The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව නැතිවූ හෝ සොරාගත් ගමන් බලපත්‍ර - විදේශ
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නැතිවූ හෝ සොරාගත් ගමන් බලපත්‍ර - විදේශ

PDF Print Email

ඔබගේ විදේශ ගමන් බලපත්‍රය නැතිවූ විට හෝ සොරාගත් අවස්ථාවකදී නිසි බලධාරීන්ට දැනුම්දීම ඔබගේ වගකීම වේ.එසේ නොවුනහොත් සමහර විට ඔබේ නැතිවූ හෝ සොරාගත් ගමන් බලපත්‍රය නීති විරෝධී කටයුතු වලට යොදා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස වරදක් කිරීමට අනුබලදීමේ හෝ සහය දැක්වීමේ චෝදනාවකට ද ඔබ ලක්විය හැකිය.


අනුගමනය කලයුතු පියවර

  1.  ඔබ පදිංචිව සිටින ප්‍රදේශයේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඒ පිලිබඳ පොලිස් වාර්තාවක් ලබාගන්න.
  2. නැතිවූ හෝ සොරාගත් ගමන් බලපත්‍රය පිලිබඳ පැමිණිලි කිරීමේ අයදුම්පතක් බාගත කරගන්න.
  3. පොලිස් පැමිණිල්ල සමඟ පුරවන ලද අයදුම්පත්‍රය ලඟම පිහිටි ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කරන්න.
  4. ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලය මගින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට එම තොරතුරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම විදේශ ගමන් බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරනු ඇත.


වෙනත් අයකුගේ ගමන් බලපත්‍රයක් ඔබට ලැබුනේ නම්, ඝනකම් ලිපි කවරයක බහා පහත ලිපිනයට එවන මෙන් කාරුණිකව දන්වමි.

නැතිවූ / සොරාගත් විදේශ ගමන් බලපත්‍ර පිලිබඳ තොරතුරු දැන්වීමේ අංශය

5 මහල
ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව
අංක 41, ආනන්ද රාජකරුණා මාවත
කොළඹ 10
ශ්‍රී ලංකාව

 

වැදගත් කරුණු

  1. නැතිවූ හෝ සොරාගත් විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කිරීමෙන් වලකින්න.
  2. නැතිවූ හෝ සොරාගත් විදේශ ගමන් බලපත්‍රය අවලංගු කරන බැවින් විදේශ ගමන් සඳහා එම ගමන් බලපත්‍රය භාවිතා කිරීමට නොහැක.
  3. එම විදේශ ගමන් බලපත්‍රය පිලිබඳ තොරතුරු ජාත්‍යන්තර පොලිසිය වෙත ස්වයංක්‍රීයව විසුරුවා හැරේ.
  4. කිසියම් අවස්ථාවකදී නැතිවූ හෝ සොරාගත් විදේශ ගමන් බලපත්‍රය ඔබ වෙත යලිත් ලැබුනේ නම්, ඉහත ලිපිනයට එය යොමු කරන්න. එම  විදේශ ගමන් බලපත්‍රය අවලංගු කර නැවත ඔබ වෙත ලබාදෙන ලෙස ඉල්ලීමක් කළහොත් එම  ගමන් බලපත්‍රය ඔබ වෙත නැවත භාර දෙනුලැබේ.
  5. ගමන් බලපත්‍රයක්  නැතිවූ හෝ සොරාගත් බවට පැමිණිලි කොට අවලංගු කිරීමෙන් පසු එය නැවත වලංගු කිරීමට නොහැකිය.

 

අවධානය


ඔබගේ ගමන් බලපත්‍රය නැති වු බව හෝ සොරකම් කරගෙන ඇති බව ආගමන හා විගමන දෙපාර්තමෙන්තුවට හෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හෝ කොන්සියුලර් කාර්යාලයට දැනුම් දුන් විගසින්, ඔබගේ නැති වූ ගමන් බලපත්‍රය අනිසි ලෙස පරිහරණය කිරීම වලකාලනු පිණිස ජාත්‍යන්තර ක්‍රියා පිළිවෙතට අනුව ජාත්‍යන්තර අපරාධ පොලිස් සංවිධානයේ - ඉන්ටපෝල්හි සොරකම් කරන ලද හෝ නැති වු සංචාරක ලියකියවිලි දත්ත පද්ධතියට එකී ගමන් බලපත්‍ර අංකය ඇතුලත් කරනු ලැබේ. සොරකම් කරගෙන ඇති බවට හෝ නැති වු බවට ඔබ දැනුම් දෙන ලද ගමන් බලපත්‍රය නැවත සොයාගනු ලැබුවහොත් එය පරිහරණය කිරීමෙන් වලකින්න.  ඒ වෙනුවට හැකි ඉක්මනින් එම ගමන් බලපත්‍රය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට හෝ ආසන්නම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හෝ කොන්සියුලර් කාර්යාලයට බාර දෙන්න.


සොරා ගනු ලැබුවායැයි හෝ නැති වුවා යැයි දැනටමත් ප්‍රකාශ කොට ඇති ගමන් බලපත්‍රයක් ඔබ පරිහරණය කලහොත් දේශ සීමා පාලන අධිකාරිය විසින් ඔබ නතර කොට විමර්ශණ කටයුතු සිදු කරනු ඇත.  ඔබගේ ගමනාන්තය දක්වා ගමනේ යෙදීමට නියමිත ගුවන් යානයෙන් හෝ නෞකාවෙන් එම ගමනේ යෙදීමට ඇති අවස්ථාව අහිමි වීමේ අවදානමට ලක් වීමට ඔබට සිදුවනවා පමණක් නොව ඒ හා බැඳුනු අනුගාමී ප්‍රතිඵලයන්ටද මුහුණ දීමට සිදුවනු ඇත.

වැඩි විස්තර සඳහා විමසන්න
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
www.immigration.gov.lk  හෝ දුරකථන  94115329501/2

 


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-10-22 13:38:43
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty