The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත අනුමැති සහ බලපත්‍ර රේගු බදු රහිතව ප්‍රාග්ධන හා අමුදුව්‍ය ආනයනයට අනුමැතිය ලබා දීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     CUSDEC Form     Form for V-A-T Deferred facility     Specimen GRN Form for Indirect-Imports
ආයෝජකයින්හට රේගු බදු රහිතව ප්‍රාග්ධන භාණ්ඩ සහ අමු ද්‍රව්‍ය ආනයනයට අනුමැතිය ලබා දීම.

PDF Print Email

සටහන :    
බදුවලින් නිදහස්ව භාණ්ඩ ආනයනය කිරීම සඳහා ආනයන ක්‍රම දෙවර්ගයක් හඳුන්වා දී තිබේ.

එම දෙවර්ගය නම්:

අ)    සෘජු ආනයන
ආ)   අපනයනය සඳහා සැකසීමට තාවකාලික ආනයනය.

අ)   සෘජු ආනයන

සෘජු ආනයනය යනුවෙන් හඳුන්වන්නේ මහපරිමාණ සිල්ලර වෙළෙන්දෙකු විසින් විදේශ නිෂ්පාදකයකුගෙන් භාණ්ඩ ආනයනය කිරීමය.

මෙම ක්‍රමයේදී සිල්ලර වෙළෙන්දා විසින් මැදිහත්කරුවකු (එනම් දේශීය සැපයුම්කරුවකු) හවුල්කර නොගෙන සෘජුවම විදේශ නිෂ්පාදකයාගෙන් නිෂපාදන ආනයනය කරනු ලබයි. මේ ක්‍රියාවලියේදී අමතරව වැයවන වියදම් ඉතිරිකර ගැනීමට පුළුවන. (මූලාශ්‍රය : ශ්‍රී ලංකා රේගුවේ වෙබ් අඩවිය).

ආ)  අපනයනය සඳහා සැකසීමට තාවකාලිකව භාණ්ඩ ආනයනය (TIEP).

“අපනයනය සඳහා සැකසීමට තාවකාලිකව භාණ්ඩ ආනයනය (TIEP)” කරන වැඩසටහන යටතේ, සෘජු අපනයනය හෝ වක්‍ර අපනයනය සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදකයකුට ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ෆිස්කල් බදු (Fiscal-Levies) ගෙවීමෙන් තොරව ආනයනය කළ හැකිය.

අපනයනය සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදකයන්/අපනයනකරුවන් දේශීය බදු ගෙවීම් වලින් නිදහස් කිරීම තුළින්, අපනයනය සඳහා භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ තරඟකාරිත්වය ඉහළනැංවීම මෙන්ම නිෂ්පාදන ධාරිතාවයේ ව්‍යප්තකිරීම් සිදුවේයැයි බලාපොරොත්තු වෙයි.

TIEP ක්‍රියාවලියේ TIEP-1 සහ TIEP-4 යනුවෙන් අංශ දෙකක් ඇත. අමුද්‍රව්‍ය, උපාංග, කොටස් සහ ඇසුරුම් ද්‍රව්‍ය ආනයනය TIEP-1 යන අංශයට අයත්වේ. ප්‍රාග්ධන භාණ්ඩ, උපකරණ සහ අමතර කොටස් ආනයනය TIEP-4 යන අංශයට අයත්වේ. (මූලාශ්‍රය : ශ්‍රී ලංකා රේගුවේ වෙබ් අඩවිය).

(වැඩි විස්තර සඳහා කරුණාකර ශ්‍රී ලංකා රේගුවේ වෙබ් අඩවිය www.customs.gov.lk/tiep.htm බලන්න.)

සුදුසුකම් :    
1.    ව්‍යවසායය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමක් අත්සන් කර තිබිය යුතුය.
2.    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ “අගය මත එකතුකළ බද්ද පිළිබඳ සහතිකය” (VAT Certificate), “බදු ගෙවන්නන් හදුනාගැනීමේ අංකය” (TIN) සහ “අගය මත එකතුකළ බද්ද” (VAT) සඳහා ලියාපදිංචි වීම.

3.    ඉහත සඳහන් TIN සහ VAT අංක ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ස්වයංක්‍රීය දත්ත සැකසුම් (ADP) අංශයේ ලියාපදිංචි කිරීම.

4.    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජක සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම. (ඔබට ආයෝජක සේවා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය www.boi.lk/investorservices හරහා මාර්ගගතව ලියාපදිංචි වීමට පුළුවන.)

5.    "අගය මත එකතුකළ බද්ද ඇතුළත්වන කාණ්ඩය" (VAT category) නිශ්චය කරගැනීමට සහ "ප්‍රමාදවී අගය මත එකතුකළ බද්ද ගෙවීමේ පහසුකම" (VAT Deferred facility) සඳහා ලියාපදංචි වීමට ආයෝජක සේවා දෙපාර්තමේන්තුවේ "අගය මත එකතුකළ බද්ද සම්බන්ධ අංශය"  (VAT Unit) හරහා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම.

6.    ව්‍යාපෘතියට අදාළ භාණ්ඩ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන දෙපාර්තමේන්තුවේ පූර්ණ ආවරණ අනුමැතිය ලබා තිබීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :  (ආකෘතියක් පමණි).

ඒ සඳහා පහත සඳහන් සථානයට පැමිණිය යුතුය.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව,
“රේගු මන්දිරය”,
බ්‍රිස්ටල් වීදිය,
කොළඹ 01.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු : ගාස්තු අය කරන්නේ නැත.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :
නිසිලෙස පිරවූ ඉල්ලූම්පත් පහත සඳහන් ක්‍රම මගින් ඉදිරිපත් කළ හැකිය.

අ)   පහත ලිපිනයට පැමිණ භාරදීමට පුළුවන.

ආනයන අංශය,
ආයෝජක සේවා දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
අංක 14, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01.

ආ)  EDI ක්‍රමය හරහා.

ඇ)  DTI ක්‍රමය හරහා.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :
රජයේ වැඩ කරන දිනවල පෙ. ව. 8.30 සිට ප. ව. 3.30 දක්වා කාලය තුළදී.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :
ආයාත බලපත්‍ර (CUSDEC පෝරමය) අනුමත කරගැනීමේ සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තුව රුපියල් 397/=.

සේවාව ලබා දීමට ගත වන කාලය : ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
•   සාමාන්‍ය සේවා සඳහා = විනාඩි 30 ක් පමණ.
•   ප්‍රමුඛ සේවා සඳහා     = විනාඩි 20 ක් පමණ (ග්‍රීන් චැනල්).

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
•   නැව් මගින් භාණ්ඩ ආනයනය කිරීමේදී.

1.    සේවා ගාස්තු ගෙවන ලද රිසිට් පත.
2.    ආනයන ‘CUSDEC’ පත්‍රය. (පිටපත් 7 ක්).
3.    ඉන්වොයිසිය (පිටපත් 3 ක්).
4.    පැකින් ලිස්ට් (Packing List).
5.    නැව්භාර පත (BL).
6.    භාරදීමේ නියෝගය (Delivery Order).

•   ගුවන් මගින් භාණ්ඩ ආනයනය කිරීමේදී.

1.    මාස්ටර් එයාර්වේ බිල්  (Master Airway Bill).
2.    හවුස් එයාවේ බිල්  (House Airway Bill).
3.    භාණ්ඩ ලැබුණ බවට නිකුත් කරන ලියවිල්ල  (Arrival Notice).

සටහන : නැව්භාර පතෙහි (BL) සහ එයාර්වේ බිල් පතෙහි (AWB) අංක ඉ-මේල් මගින් www.boi.lk/investorservices වෙබ් අඩවිය හරහා කල්තියා එවිය යුතුය.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - අවශ්‍ය උපදෙස් සහ සහාය ලබාගැනීමට එම නිලධාරීන් හමුවන්න.

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඊ-මේල් 

ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය අධ්‍යක්ෂ

ආනන්ද රාජකරුණා

ආනයන අංශය #

+94-11-2543042

+94-11-2473127

anandar@boi.lk

නියෝජ්‍ය අධ්‍යක්ෂිකා

කේ.එස්.එන් පෙරේරා

ආනයන අංශය

+94-11-2342402

+94-11-2473127

nandasenap@boi.lk

නියෝජ්‍ය අධ්‍යක්ෂ

එම්. එස්. ඩී. පෙරේරා මයා

ආනයන අංශය

+94-11-2342402

+94-11-2473127

sarathp@boi.lk

# ආනයන අංශය, 
ආයෝජක සේවා දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
අංක 14, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01.

ව්‍යතිරේක සහ විශේෂ අවස්ථාවන් :
හදිසි නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා ගුවනින් ආනයනය කරනලද අමුද්‍රව්‍ය නිෂ්කාශණය කිරීමට අනුමැතිය, විශේෂ අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් සවස 4.30 සිට පසුදින උදෑසන 8.30 තෙක් කාලයතුළදී ලබාගත හැකිය.

ඉල්ලූම්පත් ආකෘතිය 1 : (CUSDEC Form)
I ආයෝජකයින්හට, රේගු බදු වලින් නිදහස්ව ප්‍රාග්ධන භාණ්ඩ සහ අමු ද්‍රව්‍ය ආනයනයට අනුමැතිය ලබා ගැනීම සඳහා
        සහ
II ආයෝජන ව්‍යාපෘතිවල නිෂ්පාදන, අපනයනය කිරීමට අනුමැතිය ලබා ගැනීම සඳහා
යන අවස්ථා දෙකටම යොදාගැනෙන ඉල්ලුම් පත්‍රය.
(CUSDEC – I යනු එම ඉල්ලුම් පත්‍රයේ පළමු පිටුවද, CUSDEC – II යනු එම ඉල්ලුම් පත්‍රයේ දෙවන පිටුවද වේ. ආනයන හෝ අපනයන ද්‍රව්‍ය හතරකට (4) වැඩිවන අවස්ථාවලදී දෙවන පිටුව, එනම් CUSDEC – II, නැවත නැවත පාවිච්චි කළ යුතුය).

ඉල්ලූම්පත් ආකෘතිය 2 : (Form for V-A-T Deferred facility)
අගය මත එකතුකළ බද්ද (VAT) ප්‍රමාදවී ගෙවීමේ පහසුකම ලබා ගැනීමට අදාළ ඉල්ලුම්පත් කට්ටලය.

ඉල්ලූම්පත් ආකෘතිය 3 : (Form for Registration with the BOI IS Department)   
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජක සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම සඳහා භාවිතාවන අයදුම් පත්‍රය.


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

ප්‍රධාන කාර්යාලය:

තැ.පෙ. 1768,
24 මහල,
බටහිර කුළුණ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
එචිලන් චතුරස්‍රය,
කොළඹ - 01.
 


ජීවනි සෙව්වන්දි මහත්මිය.
දුරකථන:+94-11-2434403 / +94-11-2346131/3
ෆැක්ස් අංක:+94-11-2448105
විද්‍යුත් තැපෑල:info@boi.lk
වෙබ් අඩවිය: www.investsrilanka.com

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:33:49
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty