The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ජාතික රැකියා සේවා මධ්‍යස්ථානය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ජාතික රැකියා සේවා මධ්‍යස්ථානය

PDF Print Email

ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා ජොබ්ස්නෙට් ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද සියළුම කාර්යයන් ක්‍රමානුකූලව හා විධිමත් ක්‍රියාවලියක් හරහා ඉදිරියට සිදුකරගෙන යනු ලබයි. ජොබ්ස්නෙට් වෙබ් අඩවිය යථෝක්ථ දෙපාර්තමේන්තුවේ කළමණාකාරිත්වය යටතේ ඒ මගින් සලසා දෙන සියළුම සේවාවන් කිසිදු බාධාවකින් තොරව ලබාගැනීමට කටයුතු යොදා ඇත.

මෙම දෙපාර්තමේන්තුව යටතේ පැවති රැකියා කේන්ද්‍රය, ආබාධිතයන් සදහා වන රැකියා කේන්ද්‍රය සහ ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ පැවති රැකියා පියස යන ආයතන ඒකාබද්ධ කොට පිහිටුවන ලද ජාතික රැකියා සේවාව මගින් ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය සඳහා වඩාත් ඵලදායි රැකියා අවස්ථාවන් කාර්යක්ෂම ලෙස ලබාදීම අරමුණු කොට ඇත.

මෙම දෙපාර්තමේන්තුව යටතේ සෑම දිස්ත්‍රික්කයකටම එක් මධ්‍යස්ථානයක් වන පරිදි  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක හෝ ඊට වඩාත් සුදුසු ස්ථානයක  දිස්ත්‍රික් රැකියා සේවා  මධ්‍යස්ථාන පිහිටුවීමට සැළසුම් කොට ඇත.ඒ අනුව අංක 259/1/1/1, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ ස්ථානයේ පිහිටි ජාතික රැකියා සේවා මධ්‍යස්ථානය වෙත පහත සදහන් අපේක්ෂිත කාර්යභාරයන් පැවරෙන අතර එම කාර්යභාරය ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක කිරීමේ බලාධිකාරය දිස්ත්‍රික් රැකියා සේවා මධ්‍යස්ථාන වෙත පැවරේ.

1.      රැකියා අපේක්ෂිතයින් ලියාපදිංචි කිරීම

2.      රැකියා පුරප්පාඩු හදුනාගැනීම සහ රැකියා සපයන ආයතන ලියාපදිංචිය

3.      රැකියා අවස්ථා සදහා සුදුසු අපේක්ෂිතයන් ගැලපීම

4.      දිස්ත්‍රික් රැකියා පොළ සේවා පැවැත්වීම

5.      රැකියා සමාජ සංවිධානය

6.      රැකියා අපේක්ෂිතයන් සදහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම හා සුදුසු රැකියා අවස්ථා සදහා යොමු කිරීම

7.      පුහුණුවීම් හා වෘත්තීය මාර්ගෝපදේශන කටයුතු සඳහා යොමු කිරීම

8.      රැකියා යෝග්‍යතා සංවර්ධන වැඩසටහන් සදහා පහසුකම් සැලසීම

9.      ස්වයං රැකියා අවස්ථා සදහා යොමු කිරීම

10. ශ්‍රම වෙළද පොළ තොරතුරු රැස් කිරීම සහ බෙදා හැරීම

11. පාර්ශවකරුවන් සමග යහපත් සම්බන්ධතා ගොඩ නගා නැගීම

12. නිපුණතාවයෙන් සපිරි පරපුරක් වර්ධනය කිරීම

මෙම ඉහත සඳහන් සේවාවන් ලබාදීම සඳහා කිසිදු මුදලක් අය නොකරන බව අවධාරණයෙන්  යුතුව පෙන්වා දිය හැක. එසේ වුවද කිසියම් පාර්ශවයක් විසින් ඉහත සේවාවන්ට අමතරව යම් එකතුකල අගයක් සහිත සේවාවන් සඳහා ඉල්ලීමක් කරන්නේනම්. එනම් වෘත්තීය පුහුණු අවස්ථා, සේවා යෝජකයන්ගේ ඉල්ලිම මත සම්මුඛ පරීක්ෂණ පැවැත්විම, වෙබ් අඩවියෙහි දැන්වීම් පලකිරීම වැනි කාර්යයන් ඉදිරියේදී දැණුම් දීමට නියමිත සහනදායි ගාස්තු ක්‍රමයක් යටතේ  සිදුකරනු ඇත.

ඉහත සඳහන් කරන ලද සියළුම සේවාවන් සපයනු ලබන්නේ මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවට විධිමත්ව බඳවා ගන්නා ලද රාජ්‍ය නිලධාරීන් විසින් වන අතර කිසිදු පෞද්ගලික ආයතනයක් හෝ පුද්ගලයෙකු මෙම කිසිම සේවාවක් ක්‍රියාත්මක කිරීම සඳහා යොදවා නොමැති අතර කිසිදු පෞද්ගලික ආයතනයකට හෝ පුද්ගලයෙකුට මෙම සේවා ක්‍රියාත්මක කිරීම සඳහා භාර කිරීමක් ද සිදුකොට නොමැත. එබැවින් මෙම දෙපාර්තමේන්තුව යටතේ විධිමත්ව පත්කර නොමැති කිසිදු ආයතනයක හෝ පුද්ගලයෙකුගෙන් ඉහත අදාළ සේවාවන් ලබාගැනීම සම්බන්ධයෙන් වන හානිදායක තත්වයක හෝ පාඩුවක කිසිදු වගකීමක් දැරීමට මෙම  දෙපාර්තමේන්තුව බැදී නොමැත.

එබැවින් පහත සඳහන් නිල නාමයන් සහ ඉහතින් සඳහන් කරන ලද සේවාවන් බලය නොලත් පාර්ශවයක් භාවිතා කරන්නේ නම් හෝ වැරදි ලෙස භාවිතා කරන්නේ නම් හෝ අනිසි ලෙස යොදා ගන්නේ නම් මෙම  දෙපාර්තමේන්තුවට කඩිනමින් දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලමි.

 

 

            ශ්‍රී ලංකා ජොබ්ස්නෙට් ආයතනය

            ජාතික රැකියා මූලාශ්‍ර සොයාගැනීම සහ රැකියා ලබාදීමේ පද්ධතිය.

            ජොබ්ස්නෙට් ඔන්ලයින් සේවාව

            ජාතික රැකියා සේවා මධ්‍යස්ථානය

            දිස්ත්‍රික් රැකියා සේවා මධ්‍යස්ථානය

එවැනි අක්‍රමිකතා වෙතොත් පහත ලිපිනයෙන් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් වෙත ලිඛිතව දැනුම් දීමට කටයුතු කරන ලෙස දන්වමි.

 

සම්බන්ධ විය හැකි පුද්ගලයින්

සම්බන්ධ කල හැකි දුරකථන අංකයන්

ජාතික රැකියා සේවා මධ්‍යස්ථානය.

259/1/1/1, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ.

සුමිත් කුමාරසිංහ මහතා

දිස්නා වික්‍රමසිංහ මිය

011-2818575

දිස්ත්‍රික් රැකියාසේවා මධ්‍යස්ථාන සේවාවන් සඳහා

 සංජීව ඒකනායක මහතා

011-2818575

රැකියා පියස වෙබ් අඩවිය හා ඔන්ලයින් සේවාව සම්බන්ධ පැමිණිළි හා විමසීම්

ගයාන් විරකෝන් මහතා

එස්.ඩබ්.ජී.එම්. කරුණාරත්න මහතා

011-7393145

0112810920

ලිඛිත පැමිණිළි හා විමසීම්

අධ්‍යක්‍ෂ ජනරාල්

 මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව,

249, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

     
     
     
     
   

 


ආයතනයේ තොරතුරු

මිනිස්බල හා රැකිරක්‍ෂා දෙපාර්තමේන්තුව

9 වන මහල,
සෙත්සිරිපාය දෙවන අදියර,
බත්තරමුල්ල.


පී. ජී. එම්. ප්‍රමෝද් මහතා
දුරකථන:0112187131
ෆැක්ස් අංක:0112187133
විද්‍යුත් තැපෑල:dg@dome.gov.lk
වෙබ් අඩවිය: www.dome.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:58:53
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty