The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home ප්‍රාදේශීය සභාවට අයත් වෙළඳ කුටි බද්දට දීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ප්‍රාදේශීය සභාවට අයත් වෙළඳ කුටි බද්දට දීම

PDF Print Email

ප්‍රාදේශීය සභා පනතේ 119 වගන්තිය අනුව හා 1980.12.31 දින පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද අංක 1980/46 දරන චක්‍රලේඛනයට අනුව වෙළඳ කුටි ඉදිකර සේවයක් ලෙස මහජනයාට බද්දට දීමට ප්‍රාදේශීය සභාවට බලය ඇත.

ගාස්තුව

  1. ප්‍රාදේශීය සභාව විසින් යෝජනා සම්මතයක් මගින් තීරණය කරනු ලබන මුදලකට වෙළඳ  කුටි ලබා දෙනු ලැඛෙ.
  2. තෝරාගනු ලබන අයදුම්කරුවන් මාස තුනක වාරිකයන්ට සමාන මුදලක් ආරක්ෂීතයක්  ලෙස තැන්පත් කළ යුතුය.
  3. ප්‍රාදේශීය සභාව විසින් තීරණය කරනු ලබන ගාස්තුවකට ටෙන්ඩර් ලේඛන ලබා ගත  හැක.

අයදුම් කිරීමෙ පටිපාටිය

  • පුවත්පත් දැන්වීමක් මගින් ප්‍රසිද්ධ කිරීම
  • ටෙන්ඩර් ලේඛන ගාස්තුව ගෙවීමෙන් පසු ටෙන්ඩර් අයදුම්පත් සභා කාර්යාලයෙන් ලබා ගැනීම
  • ගාස්තුව හා නැවත ගෙවනු ලබන තැන්තුව ගෙවිම
  • ගාස්තුව හා නැවත ගෙවනු ලබන තැන්තුව ගෙවූ බවට වන රිසිටිපත ද සමග ටෙන්ඩර් අයදුම්පත් ටෙන්ඩර් පෙටිටියට දැමීම හෝ ලියාපදිංචි තැපෑලෙන් එවීම
  • වැඩීම මුදලක අකර්පනය සිදුකරනු ලබන අයදුම්කරු වෙළඳ කුටි බද්දට ගැනීමේ අවස්ථාව ලබයි
  • සාර්ථක අයදුම්කරුවන්ට ආරක්ෂක තැන්පතුව හා මූලික ගෙවීම සිදු කළ පසු වෙළඳ කුටි භාර ගත හැක
  •   වෙළඳ සහතිකය ලබා ගත් පසු වෙළඳ කටයුතු ආරම්භ කළ හැක


වාරික ගෙවීම පැහැර හැරීමක දී,

  • අවසන් දැන්වීම යැවීම
  • ගෙවීම සිදු නොකළ විට වෙළඳ කුටිය මුද්‍රා තැබීම
  • එ සඳහා නැවත ටෙන්ඩර් කැඳවීම  සිදු කරනු ලබේ

රජයේ හෝ පළාත් පාලන ආයතනයේ මුදල් වියදම් කර පැරණි වෙළඳ කුටි වෙනුවට අළුතින් වෙළඳ කුටි ඉදි කරන අවස්ථාවක දී” පැරණි වෙළඳ කුටි වල කුලී නිවැසියන් නව වෙළඳ කුටි වල කුලී නිවැසියන් ලෙස තෝරා ගනු ලැබේ. වාණීජ බැංකුවකින් මුදල් ණයට ගෙන පැරණි වෙළඳ කුටි වෙනුවට අළුතින් වෙළඳ කුටි ඉදි කරන ලද අවස්ථාවක දී පැරණි මෙන්ම නව කුලී නිවැසියන් ද තෝරා ගනු ලැබේ. බදු ගැනුම්කරුගේ ඉල්ලීම හෝ ඔහුගේ මිය යාම හේතුවෙන් බද්ද ඔහුගේ/ ඇයගේ බිරිඳ/ සැමියා හෝ දුව/ පුතා වෙතට මාරු කළ හැකි අතර එවැන්නක් සිදු කිරීමට අවශ්‍ය වූ විට නාගරික කොමසාරිස්වරයා වෙතින් ඉල්ලීමක් කළ යුතුය
 

 
 
 
 

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:52:54
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 319
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty