The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කසල තේ සඳහා බලපත්‍ර ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කසල තේ සැකසුම් මධ්‍යස්ථාන සඳහා බලපත්‍ර ලබා ගැනීම සහ මිලදී ගැනීම හා ප්‍රවාහනය සඳහා අවසර පත්‍ර නිකුත් කිරීම

PDF Print Email

කසල තේ සැකසුම් මධ්‍යස්ථාන සඳහා බලපත්‍ර ලබා ගැනීම සහ මිලදී ගැනීම හා ප්‍රවාහනය සඳහා අවසර පත්‍ර නිකුත් කිරීම


සුදුසුකම් සහ අවශ්‍ය ලියකියවිලි

කසල තේ සැකසුම් මධ්‍යස්ථාන සඳහා බලපත්‍රයක් ලබාගැනීමට එම මධ්‍යස්ථානය පහත දැක්වෙන අවශ්‍යතා සපුරාලිය යුතුයි.

  • කසල තේ මගින් හොඳ තේ ලබා ගැනීමට අවශ්‍යකරන යන්ත්‍රෝපකරණ නිසි පරිදි තිබිය යුතුයි. 
  • වහලයක් සහිත, බිම සිමෙන්ති යෙදූ ශාලාවක් විය යුතුයි.
  • සනීපාරක්ෂක පහසුකම් වලින් සමන්විත විය යුතුයි.
  • ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් නිර්දේශ කරනු ලබන උපරිම ධාරිතාවට යටත්ව සැකසුම් ක්‍රියා වලිය සිදු කළ යුතුයි.

මෙම අවශ්‍යතා නිසි පරිදි පවතීදැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුව වසරකට ලියාපදිංචි සහතිකයක් නිකුත් කෙරේ. එය වසරින් වසර අළුත් කරගත යුතුයි.

කසල තේ ප්‍රවාහන බලපත්‍රය ලබා ගැනීම සඳහා කසල තේ ලබා ගැනීමට අපේක්ෂා කරනු ලබන කම්හල මගින්  ඒ සඳහා අනුමැතිය දුන් ලිපිය ද, අදාල කසල තේ සැකසුම් මධ්‍යස්ථානය සඳහා  ශ්‍රී ලංක‍ා තේ මණ්ඩලය මගින් නිකුත් කර ඇති අදාල වසරට ලියාපදිංචි කළ ලිපිය ද කම්හල පිහිටි ප්‍රදේශයේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලයට ලබා දිය යුතුයි. එවිට කම්හලේ සිට අදාල සැකසුම් මධ්‍යස්ථානය කරා කසල තේ ප්‍රවාහනය කිරීම සඳහා නිකුත් කළ දින සිට සතියකට පමණක් වලංගු බලපත්‍රයක් නිකුත් කෙරේ.


ඉල්ලුම්කරන ආකාරය

ඉල්ලුම්කළ යුතු ස්ථාන‍ය - කසල තේ සැකසුම්කරැවන් ලියාපදිංවි කිරීම සඳහා විශේෂ ඉල්ලුම්පතක් නොමැති අතර තම අවශ්‍යතාව සඳහන් කරමින් ඉහත දක්වා ඇති පරිදි අදාල තොරතුරු ද සහිතව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට හෝ ගම්පොළ, ගිණිගත්හේන(හැටන් ප්‍රා. කා.), බණ්ඩාරවෙල, රත්නපුර, මතුගම, ගාල්ල සහ මාතර යන නගර වල පිහිටි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල වලට ලිපියක් එවිය යුතුය.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු - රු 1,000/- ක ලියාපදිංචි කිරීමේ ගාස්තුවක් අය කරනු ලැබේ. තවද, රු 1,000/- ක ගාස්තුවක් ගෙවා මෙම බලපත්‍රය වාර්ෂිකව අළුත් කරවා ගත යුතුය. 

සේවාව ලබා දීමට ගත වන කාලය - සතියක් ඇතුළත බලපත්‍රය නිකුත් කෙරේ.


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා තේ මණ්ඩලය

අංක  574,
ගාලු පාර,
කොළඹ 3



දුරකථන:+ 94-11-2587814 / + 94-11-2587773
ෆැක්ස් අංක:011-2589132
විද්‍යුත් තැපෑල:sltbhelp@pureceylontea.com
වෙබ් අඩවිය: www.srilankateaboard.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-23 15:36:46
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty