The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව චාරිකා කිරීම, සංචාරය සහ විවේකය විවේකය කෞතුකාගාර ශ්‍රවනාගාරය වෙන්කර ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කෞතුකාගාර ශ්‍රවනාගාරය වෙන්කර ගැනීම

PDF Print Email

ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරය ගාස්තු ගෙවා
වෙන්කරවා ගැනීමට අදාළ උපදෙස් මාලාව

1.අධාපනික හා ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ දේශන, සම්මන්ත්‍රණ, රැස්වීම් හා වැඩමුලු, ත්‍යාග ප්‍රධානෝත්සව, පිලිගැනීම් හා සමාජ සුභසාධන කටයුතු සම්බන්ධයෙන් පැවැත්වෙන උත්සව සඳහා දේශන ශාලාව භාවිතා කල හැකිය. ආසන ගණන  250 කි.

2. ජාතික කෞතුකාගාර  ශ්‍රවණාගාරය වෙන් කිරීමේ ගාස්තු

          

  කාලය  රු.  ශත
දිනකට (පැය 08) සඳහා 18,000 00
 දින ½ (පැය 04) සඳහා 10,000  00
පැය 01 ක් සඳහා        4,000 00
වැඩිවන සෑම පැයක් සඳහා   4,000 00
තැන්පත් කල යුතු මුදල 5,000 00

3.    අවම වශයෙන් උත්සවය පැවැත්වෙන දිනට සතියකට පෙර දේශන ශාලාව වෙන් කරගත යුතු අතර, ඒ සදහා වැයවන සම්පූර්ණ මුදල, සේවා ගාස්තුව හා ඇප මුදල මෙම දෙපාර්තමේන්තුවේ ගිණුම් අංශය වෙත ගෙවා මුදල් කුවිතාන්සියක් ලබා ගත යුතුය. සියළුම ගෙවීම් සඳුදා සිට සිකුරාදා දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා පමණි. ශ්‍රවණාගාරයට හෝ එහි භාණ්ඩයන්ට අලාභහානි සිදුවුව හොත් සංවිධායකයින් ගෙන් ඊට අදාල මුදල අයකර ගැනීම්වලින් පසුව ඇප මුදල් නිදහස් කරනු ඇත. තවද වෙන්කරන ලද දිනට නියමිත උත්සවය නොපැවැත් වුවහොත් එම මුදල්නැවත නිදහස් නොකරන අතර, ඒ සඳහා වෙනත් දිනයක් සතිදෙකක් ඇතුලත වෙන් කරගත හැකිය. එසේ නොහැකිවන්නේ නම් එම මුදලින් 25% ක් රදවා ඉතිරි මුදල නිදහස් කරනු ලැබේ.


4.    දේශපාලන අදහස් ප්‍රකට කෙරෙන රැස්වීම් සඳහා මෙ‍ම ශ්‍රවනාගාරය ලබා නොදේ.


5.    සතියේ සෑම දිනකම පෙ. ව. 9.00 සිට ප. ව. 8.00 දක්වා මෙම ශ්‍රවණාගාරය වෙන්කර ගත හැකි අතර, නියමිත වේලාව ඉක්මවා කටයුතු කිරීමෙන් වැළකිය යුතුය.


6.    ආහාරපාන ආදිය සංවිධායකයින් විසින්ම සපයා ගත යුතු වන අතර, ඒ සදහා පහත මාලයේ වෙන් කර ඇති ස්ථානය පමණක් භාවිතා කල යුතුය.


7.    මෙම ශ්‍රවණාගාරය පිහිටා ඇත්තේ සංස්කෘතිකමය වශයෙන් වැදගත් ස්ථානයක වන හෙයින් දුම්පානය, මත්පැන් භාවිතය ආදියෙන් වැලකිය යුතුය.


8.    ශ්‍රවණාගාරය තුල සැලසුම් කර ඇති භාණ්ඩ හා උපකරණ අදාල ස්ථානවලින් ඉවත් කිරීම නොකල යුතුය. යම් අවස්ථාවක දී එසේ අවශ්‍යවන්නේ නම් ශ්‍රවණාගාර භාර නිලධාරියා සමඟ සාකච්ඡා කර ඔහුගේ උපදෙස් පරිදි එය කල යුතුය.


9.    ශ්‍රවණාගාරය තුල සැරසිලි කටයුතු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා උත්සවය පැවැත්වීමට පැයකට පෙර ශාලාව නිදහස් කල හැකි අතර, එම කාලය තුල විදුලි ආලෝකය හැරුණුවිට අනිකුත් පහසුකම් සපයනු නොලැබේ.

10.    තම උත්සවයට අදාල සැරසිලි භාණ්ඩ හා වෙනත් ද්‍රව්‍ය සංවිධායකයින් විසින්ම සපයා ගත යුතු අතර, ඒවා ශාලාවේ පවිත්‍රභාවයට හානි නොවන අන්දමින් භාවිතා කල යුතුය. විශේෂයෙන් බිත්ති මත හෝ පුටු මත කුරුටු ගෑම හෝ ඇණ ගැසීම හෝ වෙනත් හානි විය හැකි ක්‍රියාවන්ගෙන් වැලකිය යුතුය. උත්සවයට හෝ සම්මන්ත්‍රණයට අදාල ප්‍රධාන බැනරය සඳහා පමණක් වේදිකාවේ ඒ සඳහා වෙන්කර ඇති ස්ථානය භාවිතා කල හැකිය. එසේම ශාලාව තුල පන්දම් දැල්වීම්, දුම්මල ගැසීම් ආදියෙන් වැලකිය යුතුය.


11.    සංවිධායකයින් විසින් තම උත්සව හෝ සම්මන්ත්‍රණ සඳහා බාහිරින් ගෙන්වනු ලබන උපකරණ හෝ භාණ්ඩ ඇත්නම් ඒවා උත්සවය හෝ සම්මන්ත්‍රණය අවසන්වීමත් සමඟ රැගෙන යා යුතු වන අතර, ඒවා ශ්‍රවණාගාරය තුල හෝ කෞතුකාගාර භූමිය තුල පසුව රැගෙන යාම සඳහා තබා නොයා යුතුය. යම් විධියකින් එසේතබා ගිය හොත් ඒවා පිළිබඳ වගකීම ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් නොදරනු ලබයි.


12.    තම උත්සවය සඳහා සහභාගිවන්නන් ගෙන් කෞතුකාගාර භූමිය තුල ඇති දේපලවලට හානි සිදුවුවහොත්එහි වගකීම සංවිධායකයින් විසින් දැරිය යුතුය.

ඉහත සඳහන් උපදෙස් සම්බන්ධයෙන් නිරාකරණය කර ගත යුතු යම් කරුණක් වේ නම් ඒ පිළිබඳ අධ්‍යාපන හා ප්‍රකාශන සහකාර එච්. ඒ. ඒකනායක මහතා (දුරකතනය. 0113168981) වෙතින් විමසීමට කාරුනික වන්න.

•    දු. අ. ශ්‍රවණාගාරය - 0112667749

 


ආයතනයේ තොරතුරු

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව

තැ.පෙ. 854, සර් මාර්කස් ප්‍රනාන්දු මාවත, කොළඹ 07



දුරකථන:+94 11 2694767, +94 11 2695366
ෆැක්ස් අංක:+94 11 2692092
විද්‍යුත් තැපෑල:nmdep@slt.lk
වෙබ් අඩවිය: www.museum.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:07:57
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty