The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ජාතික කලාභවනේ ශාලා පහසුකම් ලබා දීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     applications
ජාතික කලාභවනේ ශාලා පහසුකම් ලබා දීම

PDF Print Email

මහජනතාවගේ ඉල්ලීම පරිදි ජාතික කලාභවනේ නැගෙනහිර සහ බටහිර ශාලා ප්‍රදර්ශන හා වෙනත් කලා සංස්කෘතික කටයුතු සදහා ගාස්තු අයකිරීම මත ලබා දීමට මෙම දෙපාර්තමේන්තුව කටයුතු කරයි. (සුවිශේෂ අවස්ථාවක දී හැර පෝය දිනවල ශාලා විළවෘතව තැබීමට ඉඩ දෙනු නොලැබේ.

ජාතික කලාභවනේ නැගෙනහිර සහ බටහිර ශාලාවන්හි පවත්වන ප්‍රදර්ශන හෝ වැඩසටහන් සදහා ශ්‍රී ලංකා මණ්ඩලයේ සහ කොළඹ මහ නගර සභාවේ අනුමැතිය ලබාගෙන තිබිය යුතුය. ශාලා වෙන් කර ගැනීම සදහා සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය. ප්‍රදර්ශනය හෝ වැඩසටහන සදහා ශ්‍රී ලංකා මණ්ඩලයේ සහ කොළඹ මහ නගර සභාවේ අනුමැතිය ලත් ලිපිද අමුණා තිබිය යුතුවේ.
 
ශාලා වෙන් කිරීම සදහා වන ආදර්ශ අයදුම් පත්‍රය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ කලා අංශයෙන් ලබා ගත හැකි අතර අයදුම්පත් සදහා ගාස්තු අයකිරීමක් නෙකෙරේ. සෑම් ඉල්ලුම් කරුවකුම ශාලා පහසුකම් අවශ්‍ය වන දිනට මාස තුකට පෙරාතුව අත්තිකාරම් මුදලක් ගෙවිය යුතුය.

නැගෙනහිර ශාලාව ලබාගැනීම සදහා ගෙවිය යුතු ගාස්තු
01. දිනකට අයකරන ගාස්තුව (පෙ.ව 8.00 - ප.ව 6.00)  රු.4,000.00/=
ඉහත කාලපරිච්ඡේදයට අමතරව වැඩිවන සෑම පැයකටම රු.500.00/= ක් අයකරයි.
02. ශාලා වෙන්කිරීමේ තැන්පතු ගාස්තුව රු.3000.00/=

බටහිර ශාලාව වෙන් කිරීම සදහා ගෙවිය යුතු ගාස්තු
01. දිනකට අයකරන ගාස්තුව (පෙ.ව 8.00 - ප.ව 6.00)  රු.3,000.00/=
ඉහත කාලපරිච්ඡේදයට අමතරව වැඩිවන සෑම පැයකටම රු.500.00/= ක් අයකරයි.
02. ශාලා වෙන්කිරීමේ තැන්පතු ගාස්තුව රු.3000.00/=

වෙනත් අය කිරීම්
01. පැයක වායු සමීකරණ ගාස්තුව රු.700.00/=
02. පැයක වීඩියෝ රූගතකිරීමක් සදහා ගාස්තුව රු.700.00/=
03. පිත්තල පහන සදහා අයකිරීම රු.125.00/=
04. පැය තුනක කාලයක් සදහා (පැය තුනක් ඒකක එකකි) ශබ්දවාහිනී පහසුකම් ගාස්තුව රු.1000.00/=
(කථිකාසනයක්, මයික් තුනක්, ඈම්‍ෆ් එකක්, සීඩී ප්ලේයරයක්, ඩෙක් යන්ත්‍රයක්, කැසට් ප්ලේයරයක් සහ බෆල් දෙකක් මෙම පහසුකම් යටතට ඇතුලත් වේ.
05. අමතර මයික් එකක් සදහා අයකරන ගාස්තුව රු. 200.00/=
(මෙම ගාස්තු අයකිරීම 2009 ජුනි මස 29 වන දා සිට ක්‍රියාත්මක වේ)

තැන්පතු මුදලින් විදුලි බිල සහ වෙනත් හානි වීම් සදහා අලාභ අය කරගෙන ඉතිරි මුදල අයදුම් කරු නමට චෙක් පත් මගින් ගෙවනු ලබයි. ශේෂ තැන්පතු මුදල ලබාගැනීම සදහා අදාළ ප්‍රදර්ශනය අවසන් මසක් ඇතුළත තැන්පතු මුදලට අදාළ රිසිට් පත්හි ඡායා පිටපත් ලග තබාගෙන මුල් පිටපත් ජාතික කලාභවනේ ස්ථානභාර නිලධාරී මගින් සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය. එසේ ඉදිරිපත් කිරීමේ දී අදාළ චෙක්පත් තැපැල් මගින් එවීමට අයදුම්කරුගේ නිවැරදි තැපැල් ලිපිනය ද සදහන් කළ යුතුය. නියමිත් කාලය තුළ ඉදිරිපත් කරනු නොලබන රිසිට්පත් සදහා තැන්පතු මුදල් ආපසු ගෙවීමට කටයුතු කරනු නොලබන අතර, නැවත දින වෙන් කරවා ගනු ලබන අවස්ථාවක ගෙවිය යුතු තැන්පතු වෙනුවෙන් හිලව් කිරීමට ඉඩ දෙනු නොලැබේ.

සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ හෝ සංස්කෘතික අධ්‍යක්ෂ විසින් බලය පවරන ලද කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මෙම පහසුකම් ලබා දීම සම්බන්ධ වගකීම් භාර නිලධාරීන් ලෙස කටයුතු කරයි.
මුදල් ගෙවා ශාලා වෙන් කිරීමෙන් අනතුරුව කිසිදු හේතුවක් නිසා වෙන් කිරීමේ ගාස්තු ආපසු ගෙවනු නොලබන අතර නොවැලැක්විය හැකි සාධාරණ හේතුවක් මත සංස්කෘතික අධ්‍යක්ෂ සෑහීමට පත් වන්නේ නම් පමණක් එම වර්ෂයේ හෝ ඊළග වර්ෂයේ ඉඩ තිබෙන වෙනත් දිනයකට මාරු කර ගත හැක. ඒ සදහා ද ඉඩ දෙනු ලබන්නේ එක් අවස්ථාවක් පමණි. මාරු කර ගැනීම සදහා වන ඉල්ලීම ද ප්‍රදර්ශනය පැවැත්වීමට නියම දිනට දින 21 කට පෙර ඉදිරිපත් කළ යුතුය. එසේ නොවුනහොත් වෙනත් දිනයක් සදහා මාරු කර ගැනීමට ඉඩ දෙනු නොලැබේ.



 


ආයතනයේ තොරතුරු

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

8 වෙනි මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල


කේ.එම්. ශෂිනි අනුපමා
දුරකථන:+94-112-872031 / +94-112-866731
ෆැක්ස් අංක:+94-112-866732
විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk
වෙබ් අඩවිය: www.cultural.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:26:15
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty