The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home ප්‍රතිලාභියා පදිංචි ස්ථානය මාරු කිරීමක දී
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ප්‍රතිලාභියා පදිංචි ස්ථානය මාරු කිරීමක දී

PDF Print Email

 ප්‍රතිලාභියා පදිංචි ස්ථානය මාරු කිරීමක දී

 
       සුදුසුකම් 
  •        සමෘද්ධි ප්‍රතිලාභ ලබමින් සිටින අයෙකු විය යුතු ය.
  •        තමන් දැනට පදිංචි ග්‍රාම නිලධාරී වස‍ෙමන් ස්ථිරව ම පදිංචිය වෙනස් කිරීමක් සිදුවිය යුතු යි. 
      ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :
 
  •  තමන් දැනට පදිංචි වසමේ පදිංචිය ස්ථිරව ම අත්හරින බවට අදාළ ග්‍රාම නිලධාරීට හා සමෘද්ධි සංවර්ධන නිලධාරීට ලිඛිත ව දැනුම් දී පදිංචිය හැර යැමේ ලිපි අදාළ නිලධාරීන් දෙදෙනාගෙන් ලබා ගත යුතු ය. 
  • අලුතින් පදිංචි වූ ස්ථානය පිළිබඳ ව නව වසමේ ග්‍රාම නිලධාරීට හා සමෘද්ධි සංවර්ධන නිලධාරියාට දැනුම් දී එය සනාථ කිරීම සඳහා නිලධාරීන් දෙදෙනාගෙන් ම ලිපි ලබා ගත යුතු යි.
  • ඉහත ලිපි සමගින් දැනට නිකුත් කර ඇති දීමනා පත්‍රය මුල් පදිංචි වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී මගින් ප්‍රාදේශීය ලේකම් වෙත භාරදිය යුතු ය.
  •  ප්‍රාදේශීය ලේකම් විසින් අදාල විස්තර නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට හෝ නව ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී වෙත යැවීමෙන් පසුව එම ප්‍රතිලාභියාට නැවත දීමනා පත්‍රිකාව ලබා ගත හැකි ය. 
       ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන : නැත
 
       ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු : නැත
             
       ඉදිරිපත් කළ යුතු වේලාවන් : 
  •  සතියේ වැඩකරන දිනයක දී සමෘද්ධි සංවර්ධන නිලධාරී මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාරදිය හැක. 
       සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :නැත
 
        සේවාව ලබා දීමට ගත වන කාලය :
 
සියළු ලිපි ලේඛන සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දී ඇත්නම්,
·         වෙනත් ප්‍රාලේ කොට්ඨාසයක් වෙත පදිංචිය මාරුකර ඇත්නම් සති දෙකක් තළදී ද,
·         එම ප්‍රා/ලේ කොට්ඨාසයේ ම වෙනත් වසමක් වෙත මාරු වී ඇත්නම් සතියක් තුළදී ද සහනාධාර පත්‍රය ලබා ගත හැක.
 
       අවශ්‍ය සනාථ කරන ලියකියවිලි : 
  • දැනට පදිංචි වසමේ ග්‍රාම නිලධාරීගේ හා සමෘද්ධි සංවර්ධන නිලධාරීගේ පදිංචිය හැර යාමේ ලිපි.
  • නව ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීගේ හා සමෘද්ධි සංවර්ධන නිලධාරීගේ නව පදිංචිය සනාථ කිරීමේ ලිපි.
  • දීමනා පත්‍රය නව පදිංචි ස්ථානයට මාරුකර දෙන ලෙස කරනු ලබන ප්‍රතිලාභියාගේ ලිඛිත ඉල්ලීම.   
            සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :
 

තනතුර
නම
අංශය
දුරකථනය
ෆැක්ස්
ඊමේල්
සහකාර කොමසාරිස්
(සමෘද්ධි)
 
එම්.ජේ.එස්.
රවිසිංහ මයා
සමෘද්ධි
+94112696421
+94112673775
ravisinghe
@yahoo.com
නියෝජ්‍ය කොමසාරිස්
(සංවර්ධන)
 
කේ.ආර්.
පත්මප්‍රිය මයා
සංවර්ධන
+94112673886
 
ravi.pathma
@yahoo.com

 
      ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු: නැත
 
      ඉල්ලුම්පත් ආකෘතිය : නැත
 
      සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත : නැත

 


ආයතනයේ තොරතුරු

සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

නො. 17,
බාන්ස් පෙදෙස,
කොළඹ 07.


ටී.ඒ. රණසිංහ මහතා
දුරකථන:+94-11 - 2693993, +94-11-2673886
ෆැක්ස් අංක:+94-11 - 2691017, +94-11-2673775
විද්‍යුත් තැපෑල:samurdhicom@gmail.com
වෙබ් අඩවිය: www.samurdhidept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:37:13
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 329
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty