The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Vocational Training for Persons with Disabilities
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


Vocational Training for Persons with Disabilities

PDF Print Email

 

ආබාධ සහිත පුද්ගලයින් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම

ආබාධ සහිත තත්වයෙන් පසුවන තරුණ / තරුණියන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කරමින්, ආත්මගරුත්වයකින් යුතුව නැගී සිටීමට ඉඩප්‍රස්ථා සපයාදෙමින් ඔවුන් ජාතික ශ්‍රම බලකායේ සක්‍රීය කොටස්කරුවන් කිරීම මෙහි අරමුණයි. ඒ සඳහා ඔවුන් ඵලදායී පුනරුත්ථාපන ක්‍රියාවලියකට ඇතුළත් කර, ඔවුන්ගේ සහජ හැකියාවන් වැඩි දියුණු කරගත හැකි පරිදි වෘත්තීයමය ක්‍රියාකාරකම්වල පුහුණුවක් ලබාදීමත් ඉන් අනතුරුව සමාජ ගත කිරීමත් සිදුකෙරේ.

ප්‍රධාන දිස්ත්‍රික් තුනක වෘත්තීය පුහුණු ආයතන 05 ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

දිස්ත්‍රික්කය පුහුණු ආයතනය
ගම්පහ සීදූව වෘත්තීය පුහුණු ආයතනය අමුණුකුඹුර වෘත්තීය පුහුණු ආයතනය රාගම රෝහලට අනුබද්ධ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
මහනුවර වත්තේගම වෘත්තීය පුහුණු ආයතනය, කැටවල වෘත්තීය පුහුණු ආයතනය
හම්බන්තොට තෙලඹුයාය වෘත්තීය පුහුණු ආයතනය
රත්නපුර කලවාන වෘත්තීය පුහුණු ආයතනය
පුත්තලම මාදම්පෙ වෘත්තීය පුහුණු ආයතනය

කාලීන රැකියා වෙළඳ පොළට ගැලපෙන පාඨමාලාවක් තම හැකියාව මත හැදෑරීමටත්, තමන් කැමති ප්‍රදේශයක පිහිටා ඇති ආයතනයක පාඨමාලාව හැදෑරීමටත් හැකිවේ.

අවශ්‍ය සුදුසුකම්

  • වයස - අවුරුදු 16 - 35 ත් අතර
  • අවිවාහක
  • පිළිගතහැකි ආබාධයකින් පෙලීම (ලියාපදිංචි වෛද්‍ය වරයෙකුගෙන් වෛද්‍ය සහතිකයක්)

තෝරාගැනීමේ ක්‍රමවේදය

  • ප්‍රජා මූලික වැඩසටහන් වලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තෝරා ගැනීම.
  • සමාජ සේවා නිලධාරීන් මගින් තෝරා ගැනීම.
  • පුවත්පත් දැන්වීම් මගින් අයදුම්පත් කැඳවා තෝරා ගැනීම.
  • සමාජ සේවා අධ්‍යක්ෂ වෙත ඉල්ලුම් කරන්නන් ගෙන් තෝරා ගැනීම.
  • දෙපාර්තමේන්තුව විසින් තෝරාගනු ලබන අයදුම්පත් සුදුසු ආයතන වෙත යොමු කරනු ලබයි.
  • වෘත්තීය පුහුණු ආයතන මගින් සම්මුඛ පරීක්ෂණ පවත්වා තොරාගනු ලබයි.

සැපයෙන පහසුකම්

  • නොමිලේ නේවාසික පහසුකම්.
  • බාහිරව පැමිනෙන පුහුණුවන්නන් සඳහා දිනකට රු. 110.00 ක දීමනාවක් ද, නේවාසිකව පුහුණුවන්නන්
  • සඳහා දිනකට රු. 50.00 ක දීමනාවක් ද, ස්වෙච්චා ආයතන වල පුහුණුවන්නන් සඳහා රු. 75.00 ක දීමනාවක් ද සැපයේ.
  • රු. 10,000.00 ක් වටිනා මෙවලම් කට්ටලයක්.
  • රජයේ පිළිගත් සහතිකයක්.
  • රැකියා අවස්ථා.

විශේෂ ප්‍රතිලාභ

  • ක්‍රීඩා හා කලා කටයුතු. (දේශීය හා විදේශීය)
  • යෞවන සමාජ කටයුතු.
  • සමාජයට හුරු කිරීමේ වැඩසටහන්.
  • නායකත්ව පුහුණුව.
  • දිශානතිය හා චලතාව පුහුණු කිරීම.
  • සංඥා භාෂා හා බ්‍රේල් පුහුණුව.

පුහුණු කාලය

  • පාඨමාලාව අනුව එක් වසරක හෝ වසර දෙකක පුහුණු කාලයකි.

වැඩි විස්තර සඳහා දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරී හෝ සංවර්ධන නිලධාරීන්ගෙන් ලබා ගත හැක.


ආයතනයේ තොරතුරු

සමාජ සේවා දෙපාර්තමේන්තුව

දෙවන මහල,
සෙත්සිරිපාය  දෙවන අදියර,
බත්තරමුල්ල.


එන්. ජී. පී. ජී. සමරවික්‍රම මහතා
දුරකථන:0112187050
ෆැක්ස් අංක:0112186276
විද්‍යුත් තැපෑල:dirssdss@gmail.com
වෙබ් අඩවිය: www.socialservices.gov.lk

අදාළ සේවා

Vocational Training for Persons with Disabilities

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:34:26
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty