The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම.

PDF Print Email

සුදුසුකම් :-   

නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත්‍ර ඉදිරිපත් කිරීම.

  1. අදාල  බිම් කොටස නගර සභාව මගින් යෝජිත සංවර්ධනය සඳහා අනුමත කර තිබීම.
  2. එම අනුමත මානක සැලැස්මේ පිටපතක් ඉදිරිපත්කල යුතුය.
  3. ඉදිරිපත්කරන සැලසුම ඉදිරිපෙනුම,පැති පෙනුම, හරස්කඩ, ක්ෂේත්‍ර සැලසුම, සංවර්ධනයේ මාතෘකාව, අත්තිවාරම් හරස්කඩ ඇතුලත්ව තිබිය යුතුය.
  4. ඉදිරිපත් කරන සැලසුම නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුකූලව හා අදාල පරිමාණයන්ගෙන් යුක්තව සකස්කර තිබීම.
  5. සුදුසුකම්ලත් පුද්ගලයෙකු සහතික කර තිබීම.


ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
 

ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-

කැස්බෑව නගර සභාවේ ගොඩනැගිලි අංශය.

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

  - රු : 200.00
12% වැට්   - රු : 24.00

 ඉදිරිපත් කලයුතු වේලාවන් :-

කාර්යාලීය දිනවල  - පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 දක්වා
  - ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- (පෙරසැරි ගාස්තුව)

ලැයිස්තුවක් අමුණා ඇත.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-

සති 02 ක් හෝ 08 ක් අතරතුර.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-
   
1. නේවාසික-   

  • කැස්බෑව නගර සභාව විසින් අනුමත කරන ලද බිම් කට්ටි සැලැස්මේ පිටපතක්
  • අයදුම්පතේ සඳහන් පරිමාණ හා මිනුම් වලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත් පිටපත් 03 ක්
  • ඔප්පු පිටපතක්.
  • අයදුම්කරුගේ නමින් ගෙවන ලද වරිපනම් බදු කුවිතාන්සියේ පිටපතක්.
  • වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා සැලසුම්පත අනුමත කර තිබිය යුතුය.
  • අන්ධ බිත්තියක් ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගත යුතුය. 

           
  2. වාණිජ හා කර්මාන්ත.

  • කැස්බෑව නගර සභාව මගින් වාණිජ හෝ කර්මාන්ත භාවිතය සඳහා අනුමත කරන ලද බිම් කට්ටි සැලැස්මේ පිටපතක්.
  • අයදුම්පතේ සඳහන් පරිමාණ හා මිනුම් වලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත් පිටපත් 03 ක්
  • ඔප්පු පිටපතක්.
  • අයදුම්කරුගේ නමින් ගෙවන ලද වරිපනම් බදු කුවිතාන්සියේ පිටපතක්.
  • වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා සැලසුම්පත අනුමත කර තිබිය යුතුය.
  • අන්ධ බිත්තියක් ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගත යුතුය.              
  • ගිනි නිවීම්  සේවා දෙපාර්තමේන්තුවේ නිර්දේශය.
  • කර්මාන්ත භාවිතය සඳහා නම් මූලික සැලසුම් නිරාකරණ අයදුම්පතක් (පී.සී) ඉදිරිපත් කල යුතුය.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-                                         

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
කර්මාන්ත අධිකාරී ඩබ්.ඒ.පී.විජේකාන්ත කර්මාන්ත +94-11-2614250 +94-11-2618102 -

අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-

නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි ක්‍රියාත්මක 1986.03.10 දිනට ප්‍රථම බෙදා වෙන්කල ඉඩම් කැබලි සම්බන්ධයෙන්.    

ඉල්ලුම්පත් ආකෘතිය   

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:00:23
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 280
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty