ජාතික මට්ටෙමන් නිපුණතා සහතික ලබා ගැනීම සදහා පහත දැක්වෙන වෘත්තීන්හි නියැලී සිටින අයට දැන් ඉල්ලුම් පත් ඉදිරිපත් කළ හැක.
පහත සදහන් වෘත්තීන් I II සහ III ශ්‍රේණී වශයෙන් ශ්‍රේණීගත කර ඇත.
- විදුලි කම්බිකරු
- වඩු කාර්මික
- පෙදරේරු
- ජලනල කාර්මික (ගෘහස්ථ)
- ජලනල කාර්මික (කාර්මික)
- වානේ කම්බි සහ නැවුම්කරු
- මෝටර් යාන්ත්‍රික ශිල්පී
- වැද්දුම්කරු (සාමාන්‍ය)
- යන්ත්රමකරු (සාමාන්‍ය)
- පෑස්සුම්කරු (වායු හා විදුලි)
- විදුලි ශිල්පි (බලෙවේග)
- ශීතකරණ හා වායු සමීකරණ යාන්ත්‍රික ශිල්පී
- මාර්ග වැඩකරු
- ඉංග්‍රීසි ලඝුලේඛක
- සිංහල ලඝුලේඛක
- දෙමළ ලඝුලේඛක
- මෝටර් රථ විදුලි ශිල්පී
- රූපවාහිනී හා ඉලෙක්ට්‍රෙනික උපකරණ අළුත්වැඩියාකරු
- මෝටර් රථ පින්තාරුකරු
- මෝටර් රථ ටින්කර් / පෑස්සුම්කරු
- ඩීසල් එන්ජින් යාන්ත්‍රික ශිල්පි
- පට්ටල්කරු
- ගෑස් පෑස්සුම්කරු
- විදුලි පෑස්සුම්කරු
- මෝටර් සයිකල් යාන්ත්‍රික ශිල්පී
- කෝකි
- භෝජනාගාර සේවක
- කාමර සේවක /සේවිකා
- වෛද්‍ය රසායනාගාර තාක්ෂණ ශිල්පී
- ආමේචර ඔතන්නා
- පරිගණක මෘද්‍රාංග තාක්ෂණ ශිල්පී
ශ්‍රේණිගත නොකරන ලද වෘත්තීන්
- පෙදරේරු (බ්ලොක්ගල්)
- ක්‍රෝලර් ඩෝසර් ක්‍රියාකරු
- රෝද සහිත ලෝඩරය ක්‍රියාකරු
- මෝටර් ග්‍රෝඩරය ක්‍රියාකරු
- ද්‍රාවබල එක්ස්කැවේටර් ක්‍රියාකරු
- මෝටර් ස්ක්‍රෝපර් ක්‍රියාකරු
- ක්‍රෝලර් වර්ගයේ දොඔකර ක්‍රියාකරු.
- ද්‍රාබල වර්ගයේ දොඹකර ක්‍රියාකරු
- ලෝඩර් බැකෝ ක්‍රියාකරු
- ප්‍රයිම් මුවර් ක්‍රියාකරු
- ෆෝක් ලිෆ්ට් ක්‍රියාකරු
- පෙරසවි කොන්ක්‍රීට් ඇතුරුම්කරු (මහාමාර්ග)
- වහළ සාදන්නා (ලී)
- ඉදිකිරීම් අධීක්ෂක
- කැබිනට් සාදන්නා
- කපරාරුකරු
- පැන්ට්‍රි කබඩ් සාදන්නා
- පිගන් ගඩොල් අතුරන්නා
- මාර්ග ඇතුරුම්කරු(බීටුමන් /බීටුමන් නොවන)
- පින්තාරුකරු (ගොඩනැගිලි)
- පරිගණක මෙහෙයුම් ධාවන බලපත්‍ර
සුදුසුකම්
III ශ්‍රේණිය - කිසියම් වෘත්තියක වසරක පළපුරුද්ද හෝ මාස 06 කට නොඅඩු පිලිගත් පුහුණුවක් සාර්ථකව නිම කර තිබීම
II ශ්‍රේණිය - III වන ශ්‍රේණිය සමත් වී අවුරුදු 02 ක පළපුරුද්දක් හෝ අවුරුදු 2 කට වැඩි පුහුණුවක් සාර්ථකව නිම කර තිබිය යුතුය.
I ශ්‍රේණිය - I ශ්‍රේණිය සදහා කෙලින්ම ඉල්ලුම් කළ නොහැක.II ශ්‍රේණිය සමත්වී අවුරුදු 03 ක පළපුරුද්දක් ඇති අයට පමණක් පළමුවන ශ්‍රේණිය සදහා ඉල්ලුම් කළ හැක.
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන
ප්‍රධාන කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික්ක කාර්යාල වලින් ලබා ගත හැක.
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තුව
අයදුම්පත් ලියාපදිංචි කිරීම සදහා පහත සදහන් පරිදි ගාස්තු ගෙවිය යුතුය.
III ශ්‍රේණිය - රු. 250.00
II ශ්‍රේණිය - රු. 500.00
I ශ්‍රේණිය - රු. 750.00
ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතු වේලාව
සතියේ වැඩ කරන දින වල පෙ.ව.8.30 සිට ප.ව.4.15 දක්වා අතර කාලය තුල අයදුම්පත් ඉදිරිපත් කළ හැක.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තුව
ජාතික වෘත්තීය පරීක්ෂණ සදහා ගෙවිය යුතු ගාස්තුව,වෘත්තීය හා ශ්‍රේණිය අනුව වෙනස් වන බැවින් වැඩි විස්තර අධිකාරියෙන් ලබා ගත හැක.
සේවාව ලබා දීමට ගත වන කාලය
ලියාපදිංචි වන පිළිවෙළ අනුව ජාතික වෘත්තීය පරීක්ෂණ පවත්වනු ලැබේ.
අවශ්‍ය සනාථ කරන ලියවිලි
ජාතික හැදුනුම්පත
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
දුරකතන |
අධ්‍යක්ෂ (පුහුණු) |
ජේ.සී.කේ.බස්නායක මයා |
+94-11 – 2876387 |
සහකාර අධ්‍යක්ෂ (පුහුණු) |
ඒ.එන්.සමරසේකර මිය |
+94-11 – 2872091 |
පුහුණු කිරීමේ නිලධාරී |
බෙමල් ගුණරත්න මිය |
+94-11 – 2863680 |
පුහුණු කිරීමේ නිලධාරී |
ඩි.සුබ්‍රමනියම් මයා |
+94-11 – 2863680 |
ව්‍යාතිරේක හෙවත් ඉහත අවශ්‍යතා වලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුNational Apprentice and Industrial Traning Authority (Under Construction)
No 971,
Sri Jayawardana Mawatha,
Welikada,
Rajagiriya.
දුරකථන:011 288 8782 - 5 / 1951 ෆැක්ස් අංක:+94-11–2863737 විද්‍යුත් තැපෑල:info@naita.gov.lk වෙබ් අඩවිය: www.naita.slt.lk
|