මානව හිමිකම් අංශය
නීති ආධාර කොමිෂන් සභාවේ මානව-හිමිකම් අංශය 2005 වසරේදී ගරු සභාපතිතුමාගේ මග පෙන්වීම යටතේ ආරම්භ කරන ලද අතර මානව හිමිකම් උල්ලංඝනයකදී නඩුපැවරීම පරමාර්ථ කරගෙන එය පිහිටවන ලදි. තවද 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන පනත (ICCPR) හඳුන්වාදීමත් සමග මෙහි කටයුතු පුළුල් වී ඇති අතර එම පනතින් හඳුන්වා දී තිබෙන මානව හිමිකම් කඩවීම් සම්බන්ධ නඩු පැවරීමට කටයුතු සලස්වා ඇත. ඊට අමතරව එම අංශයේ පහත සඳහන් ක්‍රියාකාරකම් සිදු කරනු ලබයි.
- මානව හිමිකම් සම්බන්ධ නීති උපදෙස් දීම.
- පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
- මානව හිමිකම් සම්බන්ධ ප්‍රකාශ නිකුත් කිරීම.
- නීති ආධාර සායන පැවැත්වීම.
- මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන අනෙකුත් ආයතන සමග සහ සම්බන්ධතාවයන් පවත්වාගෙන යාම.
ශ්‍රේෂ්ඨාධිකරණ රීති අනුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සෘජුව ලැබෙන පෙත්සම් පිලිබඳව විධිමත්ව කටයුතු කිරීම සඳහා නීති ආධාර කොමිෂන් සභාව වෙත යොමු කිරීමේදී ඒ සම්බන්ධව කටයුතු කිරීමට ඇති විශේෂ ව්‍යාපෘතියකි.
කාර්ය මණ්ඩලය:
දැනට මෙම අංශය භාරව උමා විජේසිංහ මෙනවිය කටයුතු කරනු ලබයි.
දුරකථන: 011-2433618 ext 808
ක්‍රියාපටිපාටිය :
සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුගමනය කරන්න.
ආයතනයේ තොරතුරුනීති ආධාර කොමිෂන් සභාව
අංක 129/5,
මහාධිකරණ සංකීර්ණය,
අළුත්කඩේ,
කොළඔ 12. හර්ෂණී බලහරුව මිය දුරකථන:0094-11-2433618,0094-011-2395894 ෆැක්ස් අංක:0094-11-2433618 විද්‍යුත් තැපෑල:legalaid@sltnet.lk වෙබ් අඩවිය: www.lawaid.org
|