- ක්‍රිස්තියානි බැතිමතුන්ගේ විවාහ ස්වකීය දේවස්ථාන තුළදී සිදු කරවා ගැනීමට ඉඩ සලසා තිබේ.
- විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න.
- දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය
- කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
- සාමදාන විනිශ්චයකරුවකු
- ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
- දේවගැතිතුමකු
- විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා,
- පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම
- ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව
- ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
- රෙජිස්ට්‍රාර් හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගෙන් “ලේකම්තැනගේ සහතික පත්‍රය” ලබා ගන්න.
- එම ලේකම්තැනගේ සහතික පත්‍රය විවාහය ලියාපදිංචි කරවා ගත යුතු දේවස්ථානයේ දේවගැතිවරයා වෙත ඉදිරිපත් කරන්න. ඒ සමඟ අවලංගු නොකළ රු. 25.00 ක මුද්දරද සපයන්න.
ආයතනයේ තොරතුරුරෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
නො: 234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල.
බුද්ධිකා නිලන්ති රණවීර මිය දුරකථන:+94-11-2889488 / +94-11-2889489 ෆැක්ස් අංක:+94-11-2889491 විද්‍යුත් තැපෑල:info@rgd.gov.lk වෙබ් අඩවිය: www.rgd.gov.lk
| |