සුදුසුකම්
ආයෝජන ව්‍යාපෘති පිහිටුවීම සඳහා අනුමැතිය ලබා දීම, ආයෝජන මණ්ඩල නීතියේ අංක 16 හෝ අංක 17 යන වගන්ති වලින් විස්තර කෙරෙන නියමයන්ට අනුව සිදු කෙරේ. එම වගන්ති යටතේ සපුරාලිය යුතු සුදුසුකමි, දෙආකාරයකින් විස්තර කෙරේ.
- ආයෝජන මණ්ඩල නීතියේ 17 වන වගන්තිය යටතේ අනුමැතිය ලබා දීම.
මේ යටතේ අනුමැතිය ලැබීමට, ආයෝජන ව්‍යාපෘතියේ අපේක්ෂිත නිමැවුම් භාණ්ඩ හෝ සේවාව මත, සපුරාලිය යුතු අවම ආයෝජන, රැකියා සහ අපනයන ප්‍රමාණයන්, සහ ව්‍යාපෘතිය පිහිටුවීම අපේක්‍ෂිත ප්‍රදේශයන්, ගැසට් පත්‍ර මගින් ප්‍රකාශයට පත් කර තිබේ. එම අවම අවශ්‍යතා සැපිරීම වෙනුවෙන් නියමිත දිරිමත් කිරීමේ සහන ලබාගැනීමට ආයෝජකයෝ සුදුසුකම් ලබති.
- ආයෝජන මණ්ඩල නීතියේ 16 වන වගන්තිය (සාමාන්‍ය නීතිය) යටතේ අනුමැතිය ලබා දීම.
විදේශීය ආයෝජකයකු හෝ ආයතනයක් හවුල් වී, දිරිමත් කිරීමේ සහන හිමි නොවන යම් ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේදී, විදේශීය ආයෝජන කොටස සඳහා ආයෝජන මණ්ඩල නීතියේ 16 වන වගන්තිය (සාමාන්‍ය නීතිය) යටතේ අනුමැතිය ලබා ගත යුතුය.
ආයෝජන මණ්ඩල නීතියේ 17 වන වගන්තිය යටතේ අනුමැතිය ලබා ගැනීමට සපුරාලිය යුතු, අවශ්‍යතා වන අවම ආයෝජන, රැකියා සහ අපනයන ප්‍රමාණයන් සහ, ඒ සඳහා ලැබෙන දිරිමත් කිරීමේ සහන පිළිබඳව දැනගැනීමට සේවා භාර මාණ්ඩලික නිලධාරීන් අමතන්න. (නාම ලේඛණය පහතින් දක්වා ඇත.)
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :
ආයෝජන ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
26 වන මහල,
බටහිර කුඵණ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
එචිලන් චතුරශ්‍රය,
කොළඹ 01.
ආයෝජන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
24 වන මහල,
බටහිර කුඵණ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
එචිලන් චතුරශ්‍රය,
කොළඹ 01.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු: ගාස්තු අය කරන්නේ නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන් : රජයේ වැඩ කරන දිනවල උදේ 8.30 සිට සවස 4.00 දක්වා.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු:
ආයෝජන මණ්ඩල නීතියේ අංක 16 හා 17 යන වගන්ති යටතේ අනුමැතිය ලබා දීම සඳහා ආයෝජන අයදුම්පත් ගාස්තු වර්ග දෙකකි.
(මෙම ගාස්තු අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදීම ගෙවිය යුතුවන අතර, ශ්‍රී ලංකා රුපියල් වලින්ද ගෙවීමට පුළුවන.)
ආයෝජන මණ්ඩල නීතියේ 17 වන වගන්තිය යටතේ අනුමැතිය ලබා දීමට සේවා ගාස්තු:
- ඇ. ඩො. මිලියන 25 ට අඩු ආයෝජන ව්‍යාපෘති සඳහා : ඇ. ඩො. 150 + 12% VAT.
- ඇ. ඩො. මිලියන 25 ට වැඩි ආයෝජන ව්‍යාපෘති සඳහා : යෝජිත ආයෝජනයෙන් 0.01 % + 12% VAT.
ආයෝජන මණ්ඩල නීතියේ 16 වන වගන්තිය යටතේ අනුමැතිය ලබා දීමට සේවා ගාස්තු:
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සියලුම අයදුම්පත් සඳහා ප්‍රමුඛතාවය දෙනු ලැබේ.
ඇතැම් සේවා සඳහා කාලය තීරණය වන්නේ අදාල ව්‍යාපෘතිය සමිබන්ධව අදාල අනෙක් රාජ්‍ය අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හෝ ආයතන වල ප්‍රතිචාර දැක්වීමේ කාලය මතය.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
1.සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය.
2. ව්‍යාපෘති වාර්තාව (ව්‍යාපාරයේ ස්වභාවය අනුව).
3.ආයෝජකයින්ගේ මූල්‍යමය තත්වය තහවුරු කිරීම සඳහා ඔවුන්ගේ බැංකු මගින් ඉදිරිපත් කරන ලියවිලි.
4.ව්‍යාපෘතිය (හෝ කර්මාන්තශාලාව) සඳහා වන ඉඩම හෝ බිම් ප්‍රමාණය පිළිබඳ විස්තර.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - අවශ්‍ය උපදෙස් ලබාගැනීමට
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
විධායක අධ්‍යක්ෂිකා |
වයි. ජී. රාජපක්ෂ මිය |
ආයෝජන දෙපාර්තමේන්තුව * |
+94-11-2438972 |
+94-11-2346130 |
gowrir@boi.lk |
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
අධ්‍යක්ෂිකා
|
ශ්‍රියා අහංගම මිය |
ආයෝජන දෙපාර්තමේන්තුව |
+94-11-2346340 |
+94-11-2346629 |
sriyaa@boi.lk |
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ |
එච්. සෙනෙවිරත්න මයා |
ආයෝජන දෙපාර්තමේන්තුව |
+94-11-2434342 |
+94-11-2346629 |
seneviratneb@boi.lk |
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ |
එන්. එස්. කේ. කුමාරතුංග මයා |
ආයෝජන දෙපාර්තමේන්තුව |
+94-11-2427120 |
+94-11-2346629 |
nelsonk@boi.lk |
අධ්‍යක්ෂ |
ඩබ්ලිව්. යූ. කේ. එම්. ඒ. විජයකුලතිලක මයා |
ආයෝජන දෙපාර්තමේන්තුව |
+94-11-2346626 |
+94-11-2346629 |
wijew@boi.lk |
* ආයෝජන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
24 වන මහල,
බටහිර කුඵණ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
කොළඹ 01.
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :
සුදුසුකම් සපුරා නොගත් අයහට මෙම සේවා ලබාගත නොහැක.
ඉල්ලූම්පත් ආකෘතිය :
වර්තමානයේ ව්‍යවහාරව පවතින පහත සඳහන් ව්‍යාපෘති ඉල්ලුම්පත් ආකෘති දෙකක් ඇත.
- ආකෘති පත්‍ර අංක 01 :ආයෝජන මණ්ඩල නීතියේ 17 වන වගන්තිය යටතේ ආයෝජන ව්‍යාපෘතියක් අනුමත කරගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය. (නිල්පැහැ අංකය ක්ලික් කරන්න : No.42/FO/IN/01).
- ආකෘති පත්‍ර අංක 02 :ආයෝජන මණ්ඩල නීතියේ 16 වන වගන්තිය යටතේ ආයෝජන ව්‍යාපෘතියක් අනුමත කරගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය. (නිල්පැහැ අංකය ක්ලික් කරන්න : No.42/FO/IN/02).
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත :
යෝජිත ව්‍යාපෘතියේ ස්වභාවය අනුව ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කිරීම තීරණය වේ.
ඒ පිළිබද වැඩිදුර උපදෙස් සේවා භාර මාණ්ඩලික නිලධාරීන් මගින් ලබාගත හැකිය.
ආයතනයේ තොරතුරුශ්රී ලංකා ආයෝජන මණ්ඩලය
ප්‍රධාන කාර්යාලය:
තැ.පෙ. 1768,
05, 06, 08, 09, 19, 24, 25 සහ 26 මහල්,
බටහිර කුළුණ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
එචිලන් චතුරස්‍රය,
කොළඹ - 01,
ශ්‍රී ලංකාව. ජීවනි සෙව්වන්දි මහත්මිය. දුරකථන:+94-11-2434403 - 5, +94-11-2435027, +94-11-2385972 - 6, +94-11-2346131 - 3, +94-11-2447531, ෆැක්ස් අංක:+94-11-2447995, +94-11-2430512, +94-11-2422407, +94-11-2329795 විද්‍යුත් තැපෑල:infoboi@boi.lk වෙබ් අඩවිය: www.investsrilanka.com
|