පාරිතෝෂික |
|
|||
මරණ පාරිතෝෂිතය ලබාගැනීම
අවශ්‍ය ලියකියවිලි
1. මරණය සිදුවීමෙන් පසු දින 90 කට පෙර ඉල්ලුම් ලිපියක් ඉදිරිපත් කිරීම. 2. නියමිත පරිදි සම්පූර්ණ කර සහතික කරන ලද SSB B2 ආකෘතිය (සහතික කිරීම ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශිය ලේකම් මඟින් කල යුතුය) 3. නියමිත පරිදි සම්පූර්ණ කර සහතික කරන ලද SSB B4 ආකෘතිය (සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සම්බන්ධිකරණ නිලධාරී මඟින් සම්පූර්ණ කරන ලද) 4. මරණ සහතිකය 5. සාමාජිකයා විවාහ වී නොමැති නම් උප්පැන්න සහතිකයේ පිටපත 6. විවාහ වී ඇත්නම් විවාහ සහතිකයේ පිටපතක් හා දරුවන් සිටී නම් ඔවුන්ගේ උප්පැන්න සහතික වල පිටපත් 7. නමේ වෙනසක් තිබේනම් දිවුරුම් ප්‍රකාශයක් 8. අවුරුදු 18 ට අඩු දරුවන් සිටී නම් ඔවුන්ගේ බැංකු ගිණුම් පොත් වල පිටපත් හා ගිණුම් අංක 9. සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් නිකුත් කරන ලද ඔප්පුව සහ වාරික සටහන් පොත / බැංකු බැරපත්
ක්‍රියාපටිපාටිය
1. ඉහත සඳහන් සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල වෙත හෝ ප්‍රධාන කාර්යාලය වෙත භාරදෙන්න. 2. ඉන්පසු ප්‍රධාන කාර්යාලය මඟින් අදාල ගෙවීම කිරීම සඳහා කටයුතු කරනු ඇත.
ආබාධිත තත්වයන් සඳහා පාරිතෝෂිත - ස්ථිර පූර්ණ හෝ ස්ථිර් අර්ධ අබලතාවයක්
අවශ්‍ය ලියකියවිලි
1 අබලතාවය සිදුවීමෙන් පසු දින 90 කට පෙර ඉල්ලුම් ලිපියක් ඉදිරිපත් කිරීම. 2 නියමිත පරිදි සම්පූර්ණ කර සහතික කරන ලද SSB B1 ආකෘතිය (සහතික කිරීම ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශිය ලේකම් මඟින් කල යුතුය) 3 නියමිත පරිදි සම්පූර්ණ කර සහතික කරන ලද SSB B4 ආකෘතිය (සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සම්බන්ධිකරණ නිලධාරී මඟින් සම්පූර්ණ කරන ලද) 4 වෛද්‍ය සහතිකය - SSB B3 ආකෘති පත්‍රය 5 රෝග නිශ්චය තුණ්ඩුව 6 පූර්ණ අබලතාවයක් නම් - සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් නිකුත් කරන ලද ඔප්පුව සහ වාරික සටහන් පොත 7 අර්ධ අබලතාවයක් නම් සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් නිකුත් කරන ලද ඔප්පුව සහ වාරික සටහන් පොතෙහි සහතික කරන ලද පිටපත් (සහතික කිරීම ග්‍රාම නිලධාරී හෝ දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරී මඟින් කල හැකිය) |
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-07-18 14:40:28 |