පිටපත් සේවයක් ක්‍රියාත්මක නොවේ. අවශ්‍යය තොරතුරු තමන් විසින් සටහන් කරගැනීමට අමතරව, අත්‍යවශ්‍යය අවස්ථාවලදී  විශේෂ අවසරයක් යටතේ ඩිජිටල් කැමරා භාවිතයෙන් ඡායාරූප ආදිය පිටපත් කරගනැනීමට අවස්ථාව සළසා දෙනු ලැබේ.

විවෘතව පවතින වේලාවන් :

සතියේ දිනවල පෙ.ව.  8.30 සිට ප.ව. 4.00 දක්වා සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල වසා ඇත.

ඡායාරූප අංශය

  • ඡායාරූප අංශය මගින් ඡායරූප ලබාගැනීම සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග
  • ඡායාරූප ලබාගැනීමට අදාල අවශ්‍යයතාවය සඳහන් ලිපියක් ඉදිරිපත් කළයුතුයි. (පෞද්ගලික/දෙපාර්තමේන්තු/රාජකාරි/ විවිධ ආදි  ඕනෑම අවශ්‍යයතාවන් වියහැකිය)
  • ඡායාරූප අංශයේ ඇති අයදුම්පත්‍රය නිවැරදිව පුරවා අධ්‍යක්ෂ (පොදුසේවා) මගින් අනුමැතිය ලබාගත යුතුය.
  • ඡායාරූප ලබාගැනිමේ දි එම ඡායාරූප වල ප්‍රමාණය නිවැරදිව සඳහන් කළයුතුය.
  • කලූ/සුදු මුද්‍රණ පිටපත්වලට සහ වර්ණ ඡායාරූප වලට අදාල මුදල පිළිබඳව තිරණය  කල පසු  දෙපාර්තමේන්තුවට මුදල් ගෙවා වවුචරයක් ලබාගත යුතුය. (දැනට මෙය ක්‍රියාත්මක නොවේ.)
  • සංයුක්ත තැටියකට  එම ඡායාරූප ලබාගන්නේ නම් අයදුම්කරු විසින් සංයුක්ත තැටියක් රැගෙන ආ යුතුය.
  • එහිදි ලබදෙන ඡායාරූපයකට අදාල මිල ගණන් තිරණය කර නොමැති අතර ඒ නිසා ඒ පිළිබඳ අධ්‍යක්ෂ (පොදුසේවා)සමඟ සාකච්ඡා කල යුතුය. ඡායරූප මිල ගණන් නැවත සංශෝධනය කළයුතුය.

ආයතනයේ තොරතුරු

Department of Archaeology

Sir Marcus Frenando Mawatha,
Colombo 07.


Ms Preethika rodrigo
දුරකථන:+94 11 2 692840 / 41
ෆැක්ස් අංක:+94 11 2 696514
විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk
වෙබ් අඩවිය: www.archaeology.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:11:53
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 232
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty